වෙනිසියුලාවට ආවේනික මේ පාරදෘෂ්‍ය ගෙඹි විශේෂය
ස්වභාවධර්මයේ විස්මිත නිර්මාණයක්. වීදුරු ගෙම්බා (Galss Frog) ලෙස හැඳින්වෙන මේ උභයජීවියා සෙන්ට්‍රොලිනීඩේ කුලයට අයත්
වෙනවා. සාමාන්‍යයෙන් මේ වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැ වූවත්, සමහර ගෙම්බන්ගේ උදර චර්මය පාරදෘෂ්‍ය
ආකාරයෙන් පිහිටනවා. මේ නිසා ගෙම්බාගේ ශරීරය තුල පිහිටි හෘදය, අක්මාව හා ආහාර මාර්ගය වැනි අවයව සම
තුලින් පැහැදිලිව දර්ශණය කළ හැකියි.

Monday, December 26, 2011
Monday, December 19, 2011
- ලෝකේ ලොකුම දේවල් දැකලා තියෙනවා ද ??? -
ලෝකේ ලොකුම පොත

Labels:
අරුම පුදුම නිර්මාණ,
රූප කථා
Thursday, December 8, 2011
ලංකාවේ ලස්සන බලන්න එන්න...

Tuesday, November 22, 2011
#C# ...උපන්දින පාටි / තෑගි සහ අධිවේගී (Highway) කථා...

Labels:
ජීවන සටහන්
Monday, November 21, 2011
Outdoor Trailer එකක් සහිත ලංකාවේ පළමු වේදිකා නාට්‍යය - දොලහක් 12
මේ මාතෘකාව දැක්ක ගමන් වෙනසක් දැනුන ද ? නැත්නම්
ආයෙත් හොඳට කියවලා බලන්න... ඔව් ! සාමාන්‍යයෙන් පෙරදැකුමක් (Trailer) සකසන්නේ අදාල නිර්මාණයේ අන්තර්ගතය කැටිකොට
දැක්වෙන පරිදි, ප්‍රේක්ෂකයාට ඒ පිළිබඳව දළ චිත්‍රයක් ලබා ගත හැකි වන පරිද්දෙන්...
නමුත් මම මේ කියන්නට යන Trailer එක නම් වෙනස් අත්දැකීමක්. වේදිකා නාට්‍යයක
පෙරදැකුමක් වේදිකාවෙන් පිටත සිට දැක්වෙන ලංකාවේ පළමු වේදිකා නාට්‍යය මේ තමා...
Labels:
කලා නිර්මාණ,
වේදිකා නාට්‍ය
Sunday, November 20, 2011
සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම - පැරණි ඡායා රූ...

Thursday, November 17, 2011
ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු...

Thursday, November 10, 2011
හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කුමාරතුංග...

මේ පාඨ කිහිපය උපුටා ගත්තේ මා ලඟ තිබෙන “ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය” නම් පුස්තකයේ ආරම්භයේ කුමාරතුංග මුනිදාස නම්
විද්වතානන් පිළිබඳ සඳහන් වන සංඥාපනයෙන්. කුමාරතුංග මුනිදාස මහත්මා ගැන කියන්න
කලින් මම මේ පොත මට ලැබුණු හැටි කියලා ඉන්නම්...
Labels:
ඉතිහාසය,
චරිත කථා,
මුනිදාස කුමාරතුංග,
ශාස්ත්‍රීය,
සිංහල
Monday, November 7, 2011
අපේ පළමු ප්‍රසංගය... බෑන්ඩ් ජීවිතේ ඇරඹුම... - බෑන්ඩ් කථා #7

Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Wednesday, November 2, 2011
පළමු ප්‍රසංගයට practice කරපු දින නමයේ මෙහෙයුම... - බෑන්ඩ් කථා #6

Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Wednesday, October 26, 2011
USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් බලමුද ?

Sunday, October 23, 2011
Three-piece බෑන්ඩ් එකෙන් Full Band එකට... - බෑන්ඩ් කථා #5

Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Saturday, October 22, 2011
ඔයත් කම්පියුටර් ගේම්ස් ගහනවාද ? එහෙනම් මෙන්න කියවන්න...

