අවුරුදු කෝටි 450 ක් පමණ වයස්ගත වන අප පෘථිවියේ ජීවය පහළ වූයේ කවරදා දැයි තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකිව ඇත. එසේ වුවත් මේ මහ පොළොව මත අග්‍ර බුද්ධිය හිමි ජීවියා මනුෂ්‍යයා බවට නම් කිසිදු විවාදයක් නොමැත. සොබාදහම අභිබවා යමින් (පරදවමින් නම් නොවේ...) දියුණූ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන නූතන මිනිසා සමස්ථ පෘථිවි ගෝලයම තම අණසකට යටත් කොට ගැනුමට තරම් බුද්ධියෙන්, දැනුමෙන් පොහොසත්ව සිටී. අවුරුදු ලක්ෂ 03 ක් පමණ වන මානව පරිනාමීය වංශ කථාවේ වානර බුද්ධියේ සිට අද දක්වා අපේ මනුෂ්‍ය මොළය පරිනාමය වීමට ගතවූ දීර්ඝ කාලය මිනිසා දැනුමෙන් සහ අත්දැකීම් වලින් පොහොසත් කර, පදම් කර ඇත.
ඒ පුංචි පෙරවදනක්... දැන් බලමු මේ බුද්ධිය කියන්නේ මොකක්ද කියලා. එක් ආකාරයකට බැලුවහොත් බුද්ධිය යනු තර්කානුකූල හැකියාවයි. තවත් විදියකට කිව්වොත් සිතා-බලා, තර්ක ගොඩ නගමින්, සුදුසුම විසඳුම සොයා ගැනීමට මිනිසා දක්වන සමත්කම. සමහර සත්ත්ව කොට්ඨාශ වලටත් තරමක් දුරට මේ හැකියාව තියෙනවා. තවත් විදියකට ගත්තොත් ඉගෙනගැනීමේ හා ඉගැන්වීමේ හැකියාව බුද්ධිය ලෙස ගත හැකියි. අවුරුදු ලක්ෂ 03 ක් වන දීර්ඝ ගමනේදී අපේ මුතුන් මිත්තන්ගේ ජාන වලින් අපේ ජාන වලට සම්ප්‍රේෂණය වුනු දැනුම (සහජ බුද්ධිය ?) අපේ මව්පියන්, ගුරුවරුන්, පරිසරය විසින් මුවහත් කිරීමේ ප්‍රතිඵලය තමයි අපි අද බුද්ධිමත්ව කටයුතු කිරීමට හේතුවෙන්නේ. මේ හැකියාවත් සත්ත්ව විශේෂ කීපයකට තියෙනවා. අනෙක් මතය තමයි ශිෂ්ඨාචාර ගොඩනැගීමට මිනිසා සතු හැකියාව බුද්ධිය ලෙස අර්ථ දැක්වීම. ශිෂ්ඨාචාරයක් යනු ආගමක්, භාෂාවක්, කලා සම්ප්‍රදායන්, සිරිත් විරිත් හා අනන්‍ය වූ සංස්කෘතියක් සමග හැඩ ගැසුණූ මනුෂ්‍ය ගහනයකට. හැබැයි කොහොම බැලුවත් මේ හැකියාව නම් තියෙන්නේ මිනිසාට පමණයි. ඇත්තටම බැලුවොත් මිනිසා මේ තරම් දියුණුවට පත්වීමට (භෞතික වශයෙන්...) හේතුවත් මිනිසා ශිෂ්ඨාචාර ගොඩනැංවීම තමයි.
