පරිගණකය ආශ්‍රයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීම, තේරෙන
විදියට කිව්වොත් කම්පියුටර් ගේම්ස් කියන්නේ අද කාලයේ බාල, තරුණ, මහලූ හැම දෙනාගේම විනෝදාංශයක්. සමහරුන් නම්
විනෝදාංශයකටත් එහා ගිය ඇබ්බැහියක්. ඒ තරමටම වීඩියෝ ක්‍රීඩා වලට ඇදී බැඳී ගිහින්.
වීඩියෝ ක්‍රීඩා හින්දා අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටීම... ඒ කියන්නේ වටේ පිටේ මිනිස්සු එක්ක
ගනුදෙනු අඩු කරලා පරිගණක ක්‍රීඩාව ඇතුලෙම ජීවත් වෙන එක ලොකු සමාජ ප්‍රශ්ණයක් ! මේ
ඇබ්බැහිය නිසා ඔය වගේ සෘණාත්මක ලක්ෂණ ඇති වෙනවා කියලා විද්‍යාඥයෝ විසින් කාලයක ඉඳන්ම
නිරීක්ෂණය කරලා තිබුණා.
Showing posts with label සමාජයීය. Show all posts
Showing posts with label සමාජයීය. Show all posts
Saturday, October 22, 2011
ඔයත් කම්පියුටර් ගේම්ස් ගහනවාද ? එහෙනම් මෙන්න කියවන්න...
පරිගණකය ආශ්‍රයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීම, තේරෙන
විදියට කිව්වොත් කම්පියුටර් ගේම්ස් කියන්නේ අද කාලයේ බාල, තරුණ, මහලූ හැම දෙනාගේම විනෝදාංශයක්. සමහරුන් නම්
විනෝදාංශයකටත් එහා ගිය ඇබ්බැහියක්. ඒ තරමටම වීඩියෝ ක්‍රීඩා වලට ඇදී බැඳී ගිහින්.
වීඩියෝ ක්‍රීඩා හින්දා අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටීම... ඒ කියන්නේ වටේ පිටේ මිනිස්සු එක්ක
ගනුදෙනු අඩු කරලා පරිගණක ක්‍රීඩාව ඇතුලෙම ජීවත් වෙන එක ලොකු සමාජ ප්‍රශ්ණයක් ! මේ
ඇබ්බැහිය නිසා ඔය වගේ සෘණාත්මක ලක්ෂණ ඇති වෙනවා කියලා විද්‍යාඥයෝ විසින් කාලයක ඉඳන්ම
නිරීක්ෂණය කරලා තිබුණා.
Labels:
පරිගණක ක්‍රීඩා,
විද්‍යාත්මක,
සමාජයීය,
සංවාද
Tuesday, October 18, 2011
ලංකා වැසියෙක් නම් අනිවාර්යයෙන් කියවන්න... (උපුටා ගැනීමකි)
මේ එක්‌තරා
කනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක් පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේ
නැත. මට හමුවූ ජර්මන්, ස්‌විට්‌සර්ලන්ත
හා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්‌ම කීවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි.
අපේ රටේ නොයන කාරණා තුනක් ඔවුන් සඳහන් කරනවා. ඉන් වැඩිම කොටසක් ප්‍රධානම වශයෙන්
සඳහන් කරන්නේ අපේ ටේ අමන රියෑදුරන් සම්බන්ධවයි. මේ කණගාටුදායක අසුබ ආරංචිය මට මගේ
රට ගැන විශාල දුකක් ඇති කළා. මේ සිදුවීමෙන් පසු මට මගේ මව් බිම වෙනුවෙන් මේ
සම්බන්ධව යම්කිසි දෙයක් ඉටු කළ යුතු බව හැඟී ගියා.
Sunday, October 16, 2011
පිළිකාවට කථා කරන ජංගම දුරකථනය
මනුෂ්‍ය ලෝකයේ දියුණුවත් සමගම අත්වැල් බැඳ ගනිමින් නොයෙකුත් ව්‍යසනයන් හා රෝග කාරකද පෙරට
වඩා හිස ඔසවන ආකාරය මෑත ඉතිහාසය තුල දක්නට ලැබුණු කරුණකි. බෝවන රෝගයන් බොහෝ දුරට
තුරන් කර හෝ පාලනය කර ඇතත්,
බෝ
නොවන රෝග වල ව්‍යාප්තිය පසුගිය දශක දෙක තුනක කාලය ඇතුළත සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මේ අතරින් පිළිකා වලට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. නූතන වෛද්‍ය විද්‍යාව කෙතරම්
දියුණු වූවත් පිළිකා ඇතිවන්නේ කෙසේද යන්න හෝ පිළිකා සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක්
හෝ තවමත් සාර්ථකව ඉදිරිපත් කිරීමට නොහැකිව පවතී. ලොව පුරා සිදුවන මරණයන්ගෙන් 15% ක් පමණ සිදුවන්නේ පිළිකාවන් හේතුවෙනි.
