Showing posts with label ගවේෂණ. Show all posts
Showing posts with label ගවේෂණ. Show all posts

Thursday, September 15, 2011

මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්...


Golden Tabby Tigerමිහිමත ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් බොහෝමයක් දුටු මතින්ම අපිට හඳුනා ගන්නට පුළුවන්. පුරුදු - නොපුරුදු ඒ සියළුම සතුන් අතරිනුත් ඔබ කවරදාවත් අසා නැති, දැක නැති අති දුර්ලභ සතුන් කිහිපදෙනෙක් ගැන හඳුන්වා දෙන්නයි මේ සූදානම. රතු දත්ත පොතට අනුව මේ දුර්ලභ සත්ත්ව විශේෂයන් ගෙන් මුළු ලෝකය පුරා ගත්තත් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් පමණයි. මේ සතුන් දුර්ලභ හා නිතර දකින්නට නොලැඛෙන හේතුව නම් ඔවුන් ඉතා සීඝ්‍රයෙන් වවී යෑමේ අවධානමට ලක්වී තිබීමයි. ඉතින් බලන්නකෝ මේ සත්ත්ව විශේෂයන් ඔයාලත් දන්නවද ? දැකලා අහලා තියෙනවද කියලා...

Tuesday, July 26, 2011

ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #3


න්න එහෙනම් මේ ලිපි මාලාවේ තුන්වැනි සහ අවසාන කොටස තමයි මේ... පහුගිය පළමු කොටස සහ දෙවන කොටසට ගොඩාරියක් ප්‍රතිචාර තිබුණා. ඇත්තටම කියනවා නම් මේ අන්තිම ටික නම් පළ කරන්නේ ගොඩක් අමාරුවෙන්. ඒ වුනත් ඉතින් ඔයාලා හැමෝම ගොඩක් උනන්දුවෙන් බලා ඉන්නවා කියලා දන්න නිසා අන්තිම කොටසත් ඔන්න පුළුවන් තරම් ඉක්මනට දැම්මා... මේ දේවල් දැකලා, කියවලා මට ඇතිවුනු කුතුහලය හා රසය ඔයාලටත් ලැබුනා නම් මගේ උත්සාහය සාර්ථකයි. මේ අන්තිම ටිකේ තමයි හොඳම දේවල් තියෙන්නේ. එහෙනම්, ඔන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු... ලෝක අභිරහස්... අවසාන කොටස...!

Friday, July 22, 2011

ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #2

තින් ඔන්න පොරොන්දු වුන විදියටම පහුගිය ලිපියේ ඉතුරු ටික අරගෙන ආවා. දවසක් ප්‍රමාද වුනා... සමාවෙන්න ඕනෙ. පහුගිය ලිපිය පළකරන කොට නම් මේ තරම් කට්ටිය කැමති වෙයි කියලා හිතුනේ නෑ. දැන් බලන් ගියාම මටත් වඩා paranormal ගැන උනන්දු කට්ටිය ඉන්නවනේ...! ඉතින් මේ තොරතුරු ටික හොයාගෙන, පිළිවෙල කරගෙන, කොටාගෙන මේකෙ පළ කරන්න ඔයාලා දෙන සපෝට් එකට හද පතුලෙන්ම ස්තුතියි කියන්න ඕනේ. පින්තූර නිසා ලෝඩ් වෙන්න ටිකක් ප්‍රමාද වෙයි. අඩුපාඩුවක් මොනව හරි තියේ නම් කියන්නකෝ. ඔන්න එහෙනම් යමු... ලෝක අභිරහස්... අංක... 2 !!!

Tuesday, July 19, 2011

ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries


    ලෝකේ දියුණුයි... විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවා කියලා හිතාගෙන හිටියට ‍මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරි ගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේ ලෝකයේ අනන්තයි... අප්‍රමාණයි. මේ ලිපියේ ඡායාරූප එක්ක ඉදිරිපත් කරලා තියෙන වස්තුන් සියල්ලම පැහැදිලි කිරීමක් කරන්න බැරි තරමේ අරුම පුදුම අද්භූත දේවල්. මේවා කොහෙන් ආවද ? කොහොම හැදුවද ? මොකට හැදුවද ? කියන එක තමයි ප්‍රශ්නේ... එනම් බලලම කියවන්නකෝ... මේ තමා ලෝක අභිරහස්...!!!

Saturday, May 7, 2011

ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන දන්නවාද ?

