Thursday, January 31, 2013

- ලෝකේ වටේ විශේෂ තැන් වලට රවුමක් යමු -

      අපේ පෘථීවිය - මිනිස් වර්ගයාගේ නිවහන - වන මේ ලෝකය පුරා දකින්නට, අසන්නට ඇති අරුම පුදුම දේ අනන්තයි - අප්‍රමාණයි. අපි හැමෝටම වගේ ලෝකේ වටේ ඇවිදලා ඒ විස්මය අත් විඳින එක අමාරු කාර්යයක්. එහෙම පුළුවන් වුනා නම් අපේ ලෝකය කොච්චර පුදුමාකාරද ? අද්භූත ද ? විස්මයජනක ද ? කියලා බලාගන්න තිබ්බා. කොහොම වුනත් පෘථිවිය මත ඇති විශේෂම තැන් කීපයක් ගැන අද මං ඔයාලව එක් කරගෙන යනවා... හැබැයි ඇත්තටම නෙවෙයි. ඒ ගැන දැන ගන්න, බලන්නකෝ මේ රූප කථාව...

Saturday, January 26, 2013

- දෙවසරක් සපුරන "චතූගේ කථා" වෙතින් පිදෙන බ්ලොග් ආචාරය -

දිනය - 2011 ජනවාරි 24 වැනි දින
නිමිත්ත - සිංහල බ්ලොග්කරණයට පිවිසීම
නිර්මාතෘ - චතුරංග පෙරේරා
බ්ලොගයේ නම - චතූගේ කථා

    ඉතින් යාළුවනේ... චතූගේ කථා එක්ක අවුරුදු දෙකකුත් ගතවුනා. ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න ඕනේ 24 වැනිදා වුනත්, දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ සටහන ලියවෙන්නේ මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සහෘද ඔයාලා වෙනුවෙන්මයි.

Tuesday, January 22, 2013

- 2012 සහ, දෙක තුන වෙච්චි 2013... Flashback 2012 -

http://moneyexcel.com//images/2012.jpg      අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් උදාවුනා. ඕක ඉතින් කැලැන්ඩරේ කොල ගැලවෙන එකයි, ඉලක්කම් හර‍‍ඹයකුයි ඇර වෙන නම් ඇති දෙයක් නෑ. පෘථිවිය වෙනදා විදියටම කැරකෙනවා. උදේ වෙනවා - රෑ වෙනවා... අළුත් දවසක් එනවා...

    හරි හරි ඉතින්... බණ ඇති... මේකා මේ මාස ගාණකින් බ්ලොග් එක මතක් වෙලා ඇවිත් මෙතන බයිලා ගහනවා, නේද ? ඉතින්, අනං මනං නැතුව ඔන්න හැමෝටම සුභ අළුත් (පිළුණු ?‍)  අවුරුද්දක් වේවා කියලා පතනවා. මේ 2013 ට කොටන පළමු වැනි පෝස්ටුව නේ. ඉතින් අවුරුදු විෂ් එක පමා වුනාට තරහ ගන්ට කාරි නෑ ඕං !!!