පාරජම්බුල කිරණ හා වෙනත් විකිරණයන්ට නිරාවරණය වීම, ඇස්බැස්ටෝස් / ආසනික් / දුම්වැටි වැනි පිළිකා
කාරක ද්‍රව්‍යයන් හා පරපෝෂිත ජීවී සෛල පිළිකාවන් සඳහා මූලික හේතු සාධක ලෙස දක්වා තිබේ.
Labels:
විද්‍යාත්මක,
සමාජයීය
Thursday, September 15, 2011
මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්...
මිහිමත ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් බොහෝමයක් දුටු
මතින්ම අපිට හඳුනා ගන්නට පුළුවන්. පුරුදු - නොපුරුදු ඒ
සියළුම සතුන් අතරිනුත් ඔබ කවරදාවත් අසා නැති, දැක නැති අති දුර්ලභ සතුන් කිහිපදෙනෙක් ගැන හඳුන්වා දෙන්නයි මේ සූදානම. රතු දත්ත පොතට අනුව මේ
දුර්ලභ සත්ත්ව විශේෂයන් ගෙන් මුළු ලෝකය පුරා ගත්තත් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක්
පමණයි. මේ සතුන් දුර්ලභ හා නිතර දකින්නට නොලැඛෙන හේතුව නම් ඔවුන් ඉතා සීඝ්‍රයෙන් වඳවී යෑමේ අවධානමට ලක්වී තිබීමයි. ඉතින් බලන්නකෝ
මේ සත්ත්ව විශේෂයන් ඔයාලත් දන්නවද ? දැකලා අහලා තියෙනවද කියලා...
Labels:
ගවේෂණ,
රූප කථා,
විද්‍යාත්මක,
සත්ත්ව ලෝකය,
සමාජයීය
Saturday, May 7, 2011
ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන දන්නවාද ?
හොරොයින්, කොකේන්, මරිජුවානා, කංසා ආදී ලෙස මත්ද්‍රව්‍යයන් බොහොමයක් ලොව පුරා ව්‍යාප්තව තිබුණත් ඒ සියල්ලටම වඩා බලවත්, දරුණු මත්ද්‍රව්‍යයක් තිඛෙන බව ඔබ දන්නවාද ? මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ට කිසි ලෙසකින් වත් ගැලවීමක් නම් නෑ. කොතරම් ප්‍රබල මත් ද්‍රව්‍යයක් වූවත් පුදුමයට කරුණ නම් අනෙකුත් මත්ද්‍රව්‍යයන්ට වඩා මෙය ඉතා ලාභ වීමයි. පහසුවෙන් ලබාගත හැකි වීම, අඩු මිලට ලබා ගත හැකිවීම හා භාවිතයේ පහසුව නිසා මෙය ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන බවයි පැවසෙන්නේ. මේ දරුණු මත්ද්‍රව්‍යය හැඳින්වෙන්නේ 'මෙත්' (Meth) නමින්. Tuesday, March 15, 2011
නූතන විඥානවාදය (!!!) නොහොත් මිනිස් බුද්ධියේ අග්‍ර ඵලය...
අවුරුදු කෝටි 450 ක් පමණ වයස්ගත වන අප පෘථිවියේ ජීවය පහළ වූයේ කවරදා දැයි තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකිව ඇත. එසේ වුවත් මේ මහ පොළොව මත අග්‍ර බුද්ධිය හිමි ජීවියා මනුෂ්‍යයා බවට නම් කිසිදු විවාදයක් නොමැත. සොබාදහම අභිබවා යමින් (පරදවමින් නම් නොවේ...) දියුණූ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන නූතන මිනිසා සමස්ථ පෘථිවි ගෝලයම තම අණසකට යටත් කොට ගැනුමට තරම් බුද්ධියෙන්, දැනුමෙන් පොහොසත්ව සිටී. අවුරුදු ලක්ෂ 03 ක් පමණ වන මානව පරිනාමීය වංශ කථාවේ වානර බුද්ධියේ සිට අද දක්වා අපේ මනුෂ්‍ය මොළය පරිනාමය වීමට ගතවූ දීර්ඝ කාලය මිනිසා දැනුමෙන් සහ අත්දැකීම් වලින් පොහොසත් කර, පදම් කර ඇත.
Labels:
ගවේෂණ,
ශාස්ත්‍රීය,
සමාජයීය,
සංවාද
Monday, February 14, 2011
FB කළු ද ? සුදු ද ?
FB කියන්නේ Facebook කියලා සයිබර් අවකාශයේ සැරිසරන හැමෝම වගේ දන්නවා. ඇයි එහෙනම් මේ කළු - සුදු කථාවක්. ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ මාක් ෂුකර්බර්ග්, Facebook ප්‍රධානියා වර්ණ අන්ධතාවයෙන් පෙළෙන බව. ඒ නිසා තමයි Facebook වෙබ් අඩවිය තනිකරම නිල් පැහැයෙන් තනා ඇත්තේ. ඒත් එහෙනම් මොකක්ද මේ කළු ද සුදු ද කියලා අහන්නේ.
Labels:
අන්තර්ජාලය,
සමාජයීය