Labels:
පරිගණක ක්‍රීඩා,
විද්‍යාත්මක,
සමාජයීය,
සංවාද
Thursday, October 20, 2011
Band නිසා, Music නිසා ජීවිතේම වෙනස් කරගත්ත කථාව - බෑන්ඩ් කථා #4

Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Tuesday, October 18, 2011
ලංකා වැසියෙක් නම් අනිවාර්යයෙන් කියවන්න... (උපුටා ගැනීමකි)
මේ එක්‌තරා
කනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක් පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේ
නැත. මට හමුවූ ජර්මන්, ස්‌විට්‌සර්ලන්ත
හා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්‌ම කීවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි.
අපේ රටේ නොයන කාරණා තුනක් ඔවුන් සඳහන් කරනවා. ඉන් වැඩිම කොටසක් ප්‍රධානම වශයෙන්
සඳහන් කරන්නේ අපේ ටේ අමන රියෑදුරන් සම්බන්ධවයි. මේ කණගාටුදායක අසුබ ආරංචිය මට මගේ
රට ගැන විශාල දුකක් ඇති කළා. මේ සිදුවීමෙන් පසු මට මගේ මව් බිම වෙනුවෙන් මේ
සම්බන්ධව යම්කිසි දෙයක් ඉටු කළ යුතු බව හැඟී ගියා.
Sunday, October 16, 2011
පිළිකාවට කථා කරන ජංගම දුරකථනය
මනුෂ්‍ය ලෝකයේ දියුණුවත් සමගම අත්වැල් බැඳ ගනිමින් නොයෙකුත් ව්‍යසනයන් හා රෝග කාරකද පෙරට
වඩා හිස ඔසවන ආකාරය මෑත ඉතිහාසය තුල දක්නට ලැබුණු කරුණකි. බෝවන රෝගයන් බොහෝ දුරට
තුරන් කර හෝ පාලනය කර ඇතත්,
බෝ
නොවන රෝග වල ව්‍යාප්තිය පසුගිය දශක දෙක තුනක කාලය ඇතුළත සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මේ අතරින් පිළිකා වලට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. නූතන වෛද්‍ය විද්‍යාව කෙතරම්
දියුණු වූවත් පිළිකා ඇතිවන්නේ කෙසේද යන්න හෝ පිළිකා සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක්
හෝ තවමත් සාර්ථකව ඉදිරිපත් කිරීමට නොහැකිව පවතී. ලොව පුරා සිදුවන මරණයන්ගෙන් 15% ක් පමණ සිදුවන්නේ පිළිකාවන් හේතුවෙනි.
පාරජම්බුල කිරණ හා වෙනත් විකිරණයන්ට නිරාවරණය වීම, ඇස්බැස්ටෝස් / ආසනික් / දුම්වැටි වැනි පිළිකා
කාරක ද්‍රව්‍යයන් හා පරපෝෂිත ජීවී සෛල පිළිකාවන් සඳහා මූලික හේතු සාධක ලෙස දක්වා තිබේ.
Labels:
විද්‍යාත්මක,
සමාජයීය
Saturday, October 15, 2011
ඔබේ පරිගණකයේත් තිබිය යුතු හොඳම ආරක්ෂණ මෘදුකාංග 10 ක්
Wednesday, October 12, 2011
සංගීත ජීවිතේ පළමු පරිච්ඡේදය අවසානයි... - බෑන්ඩ් කථා #3

Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Saturday, October 8, 2011
Music Band එකේ මුල් දවස්... - බෑන්ඩ් කථා #2

Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Saturday, October 1, 2011
Google Power - ගූගල් සමාගමෙන් අළුත් ව්‍යාපෘතියක්

Labels:
අන්තර්ජාලය,
අරුම පුදුම නිර්මාණ,
තාක්ෂණික,
විද්‍යාත්මක
Friday, September 30, 2011
Wireless Hard Disk - රැහැන් රහිත හාඩ් ඩිස්කයක්

Wednesday, September 28, 2011
සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කිහිපයක්...
අපේ ජීවිත කාලය තුළ සිදුවන හැම දෙයක්ම, අපි ගැන
වගේම - රටේ ලෝකේ වෙන හැම දෙයක්මත් අපිට මතක තියාගන්න අමාරුයි නේද ? ඒත් ඡායාරූපයකට
පුළුවන් ඒ මතකය අළුත් කරන්න. ඒක තමයි ඡායාරූප වල තියෙන හොඳකම... කොච්චර පරණ
දෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්... සමහර ඓතිහාසික ඡායාරූප
තියෙනවා හරිම දුර්ලභ ඒවා. අපේ ජීවිත කාලයටත් කලින් සිදුවුනු දෙයක් වුනත් ඡායාරූප
ඇසුරෙන් අපිට දකින්න පුළුවන්... ඉතින් මෙච්චර හෑල්ලක් කියෙව්වේ ලියන්නත් මොනවා හරි
තියෙන්න ඕනේ නිසා... මොකද මේ පෝස්ට් එක අකුරු පෝස්ට් එකක් නෙවේ, රූප කථාවක්...
එහෙනම් බලන්නකෝ මේ සුවිශේෂී ඡායාරූප කිහිපය කොච්චර වැදගත් ද කියලා...
Friday, September 23, 2011
චතූගේ Band කථා #01 - Music ජීවිතේ පටන් ගත්ත හැටි...
මහ ලොකුවට ‘චතූගේ කථා’ කියලා නම දාගත්තට මොකද... කථා නම්
ලියන්න වුනේ දෙක තුනයි. රස කථා දෙක තුනකුයි, බණ කථා ටිකකුයි ලිව්වා තමයි. ඒ වුනාට
දැන් තමයි නියම කථාවක් කියන්න යන්නේ... සංගීත කණ්ඩායම් එක්ක කටයුතු කරද්දී සිදුවුනු රසබර සිද්ධි වගේම මගේ සංගීත ජීවිතේ මතකයනුත් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ සූදානම... එහෙනම්, මෙන්න චතූගේ බෑන්ඩ් කථා...
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Thursday, September 15, 2011
මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්...

