ඔන්න එහෙනම් මේ ලිපි මාලාවේ තුන්වැනි සහ
අවසාන කොටස තමයි මේ... පහුගිය පළමු කොටස සහ දෙවන කොටසට ගොඩාරියක් ප්‍රතිචාර
තිබුණා. ඇත්තටම කියනවා නම් මේ අන්තිම ටික නම් පළ කරන්නේ ගොඩක් අමාරුවෙන්. ඒ වුනත්
ඉතින් ඔයාලා හැමෝම ගොඩක් උනන්දුවෙන් බලා ඉන්නවා කියලා දන්න නිසා අන්තිම කොටසත්
ඔන්න පුළුවන් තරම් ඉක්මනට දැම්මා... මේ දේවල් දැකලා, කියවලා මට ඇතිවුනු කුතුහලය හා
රසය ඔයාලටත් ලැබුනා නම් මගේ උත්සාහය සාර්ථකයි. මේ අන්තිම ටිකේ තමයි හොඳම දේවල්
තියෙන්නේ. එහෙනම්, ඔන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු... ලෝක අභිරහස්... අවසාන
කොටස...!
1. මේ සුවිශේෂී සුප්‍රසිද්ධ කලා නිර්මාණයක් ලෙස ලෝකයා
හඳුනාගත් එකක්. Filippo Lippi නම් චිත්‍ර
ශිල්පියාගේ (ඉතාලි ජාතිකයෙක් විය යුතුයි...) ප්‍රසිද්ධ චිත්‍රයක්. "La
Madonna e san Giovannino" නමින් හැඳින්වෙන
මේ චිත්‍රය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර Palazzo Vecchio
හි තැන්පත් කර ඇති අතර මෙය පහලොස්වන ශත වර්ෂයේදී පමණ නිර්මාණය කරන්නට ඇති බව
සැලකෙනවා. නිර්මාණයක් ලෙස මේ චිත්‍රය අතිවිශිෂ්ඨ වුවත් මෙය අපට වැදගත් වන්නේ මෙහි
ඇති කලාත්මක ස්වාභාවය නිසා නම් නෙවෙයි. ඔයාලට පේනවා ඇති පැත්තකින් විශාල කරලා
තියෙන වස්තුව. මුල් චිත්‍රයේ උඩ දකුණුපසට වන්නට පිහිටා ඇති මේ වස්තුව යම්කිසි
පියාසර වස්තුවක් බවයි මෙය අධ්‍යයනය කළ විද්වතුන් පවසා ඇත්තේ. ඒක තහවුරු වෙන්නේ මේ
පියාඹන වස්තුව දෙස අවධානයෙන් බලාසිටින ආකාරයට සිතුවම් කර ඇති මිනිසෙක් හා බල්ලෙක්
නිසා. මේ දෙදෙනා එම වස්තුව දෙස බලා සිටින්නේ එය අහස් තලය හරහා ගමන් කරන බැවින්.
ඇයි මේ වගේ සිද්ධියක් මේ චිත්‍රයේ පසුතලයට යොදන්න චිත්‍ර ශිල්පියාට ඇති වුවමනාව ? ප්‍රධාන
සිතුවමට පසුතලයෙන් දැක්වෙන කිසිවක් (පියාඹන වස්තුව, මිනිසා හා බල්ලා) මේ සිතුවමට
අදාල නැති බවක් හැඟී යයි. ඒ වගේම මේක යම් කිසි ශුද්ධ වූ වස්තුවක් සංකේතාත්මකව
දැක්වීමක්ද නොවේ යැයි විශ්ලේශකයන් තහවුරු කරලා තියෙනවා. එතකොට අපිට එන්න තියෙන
නිගමනය තමයි පිටසක්වල යානාවක් හෝ වෙනත් එවැනි හඳුනානොගත් ආගන්තුක පියාඹන යානාවක්
තම චිත්‍රය තුල දක්වන්න මෙහි කතුවරයාට වුවමනා වුනා කියන එක. පහලොස්වන සියවසේදී
පෘථිවියට පැමිණි පිටසක්වල යානාවක් මේ ආකාරයෙන් නිරූපනය කලාද දන්නේ නෑ. මේ අමුතු
වස්තුව ගැන බොහෝ දෙනෙක්ගේ පැහැදිලි කිරීම ඒක තමයි. මොකද ඒ කාලේ මිනිස් මොලයෙන්
හදපු පියාසර වස්තු තිබුණේ නැති නිසා...!
-----------------------------------------------------------------------
2. මේ තියෙන්නේ ලෝකේ පරණම යන්ත්‍රය.