ආදි කල්පික මනුෂ්‍ය ගහණය කෙමෙන් කෙමෙන් වර්ධනය වන අතරම සිරිත් විරිත්, ආචාර ධර්ම, නීති රීති ආදිය ගොඩ නැගෙන්නට ඇත. පරම්පරාවෙන් පරම්පරාවට එම සංස්කෘතිය හුවමාරු කිරීම සඳහා අවශ්‍ය මාධ්‍යය වශයෙන් භාෂාව යන සංකල්පය ගොඩ නැගෙන්නට ඇතැයි අපට සිතිය හැකියි. ඉගෙනුම් ක්‍රියාවලිය මගින් පරම්පරාවෙන් පරම්පරාවට දැනුම ගලායන අතරේ එම සංස්කෘතිය තව තවත් අළුත් වෙමින් නව දැනුම සමගම වර්ධනය වේ. මේ අතර ගල් යුගය, එඬේර යුගය පසුකර කෘෂි සංස්කෘතිය කරා පැමිණි ගමනේදී අත්විඳි විවේකය සමග මනුෂ්‍ය චින්තනයද වඩාත් පුළුල් විය. ආදී කලාවන් වල මූල බීජ මේ අවධියේදී පැන නගින්නට ඇති.ප්‍රාථමික ගෝත්‍රික සමාජයේ අදටත් මෙම ආදි කලාවන්ගෙන් පැවතෙන බෙර වාදන සමග සමූහ නැටුම්, ගල්ගුහා චිත්‍ර, ගල් ආභරණ ආදිය දැකිය හැකියි. මේ සමගම විඥාණය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආදී ආගම් ලොව පහල විණි. ඒ තම සොබාදහම පිළිබඳ මිනිසා තුළවූ නොනිමි කුතුහලය නිසාවෙනි. ස්වභාව ධර්මයේ අපූර්වත්වය තම විඥාණයෙන් අවබෝධ කරගත හැකි තරම් නොවූයෙන් අපේ ආදී මුතුන් මිත්තන් ඉර හඳ, ගස් ගල්, වැස්ස, අකුණු ආදී ස්වභාවික වස්තුන් වන්දනා කරන්නට වූහ.
මේ ආකාරයෙන් මනුෂ්‍ය ගහණය ශිෂ්ඨාචාරයක් ලෙස ගොඩ නැගීම ඇරඹිණි. ඒත් සමගම සොබාදහමට අනුගතව ජීවත් වන අනෙකුත් සියළු ජීවී කොට්ඨාශයන් අභිබවා මිනිසා තම ජීවයේ පරිසමාප්තිය කරා යන ගමන ආරම්භ විය. මේ අතරවාරයේ ක්‍රමයෙන් ගොඩනැගුනු තර්කාණුකූල හැකියාව හා නිර්මාණාත්මක චින්තනය මතින් ආගම් සංකල්පය ස්වභාවික වස්තූන් වල සිට මනඃකල්පිත දේවත්වයක් කරා එළඹිනි. අළුත් යමක් ඉගෙනීමට ඇති නොසංසිඳෙන ආශාව හා කුතුහලය නිසා දේව සංකල්පය බැහැර කරමින් මිනිසා ආත්ම සංකල්පය කරා නැඹුරු විය. එහි කූඨ ප්‍රාප්තිය වශයෙන් බුදුන් වහන්සේ ලොවට පහලව ජීවිතය ඇති සැටියෙන් දක්නා මග ලොවට හෙළි කරන්නට යෙදිණි. නොදියුණු වානරයෙක් ලෙස පරිනාමීය පරිවර්තනය ආරම්භ කල නූතන මිනිසා මේ තරම් දියුණුවට පත්ව ඇත්තේ ලෝකයේ ස්වභාවය පිළිබඳ තම මනසින් හාරා - පෙරළා - අවුස්සා බැලීමට ඔහු තුළ වූ නොනිත් ආශාව නිසා යැයි තර්කානුකූලව බැලූ විට මට සිතේ.
හොඳයි, ඒ ඉතිහාස කථාවත් කියවලා ඉවරවෙලා අපි අපේ මාතෘකාව පැත්තට ආයෙමත් හැරෙමු. දැන් අපේ කථාවත් එක්ක බැලුවාම මොකක්ද මේ විඥාණය කියන්නේ ? මට නම් ඒ සංකල්පය තව කෙනෙක්ට පැහැදිලි කරන්න අමාරුයි... දන්නා කෙනෙක් ඇත්නම් තේරුම් කර දෙන සේක්වා. මට හිතෙන විදිය නම් විඥාණය කියන්නේ සම්පූර්ණ මිනිස් බුද්ධිමය හැකියාවට. ඒ වුනත් මේක බුද්ධ දර්ශණයට එකඟ නොවන්නත් පුළුවන්. මම මේ බුදුන් වහන්සේගේ ධර්මය වෙනස් කරන්න හදනවා නෙවෙයි. නමුත් සම්ප්‍රදායික බෞද්ධාගමික දර්ශණයේ සිර නොවී අපි මැදහත් සිතින් මේ පිළිබඳ විමසා බලමු.