Labels:
ගවේෂණ,
රූප කථා,
විද්‍යාත්මක,
සත්ත්ව ලෝකය,
සමාජයීය
Wednesday, September 7, 2011
මුහුදු මැද ඔහේ පාවෙන අධි-තාක්ෂණික හෝටලයක්...
ලෝකය පුරාම දක්නට ලැඛෙන නොයෙකුත් ආකාරයේ හෝටල්
අතරින් සුවිශේෂී ආකාරයට නිර්මාණය කරන ලද හෝටල් ගොඩනැඟිලි අප හට අරුමයක් නොවේ. ගොඩබිම මත මෙන්ම මුහුද
මැද දූපත් වලත්, එතැනින් නොනැවතී දැවැන්ත නෞකාවන් තුලත්
අපූර්ව ආකාරයේ හෝටල් ඉදිවී තිබේ. නමුත් මේ සියළු නිර්මාණ සංකල්පයන් අභිබවා යන
විප්ලවීය හෝටල් සැලැස්මක් ගැනයි මේ දිග හැරෙන්නේ...
Labels:
අරුම පුදුම නිර්මාණ,
තාක්ෂණික,
විද්‍යාත්මක
Saturday, September 3, 2011
එකම මවුසය තුන් විදියකට භාවිතා කරන්න කැමතිද ?

