Showing posts with label රූප කථා. Show all posts
Showing posts with label රූප කථා. Show all posts
Tuesday, September 24, 2013
- ලෝකයේ හොඳම පුස්තකාල -
Labels:
අරුම පුදුම නිර්මාණ,
රූප කථා,
විස්මිත දේවල්
Thursday, January 31, 2013
- ලෝකේ වටේ විශේෂ තැන් වලට රවුමක් යමු -
අපේ පෘථීවිය - මිනිස් වර්ගයාගේ නිවහන - වන මේ ලෝකය පුරා දකින්නට, අසන්නට ඇති අරුම පුදුම දේ අනන්තයි - අප්‍රමාණයි. අපි හැමෝටම වගේ ලෝකේ වටේ ඇවිදලා ඒ විස්මය අත් විඳින එක අමාරු කාර්යයක්. එහෙම පුළුවන් වුනා නම් අපේ ලෝකය කොච්චර පුදුමාකාරද ? අද්භූත ද ? විස්මයජනක ද ? කියලා බලාගන්න තිබ්බා. කොහොම වුනත් පෘථිවිය මත ඇති විශේෂම තැන් කීපයක් ගැන අද මං ඔයාලව එක් කරගෙන යනවා... හැබැයි ඇත්තටම නෙවෙයි. ඒ ගැන දැන ගන්න, බලන්නකෝ මේ රූප කථාව...
Labels:
රූප කථා,
විස්මිත දේවල්
Saturday, June 9, 2012
- ලස්සනම ලස්සන පුංචි සත්ත්ව සුරතලුන් [රූප කථා] -
හුඟ කාලෙකින් ආයෙත් ආවා ලස්සනම ලස්සන පින්තූර ටිකක් අරගෙන... ස්වභාව ධර්මයේ ලස්සන කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑනේ නේද ? පෘථිවියේ උසස්ම සත්ත්වයා යැයි කියාගන්නා මනුෂ්‍ය සතා තමන්ම ඉපැදවූ ස්වභාව ධර්මයටත් උඩින් යන්න හැදුවත් තවමත් සොබා දහමේ විස්මිත නිර්මාණ එක්ක තරඟ කරන්න මිනිසාට හැකිවෙලා නෑ... අද රූප කථාවෙන් අරගෙන එන්නේ ඒ විදියට සොබා දහමේ අපූරු නිර්මාණ වුනු ලස්සන, හුරතල්, පුංචි සත්ත්ව සුරතලුන් ගැනයි...
Labels:
රූප කථා,
සත්ත්ව ලෝකය
Tuesday, May 1, 2012
- පොළව යට පිහිටි ලෝකයේ ගැඹුරුම හෝටල් සංකීර්ණය -
ලෝකයේ නොයෙකුත් ස්ථානයන්හි පිහිටි නොයෙකුත්
ආකාරයේ හෝටල් සංකීර්ණ ගැන ඔබ අසා ඇති. මුහුදු වෙරළ, කඳු වැටි, හුදකලා දූපත්, තට්ටු ගණන් උස
මහල් ගොඩනැගිලි මෙන්ම මුහුද යට ද තැනූ විවිධාකාරයේ හෝටල් සංකීර්ණ තිබුණත් මේ කියන්නට
යන්නේ පොලොව යට පිහිටි අපූර්ව හෝටලයක් ගැනයි. මේ හෝටලය තියෙන්නේ පොළොව මතුපිට නම්
නෙවෙයි. විශේෂත්වය නම් මෙය ලෝකයේ ගැඹුරුම හෝටලය ලෙස වාර්තා වීමයි.
