ඩග්ලස් එංගල්බර්ට් යනු හුදෙක් මවුසයේ නිර්මාතෘ පමණක්
නොවේ. ඊ-මේල් පණිවුඩකරණය, ලිපි සැකසුම් මෘදුකාංග
හෙවත් word processing programs හා අන්තර්ජාලය යන සංකල්ප වල මූලික අදහස ද ඔහුගේය. මේ
පුරෝගාමී පරිගණකවේදියා පසුගිය ජූලි 02 වැනිදා රාත්‍රී
නින්දේදීම අවසන් හුස්ම හෙලා ඇති බව ඔහුගේ දියණිය වන ක්‍රිස්ටිනා එංගල්බර්ට් විසින්
ලෝකයට දැනුම් දෙන්නට යෙදිණි. එංගල්බර්ට් කාලයක් දිස්සේම අයහපත් සෞඛ්‍යය තත්ත්වයෙන්
පසුවුනු අතර ඔහුගේ මරණය ස්වාභාවිකව, වයස්ගත වීම නිසා සිදුවූවකි.
1960 දශකයේ මුල්
කාලයේදී එංගල්බර්ට් විසින් පරිගණක මවුසයේ පළමු ආකෘතිය නිපදවන ලදී. කෙසේ වුවත් එයට
හිමි පේටන්ට් සහතිකය ලබාගන්නට ඔහුට හැකිවන්නේ තවත් වසර 17 කට පමණ පසුවයි. ඒ සඳහා හේතු වූයේ 60-70 දශකවලදී පිටස්තරව ඈඳූ උපාංගයකින් පරිගණකය පාලනය කිරීම
යන්න දුරස්ථ අදහසක් වීමයි. පැහැදිලිවම එංගල්බර්ට් ගේ මවුසය එය නිර්මාණය කළ කාලයට
එහා ගිය නිර්මාණයක් වූ අතර 1984 දී ඇපල් සමාගමේ
මැකින්ටොෂ් පරිගණකය සමග එක්ව
පැමිණෙන තුරු පරිගණක මවුසය ලෝකයේ ජනප්‍රිය වූයේ නැත.
එංගල්බර්ට් ගේ පළමු මවුසය ලී පෙට්ටියක් ඇතුළත ඇටවූ ලෝහ
රෝද දෙකක් පමණි. ඒ වන විට එම ලී පෙට්ටිය හා රෝද දෙකෙන් ගත හැකි ප්‍රයෝජන
ගැන ලෝකයා දැන නොසිටි නිසා ඔහුගේ සංකල්පය පරිගණක ලෝකයේ ජනප්‍රිය නොවීය. ඒ නිසාම පේටන්ට් හිමිකම ලැබෙන විට මවුසය
නිර්මාණයේ බුද්ධිමය හිමිකමෙන් වත්කමක් උපයා ගැනීමට එංගල්බර්ට් ට හැකි වූයේ නැත.
එසේ හැකි වූවා නම් මෙතෙක් ලොව පුරා විකිණී ඇති බිලියන ගණනක් වන මවුස් වලින්
එංගල්බර්ට් හට විශාල ආදායමක් උපයාගත හැකිව තිබිණි.
1925 ජනවාරි 30 වැනි දින උපත ලද එංගල්බර්ට්, ඔරිගන් ප්‍රාන්තයේ, පෝර්ට්ලන්ඩ්
ප්‍රදේශය ආසන්න කුඩා ගොවිපලක සිය කුඩා කාලය ගත කලේය. කුඩා කළ සිට ඔහුගේ අපේක්ෂා
අතර වූයේ මනුෂ්‍ය බුද්ධිය වැඩි වර්ධනය කරවිය හැකි උපක්‍රම පිළිබඳවයි.
1968 දී
පැවැත්වුනු සැන් ප්‍රැන්සිස්කෝ පරිගණක සම්මේලනයේදී ඩග්ලස් එංගල්බර්ට් විසින්
ඉදිරිපත් කරන ලද මහජන ප්‍රදර්ශණය ඉතා විශේෂ එකකි. එහිදී ඔහු පළමු වරට මවුසය හා
පරිගණක ජාලකරණය ගැන ප්‍රසිද්ධියට පත් කරන ලද අතර පරිගණක ලෝකය එයින් කැළඹීමට
පත්විය. ඔහුගේ ඉදිරිපත් කිරීම අවසානයේදී සම්මේලනයේ රැස්ව සිටි පිරිස සිය අසුන්
වලින් නැගිට එංගල්බර්ට් හට දිගු අත්පොලසන් ප්‍රසාදයක් ලබාදුන්නේ මේ අසහාය
නිර්මාණකරුවාට කරන ගෞරවයක් වශයෙනි.
