Showing posts with label විස්මිත දේවල්. Show all posts
Showing posts with label විස්මිත දේවල්. Show all posts

Tuesday, September 24, 2013

- ලෝකයේ හොඳම පුස්තකාල -

දැනුම බෙදා හැරීම සඳහා මිනිස් ලෝකයේ භාවිතා වන සාර්ථකම උපාය මාර්ගය ලෙසින් පුස්තකාල හැඳින්විය හැකියි. අන්තර්ජාලය පැමිණෙන්නට පෙර නොදන්නා කරුණක් සොයා ගන්නට ඔබටත් මටත් අනිවාර්යයයෙන්ම ලඟම පිහිටි පුස්තකාලය වෙත යන්නට සිදුව තිබිණි. දැනුම් ගබඩා ලෙස සැලකෙන පුස්තකාල විශේෂ වන්නේ ඒවායේ ඇති අතිවිශාල පොත් සම්භාරය නිසා පමණක් නොවේ. යම් පුස්තකාලයක ඇති පොත්වල දුර්ලභ හා පැරණි බවත්, පවතින පොත් වල ගුණාත්මක බවත්, පුස්තකාලයේ අනන්‍ය බවත් යන සාධක එක්ව ගත් කළ පුස්තකාලයක් යනු වෙනමම සංස්කෘතියක් ලෙසින් ද ගත හැකියි. ලෝකයේ ඇති විශිෂ්ඨතම පුස්තකාල අතරින් හොඳම පුස්තකාල 10ක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම් පොතට තවත් නැවුම් දැනුමක් එක් කරමිනි.

Thursday, January 31, 2013

- ලෝකේ වටේ විශේෂ තැන් වලට රවුමක් යමු -

      අපේ පෘථීවිය - මිනිස් වර්ගයාගේ නිවහන - වන මේ ලෝකය පුරා දකින්නට, අසන්නට ඇති අරුම පුදුම දේ අනන්තයි - අප්‍රමාණයි. අපි හැමෝටම වගේ ලෝකේ වටේ ඇවිදලා ඒ විස්මය අත් විඳින එක අමාරු කාර්යයක්. එහෙම පුළුවන් වුනා නම් අපේ ලෝකය කොච්චර පුදුමාකාරද ? අද්භූත ද ? විස්මයජනක ද ? කියලා බලාගන්න තිබ්බා. කොහොම වුනත් පෘථිවිය මත ඇති විශේෂම තැන් කීපයක් ගැන අද මං ඔයාලව එක් කරගෙන යනවා... හැබැයි ඇත්තටම නෙවෙයි. ඒ ගැන දැන ගන්න, බලන්නකෝ මේ රූප කථාව...

Tuesday, May 1, 2012

- පොළව යට පිහිටි ලෝකයේ ගැඹුරුම හෝටල් සංකීර්ණය -

The eerie hotel suite accommodates two and is situated 155 meters (509 ft) below the earth...ලෝකයේ නොයෙකුත් ස්ථානයන්හි පිහිටි නොයෙකුත් ආකාරයේ හෝටල් සංකීර්ණ ගැන ඔබ අසා ඇති. මුහුදු වෙරළ, කඳු වැටි, හුදකලා දූපත්, තට්ටු ගණන් උස මහල් ගොඩනැගිලි මෙන්ම මුහුද යට ද තැනූ විවිධාකාරයේ හෝටල් සංකීර්ණ තිබුණත් මේ කියන්නට යන්නේ පොලොව යට පිහිටි අපූර්ව හෝටලයක් ගැනයි. මේ හෝටලය තියෙන්නේ පොළොව මතුපිට නම් නෙවෙයි. විශේෂත්වය නම් මෙය ලෝකයේ ගැඹුරුම හෝටලය ලෙස වාර්තා වීමයි.

Tuesday, March 6, 2012

- අසාමාන්‍ය , අරුම පුදුම ගිනස් වාර්තා -


      වාර්තාවක් කියන්නේ සුවිශේෂී දෙයක්. ගිනස් පොත කියන්නේ ඒ වගේ වාර්තා සටහන් කරලා තියෙන ලේඛණයට. පහුගිය දවස්වල වාර්තා තියන්න ගිහිල්ලා ජීවිතේ නැති කරගත්තු සිද්ධියකුත් වාර්තා වුනා. වාර්තාවක් කියන්නේ මොනවා හරි ක්‍රියාවක උපරිමය සටහන් කිරීමනේ... ඉතින් ඔයගොල්ලන්ගෙත් ඒ වගේ පුද්ගලික වාර්තා එහෙම ඇති නේ. මේ කියන්නේ අන්තර්ජාලයෙන් ඇහිඳගත්තු අපූරු ගිනස් වාර්තා කීපයක් ගැනයි... බලන්නකෝ මේ අමුතු වාර්තා මොනවද කියලා...

Sunday, March 4, 2012

- කාන්තාර මැද පිහිටි ලොව දර්ශණීයම ක්ෂේම භූමි -


හෙනම් ඕං, ආයෙත් ලස්සන පින්තූර ටිකක් අරගෙන ආවා. මේ ටිකේම බරට ලිපියක් පළ කරන්න කරම් වෙලාවක් නෑ. ඉතින් රූප කථා ටිකක් තමා දෙන්න වුනේ. කොහොම වුනත් මේ විදියේ ලිපි වලට ඔයාලා කැමතියි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක් මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චර ලස්සනට පේනවද කියලා...

Monday, February 27, 2012

- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -


      අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින් කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...

Monday, December 26, 2011

- විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් -


වෙනිසියුලාවට ආවේනික මේ පාරදෘෂ්‍ය ගෙඹි විශේෂය ස්වභාවධර්මයේ විස්මිත නිර්මාණයක්. වීදුරු ගෙම්බා (Galss Frog) ලෙස හැඳින්වෙන මේ උභයජීවියා සෙන්ට්‍රොලිනීඩේ කුලයට අයත් වෙනවා. සාමාන්‍යයෙන් මේ වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැ වූවත්, සමහර ගෙම්බන්ගේ උදර චර්මය පාරදෘෂ්‍ය ආකාරයෙන් පිහිටනවා. මේ නිසා ගෙම්බාගේ ශරීරය තුල පිහිටි හෘදය, අක්මාව හා ආහාර මාර්ගය වැනි අවයව සම තුලින් පැහැදිලිව දර්ශණය කළ හැකියි.