Labels:
අරුම පුදුම නිර්මාණ,
රූප කථා,
විස්මිත දේවල්
Tuesday, March 6, 2012
- අසාමාන්‍ය , අරුම පුදුම ගිනස් වාර්තා -
වාර්තාවක් කියන්නේ සුවිශේෂී දෙයක්. ගිනස් පොත
කියන්නේ ඒ වගේ වාර්තා සටහන් කරලා තියෙන ලේඛණයට. පහුගිය දවස්වල වාර්තා තියන්න
ගිහිල්ලා ජීවිතේ නැති කරගත්තු සිද්ධියකුත් වාර්තා වුනා. වාර්තාවක් කියන්නේ මොනවා
හරි ක්‍රියාවක උපරිමය සටහන් කිරීමනේ... ඉතින් ඔයගොල්ලන්ගෙත් ඒ වගේ පුද්ගලික වාර්තා
එහෙම ඇති නේ. මේ කියන්නේ අන්තර්ජාලයෙන් ඇහිඳගත්තු අපූරු ගිනස් වාර්තා කීපයක්
ගැනයි... බලන්නකෝ මේ අමුතු වාර්තා මොනවද කියලා...
Labels:
රූප කථා,
වාර්තා,
විස්මිත දේවල්
Sunday, March 4, 2012
- කාන්තාර මැද පිහිටි ලොව දර්ශණීයම ක්ෂේම භූමි -
එහෙනම් ඕං,
ආයෙත් ලස්සන පින්තූර ටිකක් අරගෙන ආවා. මේ ටිකේම බරට ලිපියක් පළ කරන්න කරම් වෙලාවක්
නෑ. ඉතින් රූප කථා ටිකක් තමා දෙන්න වුනේ. කොහොම වුනත් මේ විදියේ ලිපි වලට ඔයාලා
කැමතියි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක්
මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චර
ලස්සනට පේනවද කියලා...
Labels:
රූප කථා,
විස්මිත දේවල්
Monday, February 27, 2012
- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -
අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන
දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින්
කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න
දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද
අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා
නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...
Labels:
අභිරහස්,
රූප කථා,
විස්මිත දේවල්
Monday, December 26, 2011
- විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් -
වෙනිසියුලාවට ආවේනික මේ පාරදෘෂ්‍ය ගෙඹි විශේෂය
ස්වභාවධර්මයේ විස්මිත නිර්මාණයක්. වීදුරු ගෙම්බා (Galss Frog) ලෙස හැඳින්වෙන මේ උභයජීවියා සෙන්ට්‍රොලිනීඩේ කුලයට අයත්
වෙනවා. සාමාන්‍යයෙන් මේ වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැ වූවත්, සමහර ගෙම්බන්ගේ උදර චර්මය පාරදෘෂ්‍ය
ආකාරයෙන් පිහිටනවා. මේ නිසා ගෙම්බාගේ ශරීරය තුල පිහිටි හෘදය, අක්මාව හා ආහාර මාර්ගය වැනි අවයව සම
තුලින් පැහැදිලිව දර්ශණය කළ හැකියි.
Labels:
රූප කථා,
විස්මිත දේවල්,
සත්ත්ව ලෝකය
Monday, December 19, 2011
- ලෝකේ ලොකුම දේවල් දැකලා තියෙනවා ද ??? -
ලෝකේ ලොකුම පොත
පොතක් කිව්වට මේක නම් මාගලක් තරමට ලොකු
පොතක්... මෙතෙක් ලොව ප්‍රකාශයට පත් කළ ලොකුම පොත ලෙස වාර්තා අතරට එක්වන මේ පොතේ
කතෘ හා ප්‍රකාශක වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ Michael
Hawley නම් විද්‍යාඥයා. රාත්තල් 133 ක් බරැති මේ පොතේ ප්‍රමාණය අඩි 5 X 7 ක්. එහි පිටු 112 ක් ඇතුලත්. මේ පොත
මුද්‍රණය සදහා තීන්ත ගැලූම් ගණනක් වැයවී ඇති අතර
රුපියල් ලක්ෂ දෙකකට වැඩි වියදමක් මේ පොත ප්‍රකාශණය කිරීම සඳහා වැයවී තිබේ. භූතානය පිළිබඳ ඡායාරූප ඇතුලත් මේ පොත නම් කර ඇත්තේ “Bhutan:
A Visual Odyssey Across the Kingdom” ලෙසයි.