සමහරු කියන්නේ ලෝකයේ පැරණිම පරිගණන යන්ත්‍රය කියලා. මේක හඳුන්වන්නේ ඇන්ටිකිතෙරා
යන්ත්‍රය (Antikythera mechanism) නමින්. වම්
පස ඇති රූපයෙන් දැක්වෙන්නේ මේ යාන්‍ත්‍රනයේ ඉතිරිව ඇති ශේෂයයි. මේ වස්තුව 1990 දී
ග්‍රීසියේ ක්‍රීට් දිවයින ආසන්නයේ ඇති ඇන්ටිකිතෙරා වෙරළ තීරයෙන් සොයා ගැනුනා. මේක
අයිති වෙන්නේ ක්‍රි.පූ. පළමු සියවසට...! පුදුමයට කාරණයක් වෙන්නේ මේ මුළු වස්තුවම
අරුම පුදුම ගියර් පද්ධතියකින් සමන්විත වීමයි. මේ ගියර් පද්ධතිය කොතරම් සංකීර්ණද
කිව්වොත් නූතන විද්‍යාඥයින්ටත් මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න අසීරු වුනා. පස්සේ
පැහැදිලි වුනා මේක එක්තරා විදියක නක්ෂත්රමය ගණක යන්ත්‍රයක් කියලා. වර්තමානය වෙන කොට මේ
ඇන්ටිකිතෙරා යන්ත්‍රය පැහැදිලි ලෙස ආදර්ශණය කරන්නට හැකියාව ලැබී තියෙනවා. එයින් පැහැදිලි
වෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ හිරු, සඳු, පෘථිවිය ඇතුළු ග්‍රහලෝක වල ගමන හා පිහිටීම
ආදර්ශණය කිරීම සඳහා මේ යන්ත්‍රය උපයෝගී කරගත හැකි බවයි. ඒ කියන්නේ මීට
අවුරුදු දෙදහසකට එහා හිටපු මිනිස්සු අතරත් අපි හිතනවට වඩා හොඳ මොළකාරයෝ ඉඳලා
තියෙනවා...!
http://www.math.utsa.edu/ecz/ak.html
http://ccat.sas.upenn.edu/rrice/usna_pap.html
http://www.grand-illusions.com/antikyth.htm
http://ccat.sas.upenn.edu/rrice/usna_pap.html
http://www.grand-illusions.com/antikyth.htm
-----------------------------------------------------------------------
3. ඔයා දන්න උසම මිනිහා කොච්චර උසද ? අඩි 6 ක්... 7 ක්... ?
ඊට වැඩි වෙන්නෑ නේද... මම කිව්වොත් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අඩි 12 ක මිනිහෙක්
කියලා...! හිතාගන්න පුළුවන්ද ! ෆොසිලකරණය වුණු මේ යෝධයා සොයාගෙන තියෙන්නේ Dyer
නම් තැනැත්තා විසින් 1895 වර්ෂයේ අයර්ලන්තයේ ඇන්ට්‍රිම්
ප්‍රාන්තයේ සිදුකල කැනීම් කටයුතු වලදීයි. දකුණු පස ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයේ
සුප්‍රසිද්ධ ස්ට්‍රෑන්ඩ් සඟරාවේ (Strand - ෂර්ලොක්
හොම්ස් කියෙව්වා නම් අනිවාර්යයෙන්ම මේ නම අහලා තියෙන්න ඕනෙ...) පළවූ ඒ යෝධයාගේ
රූපයක්. මෙයින් පෙන්වා තිබෙන්නේ දිව්‍යමය රථය ලෙස හැඳින්වෙන වැගනය සමඟ මේ යෝදයා
සංසන්දනය කිරීමක්. මේ ෆොසිල යෝදයාගේ මිනුම් ගැන කිව්වොත් : සම්පූර්ණ උස - අඩි 12යි
අඟල් දෙකයි (3.70 m), පපුවේ වටප්‍රමාණය - අඩි හයහමාරයි (1.97
m), අත්වල දිග - අඩි හතරහමාරයි (1.37 m), බර ටොන්
දෙකකට ටිකක් වැඩියි. හරියටම කිව්වොත් කිලෝග්‍රෑම් 2050 යි. ඒවගේම මෙයාගේ එක් කකුළක ඇඟිලි හයක් තිබිලා
තියෙනවා. මෙයා කවුද ? කොයි කාලේ කෙනෙක්ද ? මොකද වුනේ කියලා තාමත් හරි නිගමනයක් නෑ.
අඩි 12 ක මිනිස්සු දැනුත් හිටියොත්... නියමයි නේද !!!


-----------------------------------------------------------------------
4. ලෙබනනයේ බාබෙක් වේදිකාව ගැන දන්නවාද ? මේක හරිම
විස්මයජනක අති පෞරාණික නිර්මාණයක්. මෙහි පාදමේ වර්ගඵලය ආසන්න වශයෙන් වර්ග අඩි
මිලියන පහක්...! මේ හෙල්මළුවේ ඇති සුවිශාල ගල් කුට්ටි තුනක් අනෙක් ඒවාට වඩා
විශාලත්වයෙන් හා හැඩයෙක් කැපී පෙනෙනවා. මේවා අඩි හැටකටත් වඩා දිගයි. ඒ වගේම පළල
අඩි 12 හා 14 ක්. රූපය මැද්දේ රවුමකින් සලකුණු කර ඇත්තේ මිනිසුන් දෙදෙනෙක්. ඒකෙන්
හිතාගන්න පුලුවන් නේද බාබෙක් වේදිකාවේ විශාලත්වය. මේක රෝම යුගයටත් වඩා පැරණියි...!
ලෝකයේ පළමු ශිෂ්ඨාචාරය බිහිකළ සුමේරියානුවන් පවා බාබෙක් වේදිකාව හඳුන්වා ඇත්තේ
අති පැරණි දෙයක් ලෙසයි. ඒ අනුව පැහැදිලි ලෙසම මේක අවුරුදු 4000 – 6000 කටත් වඩා
පැරණියි. නමුත් අවාසනාවට කවුරුවත් මේ ගැන විධිමත් පර්යේෂණයක් සිදුකරන්නට උනන්දු
වෙන පාටක් නෑ...! (මට හිතෙන්නේ අර කලින් කියපු යෝදයෝ මේක හදලා පාවිච්චි
කරන්නැති...)
-----------------------------------------------------------------------
5. කොලොම්බියාවේ බොගෝටා ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මේ
ෆොසිලගත මිනිස් අත තවත් අභිරහසක්. පාෂාණයක් මත පැහැදිලිව සඳහන්ව ඇති මේ ෆොසිලයෙන්
මිනිස් අතක පහල කොටස හොඳින් හඳුනාගත හැකියි. මේ ෆොසිලය කොච්චර පරණයි කියලද
හිතන්නේ. ලක්ෂයක්... දෙකක්, නෑ... මිලියනයක්... කොච්චරද දන්නවද ? මේ ෆොසිලය
අවුරුදු මිලියන 100 කට වඩා පරණයි...!!! අවුරුදු මිලියන සීයක් !
-----------------------------------------------------------------------
6. ඒලියන්ලා ගැන උනන්දු නම් වගා වෘත්ත (Crop Circles) ගැනත් අහලා
ඇතිනේ... නේද ? මේ තියෙන්නේ ඒ වගේ ලෝක ප්‍රසිද්ධ වගා වෘත්තයක්. වගා වෘත්ත කියන්නේ
ගොවි බිම් වල, වගාවන් මත රටාවකට බෝග කැපීමෙන් හෝ තැලීමෙන්, පෑගීමෙන් යම් කිසි
හැඩයක් පෙන්වන ලෙස සිදුකර ඇති නිර්මාණයක්. මේවා හොඳින් දැක ගන්න නම් ගොවිබිම උඩින්
බලන්න ඕනේ. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 2002 අගෝස්තු 15 වැනිදා හැම්ප්ශයර් හි
වින්චෙස්ටර් ආසන්නයේ පිහිටි ක්‍රැබ්වුඩ් නම් ගොවිපලේ වගාවන් මත ඇඳ තිබූ වගා
වෘත්තයක්. මීටර් 100 ක් පමණ දිගැති මේ රූපයෙන් පිටසක්වලයෙකුගේ මුහුණක් හා තැටියක්
වැනි හැඩ ඇති වස්තුවක් මත ලියැවුනු පණිවුඩයක් දැක්වෙනවා. මේවා අවධානය ලබාගැනීම
පිණිස මිනිසුන් විසින්ම සිදු කරන නිර්මාණ යැයි සමහරුන් පවසන අතර එවැනි වගා වෘත්තද
හඳුනාගත හැකියි. එසේ වුවත් අති නිවරද්‍යතාවයෙන් යුතුව මෙන්ම පරිපූර්ණ ජ්‍යාමිතික
මිනුම් සහිතව එක් රැයක් තුල මෙවැනි නිර්මාණයක් කිරීමට මිනිසාට හැකියාවක් නෑ...! පිටසක්වල
ජීවයක් ඇති බවට කරුණු දක්වන්නන් ඒ සඳහා වගා වෘත්තත් සාක්ෂියක් කර ගන්නවා...
-----------------------------------------------------------------------
7. අං ආපු මිනිස්සු... අපි අද කාලේ අං ඇවිල්ලා කියන්නේ
උඩඟු, ආඩම්බරකාර මිනිස්සුන්ට වුනත් ඉස්සර කාලේ ඇත්තටම ඇත්ත අං ආපු මිනිස්සුත් ඉඳලා
තියෙනවා. මේ හිස් කබලෙන් දැක්වෙන්නේ එහෙම එකක් තමයි. හිස් කබලේ නළලේ, ඇහිබැමට අඟල්
දෙකක් විතර උඩින් තියෙන්නේ ඇත්තම අස්ථි නෙරුම්. මේ හිස්කබල අයත් මිනිසා (ඒ
මිනිහෙක් නම්...!) අඩි 7 ක් පමණ උසැති යෝදයෙක් මෙන් හොඳින් වැඩුණු ශක්තිමක්
සිරුරක් සහිත අයෙක් බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. මේ හිස්කබල සොයාගෙන ඇත්තේ
1880 දී පෙනිසිල්වේනියාවෙන්. ඒ පැරණි සොහොනක තිබී... මේ හිස්කබල අයත් තැනැත්තා ක්‍රි.ව.
1200 ට ආසන්න කාලයකදී භූමදාන කරන්නට ඇතැයි සැලකෙනවා. මේ මිනිස් හිස්කබලක් නොවන
බවත් මිනිස් හා පිටසක්වල ජීවයක දෙමුහුමක් විය හැකි බවත් මේ ගැන මත පල කරන සමහරුන්
ප්‍රකාශ කර සිටී...
-----------------------------------------------------------------------
8. පුදුමාකාර කාන්දම් ගලක් ගැනයි මේ කියන්න යන්නේ. මේක
තියෙන්නේ ඉන්කාවරුන්ගේ දේශය වන පේරු රටේ. මේ පාෂාණය මත දකුණුපස ඇති රූපයේ පරිදි
සර්පිලාකාර කැටයමක් කොටා තිබෙනවා. ඒ මේ ගල හඳුනාගැනීමට විය හැකියි. මේ පාෂාණය උඩ
මාලිමාවක් රවුමට කරකවන විට මාලිමාවේ කටුව වටේටම භ්‍රමණය වෙනවා. මේ පාෂාණයේ
අන්තර්ගතව ඇති ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් නිසා එසේ මාලිමා කටුව භ්‍රමණය වන බවයි
පැවසෙන්නේ. පුදුමේ තියෙන්නේ මේ කාන්දම් ගලේ නෙවෙයි. ඒක උඩ කැටයම් කරපු ඉන්කා වරු
කොහොමද මේ ගල කාන්දමක් කියලා දැනගත්තේ...! එහෙම නම් ඒ කාලෙත් චුම්භක ගැන දැනන්
ඉඳලා තියෙනවා...