මම මේ ඉදිරිපත් කරන්නේ මගේ දැනුමේ හැටියට මගේ මතය. මට නිවැරදි යැයි හිතෙන ආකාරය. ඒ නිසා මේ කියන දේට ඔබ 100% ක් එකඟ නොවන්න පුළුවන්. හරි... විඥාණය කියන්නේ මොකක්ද ? මට දකින විදියට නම් විඥාණය කියන්නේ ශක්ති විශේෂයක්. (හෝව්, පොඩ්ඩක්... මම බුද්ධාගම Scientific කරන්න හදනවා නම් නෙවෙයි. ) මේ විඥාණය නම් ශක්තිය... අනන්ත වූ සසර පටන් මේ දක්වාම අප අත් නොහැර එන මේ අනන්‍ය වූ විඥාණය අපත් සමගම භවයෙන් භවයට ගමන් කරනවා. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මීට අවුරුදු 5000 කට පමණ පෙර රාවණ රජුගේ ගගන යාත්‍රික සේනාංකයේ ඔබත් මමත් දෙදෙනාම එකට යුධ වදින්නත් ඇති. නැත්නම් අවුරුදු දෙදහසකට කලින් දුටුගැමුණු රජුත් සමග විජිතපුර සටනට ගිය සේනාවේ මමත් හිටියා වෙන්න පුළුවන්. එච්චර දුර නොගිහින් පොඩ්ඩක් කල්පනා කළොත් 1818 උඩරට කැරැල්ලට අපි එකට සටන් කරන්නටත් ඇති. මොන විහිළුවක් ද නේද ? ඒත් හිතලා බැලුවොත් ඇත්ත වෙන්නත් පුලුවන්. අපි එක දෙයකට එකතු වෙලා මේ විදියට හමුවෙන්නෙ රට ගැන තියෙන ඒ කැක්කුම හින්දා වෙන්න ඇති. (මට පිස්සු නෑ, ok, i am serious…) භවයෙන් භවයට, ආත්මයෙන් ආත්මයට නාම රූප වෙනස් වුනත් මේ එකම විඥාණය නොවෙනස් ව අපත් සමග රැඳෙනවා. අපේ පුද්ගල පෞර්ෂත්වය මාපියන්ගේ ජාන, හැදී වැඩෙන පරිසරය මත මෙන්ම අපි ආත්මයෙන් ආත්මයට ගමන් කරද්දී රැස් කරගත් විඥාණ ශක්තිය මතත් රැඳී පවතිනවා. මලපොතේ අකුරක් වත් නොදත් දෙමව්පියන්ගේ දරුවන් සමහර විටෙක සරසවි අධ්‍යාපනය ලබන්නට තරම් බුද්ධිමත් වෙන්නේ මේ හේතුව නිසා. තවත් පොඩි උදාහරණයක් ගත්තොත්, මට ටිකක් හොඳට Music පුළුවන්. ඒකට හේතුව, මට හොඳ කණක් තියෙනවා. ඒ හැකියාව මම මේ අවුරුදු 27 ක ජීවිත කාලයේදී ඉගෙනගත් දෙයක් වත්, මම අමුතුවෙන් හොයාගත්තු දෙයක් වත් නෙවෙයි. මම Organ එක play කරන්න ගත්තු දවස්වල ඉඳන්ම මට කණෙන් ගහන්න පුළුවන් (play by Ear). මට හිතෙන්නේ ඒ හැකියාව මගේ සංසාර පුරුද්දක් වෙන්න ඇති. ඒ කියන්නේ මගේ විඥාණයට පෙර ආත්මයකදී ප්‍රගුණ කළ හැකියාවක් නිසා ලැබුණු ශක්තියක්. තවත් විදියට කිව්වොත් මගේ විඥාණය විසින් මීට පෙර සිටි තලයකදී (level) ඉගෙනගත්තු පාඩමක් මම දැන් ප්‍රයෝජනයට ගන්නවා. මම කිව්වේ මම ගැන. ඒ වගේම මෙවන් උපන් හැකියාවන් අපි හැමෝටම තියෙනවා. ඒවා තමයි අපි සංසාරය පුරා ඉගෙනගත්තු දේවල්... පුදුමයි නේ ?