ඉහත කී පරිගණක සම්මේලනයේදී ඩග්ලස් එංගල්බර්ට් ඉදිරිපත්
කරන ලද කථාවේදී එක් වැදගත් කොටසක් ඔබට ගෙනහැර දැක්විය යුතුව ඇත. “මම දන්නේ නෑ ඇයි අපි ඒකට මවුසය කියන්නේ
කියලා... මම සමහරුන්ගෙන් ඒ නම පිළිබඳව සමාව ඉල්ලා
තිබෙන අවස්ථා ද එමටයි. මුලදීම ඒකට නම වැටුනේ ඔය විදියට තමයි. අපි කාටවත් ඒක වෙනස් කරන්න
වුවමනාවක් තිබුනෙත් නෑ...” යැයි ඔහු එහිදී පවසා තිබිණි.
ඩග්ලස් එංගල්බර්ට්
ගේ වෙනත් නිපැයුම් හා සංකල්ප අතර hypertext හෙවත් එක් වදනකින්
වෙනත් ගොනුවකට පිවිසීමේ සංකල්පය, වීඩියෝ සාකච්ඡා
පැවැත්වීමේ සංකල්පය යනාදිය ද වේ. එසේම තමාගේම පර්යේෂණායතනය වන Augmentation
Research Center මගින් සිදුකරන ලද පර්යේෂණ මගින් ARPANet හෙවත් ලොව
පළමු පරිගණක ජාලය හා අන්තර්ජාලයේ මුල් පියවර බිහි කිරීමට
ද ඔහු සිය
දායකත්වය ලබාදී තිබේ. 1990 දී එංගල්බර්ට් විසින්
Bootstrap ආයතනය ආරම්භ කරන ලද්දේ සංකීර්ණ ගැටළු විසඳීම
සඳහා දැනුම් සහයෝගීතාවයක්
ඇති කරලීම සඳහායි.
කෙතරම් උසස් නිර්මාණකරුවෙක් වූවත්, පරිගණක වංශ කථාවේ යෝධ පුරුකක් වුවත් මේ අපූරු මිනිසා ඉතා
නිහතමානී චරිතයක් විය. වර්ෂ 2000 දී එවකට ඇමෙරිකානු
ජනාධිපති වූ බිල් ක්ලින්ටන් විසින් ඩග්ලස් එංගල්බර්ට් හට තාක්ෂණය පිළිබඳව වූ ජාතික
පදක්කම පිරිනමන ලදී. ඒ පුද්ගල පරිගණක තාක්ෂණය
සඳහා මුල්
අඩිතාලම දැමීම අගය කරනු සඳහායි. එසේම ඊට
පෙර 1997 දී Lemelson-MIT නම් ඩොලර් 500,000 ක මුදල් ත්‍යාගයක් ද ඔහුට හිමිවිය. මේ
සියළු ගරු බුහුමන් ලැබුණත්, ඩග්ලස් එංගල්බර්ට්
තමාට ලැබුණු
ගෞරවයන් තනියම බදා නොගෙන ඒවායේ ගෞරවය සිය සගයන්ට ද ලබා දෙන්නට තරම් නිහතමානී
වූයේය.
එංගල්බර්ට් ගේ දියණිය විසින් රචිත ඔහුගේ චරිතාපදාන කෘතියේදී
එංගල්බර්ට් මෙසේ පවසා තිබේ. “මම බොහෝ සංකල්පයන්
මුලින්ම ලොවට ඉදිරිපත් කළ බව ඇත්තයි. නමුත් ඒවායින් බොහෝමයක්ම මා සමග වැඩ කළ කාර්ය
මණ්ඩලයේ සගයන්ගේ නව අදහස් ඇසුරෙන් උපන් ඒවායි. සමහර විටෙක මා ඉදිරිපත් කළ නව
සංකල්පයක් ඔවුන් විසින් මා හට විස්තර කරන තුරුම මට වටහා ගත නොහැකිවුණු අවස්ථා ද
තිබිණි. ඉතින් ඇත්තෙන්ම මට ලැබෙන ගෞරවයෙන් කොටසක් නිතැතින්ම ඔවුන්ටත් හිමි විය
යුතුයි...”
ඒ ප්‍රකාශයෙන්ම
ඔහු කෙතරම් නිරහංකාර, මනුෂ්‍ය ගතිගුණ වලින්
හෙබියෙක් දැයි වටහාගත හැකි වනු ඇත. බොහෝ විට සිදුවන්නේ පරිගණක සමග වැඩ කරන
‘පණ්ඩිතයන්’
සියල්ලෝමත් යන්ත්‍ර
බවට පත්වී මිනිස් ගති නැතිව යෑමයි. ඒ අර්ථයෙන්
බැලීමේදී ඩග්ලස් එංගල්බර්ට් ඉතා ආදර්ශවත්
පාඩමක් අපට ලබාදෙයි. අනාගත පරිගණක ලෝකයට තව තවත් නවමු අදහස් හා නිපැයුම් තිළිණ
කරන්නට යලිත් වරක් ලොවට පහළ වේවායි පතමින් මේ පුරෝගාමී පරිගණක ඉංජිනේරු
විශ්මකර්මයා හට ඔබේත්, මගේත් ආචාරය පුද කර
සිටිමු...