-----------------------------------------------------------------------
9. ඩයිනෝසරයින් ලෝකයෙන් තුරන් වෙලා ගියත් නොයෙකුත් ආකාරයෙන්
අදටත් එක් එක් තැන් වල ඩයිනෝසරයන්ගේ රුව දක්නට ලැබෙනවා. ඔයාලටත් ඩයිනෝසර්ලා ගැන
පොඩි අවබෝධයක් තියේ නම් T-රෙක්ස්,
ස්ටෙගසොර් ආදී ඩයිනෝ විශේෂ ගැන මතක ඇති... වර්තමාන සමාජය ඩයිනෝසරයන් ගැන දැනගත්තේ
ෆොසිල සාක්ෂි මගින්... ඒ සඳහා නූතන විද්‍යාවත් බොහෝ දුරට ඉවහල් වුනා. ඩයිනෝසරයන්
මිහිමතින් තුරන් වී යෑමට හේතු පවා අනුමාන වශයෙන් සොයා ගන්නට අපට හැකිවුනා. අද
කාලයේ ඩයිනෝසරයන් ගැන හැමදෙනෙක්ම දන්නා කාරණයක් වුනත් මිට අවුරුදු 1000 කට ඉහතදී
ඩයිනෝසරයන් ගැන දැනගෙන ඉන්න පූළුවන් ද ? පහත රූපයේ දැක්වෙන්නේ ස්ටෙගසෝරයෙකුගේ
කැටයමක්. කාම්බෝජයේ ඇන්කූර් හි විහාරයක ඇති කැටයමක් තමයි මේ. මේක ක්‍රි.ව. 1186
දී කරවූවත් බව සඳහන්. එහෙම නම් ඒ කාලෙත් ඩයිනෝලා ගැන දැනගෙන ඉඳලා තියෙන්න ඕනේ...
-----------------------------------------------------------------------
10. එහෙනම්... අවසාන වශයෙන් දෙන්න යන්නේ හොඳම... රසවත්ම...
ලස්සනම අභිරහසක්...! පිරමීඩ හා පිටසක්වලයින් අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියන
එක හැමෝම පිළිගන්න පොදු මතයක්. මේ ඒක සනාථ කෙරෙන තවත් සාක්ෂියක්. මේක දීලා ගිහින්
තියෙන්නෙත් ඒලියන්ලා මයි. වම් පැත්තේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තු මහා පිරමීඩයේ
ඇතුළුවීමේ දොරටුව උඩ කොටා ඇති හඳුනා නොගත් සංකේතාක්ෂර හතරක්. මේවා ග්‍රීක හෝඩියට
තරමක සමානකමක් දක්වනවා. ඒවගේම දකුණුපස රූපයෙන් පෙනෙන්නේ ඇමරිකාවේ රොස්වෙල් හි
සිදුවූ කුප්‍රකට පිටසක්වල යානා අනතුරේ සුන්බුන් අතරින් එකක ඡායාරූපයක්. එහි
දැක්වෙන අමුතු රූපාක්ෂරයන් පිරමීඩයේ තිබූ රූපාක්ෂරවලට බොහෝ සමානයි නේද ? ඒකෙන් අපි
තේරුම් ගන්න ඕනෙ පිරමීඩ හදන්න ඒලියන්ලා සහභාගි වුනු බවද ? නැත්නම් රොස්වෙල් වලට
ඇත්තටම පිටසක්වල යානාවක් කඩාගෙන වැටුනා කියන එකද... ?
ඔන්න එහෙනම්
දෙයියනේ කියලා මගේ වැඩ නම් ඉවරයි... දැන් ඉතින් ඔයාලට පුළුවන් නම් ඔය 10 වැනි ප්‍රශ්නෙට
උත්තර හොයාගන්නකෝ. සතියක් පුරාම මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් අවකාශේ දැවැන්ත
අභිරහසක් වෙලා තිබුණා. ගොඩාක් දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණා යම් යම් අභිරහස් ගැන
විස්තර සහිතව දීර්ඝ ලිපි පෙළක් කරන්න කියලා. ඒ ගැනත් හිතේ තියාගෙන ඉන්නේ. මේ ලිපි
පෙලට නම් මට ගොඩාක් මහන්සි වෙන්න බැරිවුනා. මේ ගැන ගොඩාක් ලින්ක්, වීඩියෝ හොයාගන්න
තියෙනවා. මට වෙලාව නැති නිසා ඒවා දෙන්න බැරිවුනා... ඒ ගැන සමාවෙන්න. කොහොම වුනත්
ඔයාලා නොදැන හිටපු එක දෙයක් හරි දැනගන්න ඇති කියලා මම හිතනවා. පහුගිය ලිපි දෙකටම
ගොඩාක් දෙනෙක් ඉහළ ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ පෝස්ට් දෙකටම 750 කට එහා ගිය හිට්ස්
ඇවිත් තිබුණා. මහන්සියේ හැටියට ප්‍රතිඵල ලැබුනාය කියලා ඒ ගැන නම් ඇත්තටම සතුටුයි. මම
ලියන ඒවා කියවන්න එන, ප්‍රතිචාරයක් තියලා දිරිමත් කරන ඔයාලා හැමෝටම ගොඩක් පිං...!
