උපරිම වේගය
පැයට කිලෝමීටර 430 කි. (430 Kmph) තත්පර 2.4 කදී 60 mph* වේගයක් ගනී. Narrow
Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200 ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,400,000 කි. 2007 මාර්තු හිදී Bugatti
Veyron රථය විසින්
හිමි කරගෙන තිබූ වේග වාර්තාව SSC
Ultimate Aero කාර් රථය විසින් පරාජය කරනු ලැබිණි. එයින් පසු Bugatti සමාගම විසින් Bugatti
Veyron Super Sport මාදිලිය නිෂ්පාදනය කර 2010 ජූලි මස ලෝකයේ වේගවත්ම කාරය ලෙස කිරුළු පැළඳීය.
2. Hennessy Venom GT: (සම ස්ථානය)
උපරිම වේගය
පැයට කිලෝමීටර 418.5 කි (418.5 Kmph) තත්පර 2.5 කදී 60 mph වේගයක් ගනී. 6.2-liter
LS9 Turbo-charged V8 Twin Turbo වර්ගයේ අශ්ව බල 1200 ක එන්ජිමක් ඇත. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 950,000 කි. මේ කාරය Bugatti
Veyron Super Sport රථයට ඇති ප්‍රධානම
අභියෝගයයි. තවමත් ප්‍රායෝගිකව සනාථ කර නැතත්, Venom
GT හට 440 Kmph පමණ වේගයකට ලඟාවිය හැකි යැයි විශ්වාස කෙරේ.
2. Koenigsegg Agera R: (සම ස්ථානය)
මෙහිද උපරිම වේගය පැයට කිලෝමීටර 418.5 කි. (418.5 Kmph) තත්පර 2.9 කදී 60 mph වේගයක් ගනී. 5.0-liter V8 Engine වර්ගයේ අශ්ව බල 1099 ක ට්වින් ටර්බෝ එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 1,600,000 කි. මේ කාරය ද Bugatti සඳහා හොඳ තරඟයක් ලබාදෙන අතර මෙහි දැනට දැක්වෙන උපරිම වේගය 418.5 Kmph වුවත්, න්‍යාත්මකව එයට වඩා වේගවත්ව ධාවනය කරවීමේ හැකියාව පවතී. අඩුම කාලයකදී (තත්පර 14.53 ) පැ.කි.මී. 300 ක වේගය ලබාගත් කාරය ලෙස වාර්තාව උසුලන්නේ ද මේ Agera R කාරයයි.
මෙහිද උපරිම වේගය පැයට කිලෝමීටර 418.5 කි. (418.5 Kmph) තත්පර 2.9 කදී 60 mph වේගයක් ගනී. 5.0-liter V8 Engine වර්ගයේ අශ්ව බල 1099 ක ට්වින් ටර්බෝ එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 1,600,000 කි. මේ කාරය ද Bugatti සඳහා හොඳ තරඟයක් ලබාදෙන අතර මෙහි දැනට දැක්වෙන උපරිම වේගය 418.5 Kmph වුවත්, න්‍යාත්මකව එයට වඩා වේගවත්ව ධාවනය කරවීමේ හැකියාව පවතී. අඩුම කාලයකදී (තත්පර 14.53 ) පැ.කි.මී. 300 ක වේගය ලබාගත් කාරය ලෙස වාර්තාව උසුලන්නේ ද මේ Agera R කාරයයි.
3. SSC Ultimate Aero:
උපරිම වේගය
පැයට කිලෝමීටර 413.5 කි. (413.5 Kmph) තත්පර 2.7 කදී 60 mph වේගයක් ගනී. Twin-Turbo
V8 වර්ගයේ අශ්ව බල 1183 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 654,400 කි. 2007 මාර්තු සිට 2010 ජූලි දක්වා
ලොව වේගවත්ම කාරය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියුවේ මේ කාරයයි.මේ වාර්තාවට
වර්තමානයේ හිමිකම් කියන්නේ ඉහත දැක්වූ Bugatti Veyron Super Sport රථය වන අතර Shelby
Super Cars සමාගම එය පරාජය කර අංක 1 ට පැමිණීම සඳහා SSC Tuatura ලෙස නව රථයක් නිෂ්පාදනය කරමින් සිටී.
4. Saleen S7 Twin-Turbo:
4. Saleen S7 Twin-Turbo:
උපරිම වේගය
පැයට කිලෝමීටර 399 කි. (399 Kmph) තත්පර 2.8 කදී 60 mph වේගයක් ගනී. Twin-Turbo
V8 වර්ගයේ අශ්ව බල 750 ක ඇළුමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල
ඇමෙරිකානු ඩොලර් 555,000 කි. සුමට වේගවත් ධාවනයක් ලබාදෙන සුපිරි
කාරයකි.
