Showing posts with label මවුස්. Show all posts
Showing posts with label මවුස්. Show all posts

Sunday, August 25, 2013

- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී -

මෙම ලිපිය කියවන ඔබේ අත මේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින් නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි. ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණික සංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණක පුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලය නිමා කොට පසුගිය ජූලි 02 වැනි දා සදහටම සිය දෑස් පියා ගත් වග පාඨක ඔබට දැන්විය යුතුව තිබේ.

Saturday, September 3, 2011

එකම මවුසය තුන් විදියකට භාවිතා කරන්න කැමතිද ?


Canon has merged mouse, numeric keypad and calculator into one useful wireless device - th...
මේ මම මගේ බ්ලොග් එකේ මවුස් ගැන පළ කරන තුන්වැනි ලිපිය...! මේක චතූගේ මවුස් කථා කියලා register වෙයිද දන්නෑ... :P කොහොම වුනත් මීට පෙර පළවුනු මවුස් ලිපි වගේම මේ මවුස් ලිපියත් විශේෂ මවුස් එකක් ගැන තමයි. සාම්ප්‍රදායික මවුස් මෝස්තරයෙන් මිදිලා අළුත් අළුත් සංකල්ප ඔස්සේ යමින් විශේෂ ආකාරයේ පරිගණක උපාංග නිර්මාණය කරන්නට නිෂ්පාදක සමාගම් උත්සාහ කරන බවට පසුගිය ලිපි දෙක වගේම මේ ලිපියත් හොඳ සාක්ෂියක්...

Saturday, July 16, 2011

කෙස් ගස් උඩත් දුවන - කෙස් ගහට නිවැරදි මවුසය


මුලින්ම මවුස් එකක් අල්ලපු දවස මතකද ? නුහුරුවට අතින් අල්ලගෙන... හෙමින් හෙමින් එහෙට මෙහෙට වැනි වැනි... කර්සර් එක තිරේ පුරා නට නට දිව්ව හැටි මතකද ? අපි ඉගෙන ගන්න කාලේ තිබුනේ පරණ තාලේ trackball mouse. දැන් නම් ඒවා නැත්තටම නෑ වගේ. (මම නම් තාම පාවිච්චි කරන්නේ ඒකක්...!) ඊට පස්සේ ඔය යාන්ත්‍රික වැඩකෑලි නැතුව ආලෝක වෙනස්කම් වලට දුවන optical mouse ආවා. මේ ජාතියේ මවුස් කලින් ඒවට වඩා නිවැරදිව හසුරවන්න පුළුවන්. අනික trackball mouse වලට වගේ මවුස් පෑඩ් ඕනෙත් නෑනෙ. ඕනෙම සමතල මතුපිටක දුවනවා - වීදුරු ඇර... දැන් මෙයාටත් වඩා හොඳට දුවන smart mouse එකක් A4 Tech සමාගමෙන් හඳුන්වා දීලා. මේ අළුත් මවුස් එකේ විශේෂත්වය තමා මෙයාට ඕනෙම මතුපිටක දුවන්න තියෙන හැකියාව...

Tuesday, July 5, 2011

ඇඟිල්ලේ පළඳින රැහැන් රහිත මුදු මවුසය


රිගණකයක් භාවිතා කර ඇති සෑම කෙනෙක්ම මවුසයෙන් ඇති ප‍්‍රයෝජනය ගැන නොදැන සිටිය නොහැකියි. නිපදවා අවුරුදු 30 ක් ගත වුවත් තවමත් අප භාවිතා කරන්නේ සාම්ප‍්‍රදායික හැඩයේ මවුසයයි. එහි තාක්ෂණය හා හැඩරුව ස්වල්ප වශයෙන් වෙනස් වුවත් තවමත් එහි මූලික නිර්මාණ සංකල්පය එහි මුල් පිටපතෙන් වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි.