ඉතින් ඔන්න පොරොන්දු වුන විදියටම පහුගිය ලිපියේ ඉතුරු ටික අරගෙන ආවා. දවසක් ප්‍රමාද වුනා... සමාවෙන්න ඕනෙ. පහුගිය ලිපිය
පළකරන කොට නම් මේ තරම් කට්ටිය කැමති වෙයි කියලා හිතුනේ නෑ. දැන් බලන් ගියාම මටත්
වඩා paranormal ගැන උනන්දු කට්ටිය ඉන්නවනේ...! ඉතින්
මේ තොරතුරු ටික හොයාගෙන, පිළිවෙල කරගෙන, කොටාගෙන මේකෙ පළ කරන්න ඔයාලා දෙන සපෝට්
එකට හද පතුලෙන්ම ස්තුතියි කියන්න ඕනේ. පින්තූර නිසා ලෝඩ් වෙන්න ටිකක් ප්‍රමාද
වෙයි. අඩුපාඩුවක් මොනව හරි තියේ නම් කියන්නකෝ. ඔන්න එහෙනම් යමු... ලෝක අභිරහස්...
අංක... 2 !!!
1. පුරාණ ඊජිප්තු රූපාක්ෂර වලට ලෝකෙ කොහේ තිබුණත් අඳුනාගන්න
පුළුවන් අනන්‍ය හැඩයක් තියෙනවා. ලෝකෙ පුරාම එක එක පැරණි ශිෂ්ඨාචාර වල මේ වගේ පැරණි
රූපාක්ෂර ක්‍රම භාවිතා වෙලා තියෙනවා. ඒ වුනත් ඊජිප්තු දෙවියෙක් ඕස්ට්‍රේලියාවෙන්
හමුවුනොත්...! මේ පහත රූපයෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් හමුවූ රූපාක්ෂර
සමූහයක්. සිඩ්නි නුවරට කිලෝමීටර 10 ක් විතර උතුරු දෙසින් ‘දඩයම් නිම්නයේ’ පිහිටි ජාතික
වනෝද්‍යානයෙන් තමයි මේවා හොයාගෙන තියෙන්නේ. මෙතන තියෙන 250 ක් විතර වෙන රූපාක්ෂර
අතුරින් නොවැරදීම හඳුනාගත හැකි ඊජිප්තු රූපාක්ෂර කීපයකුත් හමුවෙලා තියෙනවා. ඒවායින්
පැහැදිලිවම අඳුනගෙන තියෙන එක් රූපයක් තමයි අනුබිස් නම් දේව රූපය. මේ අනුබිස්
කියන්නේ පුරාණ ඊජිප්තු දෙවිවරුන් අතර මරණයේ විනිශ්චකාරයා. මේකෙන් හිතාගන්න ඕනේ
මොකක්ද ? ඊජිප්තු වැසියන් ඈත අතීතයේදී ඕස්ට්‍රේලියාවට
ගියා කියලද ?
----------------------------------------------------------------------------------
2. ම්ම්...ම්... මෙන්න නියම අභිරහසක්. ඔය වම් පැත්තේ තියෙන
හිස් කබල බැලු බැල්මට වෙනසක් පේන්නේ නෑ නේද ? මේක පේරු රටේ ඉකා ගෝත්‍රිකයන් හා
මෙක්සිකෝවේ මෙරිඩා කියන ගෝත්‍රිකයන් අතර තිබුණු හිස්කබල් වලින් එකක්. මේක පෙනුමෙන්
නම් නූතන මිනිස් හිස් කබලට සමානයි. ඒත්...! බලන්න දකුණු පැත්තේ රූපය දිහා. අළුපාටට
ලකුණු කරලා තියෙන්නේ නූතන මිනිස් හිස් කබලක ප්‍රමාණය. මේ ‘ඔළුව ලොකු’ මිනිස්සුන්ගේ
හිස් කබල් වල අක්ෂි කූප (ඇස් කුහර) සාමාන්‍ය ප්‍රමාණයට වඩා 15% ක් විශාලයි. ඒවගේම
මේකෙ කපාල ධාරිතාවය ඉතාමත් වැඩියි. මේ ලොකු හිස් කබල් වල උපරිම කපාල ධාරිතාවය ඝණ
සෙන්ටිමීටර 3200 ක් හා අවමය ඝණ සෙන්ටිමීටර 2600 ක් ලෙසයි
දැක්වෙන්නේ. අපේ කපාල ධාරිතාවය කීයද දන්නවද ? යන්තම් ඝණ සෙන්ටිමීටර 1450 ක් විතරයි. මේ ‘අලි ඔළු’ මිනිස්සුන්ගේ
නම් වෙන්න බෑ කියලා විද්‍යාඥයෝ එකහෙලාම කියා සිටිනවා. එතකොට මේවා කාගෙද ඈඃ...?
----------------------------------------------------------------------------------
3. මේ රූපය නම් එච්චර පැහැදිලි නෑ හැබැයි. ඒ වුනත් පරිස්සමෙන්
බැලුවොත් යම් සටහනක් දකින්න පුළුවන්. ඇල්බාන් කඳුවැටියේ වාසය කලා යැයි සැලකෙන
ඔල්මෙක් ගෝත්‍රිකයන් විසින් කැටයම් කලා යැයි සිතිය හැකි මේ රූපයෙන් දැක්වෙන්නේ අවර
පෙති සහිත නූතන හෙලිකොප්ටරයකට සමාන ගුවන් යානයක් කියලයි පර්යේෂකයන් නම් කියන්නේ.
බලන්න ඔයාලටත් අඳුන ගන්න පුලුවන්ද කියලා...
----------------------------------------------------------------------------------
4. මෙන්න මේක නම් මම ආසම වස්තුවක්. තවත් නියමම අභිරහසක්. මේ
රත්රන් වස්තුව හමුවෙලා තියෙන්නේ ප්රාග්-කොලොම්බියානු සොහොන් ගැබකින්. මේක අවුරුදු
1800 ක් විතර පරණයි කියලා තමයි අනුමාන කරන්නේ. මේක යම් කිසි සත්ත්වයෙක්ගේ අනුරුවත්
කියලා මුලින් හිතුවත් පස්සේ මේක ගුවන් යානාවක අනුරුවක් කියලා තහවුරු කරගෙන
තියෙනවා. මේක අනුරුවක් වුවත් වායු-ගති විද්‍යාවට (Aero-dynamics) අනුරූප ලෙස
විද්‍යානුකූලව තනා තියෙනවා. ඒ වගේම ගුවන් යානයක අඩංගු විය යුතු සියළුම ලක්ෂණ මෙහි
අඩංගුයි. අවුරුදු 1800 කට කලින් ජීවත් වුනු අප්‍රිකානුවෝ වායු-ගති විද්‍යා නියමයන්
දැනගෙන හිටිය බව මේ නිර්මාණයෙන් ඔප්පු වෙනවා...!
----------------------------------------------------------------------------------
5. මේ රූපයේ තියෙන්නේ සිතියමක් කියලා පේනවනේ නේද ? Buache
සිතියම ලෙස හඳුන්වන මේක පුරාණ ග්‍රීක සිතියමකින් පිටපත්
කරගෙන ඇඳලා තියෙන්නේ 1737 දී. මෙතන
පෙන්නලා තියෙන්නේ ඇන්ටාර්ක්ටිකාව කියලා අඳුනගන්න පුළුවන් නේද ? හැබැයි අයිස් නැතුව
ගොඩබිම විතරයි. බලන්න මෙතනින් ගිහින්
වර්තමාන ඇන්ටාර්ක්ටිකාව පේන්නේ කොහොමද කියලා. අධික ශීතල නිසා මුළු ඇන්ටාර්ක්ටිකාවම
අයිස් වලින් වැහිලා තියෙන්නේ. ඇන්ටාර්ක්ටිකාව භූමි කොටස් දෙකකින් යුක්තයි කියන එන
භූ භෞතික පරීක්ෂණ ක්‍රම මගින් හොයාගත්තේ 1968
වර්ෂයේදී. ඒත් මේ අවුරුදු 230 ක් පැරණි සිතියමේ ඒ කාරණය නිවැරදිව දක්වලා තියෙනවා.
මේක ඊටත් කලින් තිබිච්ච පැරණි ග්‍රීක සිතියමකින් කොපි කරපු එකක් නිසා ග්‍රීක
යුගයේදිත් ඇන්ටාර්ක්ටිකාව කොටස් දෙකක් කියන එක දැනන් ඉඳලා තියෙන්න ඕනෙ. එහෙම නේද ?
6. ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර ගැන වගේම දකුණු ඇමරිකානු ගෝත්‍රික
ජනයා ගැන ඔයත් උනන්දුවක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම මේ මොනවද කියලා අඳුන ගන්න ඕනෙ.
ඔව්... මේ තමයි සුප්‍රසිද්ධ ඉකා පාෂාණ. මේ
ගැන ලියනව නම් වෙනම පෝස්ට් එකක් කරන්න වෙනවා. ඒ තරම්ම ආකර්ශණීය මාතෘකාවක්. රයිට්...
කෙටියෙන් කියන්නම්... මේ ඉකා පාෂාන කියන්නේ පේරු රටේ ඉකා කාන්තාරයෙන් හමුවුනු රූප
කැටයම් කල ගල් කැට සමූහයක්. ආචාර්ය ජාවියර් කැබ්රේරා විසින් මේ ගල් කැට දහස්
ගණනක් පිළිවෙලින් ලැයිස්තුගත කරලා තමන්ගේ පුද්ගලික කෞතුකාගාරයේ තැන්පත් කරලා
තියෙනවා. මේ ගල් කැට වල එක එක අමුතු දේවල් තමයි කැටයම් කරලා තියෙන්නේ. මේවායේ
තියෙන කැටයම් වලින් වැඩි හරියක් 18+. ඒක අපිට අදාල නෑනේ... හරි... මේ රූපයේ තියෙන
ගල් කැටයමේ දැක්වෙන්නේ හදවත් සැත්කමක් සිදුකරන ආකාරයක්...! පුරාණ දකුණු ඇමරිකානු
ශිෂ්ඨාචාර වලට කිසිසේත්ම අදාල නැති මේ වගේ අරුම පුදුම සිද්ධි ගොඩක් මේ ගල් කැට වල
කැටයම් වෙලා තියෙනවා... මේවා මොකට කෙටුවද කියලා තේරුම් ගන්න අමාරුයි...!
----------------------------------------------------------------------------------
7. අරුම පුදුම දඟර...!!! මේවා දැක්කම එච්චර වෙනසක් නෑ නේද ?
එත් විශ්වාස කරන්න මේවා ස්ථිර වශයෙන්ම අවුරුදු 20000 කට වඩා පරණයි. ඒ වගේම විද්වත් මතයට අනුව සමහර විට අවුරුදු
ලක්ෂ 3 කට වඩා පැරණි වෙන්නත් පුළුවන්. කාල නිර්නය කිරීමේ අපහසුව තමයි මේ
අවිනිශ්චිතතාවයට හේතුව. රුසියාවට අයත් යූරල් කඳු වැටියේ නැගෙනහිර අන්තයෙන් ගලා
බසින කුඩා ගංගාවක් වන Narada ගංඟාවෙන් තමයි මේ අසාමාන්‍ය සර්පිලාකාර වස්තුන්
හම්බවෙලා තියෙන්නේ. මේවායේ ලොකුම වස්තුව සෙන්ටිමීටර 3 ක් (3 cm) වන අතර කුඩාම
වස්තුන් ගේ ප්‍රමාණය මිලිමීටර් 0.003 ක්...! ලොකු ඒවා තඹවලින් තමයි හැදිලා තියෙන්නේ.
ගොඩක්ම කුඩා ඒවා ටංස්ටන් හා මොලිබ්ඩිනම් වැනි දුර්ලභ ලෝහ වලින් හැදිලා තියෙන්නේ. මේ
කුඩා වස්තූන්ගෙන් බොහෝ ඒවා අන්වීක්ෂීය වස්තූන්. ඒත්... ඇහැට පේන්නැති තරම් පුංචි
වුනත් මේ හැම සර්පිලාකාර වස්තුවකම ඇති සර්පිල වල මිනුම් ස්වර්ණ අනුපාතිකයට (Golden Mean ratio) සමාන
වන ලෙසින් නිමවා තියෙනවා...
----------------------------------------------------------------------------------
8. මේ ප්ලියෝසීන යුගයේ ජීවත් වුනු Toxodon කියන සතාගේ කලවා ඇටයක්... ඊතලයකින්
ලකුණු කරලා තියෙන්නේ හෙල්ලකින් හෝ ඊතලයකින් හෝ අස්ථිය පසා කරගෙන ගිය සලකුණක්. (මට
නම් ඕක පේන්නෙම mini-USB පෝර්ට් එකක්
වගේ...:P) ඉතින් මොකක්ද
මේකෙ තියෙන විශේෂත්වය ? මේ අස්ථිය ප්ලියෝසීන යුගයට අයත් එකක්ලු...!!! ඒ කාලේ දුණු,
ඊතල, හෙල්ල හදන්න මිනිස්සු තියා වානරයන් වත් ඇතිවෙලා නෑ නොවැ...!!!
----------------------------------------------------------------------------------
9. මමි ගැන නොදන්න කෙනෙක් නෑනෙ. මේක සුවිශේෂී කුරුමිටි
මමියක්. ඒවගේම හරිම අද්භූතජනකයි. 1932 වර්ෂයේ ඇමරිකාවේ Wyoming හි කැස්පර් හි සිට සැතපුම් 60 ක් නිරිතදිගින් පිහිටි පේදුරු
කඳුවැටියෙන් හමුවූ මේ මමිය අස්වාභාවික ලෙස ප්‍රමාණයෙන් කුඩායි. අඳුරු ලෝකඩ පාට වුන,
බොහෝ සේ රැළි වැටුන මේ මමිය පුරුෂයෙකුගේ බවත්, අවුරුදු 65 ක් පමණ ජීවත් වෙන්නට
ඇති බවටත් පර්යේෂකයින් අනුමාන කරනවා. පුදුමෙ කියන්නේ මෙයා ජීවතුන් අතර ඉද්දි උස
යන්තන් අඟල් 14 යි ලු...! ඒ වෙග්ම සජීවී බර කිලෝ පහමාරයි...! මමිය නම් යන්තම් ග්‍රෑම්
350 යි. මෙයාගේ නළල ගොඩක් පාතයි. නාසය පැතලියි, පොඩිවෙලා වගේ. කට පළල් - තොල්
තූනීයි. මේ මමිය අයත් මනුෂ්‍යයා පෘථිවිය තුල ජීවත්වන කිසිම මනුෂ්‍ය ආකාරයකටත් වඩා ගොඩාක්ම
කුඩායි. පේදුරු කඳුවැටියෙන් ආශ්රිත ප්‍රදේශයේ ජීවත්වෙන ආදිවාසීන් පවසන්නේ අතීතයේ මේ ප්‍රදේශය වාසස්ථානය
කරගත් මෙවැනි වාමන මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිටි බවයි...!
http://www.pometia.it/misteria/GliGnomi.htm
http://www.geocities.com/TheTropics/Lagoon/1345/pedro.html
http://augustachronicle.com/stories/011799/fea_floyd.shtml
http://www.geocities.com/TheTropics/Lagoon/1345/pedro.html
http://augustachronicle.com/stories/011799/fea_floyd.shtml
----------------------------------------------------------------------------------
10. දැක්ක ගමන් පේනවා නේද මේ ගල් කුට්ටියේ ප්‍රමාණය. මේ තමයි
ලෝකයේ විශාලතම කපන ලද පාෂාණය. පරිමානයට බැලුවම හිතාගන්න පුලුවන් නේ - තට්ටු දෙකේ
ගෙයක් විතර උසයි...! මේ හතරැස් ගල් කුට්ටිය තියෙන්නේ ලෙබනනයේ බාබැක් ප්‍රදේශයේ
අවුරුදු දහස් ගාණකට පෙර අත්හැර දැමූ ගල් කොරියක. බර... ටොන් 1050 ක් ! අඩි 72 ක්
දිගයි ! මොනොලිත් (තනි ගල් කුට්ටිය) ලෙස හඳුන්වන මේ පාෂාණය මේ විදියට කැපුනේ කවුද
? මේක ප්‍රවාහනය කලේ කොහොමද ? නූතන යන්ත්‍ර සුත්‍ර වල ආධාරයෙන් තොරව ආදිකාලීන
මනුෂ්‍යයාට මේ තරම් විශාල ගල් කුට්ටියක් හොල්ලන්න වත් බෑ. මේක කපලා අරගෙන යන්න
මිනිහෙක් වගේ පස් හය ගුණයක් වත් ලොකු වෙන්න ඕනේ... (මේ මට හිතෙන දේ... පිරමීඩ වලට
ගල් කුට්ටි අරන් ගියේ ලෙබනනයෙන්ද දන්නෑ... :P)
----------------------------------------------------------------------------------
11. පේරු කියන්නේ ඊජිප්තුව වගේම අති පුරාණ ශිෂ්ඨාචාර කීපයකම
නිජබිම. මේ පේරුහි ලෝකඩ දැතිරෝද... කාර්යය අතින් නම් මේවා නූතන ගියර් රෝද වලටම
සමානයි. මහාචාර්ය රෆායෙල් ලාර්කෝ හොයිලි පේරු ගැන සිදුකල ඔහුගේ අධ්‍යයනයන් වලදී මේ
ගැන පුළුල්ව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අවුරුදු දහස් ගාණක් ඈත කාලේ මේ දැති රෝද
හැදුවේ මොකටද කියලා හිතාගන්න බෑ.
----------------------------------------------------------------------------------
12. අභ්‍යවකාශ යුගය පටන් ගත්තේ 1950 න් පස්සේ කියලනේ අපි
දන්නේ. ඒත් අභ්‍යවකාශ යානා හා ගගනගාමීන්ගේ රූප / ප්‍රතිමා ලෝකය පුරාම තියෙනවා.
මේවා ගොඩක් පරණ නිර්මාණයන්. මිනිසා අභ්‍යවකාශය ගැන හීනෙකින් වත් හිතලා නැති කාලේ
කරපු නිර්මාණයන්. ඊළඟට පෙන්නන්න යන්නේ ඒ වගේ දේවල් කීපයක්. මේ රූපයේ දැක්වෙන ප්‍රතිමාව
යුරෝපයෙන් හමුවූවක්. කීව් හි ගගනගාමියා ලෙස හැඳින්වෙන මේ ප්‍රතිමාවෙන් පුරාණ අභ්‍යවකාශගාමියෙක්
නිරූපණය වෙනවා.
----------------------------------------------------------------------------------
13. ප්රාග් ඓතිහාසික ජපන් පිලිරූ දෙකක් වන මේ දෙකම
පැහැදිලි ලෙසම ගගනගාමීන් බව හඳුනාගත හැකියි. මේ රූප දෙස හොඳින් බැලුවොත් අභ්‍යවකාශ
ගාමීන්ට සුවිශේෂ වූ ඇඳුමත්, ලොකු හිස් ආවරණය විශේෂ අගුලු ක්‍රමයකට ඇඳුම හා සම්බන්ධ
වෙන ආකාරයත් පේනවා. වම් පැත්තේ පිළිමයේ ඉන්න ගගනගාමීයාගේ හිස් ආවරණය විශේෂයි. ඒකෙ
තියෙන ලොකු ඇස් ආවරණ දෙක පැහැදිලිවම කියා පාන්නේ අධික ආලෝකයෙන් ඇස් ආවරණය කෙරෙන
විධික්රමයක් මේ පිළිමය නෙළන කාලෙත් දැනන් හිටියා කියන එකයි. ප්රාග් ඓතිහාසික
කාලේ මේ වගේ ගගනගාමී සිතුවිලි ජපනුන්ට කොහෙන් ආවද මන්දා...!
----------------------------------------------------------------------------------
අප්පේ... ඉවර නෑ... තවත් තියෙනවා.
ඔක්කොම හරි දාන්න තිබ්බා... මට මේ ටිකේ කොටන්න වෙලාව මදි... අනික තවත් මේ වගේ
ටිකක් තියෙනවා දාන්න. පින්තූර වැඩි වෙලා පිටුවම අල වෙයි. ඒක නිසා සමාවෙලා තව
කොටසකට අවසර...!!! ගොඩක් දෙනෙක් එක එක ජාතියේ ඒවා අහලා / කියලා තිබුණා. හිමින්
සැරේ කමෙන්ට් දාන්නම්කෝ. සමාවෙන්න... මාසේ අන්තිම නිසා වැඩ වැඩියි... මහන්සි
වැඩියි... මේ වගේ බර වැඩකට කාලේ හදාගන්න ටිකක් අමාරුයි... ඒ වුනත් ඉතින් මේ වගේ
පෝස්ට් එකක් ඉවර කලාම දැනෙන සතුට, කමෙන්ට් එක එක එද්දී, හිට්ස් වැඩිවෙද්දී තව තවත්
වැඩිවෙනවා. ඒක තමයි අපි වගේ බ්ලොග්කරුවන්ට තියෙන සතුට. ඉතින් ඒ සතුට විඳගන්න උදව්
වෙච්ච ඔයාලා හැම දෙනෙක්ටම ගොඩාරියක්ම ගොඩාරියක් ස්තුතියි...! ඔයාලා ආසාවෙන් කියනව
නිසා තමයි මොන අමාරුව තිබ්බත් පෝස්ට් එකක් හදලා දාන්නේ. ඉතින් එහෙනම්... යන්න
අවසර... ආයෙත් එන්නේ ලොකු වෙනසකුත් එක්ක... එකතුවෙලා ඉන්නකෝ... අපි ගියා
එහෙනම්...!
ඉතාමත් වටිනා ලිපියක් චතු.... බොහොම ස්තුතියි..
ReplyDeleteඔබට ජය !!!
ජය ! වෑදගත් වටින ලිපියක්!!!!!
ReplyDeleteසුපිරියි ඇ......
ReplyDeleteතව එකකට නෙමෙයි දෙක තුනකටම යමු... දිගටම ලියන්න.
ReplyDeleteපලමු ලිපිය වගේමයි ආසාවෙන් කියෙවුවා .. බොහොම ස්තූතියි මිත්‍රයා ..
