ඒ ජනවාරි මස 09 වැනිදා රාත්‍රියයි. නිමාවූ ජනාධිපතිවරණයේ උණුසුම නියම අයුරින් මතුව ඇත්තේ දැන් බව පෙනේ. උදෑසනම ඡන්ද ප්‍රතිඵල එද්දී මොකක් හෝ වෙතැයි හිත කීවත්, සුපුරුදු පරිදි මම රාජකාරියට යෑම නම් අතපසු නොකලෙමි. ගියත් කරන්නට වැඩක් නම් තිබුණේ නැත. සුපුරුදු පරිදි පශ්චාත් මැතිවරණ විශ්ලේශණය සඳහා සේවා ස්ථානයේ සගයෝ මුළු දවසම පාහේ නිර්ලෝභීව වැය කලෝය. සේවා ස්ථානයේ දී සන්සුන් ලෙසින් කාලය ගත වූවත්, අද වැඩට ආ මෝඩකම යැයි හැඟෙන්නට වූයේ වැඩ අහවර වී ගෙදර යන්නට මගට බැස්සාට පසුවයි.
Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts
Wednesday, January 7, 2015
Friday, September 28, 2012
- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) –
අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි
සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ
පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් රථයක් නිපදවීමටයි.Tuesday, October 18, 2011
ලංකා වැසියෙක් නම් අනිවාර්යයෙන් කියවන්න... (උපුටා ගැනීමකි)
මේ එක්තරා
කනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක් පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේ
නැත. මට හමුවූ ජර්මන්, ස්විට්සර්ලන්ත
හා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්ම කීවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි.
අපේ රටේ නොයන කාරණා තුනක් ඔවුන් සඳහන් කරනවා. ඉන් වැඩිම කොටසක් ප්‍රධානම වශයෙන්
සඳහන් කරන්නේ අපේ ටේ අමන රියෑදුරන් සම්බන්ධවයි. මේ කණගාටුදායක අසුබ ආරංචිය මට මගේ
රට ගැන විශාල දුකක් ඇති කළා. මේ සිදුවීමෙන් පසු මට මගේ මව් බිම වෙනුවෙන් මේ
සම්බන්ධව යම්කිසි දෙයක් ඉටු කළ යුතු බව හැඟී ගියා.
Sunday, June 12, 2011
සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine)
සිංහලෙන් හොයන්න තරම් දෙයක් අන්තර්ජාලයේ නෑ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනාත්මකව බලන කොට ලංකාවේ අපේ සිංහල බ්ලොග් අඩවි / වෙබ් අඩවි ප්‍රමාණාත්මකව අඩු වුනත් අපේ සිංහල පරිශීලකයන් ප්‍රමාණයත් එක්ක බලනකොට නම් දැවැන්ත සිංහල අන්තර්ගතයක් දැන් අන්තර්ජාලය තුල විසිරිලා තියෙනවා. මේ දැවැන්ත සිංහල තොරතුරු සම්භාරයෙන් වැඩක් ගන්න නම්, මේ තොරතුරු පිළිවෙලකට තිබුනා නම් හොඳයි නේද කියලා මට හිතුනා. මම මේ ගැන ලියන්න හිතේ තියාගෙන ඉන්දැද්දී තමයි යසන්ත මල්ලියා ලංකාවේ සින්ඩි ගැන post එකක් දාලා තිබුනේ. ඒකට කෙලින්ම සම්බන්ධයක් නැතත්, යම් විදියක සම්බන්ධයක් තියෙයි කියලා හිතෙනව නම් නොබලපු කෙනෙක් ඉන්නව නම ඒ පැත්තේ ගිහින් ඒ ලිපිය බලලා ආවත් කමක් නෑ...
Labels:
අන්තර්ජාලය,
කාලීන,
සංකල්ප,
සිංහල
Saturday, May 7, 2011
ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන දන්නවාද ?
හොරොයින්, කොකේන්, මරිජුවානා, කංසා ආදී ලෙස මත්ද්‍රව්‍යයන් බොහොමයක් ලොව පුරා ව්‍යාප්තව තිබුණත් ඒ සියල්ලටම වඩා බලවත්, දරුණු මත්ද්‍රව්‍යයක් තිඛෙන බව ඔබ දන්නවාද ? මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ට කිසි ලෙසකින් වත් ගැලවීමක් නම් නෑ. කොතරම් ප්‍රබල මත් ද්‍රව්‍යයක් වූවත් පුදුමයට කරුණ නම් අනෙකුත් මත්ද්‍රව්‍යයන්ට වඩා මෙය ඉතා ලාභ වීමයි. පහසුවෙන් ලබාගත හැකි වීම, අඩු මිලට ලබා ගත හැකිවීම හා භාවිතයේ පහසුව නිසා මෙය ලොව පුරා ඉතා සීඝ්රයෙන් පැතිරෙන බවයි පැවසෙන්නේ. මේ දරුණු මත්ද්‍රව්‍යය හැඳින්වෙන්නේ 'මෙත්' (Meth) නමින්. Monday, January 31, 2011
අපි තවත් බලා හිඳිමුද ?
එක් කෝටි දශ ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකේය ජනගහණයෙන් සිංහල භාෂාව කථා කරන්නේ 2/3 කටත් අඩු පිරිසක් බව ඔබ දන්නවාද ? බිලියන 6.6 කට වැඩි ලෝක ජනගහණයත් සමග සසඳා බැලීමේදී අපටම පමණක් අනන්‍ය වූ මේ සිංහල බස භාවිතා කරන්නේ ලෝක ජනගහණයෙන් සියයට දශම ගණනක් වැනි සුළු ප්‍රතිශතයක් පමණි. සිංහලය නිළ වශයෙන් මෙන්ම සාමාන්‍ය භාවිතාවේදී ද පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාව තුළ පමණී. අන්තර්ජාලය ගතහොත් සිංහල භාෂාවෙන් සන්නිවේදන කරණය සඳහා තිබුණු මූලිකම බාධකය වූයේ සිංහල භාෂා ක්‍රමය, අක්ෂර විධි හා ෆොන්ට පිළිබඳව පිළිගත් සම්මතයක් නොතිබීමයි.