දැන් මේක ටිකක් අවුල් වගේ නේද ? විඥාණය කියන්නේ ශක්ති විශේෂයක් නම් ඒක පවතින්නේ කොහොමද ? මට හිතෙන්නේ විඥාණය කියන්නේ අවකාශයේ නිදහස් ශක්තියක්. ඒක අනන්ත අපරිමාන විශ්වීය ශක්තියෙන් එක කොටසක්. අපි සියළු දෙනාම දන්න විදියට මනුෂ්‍ය ජීවිතය කියන්නේ තාවකාලික දෙයක්. අපේ ශරීරයට පැවතිය හැකි උපරිමය අවුරුදු 120 යි. මේ අචින්තනික ශරීරය අපේ විඥාණය විසින් අවුරුදු 60 – 70 කට විතර කුලියට ගන්නවා. මෙතනදී ශරීරය හා විඥාණය එකිනෙකට ස්වායත්තයි. හැබැයි විඥාණයක් නැතුව ශරීරයට පැවැත්මක් නෑ. එතකොට විඥාණය ඇයි ශරීරයක් පාවිච්චි කරන්නේ ? ඒකට සරලම පිළිතුර තමයි... අපේ අනන්‍ය වූ විඥාණය විසින් අත්දැකීම් එකතු කරගන්නට අපේ ශරීරය භාවිතා කරනු ලබනවා... (අපේ ශරීරය කිව්වට අපේ නෙවෙයි, කුලියට ගත්තු එකක්නේ...) මොකටද මේ අත්දැකීම් ... ? ඒ අපේ අනන්‍ය වූ විඥාණයේ ශක්තිය වැඩිකර ගැනීම සඳහායි.
දැන් තවත් අවුලක්... මේ විදියට ආත්ම භවයෙන් භවයට ශක්තිය වැඩිවෙලා වැඩිවෙලා මේ විඥාණයට මොකද වෙන්නේ ? ඒ අවසාන ශක්ති මට්ටමට තමයි නිර්වාණය කියන්නේ. බෞද්ධ මතයෙන් ටිකකට බැහැර වෙලා ස්වාධීනව බැලුවොත් නිර්වාණය ලෙස අදහස් කරන්නේ විඥාණය පරිපූර්ණ ස්වාධීනත්වයට පත්වීමටයි. ඒ කියන්නේ විඥාණයට තව දුරටත් අත්දැකීම් එකතු කරගන්න අවශ්යා නෑ. ඒ නිසා විඥාණයට තවදුරටත් ශරීරයක් මත යැපීමට වුවමනා නෑ. එනම් විඥාණය දැන් පරිපූර්ණත්වයට පත්වී අවසානයි. බුදුරජාණන් වහන්සේ නිර්වාණය ලෙස අදහස් කලේ මෙයම තමයි. අපි ඉගෙන ගත්ත, ඉගෙන ගන්න බුද්ධාගමේ හැටියට අපිට නිවැරදි බුද්ධ දර්ශණය දකින්න පුළුවන්ද කියලා සැකයක් මතුවෙනවා. අපි ත්‍රිපිටකය තුළ දකින්නෙත් සුපිරිසිදු බුද්ධ ධර්මයද ? නැත්නම් කටවහරෙන් - පරපුරෙන් පරපුරට මේ ධර්මය රැගෙන ඒමේදී එය සුපිරිසිදු ලෙස පැවතුනාද ? මේ ආදී ප්‍රශ්ණ නිසා මට නම් ව්‍යවහාරික බුද්ධ ධර්මය පිළිබඳ එතරම් විශ්වාශයක් නෑ. ( මේ කියන්නේ මා බුද්ධාගම අවිශ්වාස කරන බවක් නම් නොවෙයි. මම අවංකව - හදවතින්ම හොඳ බෞද්ධයෙක්, හැබැයි මම පොතේ ෙබෟද්ධයෙක් නම් නොවෙයි.)