.jpg)
Wednesday, August 31, 2011
Dual Core හීනය මතින් ‘චතූගේ කථා‘ වෙත නැවත පැමිණියෙමි...
ආයුබෝවන් හැමෝටම... ඔන්න මම ආයෙත්
ආවා... සති හතරකට පස්සේ තමයි මේ පෝස්ට් එකක් දාන්නේ. මෙච්චර දවසක් මුකුත්ම පළ
නොකළාට සමාවෙන්න. ඇත්තටම කිව්වොත් මාසේ මුල සතියේ ඉඳලාම පෝස්ට් එකක් දාන්න තරම්
තත්ත්වයක් තිබුනේ නෑ. මමයි නෝනියි අප්‍රේල් මාසේ මැද වගේ අළුත් නවාතැනකට ආව බව
කලින් කිව්වා මතක ඇතිනේ. ඉතින් මාස හතරක් වගේ තමයි එතන ඉන්න පුළුවන් වුනේ. එතන තව
දුරටත් වසන්න බැරි තත්ත්වයක් තමයි ඇතිවුනේ. සිද්ධිය කියන්න බැරි තරමටම අප්‍රසන්න
එකක්. සමහර විට ඉදිරියේදී ලියවේවි.
Labels:
ජීවන සටහන්,
නොමැකෙන මතක,
බ්ලොග්කරණය
Thursday, August 4, 2011
අනාගත පරිගණකයේ හැඩරුව බලන්න බට්ටා එක්ක 2021 ට යමු... Future Computer - 2011
කොම්පියුටර් කියන එක හරි වේගයෙන් දියුණු
වෙනවා නෙව ! බට්ටා කොම්පීතර අතපත ගාන්න පටන්ගත්තු දවස්වල නම් i-Pad කියලා ජාතියක් ඒවි කියලා කවුද හිතුවේ. ඔය අවුරුදු 10 කට
මෙච්චර වෙනස් වුනා නම් ඉස්සරහට තව අවුරුදු 10 කින් මොනවා වේවිද කියලා බට්ටා
කල්පනාව දාගෙන හිටියා. ඒ කාලේ වෙද්දී නම් බට්ටත් නාකි වෙලා ඉදීවී. ඒ වුනත්
කොම්පීතර ගැජට් නම් හිතා ගන්න බැරි වෙන තරමටම අරුමෝසම් වෙලා තියේවි. 2011 වෙනකොට
මොන මොන කොම්පියුටර් ජිල්මාට් ඇවිත් තියේද කියලා කල්පනා කොර කොර ඉඳලම බට්ටා පොඩි
හීනයක් මැව්වා...! ඕං අහගනිල්ලකෝ ඒනම්...
Labels:
තාක්ෂණික,
පරිගණක,
ප්‍රබන්ධ,
බට්ටගේ හීන,
සංකල්ප
Tuesday, July 26, 2011
ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #3
ඔන්න එහෙනම් මේ ලිපි මාලාවේ තුන්වැනි සහ
අවසාන කොටස තමයි මේ... පහුගිය පළමු කොටස සහ දෙවන කොටසට ගොඩාරියක් ප්‍රතිචාර
තිබුණා. ඇත්තටම කියනවා නම් මේ අන්තිම ටික නම් පළ කරන්නේ ගොඩක් අමාරුවෙන්. ඒ වුනත්
ඉතින් ඔයාලා හැමෝම ගොඩක් උනන්දුවෙන් බලා ඉන්නවා කියලා දන්න නිසා අන්තිම කොටසත්
ඔන්න පුළුවන් තරම් ඉක්මනට දැම්මා... මේ දේවල් දැකලා, කියවලා මට ඇතිවුනු කුතුහලය හා
රසය ඔයාලටත් ලැබුනා නම් මගේ උත්සාහය සාර්ථකයි. මේ අන්තිම ටිකේ තමයි හොඳම දේවල්
තියෙන්නේ. එහෙනම්, ඔන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු... ලෝක අභිරහස්... අවසාන
කොටස...!
Friday, July 22, 2011
ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #2
ඉතින් ඔන්න පොරොන්දු වුන විදියටම පහුගිය ලිපියේ ඉතුරු ටික අරගෙන ආවා. දවසක් ප්‍රමාද වුනා... සමාවෙන්න ඕනෙ. පහුගිය ලිපිය
පළකරන කොට නම් මේ තරම් කට්ටිය කැමති වෙයි කියලා හිතුනේ නෑ. දැන් බලන් ගියාම මටත්
වඩා paranormal ගැන උනන්දු කට්ටිය ඉන්නවනේ...! ඉතින්
මේ තොරතුරු ටික හොයාගෙන, පිළිවෙල කරගෙන, කොටාගෙන මේකෙ පළ කරන්න ඔයාලා දෙන සපෝට්
එකට හද පතුලෙන්ම ස්තුතියි කියන්න ඕනේ. පින්තූර නිසා ලෝඩ් වෙන්න ටිකක් ප්‍රමාද
වෙයි. අඩුපාඩුවක් මොනව හරි තියේ නම් කියන්නකෝ. ඔන්න එහෙනම් යමු... ලෝක අභිරහස්...
අංක... 2 !!!
Tuesday, July 19, 2011
ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries
ලෝකේ දියුණුයි... විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවා කියලා හිතාගෙන හිටියට මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරි ගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේ ලෝකයේ අනන්තයි... අප්‍රමාණයි. මේ ලිපියේ ඡායාරූප එක්ක ඉදිරිපත් කරලා තියෙන වස්තුන් සියල්ලම පැහැදිලි කිරීමක් කරන්න බැරි තරමේ අරුම පුදුම අද්භූත දේවල්. මේවා කොහෙන් ආවද ? කොහොම හැදුවද ? මොකට හැදුවද ? කියන එක තමයි ප්‍රශ්නේ... එනම් බලලම කියවන්නකෝ... මේ තමා ලෝක අභිරහස්...!!!
Saturday, July 16, 2011
කෙස් ගස් උඩත් දුවන - කෙස් ගහට නිවැරදි මවුසය

Saturday, July 9, 2011
බ්‍රවුසරයේ මුල් පිටුවෙන් අළුත්ම පෝස්ට් බලන්න - iGoogle Home page

Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
බ්ලොග්කරණය
Tuesday, July 5, 2011
Thursday, June 30, 2011
දෙවැනි විවාහ සංවත්සරය, 2 x 5 = 10000 සහ ස්තුතිය !!!
අද ජුනි මාසේ 30 වැනිදා... මේ මාසේ අන්තිම දවස... ඒ වගේම අවුරුද්දක පළමු අර්ධයේ අවසාන දවස... ! ඒ වුනත්, අද... ජුනි 30 කියන්නේ මගේ ජීවිතේ නම් පටන්ගත්ත දවස. ඔව්... හරියටම මීට අවුරුදු 2 කට කලින් මම මගේ චූටි නෝනිත් එක්ක ජීවිතේ පටන් ගත්තා. තනියෙන් ගත කරපු ජීවිෙත් දෙන්නා එක්ක බෙදා ගත්තා. දැන් අවුරුදු දෙකක්ම ඇවිත්...! අවුරුදු දෙකක් පවුල් කනවා කියන්නේ ඉතින් ආයි ලේසි පහසු වැඩක් නම් නෙවේ. ඔය බැඳපු උන‍්දැලැ නම් දන්නවා ඇතිනේ. නොබැඳපු උන් ඉතින් බැඳලම වටහාගනිල්ලකො...
Labels:
ජීවන සටහන්,
නොමැකෙන මතක
Friday, June 24, 2011
පොඩි එකාට මාස පහයි...! එන්න... ඇවිදින් අත දෙන්න...
මේක දැකලා අහක බලාගෙන යන්න නම් එපා ඕං... ඔයාලගේ උදව් අවශ්‍ය වෙලාවකයි මේ ලියන්නේ. ඉතින් පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් විනාඩි පහක් කියවලා පොඩි සහයෝගයක් දෙන්න අප්පා.
මාස 5 ක පොඩි එකෙක්... හුර...තල් වයස නේද ? මේ මොන විකාරයක්ද ? ඇයි අප්පා බලන්නකෝ පොඩ්ඩක් කැරකිලා...ඔය ඉන්නේ ලස්සනට නිල් පාටට ඇඳගෙන... චූටි කොලු පැටියා. කොහොමද ? මගේ කොල්ලා ලස්සනට ඉන්නවා නේද ?
Labels:
ජීවන සටහන්,
බ්ලොග්කරණය
Friday, June 17, 2011
Intel සමාගමේ වැඩ පාන අසල්වැසි ඉන්දියානුවා - Ajay Bhatt | අජේ බාත්
අප වර්තමානයේ භාවිතා කරන පරිගණකය, නැතහොත් පරිගණක තාක්ෂණය යනු එක් පුද්ගලයෙක් හෝ එක් සමාගමක් මගින් දියුණු කරන ලද දෙයක් නොවේ. පරිගණකය අද පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ශ්‍රමයෙන් මෙන්ම සිය නුවණින් ද බොහෝ දෙනෙක් දායක වී ඇත. පරිගණක තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා සිය දායකත්වය සපයමින් පරිගණක ක්ෂේත්‍රය තුල වැදගත් මෙන්ම විප්ලවීය සොයාගැනීම් කිහිපයකම අයිතිකරු වූ එවැනි සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳවයි මේ සටහන...
Labels:
චරිත කථා,
තාක්ෂණික,
විද්‍යාත්මක
Tuesday, June 14, 2011
ඉන්න තැන පෙන්නන්න - Google Maps බ්ලොගයට දාගන්න
හිතුන හිතුන වෙලාවට ලෝකෙ වටේ ඕනෙ තැනක යන්න එන්න තරම් ඉතින් අපිට පිනක් කොයින්ද නේද ? ඒත් ඉතින් හැබැහින් නොවුනත් ලෝකෙ වටේ යන්න නම් ඕනෙ තරම් ක්‍රම තියෙනවා නොවැ. කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා Google Maps දාගත්තම ලෝකෙ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන්. Google Maps සේවාවෙන් ලෝකෙ පුරා කීදෙනෙක් නම් වැඩ ගන්නවද... මේ සේවාවන් නිසා අන්තර්ජාලය ඇතුලේ දැන් වෙනම Map culture එකක් ඇතිවෙලා. ඒ තමයි තමන් ඉන්න තැන පෙන්නන්න Maps යොදා ගැනීම. Google Maps භාවිතා කරලා ඕනෙම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් තමන්ගේ බ්ලොගේට / වෙබ් එකට Map එකක් දාගන්න පුළුවන්...
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
බ්ලොග්කරණය
Sunday, June 12, 2011
සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine)