ඔයාලා මේ වගේ
අභිරහස් ගැන කියවන්න කැමති නම්, ඒ මොනවගේ ඒවා ගැනද කියලා පොඩි සඳහනක් කරලා යනවා
නම් හොඳයි. ඊලඟ ලිපිය සඳහා අදහසක් ගන්න ඒක ප්‍රයෝජනවත් වේවි. හැබැයි යාළුවනේ... මට
පොඩි විවේකයක් ඕනේ. අඩුම තරමින් මාසයකට එකක් හරි මේ වගේ මාතෘකාවක් ගැන ලිපියක් පළ
කරන්න උත්සාහ කරන්නම්. මොකද මගේ බ්ලොග් එකේ එක විදියෙම ඒවා ගියාම කියවන අයටත් එපා
වෙනවනේ. සීනි වුනත් වැඩිපුර කනකොට තිත්ත වෙනවාලුනේ...
ඉතින්... ලෝක
අභිරහස් ලිපි පෙල මෙතනින් අවසානයි.
කියෝපු ඔබ සැමට ස්තුතියි... ජයවේවා !!!
ප/ලි : මගේ බ්ලොග් පරිවාස කාලය ජුලි
24 වෙනිදායින් ඉවරයි. දැන් මටත් බ්ලොග් රචකයෙක් විදියට මාස හයක අත්දැකීම් තියෙනවා.
ඒක නිසා මම බ්ලොග් අවකාශේ ස්ථිර වෙලා ඉවරයි. ඉතින් පත්වීම භාර අරන් දිගටම මෙතනට
වැඩ කරන්න තමයි බලාපොරොත්තුව...!!! අළුත් අළුත් වැඩ ටිකක් එක්ක ඉස්සරහට අපි
හමුවෙමු... බ්ලොග් එක ලෝඩ් වෙන්න පරක්කු නොවුනත් වැඩිදෙනාගේ හිතසුව පිණිස විජට්
දෙකතුනක් අයින් කලා. ලබන මාසේ වෙද්දී ටිකක් අළුත් පෙනුමකින් (පරණ තාලෙටම තමයි...)
මොඩ් වෙන්නත් හිතේ තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක පෝස්ට් එකකින්ම හම්බවෙන්නම්...
එහෙනම්... යනවා හොඳේ...!!!
මේ තොරතුරු ගැනනම් දැනගෙන හිටියෙම නෑ... මේව ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන් වුණාට ඒක අමතක කරල පුදුම වෙන්න පුළුවන් හොඳට. නියම සටහන් පෙලක්... මම මුල්ම කමෙන්ට් එකේ කිව්ව වගේ මේ වගේ එකක් ලියන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනව. දිගටම මේ වගේ ඒවම ලියන්න ගත්තොත් ඔයාටත් මහන්සියි. අපිත් ඒකාකාරිත්වයෙන් වෙහෙස වෙයි. ඒ නිසා ටිකක් කල් අරන් ආයෙත් ලියමු! :D
ReplyDeleteඇත්තටම මෙහෙම පෝස්ට් එකක් දාන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන... ඉතිං ඒ මහන්සියත් විඳගෙන ලියාපු ලිපි 3ටම ස්තූතියි මලය...
ReplyDelete@ hare :
ReplyDeleteබොහොම ස්තුතියි හරේෂ් මේ ලිපි පෙල පුරාම අදහස් දක්වලා දීපූ සහයෝගයට. ඇත්තටම බ්ලොග් රචකයෙක්ට වුවමනා වෙන්නේ විවේචනාත්මක අදහස්. එතකොට තමයි තමන්ගේ අඩුපාඩු හදාගන්න පුළුවන්. කම්මැලි නැතිව වචන 20 ක් 30 ක් කොටලා අදහස් දෙන එකට ගොඩක්ම ස්තුතියි... මහන්සි ඇරගෙන තව සති දෙක තුනකින් මෙව්වා එකක් ලියන්න බලන්නම්කෝ... ජයවේවා !!!
@ සාතන් : ලිපි තුනම බලලා, අදහස් දක්වලා කමෙන්ට් කලාට ඔය සහෝටත් ගොඩක්ම ස්තුතියි. ආයෙත් මේ වගේ ලිපියකින් හමුවෙමු එනම්...
ela maru math asai
ReplyDeleteඅපි අවට ඉන්න ලෝකෙයේත් අපි නොදන්නා දේවල් කොච්චරක් කියලා තියෙනවද..බලන් යනකොටම මේ මුළු විශ්වයම අභිරහසක්..ස්තුතියි අපිව දැනුවත් කරාට :)
ReplyDeleteකොහොම උනත් කියන්න තියෙන්නෙ විශ්වය තුල මිනිසා තනිවී නොමැති බවයි .... නාසා ආයතනය දියත් කල පලමු සද ගමනේ දී නීල් ආම්ස්ට්‍රොන්ග් ඒ බව තහවුරු කොට තිබෙනවා ,
ReplyDeleteඑමෙන්ම පෘතුවි ඉතිහාසය මිනිසාගේ පරිනාමය අස්ම්පුර්ණයි ඒය සකස් වී අත්තේ මෑත අතීතයේ හමුවූ සාධක මගින් පමනයි .
කොහොම උනත් අති දුර්ලභ මෙවැනි තොරතුරු අප සමග බෙදා ගැනීම පිලිබද ඔබට ස්තුතියි.
ඇත්තටම මේ හුඟක් කරුණු මාත් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි. ඉස්සරහටත් මේ වගේ වටින දේවල් ටිකක් දාන්න.
