ප්‍රවාහනය යනු එක් තැනකින් තවත් තැනකට ගමන් කිරීම පමණක්ම නොවේ. වර්තමානය වන විට එය කලාවකි - විලාසිතාවකි - සමහර විටකදී, උන්මාදයකි. ඒ කුමක් වුවත් අනාගත ලෝකයේ ප්‍රවාහන උපයෝගීතාවයන් අප සිතනවාට වඩා බොහෝ වෙනස් මගක් ගනු ඇති. අනාගතය දෙස නෙත් යොමා, වර්තමානයේදී යථාර්ථයක් ලෙසින් එලි දකින්නට සැරසෙන නවතම ප්‍රවාහන උපක්‍රම කීපයක් ඔබට ගෙන එන්නටයි මේ සූදානම...
Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts
Saturday, December 24, 2016
Monday, June 23, 2014
- Elon Musk නැමැති නූතන අනාගතවේදියාගේ නවතම පියවර -
ඊලොන් මස්ක් (Elon Musk)යනු කවුරුන් දැයි ඇමෙරිකානු පුරවැසියන් නම් හොඳින් දනිති. ඔහු මහා ව්‍යාපාරිකයෙකි, උපාධිධාරී ඉංජිනේරුවෙකි, නව නිර්මාණකරුවෙකි, අනාගත වේදියෙකි. මේ සියල්ලම එක්ව ගත් කල ඔහු ලෝකයේ වර්තමාන මුහුණත වෙනස් කරන යුග පුරුෂයෙක් ලෙසද සමහරුන් විසින් හඳුන්වන්නට යෙදෙයි. ඒ ඔහු විසින් දියත් කරන්නට යෙදී ඇති විප්ලවකාරී, සුපිරි ව්‍යාපෘති නිසාවෙනි.
Labels:
චරිත කථා,
තාක්ෂණික,
විද්‍යාත්මක
Friday, August 30, 2013
- අනාගතයේ වීදුරුව : Gorilla Glass 4 -
පොදුවේ සිංහල භාෂාව හා
පරිගණක තාක්ෂණික දේ ගැන පළවුනු මෙවැනි බ්ලොගයක වීදුරු ගැන පළවීම නරඹන ඔබට තරමක
අමුත්තක් විය යුතුය. නමුත් Corning සමාගමේ විප්ලවීය නිර්මාණයෙන් පසු වීදුරු යනු තාක්ෂණ
ලෝකයේ කාහටත් දැන් අමුත්තක් නොවේ. Corning සමාගම යනු ලෝකයේ ප්‍රමුඛතම තිර ආරක්ෂණ වීදුරු නිෂ්පාදන
සමාගමකි. ලොව පුරා බොහෝමයක් ස්මාට් ෆෝන් හා ටැබ්ලට් පරිගණකයන් හි ස්පර්ශ-සංවේදී
තිරයන් සීරීම්, වැටීම් හා ඉරි තැලීම්
වලින් ආරක්ෂා කර දෙන Gorilla Glass (ගෝරිල්ලා ග්ලාස්) නම් මැජික් වීදුරුව නිෂ්පාදනය කරන්නේ
Corning සමාගමයි.
Labels:
ජංගම දුරකථන,
තාක්ෂණික
Tuesday, August 27, 2013
- ස්මාට් ලෝකයේ ස්මාට් ඔරලෝසුව : Sony Smart Watch 2 -
Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ
බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින්
එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට්
ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග
තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.
Labels:
ගැජට්,
ජංගම දුරකථන,
තාක්ෂණික
Wednesday, November 21, 2012
- Contact Lens (සිවි කාච) තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ? -
Labels:
ගැජට්,
තාක්ෂණික,
පරිගණක,
විද්‍යාත්මක
Friday, November 16, 2012
- ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP -
පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board), අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
Friday, September 28, 2012
- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) –
අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි
සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ
පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් රථයක් නිපදවීමටයි.Sunday, September 16, 2012
- 2013 දී එන DDR4 මතක පත් (DDR4 RAM) -
පරිගණක මතක් පත් (RAM) තාක්ෂණය ද අන් සෑම
තාක්ෂණ ක්ෂේත්‍රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍රයකි. දෙගුණයක දත්ත
වේගයක් සමගින් 2000 වසරේදී එළි
දුටු DDR තාක්ෂණය DDR2 හා DDR3 ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3 මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි
හැකියි. ඒ එහි අඩු මිල, ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR3 තාක්ෂණයට
වඩා බොහෝ සෙයින්
වැඩි දියුණු කරන ලද නවතම තාක්ෂණයෙන් යුත් මීළඟ පරපුරේ මතක පත් ලෙස DDR4 වර්ගයේ RAM එළි දැක්වීමට සූදානම් බව දැන් වාර්තා වේ.Sunday, September 9, 2012
- ලෝකයේ වේගවත්ම කාර් -
1. Bugatti Veyron Super Sport:

උපරිම වේගය
පැයට කිලෝමීටර 430 කි. (430 Kmph) තත්පර 2.4 කදී 60 mph* වේගයක් ගනී. Narrow
Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200 ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,400,000 කි. 2007 මාර්තු හිදී Bugatti
Veyron රථය විසින්
හිමි කරගෙන තිබූ වේග වාර්තාව SSC
Ultimate Aero කාර් රථය විසින් පරාජය කරනු ලැබිණි. එයින් පසු Bugatti සමාගම විසින් Bugatti
Veyron Super Sport මාදිලිය නිෂ්පාදනය කර 2010 ජූලි මස ලෝකයේ වේගවත්ම කාරය ලෙස කිරුළු පැළඳීය.









