Saturday, June 23, 2012

- අළුත් පරිගණක ගැජට් ගැන දැනගනිමු [#2] -

      තාක්ෂණයේ දියුණුවත් එක්කම එළි දැක්වුනු අපූරු ගැජට් කීපයක් ගැන පහුගිය ලිපි කිහිපයකිනුත් ඉදිරිපත් කලා මතක ඇති. පරිගණක, සන්නිවේදන හා විනෝදාස්වාද යන ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන මේ නව තාක්ෂණික උපාංගයන් නූනන තාක්ෂණික විස්මයන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලන්න, මේ ගැජට් අතර ඔබ සොයමින් සිටි ආකාරයේ උපාංගයක් තියෙන්නත් බැරිකමක් නෑ...




එක හතර කරන USB බූවල්ලා



      මේක අමුතුවට පෙනුනට අපිට ගොඩක් හුරු පුරුදු USB හබ් එකක්ම තමයි. මේ අපූරු උපාංගය මගින් එක් USB ස්ලොට් එකක් පමණක් භාවිතා කර USB උපාංග හතරක් සම්බන්ධ කරන්න පුළුවන්. USB පෝර්ට් 2 ක් වැනි අඩු ප්‍රමාණයක් ඇති පරිගණක සඳහා මේ වගේ උපාංගයක් ගොඩක් ප්‍රයෝජනවත්. අනෙකුත් USB හබ් සමග බලනවිට මේ උපාංගයේ ඇති විශේෂතාවය තමයි මෙහි අඩංගු කේබල් හතර අපට වුවමනා පැත්තකට හරවා ගන්න පුළුවන් කම. ඒ නිසා අනෙක් හබ් වල මෙන් සොකට් එක ඇති දිශාවටම USB කේබලය අමුණන්න වුවමනා වෙන්නේ නෑ. මේ උපාංගයේ මිල ඩොලර් 10 ක් පමණයි...



USB ලැප්ටොප් ස්පීකරය


ලැප්ටොප් පරිගණකයක් සමග සාමාන්‍යයෙන් එන ස්පීකරය උසස් ශබ්ද රසයක් ගෙන එන්නේ නෑ. ඒ සඳහා විසඳුමක් විදියට තමයි මේ USB ලැප්ටොප් ස්පීකරය නිපදවලා තියෙන්නේ. වෙන කිසිම රැහැනක් අමුනන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ ස්පීකරය USB සොකට් එකට අමුණන්න විතරයි වුවමනා වෙන්නේ. ඒ සැනින් ඔබට ඔබේ ප්‍රියතම ගීතය හොඳ ගුණාත්මක ශබ්ද රසයක් එක්ක රස විඳින්න පුළුවන්. මෙහි බඳ අවශ්‍ය පරිදි හැඩකර ගත හැකි නිසා ස්පීකරය අපට අවශ්‍ය දිශාවකට පහසුවෙන්ම හරවා ගත හැකියි. මේ උපාංගයේ ඇති විශේෂතාවය තමයි සවුන්ඩ් කාඩ්පත, ශබ්ද වර්ධකය (Amp) සහ ස්පීකර් යන සියල්ලම එකම උපාංගයක් තුල අඩංගුව තිබීම. මේ නිසා වුවමනා තැනක, ඕනෙම පරිගණකයකට අමුණා ඒ සැනින් ශබ්ද රසය විඳින්න පුළුවන්. මේ සියල්ලටම බලය ලබා ගන්නේ USB පෝර්ට් එකෙන් නිසා ඒ ගැන වදවෙන්න ඕනෙත් නෑ. මෙහි අඩංගු ස්පීකර් දෙක සඳහා වෙන වෙනම ඈම්ප්ස් භාවිතා වන නිසා ශබ්දයේ ගුණාත්මක භාවය වැඩියි. ඒ වගේම සද්දෙත් වැඩියි...



ඕනම ජාලයකට එක් කේබලයක්

මේ කියන්නේ නෙට්වර්ක් ආශ්‍රිතව වැඩ කරන අයට හොඳ ආරංචියක්. එක් එක් ජාල (නෙට්වර්ක්) වල වැඩකරද්දී අපට මුහුණ පාන්න වෙන ප්‍රශ්ණයක් තමයි එක් එක් ජාල වර්ග වලදී භාවිතා වෙන්නේ එක් එක් වර්ගයේ වෙනස් නෙට්වර්ක් පෝට් වීම. ඉතින් එකෙන් එකට වෙන වෙනම කේබල් භාවිතා කරන්න වෙනවා. මේ කරදරයට විසඳුමක් විදියට තමයි මේ All-in-One නෙට්වර්ක් කේබල් එක ඇවිත් තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ අවශ්‍ය ජාල වර්ගය තෝරා මේ කේබල් එක මැද ඇති රවුම කැරකැවීම පමණයි. මේ සම්බන්ධය තුල ජාල පහක් සදහා අවශ්‍ය සැකසුම් අඩංගුයි.