ReplyDeleteකාට හරි කියන්න පුලුවන් “අයියෝ මේවා ඉන්ටර්නෙට්එකේ ඕන තරම් තියෙනවා කියලා“. ඒත් ඒ දේවල් එකට එකතු කරලා සිංහලට හරවලා කියවන්න ආසා හිතෙන විධියට පළ කරනවා කියෙන්නෙ ඉතා වීශාල කාර්යයක්. ඒකට වෙලාව වගේම මුදලුත් (ඉන්ටර්නෙට් බිල්) යනවා. අපි වෙනුවෙන් මේ වගේ දේවල් කරපු එක ගැන හරිම සතුටියි.
ReplyDeleteමේ ලිපි පෙල මම ආසාවෙන් කියෙව්වා. ඒ විතරක් නෙමේ මේකෙ කමෙන්ට්ස් වලින් තව වීඩියෝත් සොයා ගත්තා. බොහොම හොඳ ලිපි පෙලක්. ස්තිතියි මේ දේ කළාට.
ඒ වගේම මේකත් හොඳ උදාහරණයක් හොඳ දෙයක් කලොත් ඉහළ ප්‍රතිචාර තියෙනවා කියන එකට. සුභ පැතුම්.
ඇත්තටම මම අගේ කරන විදිහේ බ්ලොග් රචකයෙක් තමයි ඔබ තුමා. ගොඩක් වෙලාවට වෙබ් එකේ තියෙන දේවල් මූලාශ්‍රය විදිහට අරගෙන ඔබ ලියන ලිපි ගොඩක් රසවත්. මේ හැම දෙයක්ම වෙබ් එකේ තිබුණත් ඒ දේවල් එකය එකතු කරලා සිංහලට පරිවර්ථනය කරලා ඔබ කරන්නේ ලොකු සේවයක්.
ReplyDeleteමේ ලිපියේ අඩංගු කරුණු ගැන කියනවනම් මම හිතන්නේ මේ ගොඩක් දේවල් ඇත්ත නෙවෙයි. ඒ ඒ රටවල් යම් කාලයකදි තමන්ගේ මොකක් හෝ දෙයක් නිසා කරපු බොරුවක්. එහෙම හිතන්න ලොකුම හේතුව තමයි මේ දේවල් මෙහෙම තිබුණට කිසිම කෙනෙක් ඒ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පෙළඹිලා නැහැ. ඇත්තටම හිතන්න මේ වගේ ඇදහිය නොහැකි විශ්මයජනක දේවල් සත්‍ය වශයෙන්ම තිබුනනම් විද්‍යාඥයෝ මේ විදිහට මේව අතහැරල දාලා තියෙයිද.
අනිත් හොඳම උදාහරණය තමයි පියාඹන පීරිසි හෙවත් UFO සහ ඇමරිකාව ගැන තියෙන සම්භන්ධය. ඇත්තටම සීතල යුද්ධය හෙවත් COLD War එක කාළේ ඇමරිකාව කරපු යම් යම් පර්යේෂණ ඒ කාලෙ තාක්ෂණයෙන් ඔබ්බට ගියා. ඉතින් ඒ අයට අවශ්‍ය වුනා ඒවා මිනිස්සුන්ගෙන් හංගන්න. කතාවක් හැදුවා UFO ගැන. මිනිස්සුත් කොහොමත් සවභාවයෙන්ම අද්භුත දේවලට කැමති නිසා ඒ කතා විශ්වාස කරන්නත් වැඩි කරල කියන්නත් පුරුදු වුනා. ඇමරිකාවටත් තමන්ගේ ප්‍රධාන අරමුණ ඉෂ්ට වුන නිසා මේක වාසියට හිටියා. ඒ වෙනුවෙන් ඇමරිකානු රජයන් නීල් ආම්ස්ට්‍රෝන් පවා පාව්ච්චි කරපු බවයි මම නම් හිතන්නේ. මේ අතිවිශාල විශ්වයේ පිටසක්වල ජීවීන් ඉන්න පුළුවන් බව මමත් විශ්වාස කරනවා නමුත් අපේ ලොකයේ තියෙන UFO ගැන කතා. විශේෂයෙන් අර රොස්වෙල් වගේ කතා නම් තිනකරම ඇමරිකාවේ අසාර්ථක හෝ අති සාර්ථක නමුත් සාමාන්‍ය ජනයාගෙන් හංගන්න ඕන පර්යේෂන යට ගහන්න කළ දෙයක්.
ඔයගේ ලිපියේ තියෙන අද්භුත කියන ගොඩක් දෙවලුත් මේ ගනයට තමයි වැටෙන්නේ.
නමුත් අගය කරන ලිපියක්!
පෝස්ට් එක නම් නියමයි. ඒත් අඩි 12 යෝධයෝ දැනුත් හිටියොත් ලෝකෙ අයු කාලය කොච්චර කොට වෙයිද?
ReplyDeleteකෑමට, ඇදුම් පැලදුම්, ඇයි ගෙයක් හදන්න වුනොත් දැන් හදනව වගේ 2ක් ලොකුවට හදන්නත් එපැයි.... නැති එකමයි හොඳ!!! :D
mama blog kiyawanna aran 6 months withara..me kaleta mama kiyawapu hodama blog eka thama meka..igena ganna dewal godak thiyena articals thiyenawa..digatama me wage articals danna..Good luck Soyura....!!
