Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ
බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින්
එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට්
ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග
තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.
ස්මාට් ඔරලෝසු පිළිබඳව තාක්ෂණ ලෝකයේ
කලබලයක් ඇති කලේ Sony සමාගම විසිනි. ඒ Sony Smart Watch හඳුන්වා දීමෙනි. ඒ පිළිබඳව ඔබට අසන්නට ලැබී
ඇතුවාට සැක නැත. එයින් පසුව ඇපල් සමාගම
හා ගූගල් සමාගම ද, මෑතකදී සැම්සුන්
සමාගම ද ස්මාට් ඔරලෝසු පිළිබඳ සිය අවධානය යොමු කර
ඇතැයි අසන්නට ලැබුණත්, තවමත්
එවැන්නක් නිළ වශයෙන් දියත් කර නොමැත. දැන් Sony සමාගම විසින් සිය Smart Watch උපාංගයේ දෙවැනි
පියවරත් තබමින් Sony
Smart Watch 2 නමින් වැඩිදියුණු කරන
ලද නව ස්මාට් ඔරලෝසුවක් නිකුත් කර ඇති අතර මේ සමගින් Smart Watch යුද්ධය වඩාත් උග්‍ර
වනු ඇතැයි අදහස් පළවෙමින් තිබේ.
සෝනි සමාගම ඉදිරිපත් කළ පළමු ස්මාට් ඔරලෝසුව අකලට පැමිණි
නිෂ්පාදනයකි. එය පාරිභෝගික ආකර්ශණය
දිනාගත් නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කළ නිපැයුමකි. එය මිළ අධික
වූ අතර, ජලයට ඔරොත්තු
දෙන ලක්ෂණ ද නොතිබිණි. එසේම එම Smart
Watch එකට Apps වෙනමම install කරන්නට සිදුවීමද කරදරයකි. කෙසේ වුවත්සමගින් සෝනි සමාගම දැන් සිය අඩුපාඩු සියල්ලම
පාහේ මකා ගනිමින් විශිෂ්ඨ
ස්මාට් ඔරලෝසුවක් ඉදිරිපත් කර තිබේ.
Smart Watch 2 හි නිමාව පිළිබඳව සැලකීමේදී
එහි බඳ
තනිකරම
ඇළුමිණියම් ලෝහ මිශ්‍රණයකින් සාදා තිබේ. එමගින් මෙයට උසස්
පෙනුමක් ලබාදී ඇත. විශේෂයක් වන්නේ මෙහි
අත් පටිය සම්මත 24mm ප්‍රමාණයෙන් පැවතීමයි. මෙය ඉවත් කර අළුත් එකක් යෙදිය හැකි ලෙසින් ඇති නිසා ඔබට
කැමති වර්ණයකින් හෝ නිමාවකින් යුතු වෙනත් අත් පටියක් වුවත් Smart Watch 2 සඳහා භාවිතා කළ හැකියි. තරමක් විශාලව පෙනෙන, රවුම් හැඩයකින් යුතු power බොත්තම පසෙකින් පිහිටා තිබේ. එහි අනෙක් පසින් Smart Watch 2 උපාංගය චාජ්
කිරීම සඳහා සපයා ඇති
සම්මත ප්‍රමාණයේ Micro-USB කවුළුව පිහිටා ඇත. මීට පෙර පැමිණි ස්මාට් ඔරලෝසුව සඳහා භාවිතා
වූයේ Custom Charging Port එකක් වුවත් Micro-USB යනු වර්තමාන
යේ සම්මත port එකක් වීම පරිශීලකයාට
වඩාත් පහසුවකි.
තිරය පිළිබඳව ගතහොත්, පෙරදී ආ Smart Watch එක මෙන්ම Smart Watch 2 හිදී ද භාවිතා වන්නේ
අඟල් 1.6 ක ස්පර්ශ-සංවේදී LCD තිරයකි. පෙරදී භාවිතා කලේ OLED තිරයක් වන අතර නව
සංස්කරණයේ ඇති LCD තිරය මගින් එළිමහනේදී පවා හොඳින් තිරය දර්ශණය
වේ. මේ කුඩා තිරයේ විභේදනය පික්සල 220 x 176 ක් ලෙස සඳහන් වේ.
භෞතික ප්‍රමාණය අනුව, Smart
Watch 2 උපාංගය සිය
පළමුවැන්නාට වඩා මඳක් විශාල වන
අතර, බරින් ද ග්‍රෑම්
08 ක් පමණ වැඩිය. කෙසේ නමුත් එය පරිශීලකයාට නොදැනෙන වෙනසකි. පළමු Smart
Watch එකට වඩා Smart Watch 2 හි ඇති ලොකුම භෞතික
ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෙය ජල-ප්‍රතිරෝධී (water-resistant) ගුණාංගයෙන් යුතු වීමයි. එමගින් හදිසි
ඉහිරීම් හා
වතුර ගැලීම්
වලින්
Smart Watch 2 උපාංගය රැකදෙයි. කෙසේ වුවත් මෙය පැළඳගෙන පිහිණීම හෝ ස්නානය
හා සේදීම් කටයුතු කිරීම නම් ආරක්ෂිත නොවන බව පැවසිය යුතුයි.
