
Methamphetamines ලෙස විද්‍යාත්මකව හඳුන්වන මේ මත්ද්‍රව්‍යය ඉතා බලවත් අතුරු ආබාධ රාශියක් ඇති කරවන්නක්. අනෙකුත් මත්ද්‍රව්‍ය වලට වඩා මෙහි ඇති සැර වැඩි ගතිය නිසාම බොහෝ මත් ලෝලීන් 'මෙත්" කෙරේ ආකර්ශණය වන බව පිළිගැනේ. පැය 6 - 12 ත් අතර කාලයකට මෙහි ක්‍රියාකාරීත්වය සක්‍රියව පවතින අතර මෙය භාවිතා කරන්නන් හට පීඩනෝන්මාදී ලක්ෂණ, කිසිවෙකුගෙන් තමාට කරදර නොවන බවට ඇතිවන ලොකුකම, කාය බලය වැඩි බව ආදී ලක්ෂණ පහල වන අතර සමහරු කළහකාරී ලෙස හැසිරේ. මෙය ක්‍රම කීපයකින්ම ශරීරගත කළ හැකි වීම මෙහි සීඝ්‍ර ව්‍යාප්තියට බලපා ඇති එක් කරුණකි. ගිලීමෙන්, නාසයෙන් ඉරීමෙන්, එන්නත් මගින් හෝ දුමක් ලෙස උරා බීමෙන් මෙය ශරීර ගත කළ හැකියි.
ඇම්පෙටමින් (Amphetamines) කාණ්ඩයට අයත් 'මෙත්' කුඩා නගරයේ සිට මහා පුරවරයන් දක්වාම සුලභ මත් ඔසුවක්. ජන සමාජයන් හි උස් පහත් භේදයකින් තොරව මෙය පැතිර ගොස් ඇති බව මේ පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයන්හි නිරත වූවෝ පවසති. ලොව පුරා මිලියන 26 ක ජනතාවක් 'මෙත්' කෙරේ ඇබ්බැහි වී ඇතැයි ඇස්තමේන්තු ගත දත්ත සඳහන් කරයි. සමහර රටවල් වලින් මේ මත්ද්‍රව්‍යය තහනම් කිරීම සඳහා සලකා බැලීමක් කරමින් පවතින අතර ඇමරිකාව තුල මෙම මත්ද්‍රව්‍යය නිෂ්පාදනය නැවැත්වීම සඳහා සියළු පාර්ශව සහයෝගයෙන් කටයුතු කලත් කොකේන් ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ මෙක්සිකෝවේ සිට ඇමරිකාවට සැපයුම් ලැබීම නතර කළ නොහැකිව පවතී.
'මෙත්' නම් මත්ද්‍රව්‍යය 1919 දී අකිරා ඔගාටා නැමැත්තෙකු විසින් මුලින්ම නිස්සාරණය කර ඇත. හිස්ටමින පාලක ඖෂධයක් ලෙස භාවිතා කළ එපඩ්රින් (ephedrine) නම් ඔසුවෙන් මෙය මුලින්ම නිපදවා තිබේ. මෙහි ඇති අභාග්‍ය සම්පන්න සත්‍යය වන්නේ ජාත්‍යන්තර ආහාර හා ඖෂධ පාලනාධිකාරිය Methamphetamine නම් මේ මත්ද්‍රව්‍යය ඖෂධයක් ලෙස අනුමත කර තිබීමයි. අක්‍රමවත් නින්ද, මානසික අවපීඩනය හා සුරාපානයෙන් වැලකීමේ ඔසුවක් ලෙසත් මෙය භාවිතා වනවා. නමුත් ඒ ඉතා සුළු මාත්‍රාවකින් පමණි. නීතියෙන් අනුමත ඖෂධයක් බැවින් මෙහි ව්‍යාප්තිය නතර කිරීම අසීරු වී ඇති අතර ඒ නිසාවෙන්ම මෙහි දරුණු ඵල විපාක ලබන්නන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතී.