ReplyDeleteWade niyamai yaluwa, mewa gana lawata dana gena hitiyath, adai scene tika hariyata dana gatte, niyama article tika. Good lak saho
ReplyDeleteඈත්තටම හුගක් වටින ලිපියක්.මම මේ ලිපි 3ම කියෙව්වා.තවත් මේ වගේ වටින ලිප දාන්න .අනිවා අපි කියවනවා.ඔබට මම සුබපතනවා සහෝ.
ReplyDeleteපෝස්ට් එක ගැනනම් කියන්න තියෙන්නේ ගොඩක් ස්තූතියි.ගොඩක් ආසාවෙන් කියෙව්වා.පුද්ගලිකව මමත් මේ ගැන උනන්දු කෙනක්.විශේශයෙන් යූ.ෆ්.ඕ. ගැන.හැබැයි මේ ඔක්කොම ගැන නම් විශ්වාස කරන්න අමාරුයි. අර යෝද මිනිසා නම්
ReplyDeleteමට හිතෙන්නේ බොරුවක්.මම ක්ලාර්ක් මහතාගේ කියවපු පොතකට අනුව මේ මිනිස් ශරීරය හැඩගැසිලා තියෙන්නේ අඩි 6 ක් විතර ප්‍රමානයේදී හොදින් වැඩ කරන්න.අපිට උනත් පේනවනේ ලොකේ උසම මිනිසා උස නිසා විදින දුක....ඉතින් අඩි 12 ගැන කවර කතාද? තව මේ වගේ පෝස්ට් දාන්න...:-)
ane masayak viweka ganna epa ekmanata anith ewa danna sthuthi sahodharaya.
ReplyDeleteගොඩක් වටින තොරතුරු ටිකක්. කලින් පෝස්ට් එකකුත් මිස් වෙලා තියෙනවා. ඒකත් කියවන්න ඕනා.
ReplyDeleteලෝකයේ අපි නොදන්න තරම් ඈත කාලෙක පිටසක්වලත් සමග අපේ ලෝකයේ ගණුදෙනුවක් තිබුණා කියලා අපිට එක පාරක් උගන්නපු මහාචාර්ය කෙනෙක් කිව්වා. එයා කියපු විදිහට රාම රාවණා කාලෙත් ඒක තිබිලා තියෙනවා. හනුමන්තා වගේ විශාල වඳුරන් පිටසක්වල ජීවීන් කියලයි ඔහු කියන්නෙ. ඒ වගේම දඬුමොණරය වගේ ඒවා සාදන්න පිටසක්වල තාක්ෂණය උපකාරී වෙන්න ඇතිලු. ඒ විතරක් නෙමෙයි රාම රාවණා යුද්ධය වෙලාවෙ ඇටි වුණු පිපිරුම රාමායණයේ තියෙන විදිහට පරමාණු බෝම්බෙක පිපිරුමට සමානයිලු. හත්තක් පිපෙන්නා සේ පිපුරුම සමාන කරලා තියෙනවා. හැතැම්ම ගානක් ඈතින් තිබුණු උළු පවා දිය වුණා කියලා කියලා තියෙනවා. මේවගෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඒත් අපිට හිතන්න දෙයක් ඉතුරු කරල තියෙනවා කියල නම් හිතෙනවා.
ReplyDeleteඔය පිටසක්වල සම්බන්ධ නොවන අනික් ඔක්කොම සීන් ටික අදමයි ඇහුවේ .යක්ෂයා නිරූපණය කරන්න අං දෙකක් සහිත මිනිසුන් බටහිර කලා නිර්මාණ වල භාවිතා වෙනවා .මේ තියන හිස් කබල දැක්කාම මට හිතෙන්නේ දෙවියන් යනු පිටසක්වල ජිවීන්ය කියන මතයට යකුන් කියල හඳුන්වන පිරිසත් එකතු කරන්න පුලුවන් නේද කියල
ReplyDeleteප.ලි- මේ යක්ෂ කථාව ලංකාවේ (පෙරදිග එක නෙවෙයි , බටහිර තියන එක කියල නැවතත් අව්ධාරනය කරන්න ඕනි )
නියම ලිපි මාලාව , උඹ ලියපු හොඳම ලිපි මාලාව මට නම්
මේ වගේ දේවල් ගෙන යම් පැහැදිලි කිරීමක් Ancient Aliens TV series එකෙන් ගන්න පුලුවන්
ReplyDeleteබොහෝම ස්තුතියි. වැදගත් ලිපි මාලාවක්.
ReplyDeleteසහෝ නියමයි... උඹට ජයෙන් ජය....
ReplyDeleteඇත්තටම රසවත් ස්තූතියි...
ReplyDeleteස්තූතියි චතුවෝ බොහොම වැදගත් ලිපි මාලාවක් දුන්නට ..
ReplyDeleteනියමයි මචන්
ReplyDeleteඑල...!!!!
ReplyDeleteela machann ela
ReplyDeleteehma keyaunee hetee satuta wadi kamata
neyamaii lokka neyamaiiiiiiiii
ubata mama suba patanawa degatama mee wagee dee liyanna labenna keyala
mama nodanna deyakk dana gatta bhoma stutiiiiiiiiiiii
jaya wewaaaaaaaaaaaaaaa..........!
ඇත්තටම හිතා ගන්නවත් බැහැ, අච්චර ලොකු ගල් තියලා පිරමීඩ හැදුවනම්, පිටසක්වල ජීවීන් එක්කත් සම්බන්දකම් තිබිලා තියෙන්න බැරි නැහැ .....