ReplyDeleteනියමයි මචෝ මේකත්... කෙටියෙන් විස්තර කිරීම තමයි මම හිතන්නෙ වැදගත්. ඒ එක්කම වැඩි ව්ස්තර උවමනා කෙනෙක්ට සබැඳියක්. UFO ගැන වාර්තා වැඩසටහනක මම දැක්කා ඉන්කා ගෝත්‍රිකයන්ගෙ පැරණි කැටයමක අභ්‍යවකාශ යානයක් සහ අභ්යවකාශගාමියෙක්ගෙ රූප තියෙනව කියලා. ඒක අහුවුණොත් ඒ ගැනත් ලියන්න.
ReplyDeleteමේ කුතුහලය දනවන සිදුවීම් සමහරක් පැරණි ලණු විධියටත් අඳුනගෙන තියෙනවලු. ඒ කියන්නෙ අවධානය ගන්න කරපු වැඩ විධියට. අපට ඒ ගැන දැනගන්න විධියක් නෑ හැබැයි.
නියමයි...
ReplyDeleteඅප්පා අපි ඉන්නේ මහා අද්භූත ලෝකයක නේ..
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්.
ReplyDeletemaraiiiiiiiii.. patta
ReplyDelete@ බස්සා / ජීවිතේ මල් / Pasan :
ReplyDeleteඔය තුන්දෙනාටම ගොඩක් ස්තුතියි ප්‍රතිචාර වලට...!
@ උදාර : ආහ්... කියවනවා වගේ නෙවේ සහෝ ලියන්න ගියාම... දැන්ම නෙවේ. මාසයක් විතර දෙන්නකෝ. අළුත් දෙයක් දෙන්නම්. ස්තුතියි සහයෝගයට !
@ හිස් අහස :
දිරිගන්වනවාට ගොඩක් ස්තුතියි සඳරු. ලොකු හයියක්...!
@ hare :-)
ස්තුතියි මිත්‍රයා... ඉන්කාවරුන්ගේ සීන් එක ගැන ලින්ක් එකක් හම්බවුනොත් මට මේල් එකක් දාන්න. මමත් හොයලා බලන්නම්. ස්තුතියි දැන්වුවාට...
ඔයා දෙවැනියට කියපු ලනු කථාව ටිකක් හරි. හැබැයි මෙතන කියපුවගේ නම් එහෙම ඒවා නැති තරම්. තිබුනොත් තියෙන්නේ කාල නිර්ණය කිරීමේ ගැටළු තමයි. ඔය c14 ක්‍රමය 100% ක් සාර්ථක නෑලු. අනෙක අන්තර්ජාලයෙන් මේවා ගැන හොයනකොට තියෙන්නේ පරස්පර තොරතුරු. හරාම අමාරුයි ඇත්ත බේරගන්න...!
@ සවිර / D.T. / Lochanata Horen :
ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම... වචනේ වුනත් මට ලොකු හයියක්. ආයෙමත් ස්තුතියි...!
@ ChammA :
නෑ සහෝ... කිසිම දෙයක් අද්භූත වත්, තේරුම් ගන්න බැරි දෙයක් වත් නෑ. වෙලා තියෙන්නේ මේවා ගැන තේරුම් ගන්න මනුෂ්‍යයාගේ දැනුම මදිකම. රජකාලේ ඇමතියෙක්ට අයිපෑඩ් එකක් දුන්නොත් එයාට ඒක සෙල්ලම් බඩුවක් විතරයි. එතනින් එහාට දෙයක් නෑ. අපිට වෙලා තියෙන්නෙත් ඒකයි.
ෂා කියලා වැඩක් නෑ මරු ලිපිය....
ReplyDeletehttp://www.youtube.com/watch?v=vgJ7-R4Zpbk
ReplyDeleteඔන්න සඳූ මේකත් කියෙව්වා ගොඩාක් ආසාවෙන්... ඔයාට ගොඩාක් ස්තූතියි මේ වැදගත් ලිපිය හැදුවට.. :)
ReplyDeleteමේ විශ්වයේ ඉන්නෙ අපි විතරයි කියන සිතිවිල්ලෙන් මිදුන ගමන් මේවලින් ගොඉක් දේවල් වලට උත්තර හොයා ගන්න පුලුවන් වෙයි. මම කැමතිම මාතෘකාවක්. පළවෙනි කොටස කියවන්න යන්නෙ දැනුයි...
ReplyDeleteමO නොදැන හිටි කීපයකුත් මෙතන තිබුනා,ඇත්තටම මේවාට පැහැදිලි කිරීම් නැද්ද?