Labels:
අරුම පුදුම නිර්මාණ,
රූප කථා
Thursday, December 8, 2011
ලංකාවේ ලස්සන බලන්න එන්න...
ඉතින්...! කෝමැයි ? හුඟ දොහකින් මේ ලිපියක් ලියන්නේ. ඇත්තටම කිව්වොත් සති දෙකකට පස්සේ... සමාවෙන්න ඕනේ නිහඬතාවයට. කොහොම වුනත් ඉක්මනින්ම පුරුදු ලිපි හා එක් වන තුරු පොඩි අතුරුපසක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකත් ඊයකින් ගලවපු එකක්. මේවගේ ඊ එවන මගේ යාළු කියල තියෙන්නේ මීට පස්සේ නම දාන්න එපා කියලා. ඕං හිතාගන්නලා මේකත් එයාම එවාපු ඊයකත් කියලා...Sunday, November 20, 2011
සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම - පැරණි ඡායා රූ...
අවුරුදු 100 කට කලින් ලංකාව කොහොම තිබුනද කියලා
හිතාගන්න පුළුවන් ද ? ඇත්තෙන්ම අපිට ඒ ඉතිහාසය ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්
ඡායාරූප වලින්. එක රූපයකින් පුළුවන් වචන සිය ගානක අදහසක් ප්‍රකාශ කරන්න. මේ පළවෙන
පින්තූර වලින් දැක්වෙන්නේ සියවසකට ඉහතදී ලංකාවේ පැවති විවිධ ප්‍රවාහන විධි ගැනයි.
ඇත්තටම මට මේ රූ පෙල හමුවුනේ ඊ-ලිපියකින්. ඒ ගැන මම දිනිඳු සොයුරාට ස්තුතිවන්ත
වෙනවා. කියන්න තරම් ලොකු කථාවක් නොවුනත් මේ රූප පෙල ඔයාලටත් ගොඩක් ප්‍රයෝජනවත්
වේවි කියලා හිතෙනවා. යමුද එහෙනම් නවසිය ගණන් මුලට...Wednesday, September 28, 2011
සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කිහිපයක්...
අපේ ජීවිත කාලය තුළ සිදුවන හැම දෙයක්ම, අපි ගැන
වගේම - රටේ ලෝකේ වෙන හැම දෙයක්මත් අපිට මතක තියාගන්න අමාරුයි නේද ? ඒත් ඡායාරූපයකට
පුළුවන් ඒ මතකය අළුත් කරන්න. ඒක තමයි ඡායාරූප වල තියෙන හොඳකම... කොච්චර පරණ
දෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්... සමහර ඓතිහාසික ඡායාරූප
තියෙනවා හරිම දුර්ලභ ඒවා. අපේ ජීවිත කාලයටත් කලින් සිදුවුනු දෙයක් වුනත් ඡායාරූප
ඇසුරෙන් අපිට දකින්න පුළුවන්... ඉතින් මෙච්චර හෑල්ලක් කියෙව්වේ ලියන්නත් මොනවා හරි
තියෙන්න ඕනේ නිසා... මොකද මේ පෝස්ට් එක අකුරු පෝස්ට් එකක් නෙවේ, රූප කථාවක්...
එහෙනම් බලන්නකෝ මේ සුවිශේෂී ඡායාරූප කිහිපය කොච්චර වැදගත් ද කියලා...
Thursday, September 15, 2011
මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්...