විවිධ USB උපාංග සම්බන්ධ කරන මැජික් කේබලය

වර්තමානයේ තාක්ෂණික ලෝකයේ ජනප්‍රිතම සම්බන්ධකය වන්නේ කුමක් දැයි ඇසුවහොත් නිතැතින්ම මතකයයට එන්නේ USB සොකට්ටුවයි. දත්ත හා ආරෝපනය යන ක්‍රම දෙකටම මේ සම්බන්ධකය භාවිතා වේ. විවිධ උපාංග වල අඩංගු වන්නේ එක් එක් ආකාරයේ USB සම්බන්ධකයි. වර්තමානයේ බහුලවම භාවිතා වන micro USB, mini USB සහ Apple 30-pin සම්බන්ධය යන ආකාර තුනම එකම කේබලයකින් USB සම්මත සොකට්ටුවට සම්බන්ධ වන Innergie Magic Cable Trio මගින් එක් එක් උපාංගය සඳහා වෙන වෙනම කේබල් තබා ගැනීමේ කරදරයෙන් ඔබ නිදහස් කරයි.

මේ මැජික් කේබලයේ විශේෂත්වය වන්නේ මෙහි ඇති එකිනෙකට වෙනස් අග්‍ර තුන ගලවා ඉවත් කර නැවත සවි කල යුතු නොවීමයි. ඒවා සකසා ඇති විශේෂ ආකාරය නිසා අවශ්‍ය අග්‍රය පමණක් නිරාවරණය කරගෙන අපේ කාර්යය සිදු කරගත හැකියි. එහිදී අනෙක් අග්‍ර දෙකද කේබලය සමගම රැඳී තිබෙන නිසා ඒවා අස්ථානගත වීමද වැලකේ... සෙන්ටිමීටර් 20 ක් දිග, ග්‍රෑම් 15 ක් පමණක් බරැති මේ මැජික් කේබලයේ මිල ඩොලර් 20 ක්...



අපූරු හුරුබුහුටි කියුබ් MP3 ධාවකය



ඔබේ ප්‍රියතම ගීත එකතුව ශ්‍රවණය කිරීම සඳහා පෙරදී නම් අනිවාර්යයෙන්ම MP3 ප්ලේයරයක් මිලට ගත යුතුව තිබිණි. නමුත් දැන් උසස් බහුමාධ්‍ය හැකියාවන්ගෙන් යුත් ජංගම දුරකථන, ටැබ්ලට් හා වෙනත් ජංගම උපාංග නිසා MP3 ධාවක අත්‍යාවශ්‍ය නොවන තැනට ලෝකය පැමිණි ඇත. එහෙත් තවමත් iPod Nano වැනිඋසස් නිමාවකින් යුත් MP3 ධාවක වලට හොඳ ඉල්ලූමක් තිබේ. ඒ අවශ්‍යතාව වටහා ගනිමින් නිපදවා ඇති අපූරු ප්ලේයරයක් ලෙස Kube 2 හඳුන්වා දිය හැකියි.

මෙය අඟලක වර්ගඵලයක් ඇති ඝණකයකි. දාදු කැටයක හැඩයෙන් යුත් මෙහි හෙඩ්ෆෝන් සොකට්ටුවක් හා SD මෙමරි කාඩ් පත සඳහා විවරයක පමණක් අඩංගුව තිබේ. මේ Kube 2 ප්ලේයරයේ ඉහළ මුහුණත ස්පර්ශ සංවේදී වන අතර ගීත අතර මාරු වීම මෙන්ම, ශබ්දය පාලනය කිරීමද ඒ මගින් සිදුකල හැකියි. මේ අපූරු ගීත ධාවකයේ මිල ඩොලර් 35 කි...
  


මාසයකට සෑහෙන ජංගම බලාගාරය



එදිනෙදා ජීවිතයේදී අපට භාවිතා කරන්නට සිදුවෙන ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රමාණය අනුව බැලු විට දිනපතා සෑහෙන විදුලි බලයක් ඒවා සඳහා වැය වන බව පැහැදිලිවේ. විදුලිය නොමැතිව මේ කිසිදු උපාංගයකින් ප්‍රයොජනයක් නොමැත. බැටරි බැස ගිය කැමරාවකින් හෝ අවශ්‍යතාවයකට ඇමතුම් ගත නොහැකි ජංගම දුරකථනයකින් ඒ සම්බන්ධ අත්දැකිම් ඔබටත් තිබෙනු ඇති. වඩ වඩාත් අප මේ අපහසුතාවයට පත්වන්නේ චාරිකාවක යෙදෙන විටයි. අපේ  උපාංග ආරෝපණය කර ගැනීම සඳහා විදුලි බලය සපයා ගැනීම ප්‍රශ්ණයක් වන අවස්ථාවන්ට පිළියමක් වශයෙන් තමයි මේ iGeek උපාංගය පැමිණ තිබෙන්නේ.