හොඳයි, දැන් මගේ මතය සම්පූර්ණයි. විඥාණය කියන්නේ ශක්තියක්. ඒක ශුන්‍ය වූ ශක්තියේ ඉඳන් තමන්ගේ භව චාරිකාව ආරම්භ කරනවා. ආත්මයෙන් ආත්මයට සැරිසරමින්, අවුරුදු දහස් ගණනක් තිස්සේ සිරුරකින් සිරුරකට, නාමරූප පෙරහැරකට සම්බන්ධ වෙමින් තමන්ගේ ශක්ති මට්ටම වර්ධනය කර ගැනීමට අත්දැකීම් එකතු කර ගන්නවා. තමන් අතීතයේ උගත් දෙයින් වර්තමානයේ ප්‍රයෝජන ලබා ගන්නවා. අනාගතයට භාවිතා කිරීම සඳහා නව හැකියාවන් ප්‍රගුණ කරනවා. වැඩි දියුණු කර ගන්නවා. ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්වෙමින් තමන්ගේ ශක්තිය වැඩි දියුණු කර ගන්නවා. අවසානයේ යම් දිනයක මේ අනන්‍ය වූ විඥාණය පරිපූර්ණත්වයට පත්වෙනවා. මේ ගමන අවසාන වන්නේ නිර්වාණය නම් සංධිස්ථානයට පැමිණීමෙන්. නිර්වාණය යනු විඥාණ ශක්තියේ අවසානයද ? උපරිමයද ? ඒක නම් ප්‍රශ්ණයක්...!
දැන් එතකොට ඇත්තමට “මම” කියන්නේ මගේ ශරීරය කුලියට ගත්තු විඥාණයට. චතුරංග පෙරේරා කියන මගේ නමින් වත්, 5’5” ක් උස - සුදු ලස්සන කොල්ලට වත් (පුහ්...) “මම” කියලා කියන්න පුළුවන්ද ? බෑ... මේ කොයිතරම් මායාවක් ද කියලා චුට්ටක් කල්පනා කරන්න. අපි මැරුණට පස්සේ මේ “මම” කියන සංකල්පය බැහැරවෙනවා. එතකොට “මම” යන නමින් ඉපදී, ජීවත්ව, මියයෑමට නම් මිනිසුන් උපදින්නේ ඇයි... ?
අපි අපේ මේ තාවකාලික ශරීරයේ පැවැත්ම සඳහා ආහාර ගන්නවා. ඒ ශරීරයේ සනීපාරක්ෂාව උදෙසා නානවා - සෝදනවා - රෙදි අන්දවනවා. අපි උපන්දා සිට (ඇත්තටම අපේ ශරීරය උපන් දා සිට) සියළු කටයුතු සිදුකරන්නේ අපගේ ජීවිතය මනා ලෙස පවත්වා ගැනීමටයි. සාමාන්‍ය ආයු කාලය වශයෙන් අවුරුදු 60 ක්පමණ මෙලොව වාසයෙන් පසු අපි පොළොවට පස් වෙනවා - නැත්නම් අළු වෙනවා. එතකොට උපන්දා පටන් අවුරුදු 20 න් විතර පණ දාගෙන ඉගෙන ගත්තු ඒවා, එතැන් පටන් තවත් අවුරුදු 40 ක් විතර නොකා නොබී මැරීගෙන හම්බ කරගත්තු ඒවා... අපි අරගෙන යනවද... ???
නෑ... අපේ ශරීරය මෙලොව හැර ගියාට පස්සේ ඒවා සියල්ලම (භෞතික වස්තු) වෙන කාගේ හරි විඥාණයක් කුලියට ගත්තු ශරීර කූඩුවකට - ඒ කියන්නේ දරුවෙක්ට හෝ ඥාතියෙක්ට උරුම වෙනවා. එතකොට ජීවිත කාලයක් මහන්සි වෙලා තියෙන්නේ වෙන කාට හරි නේද ... ???