හොරොයින්, කොකේන්, මරිජුවානා, කංසා ආදී ලෙස මත්ද්‍රව්‍යයන් බොහොමයක් ලොව පුරා ව්‍යාප්තව තිබුණත් ඒ සියල්ලටම වඩා බලවත්, දරුණු මත්ද්‍රව්‍යයක් තිඛෙන බව ඔබ දන්නවාද ? මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ට කිසි ලෙසකින් වත් ගැලවීමක් නම් නෑ. කොතරම් ප්‍රබල මත් ද්‍රව්‍යයක් වූවත් පුදුමයට කරුණ නම් අනෙකුත් මත්ද්‍රව්‍යයන්ට වඩා මෙය ඉතා ලාභ වීමයි. පහසුවෙන් ලබාගත හැකි වීම, අඩු මිලට ලබා ගත හැකිවීම හා භාවිතයේ පහසුව නිසා මෙය ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන බවයි පැවසෙන්නේ. මේ දරුණු මත්ද්‍රව්‍යය හැඳින්වෙන්නේ 'මෙත්' (Meth) නමින්. 

Tuesday, March 15, 2011

නූතන විඥානවාදය (!!!) නොහොත් මිනිස් බුද්ධියේ අග්‍ර ඵලය...



අවුරුදු ‍කෝටි 450 ක් පමණ වයස්ගත වන අප පෘථිවියේ ජීවය පහළ වූයේ කවරදා දැයි තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකිව ඇත. එසේ වුවත් මේ මහ පොළොව මත අග්‍ර බුද්ධිය හිමි ජීවියා මනුෂ්‍යයා බවට නම් කිසිදු විවාදයක් නොමැත. සොබාදහම අභිබවා යමින් (පරදවමින් නම් නොවේ...) දියුණූ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන නූතන මිනිසා සමස්ථ පෘථිවි ගෝලයම තම අණසකට යටත් කොට ගැනුමට තරම් බුද්ධියෙන්, දැනුමෙන් පොහොසත්ව සිටී. අවුරුදු ලක්ෂ 03 ක් පමණ වන මානව පරිනාමීය වංශ කථාවේ වානර බුද්ධියේ සිට අද දක්වා අපේ මනුෂ්‍ය මොළය පරිනාමය වීමට ගතවූ දීර්ඝ කාලය මිනිසා දැනුමෙන් සහ අත්දැකීම් වලින් පොහොසත් කර, පදම් කර ඇත.

Thursday, March 3, 2011

රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්... #2

මේ ලිපි පෙලේ දෙවැනි ලිපියයි මේ. පසුගිය සතියේ පළවුණු මෙහි පළමු ලිපියට මම හිතුවාටත් වඩා ප්‍රතිචාර තිබුණා. රාවණා ගැන මෙන්ම අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැනත් බොහෝ දෙනෙක් උනන්දුවක් දැක්වීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වගේම මේ සම්බන්ධ තවත් ලිපි හා සබැඳීන් ලබාදුන් හා ප්‍රතිචාර දැක්වීමෙන් දිරිමත් කළ ආදරණීය පාඨක ඔබ සැමට ගොඩාක් ස්තුතියි. මේ හා සම්බන්ධව පූර්ණ කතිකාවතක් ඇති කිරීම මෙහි අභිප්‍රායයි. මේ පළවෙන්නේ රාවණා රජු හා සම්බන්ධ ‍‍‍ඓතිහාසික ලිපි මාලාවේ දෙවැන්නයි. පසුගිය ලිපියේ මෙන්ම මේ ලිපියේත් අඩංගු අන්තර්ගතය විකිපීඩියා ඉංග්‍රීසි අඩවියෙන් ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් සකස් කර ඇති බව පැවසිය යුතුයි. පිළිගත හැකි තොරතුරු අන්තර්ගත බැවින් මේ සඳහා විකිපීඩියා විශ්වකෝශය පදනම් කරගත් අතර ඉදිරියේදී මේ හා සම්බන්ධ දෙස් විදෙස් අන්තර්ජාල මෙන්ම වෙනත් මූලයන් ආශ්‍රයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමටත්, ඒ වාගේම මේ මාතෘකාව සම්බන්ධයෙන් තර්කානුකූල විමසීමක් සිදුකිරීමටත් බලාපොරොත්තු වෙනවා. 
ඉතින්... පසුගිය ලිපිය, මේ ලිපිය මෙන්ම ඉදිරියේ පළවන ලිපි සමගත් එකතු වී හිඳින මෙන් ආදරයෙන් මතක් කර සිටිනවා. ස්තූතියි...!


Thursday, February 24, 2011

රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්...

හැඳින්වීම :

රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්,  ක්‍රි.පු. 2554 සිට ක්‍රි.පු. 2517 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ‍ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්‍යයක් වන රාමායනය හි ඔහු ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්‍රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද  මග පාදයි.