ධාරිතාවය  9,900mAh වන iGeek ජංගම බල පද්ධතිය ඉතා කුඩාවට නිමවා ඇති නිසා ජංගම භාවිතයට කදිමයි. ඇම්පියර් 1 හා 2 ලෙස USB සොකට්ටු දෙකක් මෙහි අඩංගුයි. ඔබගේ අයි-ෆෝනය මගින් පැය 50 ක් වීඩියෝ නැරඹීමට මෙහි බලය ප්‍රමාණවත්. USB මගින් බලය ලබාගන්නා සාමාන්‍ය උපාංගයකට නම් මෙහි බලය මාසයකට පමණ ප්‍රමාණවත් වන බවයි පැවසෙන්නේ. මේ බල උල්පත ඔබේ කරගන්නට ඩොලර් 62 ක් වියදම් කරන්නට වෙනවා...





26 comments:

  1. මාර බඩු ටිකක් නෙ ! කොහෙන්ද බන් මේවා හොයා ගන්නෙ ?

    ස්තූතියි හොයලා දුන්නට.

    ReplyDelete
  2. මම එක වී ඇත. තෑගි තිබේද ?

    ReplyDelete
  3. හොඳ විස්තර ටිකක්.. ඇත්තටම පුදුමයි.. අර අන්තිමට තියන එක නම් හරිම වටිනව... දාදු කැටේ තමා ලස්සනම අයිටම් එක හැබැයි.. ;) ඊලඟට අර ස්පීකරේ.. හැබැයි තමන්ම හදාගන්නව තරමට අගයක් නැති එකයි ප්‍රශ්නෙ..

    ReplyDelete
  4. @ සෙන්නා :
    ජොබ් එකේ හැටියට ජංජාලේ මයි බං පදිංචිය ! ස්තුතියි ප්‍රතිචාරයට !
    අනේ තරහ වෙන්න එපා සහෝ... ඔය ‘මම එක‘ සෙල්ලමට මම නම් කැමති නෑ... ඒත් ඉතින් මේ මනුස්සයගේ හිත නරක් වෙන හින්දා, පළමු හා අවසන් වතාවට ඔන්න තෑග්ග.

    මෙතනින් ගිහින් ඉල්ලගන්න. මං කිව්වයි කියන්නකෝ !

    @ බට්ටා :
    බොහොම ස්තුතියි සහෝ අදහස් ටිකට. ජයවේවා !!!

    ReplyDelete
  5. ෂා මරැ බඩුටිකක්නේ අරගන ඇවිත් තියෙන්නේ,
    සල්ලි තමයි ප්‍රශ්නේ

    ReplyDelete
  6. watina lipiyak.digatama karagena yamu jaya wewa!

    ReplyDelete
  7. යූඑස්බී බුවල්ලයි , අර ලැප් ටොප් ස්පීකරයයි හැර අනික්වා ගැන දැන ගත්තේ අද

    //ඔය ‘මම එක‘ සෙල්ලමට මම නම් කැමති නෑ.//


    සිඟිති ආතල් නේ බන්

    ReplyDelete
  8. මරු බඩු ටික බන්...අර USB බූවල්ල නම් මාගවත් තියනවනෙ..ඔච්චර ගානක් නම් උනේ නැහැ :) ..හැබැයි ඉතින් චයිනීස් :P ..හෙහ්.. ඔය igeek ගැජට් එක නම් ඇත්තටම වටිනව බන්..අර ට්‍රිප් එක ගියපු දවසෙ තමයි ඔය වගේ එකක වටිනාකම හොඳටම දැනුනෙ..වටින ලිපියක් මචෝ..ස්තූතියි බෙදා ගත්තට...

    ReplyDelete
  9. @ අටම්පහුර :
    සල්ලි නම් ප්‍රශ්ණයක් තමයි අයියේ... ගන්න බැරි වුනත් දැනගෙන හරි ඉන්න එක හොඳයි නෙව... ස්තුතියි මේ පැත්තේ ඇවිත් යන්න ආවට !

    @ අවතාර් :
    බොහොම ස්තුතියි සහෝ ! ජයවේවා !!!

    @ බුවා :
    හුඟ කාලෙකින් බුවා... ස්තුතියි ඇවිත් ගියාට !
    සිඟිති ආතල් වුනත් ඒ තැන් වලදි දැම්මට කමක් නෑ බං !