ReplyDeleteලිපියට ගොඩක් ස්තූතියි..
saho....lokaye palamuwenma udingiya kiyala ramayane sadahanwene
ReplyDeleterawana rajathuma .samaharavita rawana sitha aragena enna pavichchi karapu guwan upakkra nisa wenath ratawala minissuth
mewa dekala sithuwam kala wenna puluwan.rawana sithata lokaya pennuwa wennath berine. saho.... megena aluthen wedipura hithuwoth hodanedda. megena guwangaman gena denuma thiyena mithurek apithara innawanam onna man oyalata wedak dunna
oyalata karanna.saho..mata masayak balan inna amarui ikmanata
3wana kotasa danna budu saranay macho!!!!!!
nice article!!
ReplyDeleteela..kolla niyamai...
ReplyDeleteනියම ලිපියක් මචං....පට්ට.....
ReplyDeleteනියම ලිපි පෙළක්. මමත් අසාවෙන් කියෙව්වා. මේ වගේ දේවල වලට මමත් හරිම කැමැතියි. තව දුරටත් ලියන්න. ඔබට මගේ සුභ පැතුම්.
ReplyDelete@ පූසා :
ReplyDeleteබොහොම ස්තුතියි පූසෝ...!!!
@ Ano1 :
වීඩියෝ ලින්ක් එක බෙදාගත්තාට ස්තුතියි ඇනෝ...
@ සඳූ : බොහොම ස්තුතියි සහෝදරී. ආසාවෙන් කියවනවා නම් ඒ මදෑ... ඔන්න මමත් ඔයාගේ බ්ලොග් එක පැත්තේ ආවා. අනාගතේ බ්ලොග් අවකාශේ හොඳ කවි කාරියක් වේවා...!!!
@ බුද්ධි :
හුඟ කාලෙකට පස්සේ සහෝ... ඇත්තටම මේ ගැන එක එක්කෙනාගේ අදහස් වෙනස්. බොහොම ස්තුතියි කියවලා ප්‍රතිචාරයක් තිබ්බට... ජයවේවා...
@ sudaraka :
ස්තුතියි ප්‍රතිචාරයට සහෝ... ඇත්තටම කිව්වොත් මේවට පැහැදිලි කිරීම් ලියන්න ගියොත් නම් එකකට එක පෝස්ට් එක ගානේ ලියන්න වෙයි... ඒකයි කෙටියෙන් අවශ්‍ය දේ විතරක් දැම්මේ...
@ L.K.LIYANAGE :
ඇත්තටම ඔයාගේ අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි... රයිට් සහෝදරයන්ට බොහෝ කාලයකට පෙර දියුණු ගුවන් යානා තාක්ෂණයක් තිබුණු බව පැහැදිලි කරුණක්. රාවණා අධිරාජ්‍යයාගේ දඬුමොණරය ඇතුළු විමාන යානා ගැන ලියවුණු පැරණි පොතක් ආශ්රයෙන් නාසා ආයතනය දැන් ප්‍රතිගුරුත්ව යානා හදනවලු. නාසා එකටත් තේරුම් ගන්න බැරි තරමේ දියුණු ආකාශයානා තාක්ෂණයක් ඒ කාලයේ තිබිලා තියෙනවා. :D ඊළඟ එකත් දවස් 3-4 කින් දාන්නම්... ජයවේවා.
@ Ano 1 & 2 / මකුළුවා / sorry.com :
ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරවලට
@ චරිත :
ඔබ ලබාදෙන දිරිගැන්වීම මට ලොකු ශක්තියක්... ගොඩක් ස්තුතියි...
පිස්සු හැදෙන ලිපියක්!ඉතා ආශාවෙන් රස වින්ඳා!
ReplyDeleteනියමයි.. ගොඩක් වැදගත් ලිපියක්.
ReplyDeleteThanks...
ReplyDeleteපිස්සු හැදෙයි කිව්වලු ....මම මේ ලිපිය දැක්කේ අද . තව ලියහන් මචන් මේ සීන් අවුරුදු ගානකින් ගන්න බැරි දැනුම තමයි උඹ මේ අපිට දෙන්නෙ . උඹත් සත් සමුදුරත් තමයි බ්ලොග් අවකාශයට මේ වගේ අපි කිසි කෙනෙක් නොදන්න තොරතුරු දෙන්නෙ කීප් ඉට් අප් ... සහෝ
ReplyDeleteනියමයි මචන්... තව තියෙනවලු නේද?..;) එල එල... පුළුවන් නම් තව ටිකක් විතර එක එකක් ගැන විස්තරේ දික් කරමුද?....
