Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ
බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින්
එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට්
ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග
තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.
Showing posts with label ගැජට්. Show all posts
Showing posts with label ගැජට්. Show all posts
Tuesday, August 27, 2013
Wednesday, November 21, 2012
- Contact Lens (සිවි කාච) තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ? -
Labels:
ගැජට්,
තාක්ෂණික,
පරිගණක,
විද්‍යාත්මක
Friday, November 16, 2012
- ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP -
පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board), අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
Friday, September 28, 2012
- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) –
අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි
සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ
පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් රථයක් නිපදවීමටයි.Saturday, June 23, 2012
- අළුත් පරිගණක ගැජට් ගැන දැනගනිමු [#2] -
තාක්ෂණයේ දියුණුවත් එක්කම එළි දැක්වුනු අපූරු ගැජට් කීපයක් ගැන පහුගිය ලිපි කිහිපයකිනුත් ඉදිරිපත් කලා මතක ඇති. පරිගණක, සන්නිවේදන හා විනෝදාස්වාද යන ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන මේ නව තාක්ෂණික උපාංගයන් නූනන තාක්ෂණික විස්මයන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලන්න, මේ ගැජට් අතර ඔබ සොයමින් සිටි ආකාරයේ උපාංගයක් තියෙන්නත් බැරිකමක් නෑ...Saturday, February 18, 2012
- අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු -
තාක්ෂණය අළුත් වෙන්නේ
හරිම වේගෙන්. මේ අවුරුද්දේ අළුතෙන්ම නිපදවන උපාංගයක් තව අවුරුද්දකින් යල්පැන ගිය
එකක් වෙනවා. දිනෙන් දින අළුත් වෙන පරිගණක තාක්ෂණික ලෝකයේ අළුත්ම යෙදුම් ගැන
දැනුවත් වෙලා නොඋන්නොත් අපිටත් මේ තාක්ෂණේ මැජික් වගේ වේවි. ඉතින් ඒ වගේ අළුත්
අළුත් ගැජට් ගැන දැනගන්න ඔයාලත් කැමති ඇති නේද ? ඔන්න එහෙනම් අළුතෙන් එළි දැක්වුනු
පරිගණක උපාංග කීපයක් ගැන තමයි මේ විස්තරය...Tuesday, February 14, 2012
- ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු -
දශකයකට පෙරදී නම් අපගේ
මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද
වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි. සේයාපටල කැමරාවලදී ඡායාරූප
24 ක් හෝ 36 කට සීමා වූ මතකය, දැන්
ඩිජිටල් කැමරා මතකයන් නිසා ඡායාරූප දහස් ගණනක් දක්වා වැඩි වී තිබේ. ඒ පෙර නොතිබුණු
නවීනතම ඡායාරූපකරණ තාක්ෂණ සහාය ද සමගිනි. වර්තමානයේදී ඡායාරූපකරණය සඳහා භාවිතා වන ඩිජිටල්
කැමරා වල පොදු ගුණාංග පිළිබඳවත්, ඩිජිටල්
කැමරාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැනත් මේ ලිපියෙන්
විමසා බැලේ.Wednesday, October 26, 2011
USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් බලමුද ?
ඔන්න අද ටිකක් වෙනස් වැඩක් කරන්න හිතුවා... මේ
ලිපියෙන් කියන්නේ පරිගණක හා වැඩ කරද්දී අපිට විශේෂයෙන් උවමනා වෙන පොඩි පොඩි ගැජට්
කීපයක් ගැනයි. මේවා පොඩි උනාට හරිම ප්‍රයෝජනවත් ! ඉතින්, පුළුවන් හැටියට විස්තරයක්
දාලා තියෙනවා. වැඩිදුර විස්තර ඕනෙ නම් ලින්ක් එකත් තියෙනවා. ඉමේජ් එක උඩ ක්ලික් කරන්නකෝ. කියවලා බලමුකෝ
එහෙනම්...