සිංහලෙන් හොයන්න තරම් දෙයක් අන්තර්ජාලයේ නෑ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනාත්මකව බලන කොට ලංකාවේ අපේ සිංහල බ්ලොග් අඩවි / වෙබ් අඩවි ප්‍රමාණාත්මකව අඩු වුනත් අපේ සිංහල පරිශීලකයන් ප්‍රමාණයත් එක්ක බලනකොට නම් දැවැන්ත සිංහල අන්තර්ගතයක් දැන් අන්තර්ජාලය තුල විසිරිලා තියෙනවා. මේ දැවැන්ත සිංහල තොරතුරු සම්භාරයෙන් වැඩක් ගන්න නම්, මේ තොරතුරු පිළිවෙලකට තිබුනා නම් හොඳයි නේද කියලා මට හිතුනා. මම මේ ගැන ලියන්න හිතේ තියාගෙන ඉන්දැද්දී තමයි යසන්ත මල්ලියා ලංකාවේ සින්ඩි ගැන post එකක් දාලා තිබුනේ. ඒකට කෙලින්ම සම්බන්ධයක් නැතත්, යම් විදියක සම්බන්ධයක් තියෙයි කියලා හිතෙනව නම් නොබලපු කෙනෙක් ඉන්නව නම ඒ පැත්තේ ගිහින් ඒ ලිපිය බලලා ආවත් කමක් නෑ...
Labels:
අන්තර්ජාලය,
කාලීන,
සංකල්ප,
සිංහල
Wednesday, June 1, 2011
Thursday, May 19, 2011
දිලුම් අයියේ... නිවන් දකින්නට කලින් ආයෙත් වරෙන්...
හරියටම මීට අවුරුදු 8 කට කලින්, මැයි මාසෙම 21 වැනිදා මගේ අයියා මේ ලෝකෙ දාලා ගියා... එදා දැනුනු විදියටම අදත්... මේ දැනුත් සහෝදර කැක්කුමකින් පපුව පිච්චිලා ගියා... දිලුම් අය්යේ... උඹත්... මැයි මාසෙම යන්න ගිහින්... කවදාවත් නොදැක්කත්, හමු නොවුනත්, හැබහින් වචනයක් කථා නොකලත් ඔයාගේ පොස්ට් එක දැකපු දවසේ ඉඳලා ඔයාගේ උදව්වට බැනර් එකක් මගේ බ්ලොග් එකෙත් එල්ලුවා. ඒ හරියටම මගේ බ්ලොග් එක පටන් අරන් දවස් 2 කින්... දැන් ... අද... මගේම අයියා නැතිවුනු දවසට දවස් 2 කට කලින් දිලුම් අයියා අපිව දාලා ගිහින්... !!!
Labels:
අමතක නොවෙන සිදුවීම්,
නොමැකෙන මතක
Monday, May 16, 2011
බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #3
හොඳයි... එහෙනම්... දෙයියනේ කියලා බට්ටගේ හීනේ ඉවර කොරන්නයි යන්නේ !!! අද මේ පළ වෙන්නේ 3 වැනි සහ අවසාන කොටස. මීට කලින් කියපු 1කොටස හා 2 කොටස කියෙව්වේ නැත්නම් හොඳ ළමයි වගේ දැන්මම ගිහින් කියවලා එන්න. මතක ඇතිව මේ කොටස් තුනම කියවලා බට්ටගේ හීනෙ බැලුව නම් මොකද හිතෙන්නේ කියලා පොඩ්ඩක් කියලා යන්නකෝ...
බට්ටා කලින් කියපු ඔක්කොම කතන්දර ටික, ඒ කියන්නේ මිනිසාගේ පහළවීමේ ඉඳන් වර්තමානය දක්වා අවුරුදු තුන් ලක්ෂයක සිද්ධි ටික විනාඩි ගානක කෙටි චිත්‍රපටයක් වගේ ගිහින් ඉවර වුනා. දැන් බට්ටට පේන්නේ අනාගතය... අතීත සිද්ධි ටික වර්තමානයට ඇවිත් දැන් අනාගතයට යනවා.
“ඒ ගොල්ලෝ එනවා...!!! අපි සූදානම් වෙන්න ඕනෙ...”
“හොඳයි... ප්‍රති ගුරුත්ව මෙවලම ක්‍රියාත්මක කරන්න.,
“අපට තියෙන්නේ සීමිත කාලයක්... නිවරද්‍යතාවය හරියටම තබාගත යුතුයි...”
“ඔව්... අපිට පෘථිවිය විනාශ වෙන්න දෙන්න බෑ... මේක සෑහෙන්න වැදගත් දෙයක්...”
ලූනික් යානය අවුරුදු ලක්ෂ 02 කටත් වැඩි කාලයක් අක්‍රියව පෘථිවිය වටා කක්ෂගතව පැවතිනි. නමුත් දැන් එයට සක්‍රිය වන්නට කාලයයි. මේ එළෙඹී ඇත්තේ පෘථිවිය මත ජීවයේ තීරණාත්මක අවස්ථාවයි. විශ්වය මත ඇති නොයෙකුත් ශිෂ්ඨාචාර අතරින් නිබ්රුවරුන් ට විරුද්ධ බලවේගයක් ඇවිත්. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ නිබ්රුවරුන් ගොඩනැගූ ලෝකයක් වන පෘථිවිය මල ලෝකයක් බවට පත් කරන්නටයි. ඔවුන්ගේ වෑයම පෘථිවිය තව තවත් සූර්යයා දෙසට ලං කිරීමයි. දැනටමත් (මේ වන කොට ගෙවෙන්නේ වර්ෂ 2342 යි) පෘථිවිය මත උෂ්ණත්වය දැරිය නොහැකි තරමට වැඩි වෙලා. ඒ පෘථීවිය මත පසුගිය කාලයේ ඇතිවුනු ලෝක යුද්ධ හා වෙනත් ආපදාවන් හේතුවෙන්. මනුෂ්‍යයන් දැනටමත් වාසය කලේ පොළොව යට ඇති භූගත පාතාල නගරවලයි. මේ විරුද්ධ සක්වලයින්ගේ උත්සාහය වන්නේ පෘථිවිය තව තවත් සූර්යයාට ලං කරවා එහි උෂ්ණත්වය තවත් වැඩි කරවීමයි.