ReplyDeleteඑල .........
sha kiyala wadak na.....metika kiyawanakota mata tharamaka bayath hithuna..kohoma unath niyama lipiya...mama mewa danagena hitie na.....bohoma thanks....mama podi illeemak karanawa.....thawath me wage secret deval danna kiyala....ekath salakala balanna......obata jaya..
ReplyDeleteමේ ලිපි ටික නම් ගොඩක්ම හොදයි.... මම දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා......
ReplyDeleteඅමාරුවෙන් හරි මේ වගේ ලිපි පල කලාට ගොඩක් ස්තුතියි......
කල් වෙලා අරන් තවත් මේ වගේ ලිපි පොස්ට් කරන්න.....
මේවයේ තියෙන සමහරක් දේවල් නම් බොරු කියල මටත් හිතෙනවා.....කොහොමත් අපි හැමෝම වගේ අබි රහස් දේ වලට කැමතිනේ..ඉතින් මිනිස්සු සමහර මිත්‍යා මත යොදා ගන්නවනේ මේ වගේ දේවල් නිර්වචනයට........හිතල ,ගවේෂණය කරලා ,තර්කකරලා යම් අවබෝදයකට එන්න පුළුවන් නියම ෆීල්ඩ් එකක් මේක......
ජය වේවා!!!!
හරිම ලස්සන ලිපි පෙලක්. මෙච්චර දවසකට මේ ලිපි පෙල නොදුටු එකත් මට නම් අභිරහසක්....:D
ReplyDeleteෂා මාරු ලිපි පෙලක්නේ ..වැඩ මලේ .මෙව්වා උඩින් පල්ලෙන් බලල බැහැ. හිමිට කියවන්නම්
ReplyDeleteලිපි පෙලම අද තමයි කියෙව්වේ...
ReplyDeleteස්තූතියි මේ වගේ දෙයක් හොයල කරනවට!
ඔයාගෙ බ්ලොග් එක නියමයි,මට මෙහෙම හිතෙනවා අපේ කාල නිර්න වල අප්සට් තැන් අති කියලා.එතකොට ඒකලේ සන්නිවේදනේ දිව්නු නම් ඇයි පොසිල සාදක විතරක් හම්බවෙන්නෙ.
ReplyDeleteකියල වඩක් න නියමයි අය්යෙ.අයියෙ aliens ගන විස්තර ටිකක් දානවද.මම හිතනව ගොඩක් අය ඒ මාතෘකාවට කමති වෙයි කියල.
ReplyDeletegood work !
ReplyDeleteela
ReplyDeleteniyamay machan. oya vage thava ayath hithala vadagath yamak loketa denavanam kochchara ekkakda.oyata jaya shree.
ReplyDeletepatta macha thawa hoyala dapan
ReplyDeleteane photos penne nane.photos tika wanama hari danawada.plz
ReplyDelete@ Chandi :
ReplyDeleteමේ පෝස්ට් එක ඇතුළු මුළු ලිපි තුනෙහිම පින්තූර පෙනුනේ නෑ... ඒ පින්තූර හොස්ට් කරපු සර්වර් අවුලක් නිසා... මම ඒ ඔක්කොම පිකාසා අප්ලෝඩ් කලා... පෝස්ට් තුනේම පින්තූර දැන් හරියට පේනවා... අපහසුතාවයට කණගාටුව !!!
මහන්සි වෙලා කරුනු හොයලා බලලා ලියපු නියමම ලිපියක්. තවත් මේවා ලිපි අනිවා ලියන්න අයියා
ReplyDeleteඉතා වැදගත් ලිපි පෙලක්...... මම ආසාවෙන් කියෙව්වා. ... ඇත්තටම හරි පුදුමයි කියලා හිතෙනවා පුරාණ මිනිස්සු ගැන... බොහොම පිං මෙම ලිපි අපිත් එක්ක ඛෙදා ගත්තට.
ReplyDeleteගොඩාක් වැදගත් ලිපි මාලාවක්.ඉදිරිපත් කිරීම සිත් ඇදගන්නා සුලුයි. සුභපැතුම්......
ReplyDeletemachan me wage abirahas dewal thawa thiyanawanam danna.godak wedagath lipi pelak.ela.digathama liyanna,obata jaya
ReplyDeleteලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ.
ReplyDeleteසිරාවටම එළ සහෝ....!මටත් කියන්න තියෙන්නේ නම් අර The Matrix කිව්වා වගේ කථාවක් තමා. ඒත් වැඩේකියන්නෙ, ඔයා මේවා හොයාගෙන, කරැණු ගලපගෙන, කියවන්න ආස හිතෙන විදියට හදලා දාපු එක නම්, ඇත්තටම ලස්සන වැඩක්......!
ReplyDelete..................................................ශ්‍රීනාත් දයානන්ද
aiiye api podi magazine ekak karanwa . meken thorathuru tikak gaththata kamak ne neda. thraha wenna epa . mewwath jeewithane
ReplyDeleteෆට්ට ලිපි ටික අයියේ . සුප්පා
ReplyDeleteනියම ලිපි ටික අයියේ නියමට ලියල තියෙනවා එක හුස්මට ලිපි තුනම කියෙව්වා
ReplyDeleteඔබගේ මේ ගැන තිබුනු ලිපි තුනම ආසාවෙන් කියෙව්වා. ස්තුතියි ඔබට !
ReplyDeletegreat work, congrats!
ReplyDeletegodak hodaaai
ReplyDeleteniyamai
ReplyDeleteලිපි 3ටම ස්තූතියි
ReplyDelete