උඹ බොහොම කාලෙකින්. දැකීම සතුටක්.
ReplyDeleteකාලෙකින් වුනත් ඇවිත් තියෙන්නෙ වටිනා විස්තරයක් එක්ක. මමනම් මෙතුමා ගැන ඇහුවමයි ඔය. ඒත් අපි එදිනෙදා පහසුව ලබන නිර්මාණයක නිර්මාතෘ ඔහු කියලා හිතෙද්දි නිකන්ම ඔහුට හිස නැවෙනවා.
ඔහුට මොක් සුව ලැබේවා !!
//ඒත් අපි එදිනෙදා පහසුව ලබන නිර්මාණයක නිර්මාතෘ ඔහු කියලා හිතෙද්දි නිකන්ම ඔහුට හිස නැවෙනවා//
Deleteඒ ගැන හිතලා තමයි බං මේ ලිපිය දැම්මේ... මොනවා වුනත් ග්‍රේට් මනුස්සයෙක් ! හුඟ කාලෙකින් තමයි ආවේ... මටම දුකයි ඒ ගැන... හ්ම් !!! ස්තුතියි සෙන්නා ප්‍රතිචාරයට... ජයවේවා !!!
ITHA WATINA LIPIYAK, AI ME SAMAHARA MAHA BLOGGERLA SATHA 50 TOPICS LIYANNE.
ReplyDelete//AI ME SAMAHARA MAHA BLOGGERLA SATHA 50 TOPICS LIYANNE//
Deleteඒ ගැන නම් මමත් දන්නෑ... හැම ජාතියෙම ලිපි තියෙන්නත් ඕනෙ නෙ. කොහොම වුනත් ප්‍රතිචාරයට ස්තුතියි ඇනෝ...
හොඳ ලිපියක්. ඔය මීය කොච්චර බදාගෙන හිටියත් ඕක හදපු මනුස්සය ගැන තොරතුරු දන්නෙ නෑනෙ.
ReplyDeleteදැන් දැනගත්තනේ... ස්තුතියි ඇවිත් ගියාට සහෝ !!!
DeleteRIP..
ReplyDeleteමොක් සුව ලැබේවා !!!
Deleteහරිම නිහතමානි මනුස්සයෙක් පාටයි..
ReplyDeleteඅද මේ තරම් පරිගණකය පහසු දෙයක් වෙලා තියෙන්නෙ ඔහු නිසා..
ඇත්තෙන්ම අපි බිල් ගේට්ස් ගැන දන්න තරම් වත් මේ මනුස්සයා ගැන දන්නැති එක ගැන ලැජ්ජා වෙන්න ඕනේ... අවුරුදු 50 ක් ගත වෙලත් අපි තාම පාවිච්චි කරන්නේ එංගල්බර්ට් මහත්තයා හදපු මවුසය...
Deleteස්තුතියි සහෝ අදහසක් කියලා ගියාට ! ජය !!!
ඔහුට පේටන්ට් ලැබුණට පස්සෙත් එයින් ආදායමක් ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි?
ReplyDeleteචතුරන්ග කාලෙකින් ආපු එක ගැන බොහොම සතුටුයි. දැන් ඉතින් පොඩ්ඩියෙකුත් ඉන්න නිසා කොහොමත් වැඩ වැඩි ඇති.
එංගල්බර්ට් ට පේටන්ට් හම්බවෙලා තියෙන්නේ අවුරුදු ගානකට පස්සේ... පේටන්ට් එකක බලය තියෙන්නේ අවුරුදු 14-15 ක් නේද ! නව නිර්මාණයක අගේ බැස්සට පස්සේ පේටන්ට් අරන් මොකටද ?
Delete//පොඩ්ඩියෙකුත් ඉන්න නිසා කොහොමත් වැඩ වැඩි ඇති.//
ඒ ගැන මොකට කියනවද ! දැන් මාස 08 ක්, දඟ ගොඩක් තමා... බ්ලොග් එක පාළුවට යන නිසා මොනා හරි ලියනවා සයුරි... වැඩ ඔක්කොම කරගන්න ඕනෙනේ. ස්තුතියි ඇවිත් ගියාට, ජයවේවා !!!
මමනම් මෙයා ගැන අහලවත් තිබ්බෙ නෑ, අදමයි දැන ගත්තෙත්, ඔව්, මේ කෙනා නැත්තන් ඉතින් අද අපිට පිස්සුනෙ ඈ, වැදගත් පට්ට පෝස්ට් එකක්, ජය ජය
ReplyDeletehttp://BseTup.blogspot.com