නිබ්රු වරුන් ලූනික් යානයේ සිට ක්‍රියාත්මක වුනා. පෘථිවිය මත රාත්‍රී කාලය ගත කරන පෘථිවි වාසීන්ට නම් හොඳ දර්ශණයක් දකින්නට තිබිණි. නමුත් ඉතිරි වී සිටි පෘථිවි වාසීන් සියළු දෙනාම පොළොව යට නිසා හඳ ඇවිදින ආකාරය ඔවුන්ට බලන්න ලැබුනේ නෑ. අනෙක් කාරණය තමයි නිබ්රු වරුන් හා ලූනික් යානය ගැන පෘථිවිය මේ වෙන කොටත් දැනගෙනයි හිටියේ...
විරුද්ධ සක්වලයන්ගේ ගුරුත්ව බල ක්ෂේත්‍රය ක්‍රියාත්මක කරනු ලැබුවා. දැන් පෘථිවිය සිය ස්ථාවර කක්ෂයෙන් මිදී සෙමෙන් සෙමෙන් සූර්යයා දෙසට ඇදේ. ලූනික් යානාව විරුද්ධ සක්වල යානාව අසලට ඇදුනා. ලූනික් යානයේ ප්‍රති ගුරුත්ව මෙවලම ක්‍රියාත්මක වුනා. දැන් යානා දෙක අතර ගුරුත්ව බල යුද්ධයක්...!!! පෘථිවි පාලක විද්‍යාඥයින් මේ සංසිද්ධිය බලාගෙන හිටියත් මේ සඳහා මැදිහත් වෙන්න බැරි තරමටම මේ බලය වැඩියි. ඒක නිසා ඔවුන්ටත් බලාගෙන සිටීම හැර වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.
අවසානයේ නිබ්රුවරුන්ට ජය හිමිවුනු අතර විරුද්ධ සක්වල යානාව විනාශ කරනු ලැබිණි. ඒ දැවැන්ත කම්පනයෙන් පෘථිවි තලය දෙදරා ගිය අතර පාතාල නගර දෙක තුනකට සුළු හානි සිදු විනි. නමුත්... වැදගත් ම දේ... මෙච්චර කාලයක්, අවුරුදු ලක්ෂ 02 කටත් වැඩි කාලයක් තිස්සේ පෘථිවියේ පාළු මකපු, රාත්‍රියේ අඳුර කැපූ සඳ - නිබ්රු වරුන්ගේ ලූනික් යානය දැන්... අතිශය තීරණාත්මක මොහොතක් ලඟ...
මෙතරම් කාලයක් නිබ්රුවරුන් අපේක්ෂාවෙන් සිටි මොහොත එළෙඹුනා. තමන් අතින් හදා වඩා දියුණුවට පත්කළ මනුෂ්‍ය වර්ගයාත්, පෘථිවි තලයත් විනාශයට පත් වනු බලා සිටිය නොහැකියි. සිදුවන දැවැන්ත උෂ්ණත්ව වෙනසත් සමග මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම අවිනිශ්චිතයි. ඉතින් කළ යුත්තේ පෘථිවිය මත උෂ්ණත්වය ජීවය පැවතිය හැකි මට්ටමකට පත් කිරීමටයි. මේ එයට වාරයයි...
මෙතෙක් කලක් පෘථිවියේ කටයුතු වලට සෘජුවම මැදිහත් නොවී සිටියත් පෘථිවි වාසීන්ගේ දියුණුව හා පැවැත්ම වෙනුවෙන් නිබ්රුවරුන් විශාල වැඩ කොටසක් සිදුකලා. ප්‍රසිද්ධියේ පෘථිවි වාසීන් හට නිරාවරණය වූ මේ මොහොතේ ලූනික් යානයට හා නිබ්රුවරුන්ට පැවරී තිබුනේ ෛඑතිහාසික කාර්යයකි. ඒ පෘථීවිය දැනට රැඳී ඇති අස්ථාවර කක්ෂයෙන් එපිටට රැගෙන ගොස් පෘථීවිය සූර්යයාගෙන් ඈත් කොට වඩාත් අඟහරු දෙසට ලං කිරීමයි. එමගින් පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරීමයි.
ඉතින්... ලූනික් යානය තම උපරිම බලයෙන් ක්‍රියාත්මක වුනා. පෘථීවිය වෙත සිය ගුරුත්ව බලය විහිදුවා එමගින් පෘථීවිය සූර්යයාගෙන් තවත් ඈත් කෙරුන අතර එමගින් පෘථිවිය මත ජීවය මත ජීවය සුරක්ෂිත කෙරිනි. දශක ගණනාවක් තිස්සේ තිබුණු පරිසර උෂ්ණත්වය අංශක 16 ක් දක්වා පහත වැටුනි. පාතාල නගරයන්හි උෂ්ණත්වය අඩු මට්ටමක් දක්වා පාලනය කර තිබුණු නිසා පෘථිවි තලය මත දැන් පවතින උෂ්ණත්වයත් පාතාල නගරයන් හි පැවති උෂ්ණත්වයත් එක මට්ටමක පැවතිනි. ඒ නිසා පෘථිවි වාසීන්ට පාතාල නගරයන්ගෙන් මිදී නැවතත් පෘථිවි තලය මත ජීවිතයට හුරුවීමට අපහසු නොවනු ඇති.