ඇත්තටම කල්පනා කලොත් වැඩි දෙනෙක්ගේ ඇත්ත තත්ත්වය ඕක තමයි. අවුරුදු 60 ක් තිස්සේ ජීවත කාලයටත් වඩා වස්තුව පොදි ගහනවා. ඒ ටික වෙන කාට හරි පවරලා මැරෙනවා. ආයෙත් වෙන නමකින්, වෙනත් තැනක ඉපදිලා කරන්නේ අර එකම චක්‍රයමයි. හැමදාම මුල ඉඳන් පටන් ගන්නවා. ගොඩ ගහනවා. පුළුවන් තරම් ජීවත් වෙලා මැරිලා යනවා. ආයෙත් ඊලඟ පාර මුල ඉඳන් පටන් ගන්නවා. එතකොට අපි අපේ කියලා ඉතුරු කර ගත්තේ මොනවාද ?
දැන් බලමු... විඥාණය පැත්තෙන් ගත්තොත්, අපි අළුතින් ඉගෙනගත්ත දේවල්, නැත්නම් වර්ධනය කර ගත්ත හැකියාවන් අපේ අනන්‍ය විඥාණය සමග අපිත් එක්කම ගමන් කරනවා. ඒ දේවල් විඥාණ ශක්තිය තුළ ගබඩා වෙනවා. යථාර්ථවාදීව බැලුවොත් අපට වුවමනා වන්නේ තව තවත් අළුත් අත්දැකීම් පමණයි. මොකද... විඥාණයට පරිපූර්ණත්වයට පත්වීම සඳහා අවශ්‍ය වන්නේ සියල්ලම ඉගෙන ගැනීමයි. ලෝකයේ පවතින සත්‍ය ස්වභාවය ඇති සැටියෙන් දකින්නට, විශ්ව යථාර්තය අවබෝධ කර ගන්නට තරම් අපේ විඥාණය පොහොසත් වුනාම තමයි අපි කියන්නේ නිවන් දකිනවා කියලා.
අපි වගේ young කොල්ලන්ට කෙල්ලන්ට මොන නිවන් ද නේ... එහෙම හිතුනත් ප්‍රශ්ණයක් නෑ. නිවන් දකින්න කියලා තරුණ කාලේ ඉඳන්ම භාවනා කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. මනුෂ්‍යයා ස්වභාවයෙන්ම තණ්හාධික සත්ත්වයෙක්. පුළුවන් තරම් try කරන්නේ ගොඩ වැඩි කරගන්නමයි. ඉතින් තමන්ගේ bank account එකට සල්ලි ගොඩ ගහගෙන account balance එක වැඩි කර ගන්නවද... එහෙමත් නැත්නම් තමන්ගේ විඥාණයට වුවමනා කරන අත්දැකීම් එකතු කරගෙන තමන්ගේ විඥාණයේ ශක්තිය වැඩි කරගන්නවද කියලා තීරණය කරන එක බුද්ධිමත් ඔබට භාරයි...
(සංවාදයට විවෘතයි)
අම්මට හුඩු මූ හිතන ඒව ..එල එල .
ReplyDeleteවිඥාණයට භවයෙන් භවයට යනව කියන එක සාස්වත දෘෂ්ථියයි.. ඔබත් මාත් මේ අනවරාග්‍ර සසරේ පමිනෙන්නේ මේ මායාකාරී විඥාණය අවබෝධ කරගැනීමට නොහැකි වූ නිසා..ඔබ කියන පරිදි ස්තිර් වූ විඥාණ ශක්තියක් මේ සත්වයා ගෙනියන්නෙ නෑ.. විඥාණයත් සංකත(හේතු පල දහමෙන් සකස්වූ) අනිත්‍යවූ දුක් වූ අනාත්ම ධර්මතාවක්..විඥාණය සම්පූර්ණ වශයෙන් අවබොධ කල එම මාර්ගයත් කියාදුන් මුණිවරය්ක්ගෙ ධර්මය ඇසෙන මානයේ ඉඳන් ඔබ ඉන්නා ව්‍යාකූලබව සංවේග ජනකයි..
ReplyDeletehttp://thripitakaya.com/
@ buwa...
ReplyDeleteහිටපු ගමන් අමුතු සීන් ඔළුවට එනවා බං... ලියන්න කියලා තියෙන්නේ මෙකන විතරනේ බං. ඉතින් හිතෙන හිතෙන එක ලියනවා. බලන එකෙක් බලපුදෙන්... ගනං ගන්න එපා. ඒ මගේ හැටි. ප්‍රතිචාරයට ස්තුතියි...