5. Koenigsegg CCX:
5. Koenigsegg CCX:
උපරිම වේගය
පැයට කිලෝමීටර 394 කි. (394 Kmph) තත්පර 3.2 කදී 60 mph වේගයක් ගනී. V8 වර්ගයේ 90
Degree එන්ජිමක් ඇත. අශ්ව බල 806 ක ජවයක් සහිතයි.
ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 545,568 කි. ස්වීඩන්
සමාගමක් වන Koenigsegg සමාගමේ නිෂ්පාදනයක්
වන මේ කාරය පෙර දැක්වූ Agera
R හි
පැරණි සගයා වේ.
6. McLaren F1:
6. McLaren F1:
උපරිම වේගය
පැයට කිලෝමීටර 386 කි. (386 Kmph) තත්පර 3.2 කදී 60 mph වේගයක් ගනී. BMW
S70 / 260 Degree V12 වර්ගයේ අශ්ව බල 627 ක එන්ජිමක්
ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 970,000 කි. මේ
ලැයිස්තුවේ ඇති සියළුම කාර් අතරින් වඩාත් පැරණිම හා ජනප්‍රියතම කාර් මාදිලිය වශයෙන් McLaren F1 හැඳින්විය හැකිය. පසුගිය සියවසේ ලොව ජනප්‍රියතම
කාරය ලෙසද මෙය හැඳින්වේ. මෙහි
ඇති අපූර්ව හැඩය නිසාම මෙහි ආකර්ශණීය ගුණය ඇතිවී තිබේ.
7. Gumpert Apollo:
උපරිම වේගය
පැයට කිලෝමීටර 360.5 කි. (360.5 Kmph) තත්පර 3 කදී 60 mph වේගයක් ගනී. 4.2
liter V8 වර්ගයේ අශ්ව බල 650 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර්
450,000 කි. ජර්මානු සමාගමක් වන Gumpert සමාගම
පවසන්නේ මෙම Apollo කාරය 305 Kmph හෝ වැඩි වේගයකින් උමඟක් තුලදී ධාවනය වන්නේ නම් මෙම
කාරයට උඩු-යටිකුරු ආකාරයෙන් වුවත් යා හැකි ලෙස සැලසුම් කර ඇති බවයි. කෙසේ වුවත් මෙය
තවමත් අත්හදා බලා නොමැත.
7. Gumpert Apollo:
8. Noble M600:
උපරිම වේගය
පැයට කිලෝමීටර 359 කි. (359 Kmph) තත්පර 3.7 කදී 60 mph වේගයක් ගනී. Twin-turbo charged
4.4-liter V8 වර්ගයේ අශ්ව බල 650 ක එන්ජිමක්
ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 330,000 කි. බාහිර
නිමාව හා හැඩය අතින් එතරම් විශේෂතාවයක් නොපෙන්වූවත් මෙම කාරය අධිවේගී ධාවන රථයක්
ලෙස නමක් දිනා තිබේ.
9.
Lamborghini Aventador: (සම ස්ථානය)
උපරිම වේගය
පැයට කිලෝමීටර 349 කි. (349 Kmph) තත්පර 2.9 කදී 60 mph වේගයක් ගනී. V12 වර්ගයේ අශ්ව බල 700 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 379,700 කි. ස්පාඥ්ඥයේ සරගෝසා රඟමඬලේදී පොරයට ආ
ප්‍රසිද්ධ කුළුමීමෙකුගේ නමින් මෙම කාරය නම් කර තිබීම විශේෂත්වයකි.
9.
Pagani Zonda Cinque Roadster: (සම ස්ථානය)
උපරිම වේගය
පැයට කිලෝමීටර 349 කි. (349 Kmph) තත්පර 3.4 කදී 60 mph වේගයක් ගනී. Twin
turbo-charged AMG V12 වර්ගයේ අශ්ව බල 678 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 1,850,000 කි. සීමාසහිත
නිෂ්පාදනයක් වූ මේ කාරයෙන් නිපදවනු ලැබ ඇත්තේ පහක් පමණි. අමුතුම ආරක් ගත්, සුවිශේෂී හා ඉතා විශිෂ්ඨ ගණයේ කාරයක් ලෙස මෙය හැඳින්විය හැකියි.
9.
Ferrari Enzo: (සම ස්ථානය)
උපරිම වේගය
පැයට කිලෝමීටර 349 කි. (349 Kmph) තත්පර 3.4 කදී 60 mph වේගයක් ගනී. F140
Aluminum V12 වර්ගයේ අශ්ව බල 660 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 670,000 කි. ලෝ ප්‍රසිද්ධ ෆෙරාරි සමාගයේ නිෂ්පාදනයක් වන මෙම
කාර් මාදිලියෙන් ද නිපදවා ඇත්තේ ඒකක 399 ක් පමණි.
9.