'මෙත්' පිළිබඳව මෙතරම් කථාබහට ලක්ව ඇත්තේ මෙම මත්ද්‍රව්‍යය සතු අතුරු ආබාධයන්ගේ දරුණු භාවය නිසාමයි. මෙහි ඇති ඡායාරූප මගින් ඔබට එහි ඇති භයංකර භාවය වටහාගත හැකියි. කායික හා මානසික යන දෙඅංශයෙන්ම යලි ගොඩගත නොහැකි තරමේ විනාශයක් 'මෙත්' නිසා සිදුවේ. කායික වශයෙන් ගතහොත් දත් හා ඇටකටු දිරායාම, මුහුණ හා අනෙකුත් අවයවයන් විකෘත වීම මෙන්ම බඩගිනි නොදැනීම, මල බද්ධය, වෙව්ලීම, නින්ද නොයෑම ආදී රෝග ලක්ෂණ රාශියක් පහළ කරයි. මානසික වශයෙන් ගත්විට මායාකාරී දර්ශණ පෙනීම, තමාට අධික කාය බලයක් ඇති බව දැනීම හා අවපීඩන තත්ත්වය ප්‍රධාන වේ.
ලෝකයේ භයානකම, විනාශකාරීම මත්ද්‍රව්‍යය ලෙස 'මෙත්' හැඳින්වෙන්නේ කුමක් නිසා දැයි පැහැදිලියි නේද ? මේ විනාශකාරී මත්ද්‍රව්‍යය අපේ රටට පැමිණීමට පෙර මේ ගැන දැනුවත්ව සිටීම අපේ සෞඛ්‍යයට හිතකර වේ. කුමක් නිසාද යත් මෙත් වලේ වැටුනු පසු ගොඩ ඒමක් නැති බැවිනි.
රූ පරිගණක සඟරාව - 2011 මැයි කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප Google Image Search ඔස්සේ ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
බොහෝම වටින මචෝ ලිපිය... මම දන්න තරමින් මට ලංකාව ඇතුලෙදිනම් මේක හම්බෙල නෑ....
ReplyDeletevatina lipiyak kalinawa godak vadagth danuwath kiriemak.. thawa me wage lipi liyanna hakiyawa labevai pathanawa ...
ReplyDeletemewage lipiyak dapu eka hamotama wadagath kollo.ekanisa thanks lot......
ReplyDelete@ සුළඟිල්ල | pinkie :
ReplyDeleteබොහොම ස්තුතියි මචෝ... ලංකාවට එන්න නොලැබේවා කියලා පතමු !!!
@ 2 ANOs :
බොහොම ස්තුතියි ඔය දෙන්නාගේම ප්‍රතිචාර වලට... නමත් දැම්මනම් නේද හොඳ ... ස්තුතියි, නැවත එන්න.
http://www.alcoholdrughelp.org.nz/methamphetamine/
ReplyDeleteඉහත සඳහන් ජාල මංසලට ගොස් වැඩි විස්තර කියවන්න. සාමාන්‍යයෙන් P, ice යන නම් වලින් පවා මෙය හැඳින්වෙනවා. මෙහි භයානක කම ඇත්තේ එක වරක් පාවිච්චියෙන් පවා ඇබ්බැහි වීම සිදුවීමයි. ඉන්පසු ස්නායු පද්ධතිය ඉතා ඉක්මනින් විනාශ වී යයි. නැවත පුනරුත්ථාපනය ඉතාමත්ම අසීරුය. ඒ නිසා මෙය දැනගැනීම වැදගත්ය. ඒ දෙස පවා නොබැලිය යුතුය. අනෙක් මත් ද්‍රව්‍ය මෙන් නොව මෙය භාවිතා කරන්නාට හරි වැරදි කිසිවක් නොපෙනෙයි. හේ අතිශයින්ම සාහසිකය. (පුද්ගලික අත්දැකීම්)
ඉතාම හොඳ ලිපියක් සහෝ!
ReplyDelete@ සරත් ගුණතුංග :
ReplyDeleteලින්ක් එකට ස්තුතියි. මෙහි ඇති භයානකකම නිසාමයි මෙය මෙහි පල කරන්නට හිතුනේ.
මේ අදහස් බෙදා ගත්තාට ස්තුතියි. // අනෙක් මත් ද්‍රව්‍ය මෙන් නොව මෙය භාවිතා කරන්නාට හරි වැරදි කිසිවක් නොපෙනෙයි. හේ අතිශයින්ම සාහසිකය. (පුද්ගලික අත්දැකීම්)// ඇත්තටම පුද්ගලික අත්දැකීම් තියෙනවද ? හැබැයි මෙත් ගැන දැන ගන්න අත්හදා බලන එක නම් අන්තිම භයානකයි.
ප්‍රතිචාරයට ස්තුතියි... !!!
@ ඉන්දික :
බොහොම ස්තුතියි සහෝ...!!!
