
Showing posts with label ජංගම දුරකථන. Show all posts
Showing posts with label ජංගම දුරකථන. Show all posts
Tuesday, August 22, 2017
මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම එක, Android 8.0 - Oreo

Labels:
ජංගම දුරකථන,
මෘදුකාංග
Tuesday, January 27, 2015
පට් ගාලා මූණුපොතට පනින්න - Facebook Lite ඇවිත්...
අපි හැමෝම ගාවම දැන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙනවා. බහුතරයක් දෙනා තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකේ වැඩියෙන්ම භාවිතා කරන app එක තමයි Facebook කියන්නේ. ලංකාව වගේ දියුණු වෙමින් පවතින, අන්තර්ජාල සම්බන්ධතා එතරම් වේගවත් නැති රටවල් වලදී නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් facebook යන එක එතරම් වේගවත් අත්දැකීමක් නම් නෙවෙයි. ඉතින්, ලංකාවේ අපේ මූණුපොත පාවිච්චි කරන සුවහසක් ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ට දැන් නිදහසේ facebook යන්න විදියක් ඇවිත්. කොහොමද කියලද අහන්නේ... ඒකට උත්තරේ තමයි - Facebook Lite !
Labels:
ජංගම දුරකථන,
මෘදුකාංග
Friday, August 30, 2013
- අනාගතයේ වීදුරුව : Gorilla Glass 4 -
පොදුවේ සිංහල භාෂාව හා
පරිගණක තාක්ෂණික දේ ගැන පළවුනු මෙවැනි බ්ලොගයක වීදුරු ගැන පළවීම නරඹන ඔබට තරමක
අමුත්තක් විය යුතුය. නමුත් Corning සමාගමේ විප්ලවීය නිර්මාණයෙන් පසු වීදුරු යනු තාක්ෂණ
ලෝකයේ කාහටත් දැන් අමුත්තක් නොවේ. Corning සමාගම යනු ලෝකයේ ප්‍රමුඛතම තිර ආරක්ෂණ වීදුරු නිෂ්පාදන
සමාගමකි. ලොව පුරා බොහෝමයක් ස්මාට් ෆෝන් හා ටැබ්ලට් පරිගණකයන් හි ස්පර්ශ-සංවේදී
තිරයන් සීරීම්, වැටීම් හා ඉරි තැලීම්
වලින් ආරක්ෂා කර දෙන Gorilla Glass (ගෝරිල්ලා ග්ලාස්) නම් මැජික් වීදුරුව නිෂ්පාදනය කරන්නේ
Corning සමාගමයි.
Labels:
ජංගම දුරකථන,
තාක්ෂණික
Tuesday, August 27, 2013
- ස්මාට් ලෝකයේ ස්මාට් ඔරලෝසුව : Sony Smart Watch 2 -
Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ
බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින්
එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට්
ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග
තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.
Labels:
ගැජට්,
ජංගම දුරකථන,
තාක්ෂණික
Wednesday, June 20, 2012
- ජංගම දුරකථනයෙන් රූගත කල ලොව ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය : Olive -
හොඳ සිනමා නිර්මාණයක් උදෙසා දක්ෂ නළු නිලියන්,
හොඳ අධ්‍යක්ෂකවරයෙක්, දර්ශණීය පසුතල මෙන්ම උසස් ගණයේ කැමරා ද අත්‍යාවශ්‍ය
සාධක වේ. සිනමාව සඳහා භාවිතා කරන්නේ උසස්ම ගණයේ තාක්ෂණයෙන් යුත් විශිෂ්ඨතම රූපරාමු
ලබාදෙන ඉහළම තලයේ කැමරා උපකරණයි. එසේ වුවත් මේ විශේෂිත කැමරාවලින් තොරව ජංගම
දුරකථනයක කැමරාවෙන් පමණක් රූගත කරමින් නිපදවන ලද සිනමා පටයක් ඇමෙරිකාවේ සිනමාහල්
තුළ ප්‍රදර්ශණයට සැරසෙන බව කිවහොත් ඔබ මවිත වනු ඇත.
Labels:
කලා නිර්මාණ,
ජංගම දුරකථන








