ෆේස්බුක් ආයතනය විසින් පසුගිය කාලය පුරාවටම Messenger, Stickers වගේ එක එක ජාතියේ ෆේස්බුක් ඇප් නිකුත් කලා ඔබට මතක ඇති. මේ Facebook Lite කියන්නෙත් ඒ වගේ අලුත්ම අලුත් ඇප් (app) එකක්. මේ Facebook Lite කියන ඇප් එකේ විශේෂත්වය තමයි මේක ඉතා සරල ඇප් එකක් වීම. මේක විශේෂයෙන්ම සැලසුම් කරලා තියෙන්නේ අවම පහසුකම් සහිත බජට් ඇන්ඩ්‍රොයිඩ් උපාංග මගින් වැඩිපුර අන්තර්ජාලයේ සැරිසරන අපේ රට වගේ දියුණු වෙමින් පවතින රටවල දුරකථන ප්‍රජාව ඉලක්ක කරගෙනයි...
පසුගිය සති අන්තයේදී ආසියාවේ හා අප්‍රිකාවේ තෝරාගත් රටවල් කීපයක Facebook Lite ඇප් එක වැඩි සද්දයක් නැතුව දියත් කරන්නට ෆේස්බුක් ආයතනය ක්‍රියා කරලා තිබුණා. ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, සුඩානය, වියට්නාමය හා සිම්බාබ්වේ රටවල් ඒ සඳහා තෝරාගෙන තිබුණා. අපේ වාසනාවට මේ ලැයිස්තුවට ලංකාවත් ඇතුළුවෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් දැන්මම Google Play ගිහිල්ලා Facebook Lite එක download ගෙන බලන්න පුලුවන්. ෆේස්බුක් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මේ රටවල් කීපයේ Facebook Lite ඇප් එක නියමු ව්‍යාපෘතියක් විදියට දියත් කරලා, වැඩි දියුණු කරමින්, එයින් ලැබෙන ප්‍රතිචාර අනුව මෙය ලෝක ව්‍යාප්ත කරන්නටයි. කෙසේ වුවත් මේ ඇප් එක සිතූ තරම් ප්‍රගතියක් අත්කර නොගත්තොත් නවතා දමන්නත් ඉඩ තියෙනවා. ඒත් දැනටමත් ඇප් එකට ලැබිලා තියෙන ප්‍රතිචාර අනුව නම් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි.
Facebook Lite ඉලක්ක කරලා තියෙන්නේ පහළ කාණ්ඩයේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් වලට සහ යල්පැන ගිය (out-dated) දුරකථන මාදිලි භාවිතා කරන පරිශීලකයන් වෙතයි. ඒ වගේම 3G සම්බන්ධතා නැති - ඒ කියන්නේ 2G අන්තර්ජාල සම්බන්ධතා වලටත්, 3G සම්බන්ධතා දුර්වල (අපේ රටේ වගේ) රටවලටත් මේ Facebook Lite ඇප් එක විශේෂයෙන් සැලසුම් කරලා තියෙනවා. ස්මාට් ෆෝන් නොවන සාමාන්‍ය දුරකථන (feature phone) සඳහා නිපදවන ලද Snaptu කියන මෘදුකාංගය පාදක කරගෙන තමයි Facebook Lite ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වුනත් push notifications සහ camera integration වගේ ඇන්ඩ්‍රොයිඩ් පහසුකම් භාවිතා කරන්න පුළුවන් විදියට ඇප් එක නවීකරණය වෙලා තියෙනවා.
සාමාන්‍ය Facebook ඇප් එක 65 MB වගේ ධාරිතාවක් ගනිද්දී මේ Facebook Lite ඇප් එක 252 KB වගේ ඉතාම කුඩා ධාරිතාවකින් යුතුව නිමවා තිබීම විශේෂයි. මේ නිසා විනාඩියක් වත් යන්නේ නැතිව මේ ඇප් එක download කරගන්න පුළුවන්. ස්මාට් ෆෝන් එකේ RAM ධාරිතාවය ඉතාම අඩුවෙන් භාවිතා කිරීම වගේම වෙනත් දෘඩාංග සම්පත් අඩුවෙන් භාවිතා කිරීම නිසා දුරකථනය slow වෙන්නෙත් නෑ. සරල ලෙසින් නිර්මාණය කරලා තියෙන නිසා Facebook Lite ඇප් එක ඉක්මනින් load වෙනවා. වේගයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම තමයි Data හෙවත් අන්තර්ජාල දත්ත ඉතාම අඩුවෙන් භාවිතා කරන එකත් විශේෂ වාසියක්.
අපට හුරුපුරුදු සාමාන්‍ය Facebook ඇප් එක වගේම හැම දෙයක්ම මේ Facebook Lite ඇප් එකෙනුත් කරන්න පුළුවන්. සමහර පහසුකම් තවමත් දියුණු කරමින් පවතින අතර ඒවා ඉදිරියේදී ඇප් එකට එක් කරන්නට නියමිතයි. ඉතින් ඔයාලත් පරක්කු වෙවී ඉන්නැතුව දැන්මම ගිහින් Facebook Lite අරගන්න... සැහැල්ලුවෙන් මූණු පොතට යන්න... ජයවේවා...!!!
-------------------------
පහුගිය 24 වැනිදාට "චතූගේ කථා" බ්ලොග් එකට අවුරුදු 04 ක් !!! විශේෂයෙන් පෝස්ට් එකක් දාන්න තරම් වෙලාවක් තිබුනේ නෑ. ඔන්න ඉතින් සුභ පතන්න කැමති අයට විශේෂ අවස්ථාවක් ....!!!
මෙන්න Google Play සබැඳිය > Facebook Lite ඇප් එකට මෙතනින් යන්න.
සිව් වසරට සුබ පැතුම් !
ReplyDeletefacebook ! ? heh who cares ? :D
ස්තුතියි සෙන්නා...
Delete//facebook ! ? heh who cares//
අමතක කරන්න එපා ! බිලියන 1.2 න් භාගයක් විතරම ඉන්නවා මේ ගැන කෙයා කරන්න...!
සුබ පැතුම්.... දිගටම් ලියන්න....
ReplyDeleteබොහොම ස්තුතියි !!!
Deleteසිවු වසරට සුභ පැතුම් අයියා !!! අවුරුදු 4ක් කියන්නේ සෙල්ලම්ද,අවුරුදු 4කට අත රිදෙනකම් කියක් අකුරු කොටන්න ඇත්ද.
ReplyDeletefacebook lite app එකනම් සැහෙන්න ප්‍රයෝජනයි..
මග නැවතිලා මොකද?????????
ReplyDelete