@චතුරංග මහත්මයා,
ReplyDeleteඅත් දැකීම් කිව්වෙ වෛද්‍ය වරයෙක් හැටියට පොලිසියෙන් අරගෙන එන නොයෙක් නොයෙක් මත් ද්‍රව්‍ය භාවිතා කරපු අයගෙ හැසිරීම මම අධ්‍යයනය කරල තියෙනවා. එක පුද්ගලයෙකුට මම මගේ රූපය අඳින්න කියල කිව්වම එයා ඇන්දෙ කිනිස්සක් අරගෙන එයා දිහා රවා ගෙන ඉන්න පුද්ගලයෙක්!
@ සරත් ගුණතුංග :
ReplyDeleteසමාවෙන්න ඕනෙ. මම අදහස් කලේ ඔබ මෙය භාවිතා කරනවා කියලා නෙවෙයි. ඔබ වගේ කෙනෙක් මෙහි අදහස් පළ කිරීම ඉතාම වැදගත්. මෙත් හි භයානක කම දෑසින්ම දුටුවෙක් ලෙස ඔබේ අත්දැකීම් ගොඩාක් ප්‍රයෝජනවත්. මේ අදහස් අනෙක් අයත් එක්ක බෙදාගෙන දැනුවත් කරන්න එකතුවුනාට බොහෝම ස්තුතියි... ජයවේවා...
සෑහෙන්න වටින ලිපියක් ........ තැන්ක්ස්......
ReplyDeleteමේ වගේ දෙයක් ගැන දැනුවත් කරපු එක නම් ලොකු දෙයක්.
ReplyDelete@ කල්හාර දිසානායක :
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලියෝ... ජයවේවා...
@ පිණිබිඳු :
ඔය සහෝදරියටත් බොහොම ස්තුතියි...
වටින ලිපියක් සහෝ.දැනුවත් කරාට මාගේ ස්තූතිය
ReplyDeleteමචෝ මම අදමයි මෙහෙම දෙයක් දැන ගත්තෙ.ගොඩක් ස්තුති
ReplyDeleteමමත් අදමයි මේ වගේ දෙයක් දැනගත්තේ.ගොඩක් වටින ලිපියක්.මේ වගේ භයානක දේවල් ගැන අපිව දැනුවත් කරාට ස්තුතියි.
ReplyDeleteමත්ද්‍රව්‍ය වල සත්‍ය තේරුම් ගැනීමට ඒ පිළිබඳ නිවැරැදි අවබෝධය හේතු වෙනවා .මමත් උත්සහ කරනවා ඒ පිළිබඳ ධනාත්මක යමක් කිරීමට .සමහර විට අපේ වැඩ වලින්මත් මත්ද්‍රව්‍ය ගැන අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙන්න පුළුවන්. ඉතිං ඔබගේ උත්සහය ඉතාමත්ම වටිනවා අළුත් තොරතුරු ඉදිරිපත් කිරිම ගැන. මගේ බ්ලෝග් එක පැත්තේත් ඇවිත් මගේ උත්සහය ගැනත් බලන ලෙස හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
ReplyDeleteතාම ලංකාවට ඇවිත් නැහැ නේද ?? දෙයියන්ගේම පිහිටයි ලංකාවට. ඕක නම් එන්න එපා
ReplyDeleteඒ මත්ද්‍රව්‍ය ඉදලා හිටලා භාවිතා කරන කෙනෙක්ට ඒකෙන් ගැලවීමට ක්‍රමයක් තියනව ද?හිත පාලනය කිරීමෙන් පුලුවන් ද?ගොඩක් අය ඒ මත්ද්‍රව්‍ය ගැන නොදැන භාවිතා කරනවා.මානසික පීඩනය අඩු කරගන්න අවශ්‍ය වටපිටාවක් නැති අය හැමෝම ඒක ගැන වර්නනා කරනවා
ReplyDeleteඒ මත්ද්‍රව්‍ය ඉදලා හිටලා භාවිතා කරන කෙනෙක්ට ඒකෙන් ගැලවීමට ක්‍රමයක් තියනව ද?හිත පාලනය කිරීමෙන් පුලුවන් ද?ගොඩක් අය ඒ මත්ද්‍රව්‍ය ගැන නොදැන භාවිතා කරනවා.මානසික පීඩනය අඩු කරගන්න අවශ්‍ය වටපිටාවක් නැති අය හැමෝම ඒක ගැන වර්නනා කරනවා
ReplyDelete