    @ ධනූ :
    ස්තුතියි මචං ප්‍රතිචාරයට. ජයවේවා !!!

    ReplyDelete
  10. godak watinawa thaks macho

    www.techanditnews.blogspot.com

    ReplyDelete
  11. සහෝ, සිගිති ආතල් එකක් දැමීම ගැන සමාවෙන්න.. එච්චර නොහිතා විනෝදය උදෙසා කරන දේවල අහිතකර ප්‍රතිඵල..

    මින් පසු සිඟිති ආතල් නැත.

    ReplyDelete
  12. අර නෙට්වර්ක් කේබල් අයිටම් එක නම් සිරා.
    අපට සෑහෙන්ඩ ප්‍රයෝජනවත් එකක් !!!

    ReplyDelete
  13. denuwat kirimata istuti(priyantha)

    ReplyDelete
  14. එළ බඩු ටිකක් නේ...

    ReplyDelete
  15. @ tech and it news :
    ගොඩක් ස්තුතියි සහෝ ඇවිත් ගියාට !

    @ සෙන්නා :
    අයියා, ඔන්න අප්සැට් ගිහින් ! මම ඉතින් අයියට විතරක් කිව්වා නෙවේ ඕං ! මගේ පෝස්ට් එකකට හොඳද නරකද කියලා කිව්වාම ඇති නොවැ... මම පෝස්ට් බලන්න එන අයට තෑගි දෙන්නෙත් නෑ... කැමති කෙනෙක් ඇවිත් කැමති එකක් කියලා ගියාවේ... ඒත් ඔය වසංගතේ බෝවුනොත් නවත්තන්න අමාරුයි. ඒකයි පළවෙනි පාරෙන්ම කඩු පාරක් දුන්නේ. හිත රිදුනා නම් සමාව බෝයි !!! ජයවේවා !!!

    @ මධූ :
    ඔව් ඔව්, නෙට්වර්ක් කරන අයට නම් සෑහෙන්න වැදගත් වේවි... ස්තුතියි සහෝ ප්‍රතිචාරයට !

    @ නොදුටු :
    ස්තුතියි සහෝ ඇවිත් ගියාට !

    ReplyDelete
  16. IYE, WENATH MONAWATH GAJETS NEDDA.

    ReplyDelete
  17. නියමයි ආ.. ගොඩක් දේවල් මෙහේ නිතරම හොයා ගන්න තියෙන නිසා වටිනකම දන්නවා..

    ReplyDelete
  18. නෙට්වර්ක් කන්වර්ටර් එක ඇරෙන්න අනිත්වානම් ඔක්කොම දැකලතියෙනව, එ වුනාට මටහොයාගන්න හම්බවුනෙ නැති එකම තමයි නෙට්වර්ක් කන්වර්ටරෙක, මට වටිනම එක තමයි නෙට්වර්ක් කන්වර්ටරය.....ගොඩක් වටින ලිපියක්...

    ReplyDelete
  19. TnKzzz SaHo!!!!!!!!!

    ReplyDelete
  20. මොකෝ බන් නිහඩ වෙලා.. නැද්ද අලුත් මුකුත්....

    ReplyDelete
  21. ඔබගේ බ්ලොගයේ අලුත්ම මෙම්බර් වශයෙන් මගෙ ප්‍රොෆයිල් එකෙන් ජොයින්ට් වී සිටින පුද්ගලයා මා නොවන බවත්,ඔහු විසින් පල කරන කිසිම කොමෙන්ටුවකට මගේ සම්බන්ධයක් හෝ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න..ස්තූතියි.

    ReplyDelete
  22. මම නම් මචෝ, උබේ උත්සහය (අපි වගේ "ලිං ගෙම්බන්ව") දැනුවත් කර්නවට, මම අදයි උබේ මේ බොලොග්1ක දැක්කෙ... පට්ට. පුළුවන් කමක් තිබුනොත් මට මේ leatust news ෆෝවර්ඩ් කරපං... උබේ උත්සාහය අගේ කොට සලකනවා... මොකද මේ items අපි ගොඩාක් වෙලවට දන්නෙ නැහැ. දැක්කත් දකින්නෙ, එක්කො ඔය MC1ක පැත්තෙ හරි Unity1ක පැත්තෙ ගිය වෙලවක තමයි....

    ReplyDelete
  23. හැමෝටම වැදගත් විස්තර ටිකක්.ජය!
    (http://hardwaretest4u.blogspot.com)

    ReplyDelete
  24. shooook...
    ayie dongle wala signal (adu tharame tikak hari) CONSTANT tiyaganna puluwan gajematic ekak neddda?


    (Zeus)

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...