Jaguar XJ220: (සම ස්ථානය)
උපරිම වේගය
පැයට කිලෝමීටර 349 කි. (349 Kmph) තත්පර 3.8 කදී 60 mph වේගයක් ගනී. Twin
Turbo V6 වර්ගයේ අශ්ව බල 542 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර්
650,000 කි. ලෝ ප්‍රසිද්ධ කාර් රථයක් වන මෙය
මුලින්ම නිෂ්පාදනය කර ඇත්තේ 1992 තරම් ඈත
කාලයේදීයි. නමුත් තවමත් වේගවත් කාර් රථයක් ලෙස තම නම සටහන් කරගන්නට Jaguar සමත්ව
සිටී.
10.
Ascari A10: (සම ස්ථානය)
උපරිම වේගය
පැයට කිලෝමීටර 346 කි. (346 Kmph) තත්පර 2.8 කදී 60 mph වේගයක් ගනී. 5.0
litre BMW V8 S62 වර්ගයේ අශ්ව බල 625 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 650,000 කි. මේ වර්ගයේ තවත් කාර් රථ 50 ක් පමණ නිපදවීමට මෙම එංගලන්ත සමාගම තීරණය කර තිබේ.
10.
Pagani Zonda F: (සම ස්ථානය)
උපරිම වේගය
පැයට කිලෝමීටර 346 කි. (346 Kmph) තත්පර 3.5 කදී 60 mph වේගයක් ගනී. Mercedes
Benz M180 V12 වර්ගයේ අශ්ව
බල 650 ක එන්ජිමක් ඇත.
ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 667,321 කි. උපරිම වේගය තරමක් අඩු වූවත් මෙහි ඇති V12 වර්ගයේ සුපිරි එන්ජිම නිසා Pagani
Zonda F කාරය වේගවත් කාරයක් ලෙස පිළිගැනේ.
---------------------------------------------------------------------
හුග කාලෙකට පස්සේ බ්ලොග් එකේ ලිපියක් පළ කරන්නේ... ඇත්තටම කිව්වොත් මාස 2 කට විතර පස්සේ ! මේ ලිපියත් Draft එකේ තිබිලා හොයලා, හදලා ගත්ත ටිකක් පරණ ලිපියක්... සමහර විට මේ විස්තර දැන් out-date වෙලාද දන්නෙත් නෑ... කොහොම වුනත්, පරණ ලිපි අතරට එන්න තව කාලයක් යයි. මොකද මේ දවස් වල සංක්‍රාන්ති කාලයක් ගත වෙන්නේ...! මොනවා වුනත් බ්ලොග් එක අතහරින්න නම් අදහසක් නෑ... පුළුවන් විදියට මෙතන කොටන්න එන්නම්... මම උන්නත්, නැතත්, චතූගේ කථා එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි... ජයවේවා !!!
මරු කාර් ටික !!!
ReplyDeleteමේවගේ කාර් එහෙක රවුමක් යන්ඩ තියේ නම්....
අයියා සෑහෙන කාලෙකට පස්සේ ඇවිත් තියෙන එකමත් මදෑ..
වේගවත්ම මගෙ මරුටිය !
ReplyDeleteනියමයි!! ස්තූතියි!! රස වින්ඳෙමි!!!
ReplyDeleteNiyamai!
ReplyDeleteJaya!
@ මධූ :
ReplyDeleteබොහොම ස්තුතියි මධූ, ඔයින් එකක කෙසේ වෙතත්, ළඟින් හරි යන කාර් එකක ළඟදීම යන්න ලැබේවා කියලා පතන්නම්...!!! ජය !!!
@ සෑමා :
ඉටිගෙඩිය !!! හික්ස් !!!
@ අරුණි අක්කා :
අක්කටත් ස්තුතියි ඇවිත් ගියාට !!!
@ හිරු හිමාවි :
ස්තුතියි, ඔබටත් ජය !!!
V12 Engine එකක් තියෙන ෆෙරාරි..ලැම්බොගිනි කාර් වලට එකකට බන් ඇයි බැරි මේ V8 Engine එකක් තියෙන කාර් එකක ස්පීඩ් එකක ලඟට වත් එන්න???
ReplyDeleteSiraawata, mamath Me ookamai kalpana kare
Deleteවැදගත් තොරතුරු ටිකක් යාළුවා..
ReplyDeleteSuperb... Thanks a lot! Bro...
ReplyDeleteකොහෙද බන් ගිහින් හිටියෙ ?
ReplyDeleteසුපිරි කාර් සෙට් එක
ReplyDeletesupiri.... ahh machan..mama lagadima "Bugatti Veyron Super Sport" ekak ganna inne..ahh eka neweii..band kathawala ithuru tika dapan harida...:P
ReplyDeleteමරු මරු!NFS ගහද්දි නම් ඔයවගේ ඒවගෙ යනවා.... !
ReplyDeleteඅපේ සයුරු නම් ආස අර බුගාතියට..මටනම් ඔව්වා කෝකත් එකයි. රෝද හතර කරකෙනවානම් එච්චරයි :) විස්තරත් එක්ක මේක දාපු එක වටිනවා. මේක පෙන්නන්න ඕන එයාට.
ReplyDelete