ReplyDeleteමේ සබ්ජෙක්ට් එකේ අනිත් ආසම කොටස තමයි ඕවයෙ අභිරහස් එලිකරගන්න පර්යේෂණ ගැන තියෙන ඩොකියුමන්ට්‍රි... හම්බු වුනොත් ලින්ක් එකවත් දාපන්... මට සෙට් වුන ඒව වගයක් තියෙනව... ලින්ක් ටික හොයල කමෙට්ටුවක් විදිහටවත් දාන්නම්..
godak watinawa..thanks..
ReplyDeletepuluwannam me wage lipi thawath danna..good luck
Niyami... great work.....
ReplyDeleteනොදන්න කරුණු හුඟක් දැන ගත්තා. ස්තූතියි.
ReplyDelete@ Sabith / Saranga / Ano :
ReplyDeleteඔය තුන්දෙනාගේම ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි... ජයවේවා...!!!
@ buwa :
අප්පා... උඹ මුරුංගා අත්තේ තියපු පාර බොහොම අමාරුවෙන් බැහැගත්තේ... :P
එදා ඉඳන්ම දිගටම මට කමෙන්ට් කරනවට උඹට පිං බුවා. දිනේෂ් සහෝ සත්සමුදුර හොඳට කරගෙන යනවානේ... මට මේක තවත් සත්සමුදුරක් කරන්න ඕනෙ නෑ බං. ඔක්කොම එක විදිය වුනාම විවිධත්වයක් නැතිවෙනවනේ. උඹේ අගය කිරීම ගැන අවංකවම සතුටුයි. ඒ වගේම ස්තුතියි. මේ බර වැඩ ටිකක් පැත්තකින් තියලා රස කථා ටිකක් අහමු... ජයවේවා...!!!
@ සාතන් :
අප්පේ... උඹලගෙන් බේරෙන්නම බෑනේ බං... :D
එළ එළ... තව ටිකක් තිබිලා ඔන්න හදලා දැම්මා... විස්තර දික් නොකලේ කරුණු හොයන්න වෙලාව මදි නිසයි. අර ලින්ක් ටික මට මේල් එකක් වත් දානවනම් ලොකු හයියක්... මේ ලිපි පෙලත් එක්ක හිටියට ස්තුතියි මචං...!
@ Charith :
ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සහෝ... ඉඩ ලැබෙන වෙලාවට මේ වගේ ලිපි පළ කරන්නම්... ස්තුතියි...
@ Ano 2 :
Thank… keep in touch…
@ පිණිබිඳු :
ස්තුතියි සහෝදරී...
(ඊළඟ පාරවත් කමෙන්ට් කරද්දී පිණිබිඳු අක්කද / පිණිබිඳු නංගිද කියලා දානවද...?)
ගොඩ දවසකින් තමා මේ පැත්තේ ආවේ මචන් නියම පොස්ට් එක මචන් මම ආසම සබ්ජෙක්ට් එකක්
ReplyDeleteෂුවර් කෑල්ල මම උඹගේ ඉස්සෙල්ලා එකට දාපු එකම තමා කියන්න තියෙන්නෙ එදා අදට වඩා දියුණුයි ........
ReplyDeleteසෑහෙන්න මහන්සි වෙලා ලියලා තියනවා, ඇත්තටම හොඳ ලිපියක් ........
මරු මරු සහෝ.....නියම ලිපියක්......
ReplyDeleteජය වේවා!!!!
නියමයි ඔහොම යන දැනුම නම් බොහෝ එක උදව්වට තැන්ක්ස් .........
ReplyDeleteඑල තමයි...
ReplyDeleteela
ReplyDeleteනියමයි!
ReplyDeleteනියම ලිපිය.ඵලම ඵල මචන්.
ReplyDeleteහිතා ගන්න බෑ මෙවැනි දේවල් අතිතයේ කෙසේ සිදු වුයේද කියා එහෙත් අපට මෙසේ සිතන්න බැරිද අතිතියේ තිබු දියුණු ශිෂ්ඨාචාර ලෝක විනාශයක් හේතුවෙන් අවසන් වි ඇති බවත් නැවත අවුරැදු මිලියන ගනනකට පසු නැවත අධියරෙන් අධියර වර්ථමාන මිනිසා සහ ලෝකය නිමැවි ඇති බව (බුද්ධ සංකල්පය සත්‍යක් බව පසක් වෙනවා නේද) හැබැයි මම කතෝලිකයෙක්
ReplyDeleteThada thada godak interesting!
ReplyDeleteNiyamaaiiiiii....congratulations...issrahatath me wage ewa liyannaaa
ReplyDeleteNiyamaaiiiiii....congratulations...issrahatath me wage ewa liyannaaa
ReplyDeleteNiyamaaiiiiii....congratulations...issrahatath me wage ewa liyannaaa
ReplyDelete