කොම්පියුටර් කියන එක හරි වේගයෙන් දියුණු
වෙනවා නෙව ! බට්ටා කොම්පීතර අතපත ගාන්න පටන්ගත්තු දවස්වල නම් i-Pad කියලා ජාතියක් ඒවි කියලා කවුද හිතුවේ. ඔය අවුරුදු 10 කට
මෙච්චර වෙනස් වුනා නම් ඉස්සරහට තව අවුරුදු 10 කින් මොනවා වේවිද කියලා බට්ටා
කල්පනාව දාගෙන හිටියා. ඒ කාලේ වෙද්දී නම් බට්ටත් නාකි වෙලා ඉදීවී. ඒ වුනත්
කොම්පීතර ගැජට් නම් හිතා ගන්න බැරි වෙන තරමටම අරුමෝසම් වෙලා තියේවි. 2011 වෙනකොට
මොන මොන කොම්පියුටර් ජිල්මාට් ඇවිත් තියේද කියලා කල්පනා කොර කොර ඉඳලම බට්ටා පොඩි
හීනයක් මැව්වා...! ඕං අහගනිල්ලකෝ ඒනම්...
Showing posts with label සංකල්ප. Show all posts
Showing posts with label සංකල්ප. Show all posts
Thursday, August 4, 2011
Sunday, June 12, 2011
සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine)
සිංහලෙන් හොයන්න තරම් දෙයක් අන්තර්ජාලයේ නෑ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනාත්මකව බලන කොට ලංකාවේ අපේ සිංහල බ්ලොග් අඩවි / වෙබ් අඩවි ප්‍රමාණාත්මකව අඩු වුනත් අපේ සිංහල පරිශීලකයන් ප්‍රමාණයත් එක්ක බලනකොට නම් දැවැන්ත සිංහල අන්තර්ගතයක් දැන් අන්තර්ජාලය තුල විසිරිලා තියෙනවා. මේ දැවැන්ත සිංහල තොරතුරු සම්භාරයෙන් වැඩක් ගන්න නම්, මේ තොරතුරු පිළිවෙලකට තිබුනා නම් හොඳයි නේද කියලා මට හිතුනා. මම මේ ගැන ලියන්න හිතේ තියාගෙන ඉන්දැද්දී තමයි යසන්ත මල්ලියා ලංකාවේ සින්ඩි ගැන post එකක් දාලා තිබුනේ. ඒකට කෙලින්ම සම්බන්ධයක් නැතත්, යම් විදියක සම්බන්ධයක් තියෙයි කියලා හිතෙනව නම් නොබලපු කෙනෙක් ඉන්නව නම ඒ පැත්තේ ගිහින් ඒ ලිපිය බලලා ආවත් කමක් නෑ...
Labels:
අන්තර්ජාලය,
කාලීන,
සංකල්ප,
සිංහල