අතීතයේ නිල්ල පිරී පැවති සහරා ප්‍රදේශය මිනිසෙකුට දැකීමට පවා බිය උපදවන තරමේ කාන්තාරයක් බවට පත් කෙරුනේ නිබ්රුවරුන්ගේ සැලසුම් වල ප්‍රතිඵල ලෙසිනි. විශ්වය ජය ගැනීමට අවශ්‍ය වන සියළුම දැනුම දැවැන්ත සහරා කතර මැද සැඟව පැවතිනි. දැන් නිබ්රුවරුන් පෘථිවිය හා සම්බන්ධ වන අවසන් අවස්ථාවයි. සහරා කතර මැද ඇති නිබ්රුවරුන්ගේ තාක්ෂණාගාරය මගින් ඉදිරි දිනෙක පෘථිවි වාසී මනුෂ්‍ය වර්ගයා නිබ්රු ලෝකය වෙත ගමන් කරන තුරු පෘථිවිය හා නිබ්රු අතර නැවත සම්බන්ධයක් නොපවතිනු ඇත. සහරාහි තාක්ෂණාගාරය මුළු සහරා කතර පුරාම පැතිරී ඇති දැවැන්ත පර්යේෂණාගාරයකි. පෘථීවිය සිය නව කක්ෂයේ ස්ථාන ගත වීම සමග සහරා තාක්ෂණාගාරයද ලොවට විවර විනි. පෘථිවිය මත අළුත් කථාවක් මෙතැන් සිට ලියැවෙනු ඇති...
ලූනික් යානය සිය ෛඑතිහාසික සංචාරය නිමාවට පත් කරමින් සිටියාය. ගුරුත්ව බල ක්ෂේත්‍රය සඳහා බලය යෙදවීමෙන් එහි ශක්ති ප්‍රභවයන් දැවැන්ත ලෙස ක්ෂය වී ගොසිනි. එසේම නැවතත් නිවැරදි කළ නොහැකි තරම් දරුණු ලෙස මුළු යානාවේම ස්ථායිතාව බිඳ වැටී ගොස් තිබිණි. ක්‍රම ක්‍රමයෙන් පෘථිවියෙන් ඈත් වී යන ලූනික් යානාව... පෘථිවි වාසීන්ගේ සඳ... සදහටම පෘථිවියෙන් සමු ගත්තාය...!!!
කාලගුණයේ සිදු වී ඇති විපර්යාසය ගැන පෘථිවි විද්‍යාඥයින් විමර්ෂණය කරමින් වුන්හ. අළුත් පෘථිවියේ අනාගතය ගැන සෑම තැන්හිම අළුත් බලාපොරොත්තු ඇතිවී තිබිණි. නමුත් ශිෂ්ඨාචාරයෙන් ශිෂ්ඨාචාරයට මිනිස් වර්ගයා සමග ළඟින් සිට පෘථීවියට තනි රැක්ක ගමන් සගයා වූ පෘථීවියේ එකම චන්ද්‍රයා සදහටම අහිමි වී ඇති බව පෘථිවි වාසීන් දැන ගන්නා විට...???
“අද යන්නැද්ද... පරක්කු වෙනවා නේද ???” නෝනිගේ කෑගැහිල්ලත් සමග බට්ටාගේ film එක එක පාරටම නැවතුනා.
දනිපනි ගාලා බට්ටා ඇඳෙන් නැගිටලා එළියට දිව්වේ හඳ තියෙනවද බලන්නයි...
කෝ බලන්න... ඇත්තටම හඳ තියෙනවද කියලා...!!!
- අවසානයි -
මෙම ලිපි පෙළ අන්තර්ජාලයේ නොයෙකුත් අඩවි වල වූ තොරතුරු ඇසුරින් සකස් කරන ලද කතෘ නිර්මාණයකි. මෙහි එන සියළුම රූ සටහන් Google Image Search වෙතින් ලබාගත් ඒවා වන අතර එහි සියළු අයිතිය ඒවායේ මුල් හිමිකරුවන් සතුවේ.
Labels:
ඒලියන්,
ප්‍රබන්ධ,
බට්ටගේ හීන,
විද්‍යාත්මක