මිහිමත ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් බොහෝමයක් දුටු
මතින්ම අපිට හඳුනා ගන්නට පුළුවන්. පුරුදු - නොපුරුදු ඒ
සියළුම සතුන් අතරිනුත් ඔබ කවරදාවත් අසා නැති, දැක නැති අති දුර්ලභ සතුන් කිහිපදෙනෙක් ගැන හඳුන්වා දෙන්නයි මේ සූදානම. රතු දත්ත පොතට අනුව මේ
දුර්ලභ සත්ත්ව විශේෂයන් ගෙන් මුළු ලෝකය පුරා ගත්තත් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක්
පමණයි. මේ සතුන් දුර්ලභ හා නිතර දකින්නට නොලැඛෙන හේතුව නම් ඔවුන් ඉතා සීඝ්‍රයෙන් වඳවී යෑමේ අවධානමට ලක්වී තිබීමයි. ඉතින් බලන්නකෝ
මේ සත්ත්ව විශේෂයන් ඔයාලත් දන්නවද ? දැකලා අහලා තියෙනවද කියලා...
Labels:
ගවේෂණ,
රූප කථා,
විද්‍යාත්මක,
සත්ත්ව ලෝකය,
සමාජයීය
Tuesday, July 26, 2011
ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #3
ඔන්න එහෙනම් මේ ලිපි මාලාවේ තුන්වැනි සහ
අවසාන කොටස තමයි මේ... පහුගිය පළමු කොටස සහ දෙවන කොටසට ගොඩාරියක් ප්‍රතිචාර
තිබුණා. ඇත්තටම කියනවා නම් මේ අන්තිම ටික නම් පළ කරන්නේ ගොඩක් අමාරුවෙන්. ඒ වුනත්
ඉතින් ඔයාලා හැමෝම ගොඩක් උනන්දුවෙන් බලා ඉන්නවා කියලා දන්න නිසා අන්තිම කොටසත්
ඔන්න පුළුවන් තරම් ඉක්මනට දැම්මා... මේ දේවල් දැකලා, කියවලා මට ඇතිවුනු කුතුහලය හා
රසය ඔයාලටත් ලැබුනා නම් මගේ උත්සාහය සාර්ථකයි. මේ අන්තිම ටිකේ තමයි හොඳම දේවල්
තියෙන්නේ. එහෙනම්, ඔන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු... ලෝක අභිරහස්... අවසාන
කොටස...!
Friday, July 22, 2011
ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #2
ඉතින් ඔන්න පොරොන්දු වුන විදියටම පහුගිය ලිපියේ ඉතුරු ටික අරගෙන ආවා. දවසක් ප්‍රමාද වුනා... සමාවෙන්න ඕනෙ. පහුගිය ලිපිය
පළකරන කොට නම් මේ තරම් කට්ටිය කැමති වෙයි කියලා හිතුනේ නෑ. දැන් බලන් ගියාම මටත්
වඩා paranormal ගැන උනන්දු කට්ටිය ඉන්නවනේ...! ඉතින්
මේ තොරතුරු ටික හොයාගෙන, පිළිවෙල කරගෙන, කොටාගෙන මේකෙ පළ කරන්න ඔයාලා දෙන සපෝට්
එකට හද පතුලෙන්ම ස්තුතියි කියන්න ඕනේ. පින්තූර නිසා ලෝඩ් වෙන්න ටිකක් ප්‍රමාද
වෙයි. අඩුපාඩුවක් මොනව හරි තියේ නම් කියන්නකෝ. ඔන්න එහෙනම් යමු... ලෝක අභිරහස්...
අංක... 2 !!!
Tuesday, July 19, 2011
ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries
ලෝකේ දියුණුයි... විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවා කියලා හිතාගෙන හිටියට මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරි ගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේ ලෝකයේ අනන්තයි... අප්‍රමාණයි. මේ ලිපියේ ඡායාරූප එක්ක ඉදිරිපත් කරලා තියෙන වස්තුන් සියල්ලම පැහැදිලි කිරීමක් කරන්න බැරි තරමේ අරුම පුදුම අද්භූත දේවල්. මේවා කොහෙන් ආවද ? කොහොම හැදුවද ? මොකට හැදුවද ? කියන එක තමයි ප්‍රශ්නේ... එනම් බලලම කියවන්නකෝ... මේ තමා ලෝක අභිරහස්...!!!