Smart Watch 2 උපාංගය ඉතා
පහසුවෙන් ඔබේ ස්මාට් දුරකථනය සමගින් ඈඳිය හැකි වේ. ඒ සඳහා
දැන් NFC සම්බන්ධතාවය ද එක් කොට තිබේ. ඔබේ දුරකථනයට ස්මාට් ඔරලෝසුවෙන් තට්ටුවක් දැමීමෙන් NFC සම්බන්ධතාවය ඇරඹෙන අතර දැන් දුරකථනයට Smart
Watch app එක ස්වයංක්‍රීයවම download වනු ඇත. ඔබට Smart
Watch 2 සඳහා අවශ්‍ය Apps පහසුවෙන් තෝරා ගත
හැකි අතරම පෙර පැමිණි Smart
Watch එකෙහි අඩංගු
වූ Apps මෙම නව Smart Watch 2 සඳහා ද භාවිතා කළ හැකිවීම පහසුවකි.
Smart Watch 2 සඳහා භාවිතා
වන්නේ Bluetooth 3.0 තාක්ෂණයයි. මෙමගින්
සැලකිය යුතු තරමේ විදුලි බලයක් ඉතිරි කරදෙයි. Bluetooth 4.0 තාක්ෂණය මගින් විදුලි පිරිමැසුම උපරිම කර
ඇති නමුත් සෝනි සමාගම විසින් එය නොසලකා හැර ඇත්තේ දැනටමත් Smart Watch 2 උපාංගය එක ආරෝපණයකින් දින 3-4 ක් ධාවනය වන නිසා විය යුතුයි. මෙම උපාංගය වැනි කුඩා හා සංකීර්ණ ගැජට්ටුවක් සඳහා මේ බැටරි කාලය ඉතා විශිෂ්ඨ වන බව කිව යුතුව
තිබේ.
දිනෙන් දින උණුසුම් වන ස්මාට් ඔරලෝසු වෙළඳපොල වෙත
කලින්ම පැමිණීමේ වාසිය සෝනි ස්මාට් ඔරලෝසුවට හිමිවන නමුත්, බොහෝ දෙනා තවමත් ස්මාට් ඔරලෝසුවකින් සිදුවන දේ පිළිබඳව හරි වැටහීමක
ඉන්නා බවක් නොපෙනේ. කෙසේ වුවත් Smart Watch ක්ෂේත්‍රයේ
පුරෝගාමියෙක් ලෙසින් සෝනි සමාගම හැඳින්වීමට ඇති අයිතිය එයින් අවහිර නොවේ. ලබන සැප්තැම්බරයේ දී Smart Watch 2 වෙළඳපොලට නිකුත්
කිරීමට නියමිත අතර මිළ ගණන් පිළිබඳව තවමත් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් මෙය ලංකාවේ මුදලින් රුපියල් 25,000 කට ආසන්න අගයක් ගනු
ඇති බවට මත පළවේ. ඕනෑම ඇන්ඩ්‍රොයිඩ්
ස්මාට් දුරකථනයක් සමගින් භාවිතා කළ හැකි මේ Sony Smart Watch 2 උපාංගය ස්මාට් ඔරලෝසු ලෝකයේ පෙරළියක් කරනු ඇති
බව පැවසිය හැකියි...
ගොඩක් හොද ලිපියක් ඇත්තටම මම ස්මාර්ට් ඔර්ලෝසු ගැන විස්තරාත්මකව දැනගත්තේ මේ ලිපියෙන්
ReplyDeleteස්තුතියි පුතිචාරයට !!!
Deleteවටින විස්තරයක්.. මාත් දැං තමා දැනගත්තේ..
ReplyDeleteබොහොම ස්තුතියි දේශකයා ! follow එකටත්, comment එකටත්... ජය !!!
ReplyDeleteහප්පට සිරි ෆලෝ කරලද ?? චතුවෝ උඹ වහ කෑවා කියලා හිතා ගනින්. අම්මපා. :D
Delete@ සෙන්නා- :P
Deleteකැරකෙන පෙරලෙන ලෝකෙ තවත් විප්ලවීය වෙනසක්ද ! මටනම් අර ඉලක්කම් වැටෙන කැෂියෝ ඔරලෝසුව තරම් කිසිත් නැත. කොහොම වුනත් මේ ගැන හොයලා අපිව දැනුවත් කරලා තිබ්බ එක ගැන උඹට ස්තූතියි.
ReplyDeleteඅනේ මන්දා, උඹ නම් අළුත් ගැජට් එනවට කැමත්තක් ඇත්තෙම නෑ... උඹ වගේ උන් හිටියොත් සෝනි වගේ කම්පැනි වහන්න වෙනවා... :P
Deleteමතකද උඹ කලින් පෝස්ට් එකක කිව්වා නයිට් රයිඩර් ගැන... මම කලින් ඉබේම තනියෙන් යන කාරෙකක් ගැන කිව්වා... දැන් ඔන්න ඔරලෝසුවත් හරි... කෝ දැන් මයිකල් නයිට් ???
ස්තුතියි ප්‍රතිචාරයට සෙන්නා... ජය !!!
හුම්ම්ම්ම්ම්ම්!!!
ReplyDeleteශෝක මූඩ් වගේ !!!
Delete