@ Ano...
ඔබට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන් ද ? නැත්නම් මේ ගැන දැනගන්න පුළුවන් මූලාශ්‍ර සඳහන් කරන්න. ඒක මේ ලිපිය බලන අනෙක් අයටත් උදව්වක් වේවි. ඔබ මගේ ලිපිය සමග එකඟ නොවෙන්න පුළුවන්. මොකද මම පළ කලේ මගේ මතය මිසක් බුදු හාමුදුරුවෝ කියපු එක නෙවේ. මට හිතට ආපු අදහස මම පළකලා. කොහොම වුනත් පුතිචාරයට නම් ස්තුතියි...
ඔබ සිතන ආකාරය ඇත්තෙන්ම සතුටු දායකයි..විඥාණය ගැන මූලික බුද්ධ දේශනා(සූත්‍ර )දහස් ගනනක විස්තර වශයෙන් දැක්වෙනව..පංච උපාදානස්කන්ධය, පටිච්ච සමුප්පදය වගේ ගැඹුරු ධර්මකාරනා වල මේ විඥාණය හොඳින් විස්තර කරල තියනවා... ආදිත්ත පරියාය, මහා පුණනමා වගේ සූත්‍ර වල විස්තර තියනව.. මූලික සූත්‍ර කියවල තේරුම් ගන්න පුලුවන් නම් හොඳයි.. ලංකාවෙ භික්ෂූන් වහන්සේලා සිංහලෙන් පැහැදිලි කරලදෙන දේශනා තියනව ඕනතරම් ඒවත් ඇසුරුකරන්න පුලුවන්..උදා:http://www.mahamevna1.org/Amadahara_FrDw/Mp3_03_Budu_Samidu_Deka_Ganimu/04%20Bhaawana%20Deshanaya,%20Pancha%20Upadanaskandaya.mp3
ReplyDelete@ Ano...
ReplyDeleteඔය ඇනෝ කලින් ඇනෝමයි කියා සිතනවා. කොහොම වුනත් ස්තුතියි, හැම දෙනාගේම දැන ගැනීම පිණිස ලින්ක් එකක් දැම්මාට. ආයෙමත්, බොහොම ස්තුතියි, බොහොම පිං !!!
ඒ ඇනෝම තමයි.. ස්තූතියි.. :) තෙරුවන්සරණයි!!
ReplyDeleteSeems you are in a deep confusion on විඥාණය
ReplyDeletePlease listen to these talks and get clarified.
http://www.mahamevnawa.lk/?page_id=713
http://niwanmaga.wordpress.com/pitigala_gunarathana_thero/
@ ඔස්කා...
ReplyDeleteas told as earlier comment, this is only my view that i want to share with others. Clearly, this is not what Buddha said and i know it already. this is not about Buddhism. i want to give some message to people and if they have something to think, that's my joy. please don't cross this with විඥානය in Buddhism. Thanks for the comment.
mata terenne nthi eka tanak tiyanwa yahaluwa. api winganaya aran yanwa kiyala liyala tiyanwa, eth mata dan ganna ona mulinma mage winganaya athi une kohomada? anika dan lokaye population eka enna enna wedi wenawa, edata wada ada godak wedi, ethakota oya wingana athi une kohomada?
ReplyDeletemeka poddak mata pahadili karala denna kawuru hari, sthuthi
@ Bandara :
ReplyDeleteමම මෙතන කියලා තියෙන්නේ විද්‍යාත්මක සත්‍යයක් වත්, බුද්ධ ධර්මයේ එන දර්ශණය වත් නෙවෙයි. මට ඕන වුනේ පොඩි පණිවුඩයක් දෙන්න. මට හිතෙන දේ තමයි මම ලියලා තියෙන්නේ.
විඥාණය ආරම්භ වෙන්නේ කොහොමද කියලා නම් මේ කියන විදියට පැහැදිලි නෑ තමයි. හැබැයි අවසානයේදී විඥාණය විශ්ව ශක්තියත් එක්ක එකතු වෙනවා. අනෙක තමයි සහෝ... මේ ලෝකයේ කූඹි ගහණය විතරක් ගත්තත් මනුෂ්‍ය ජනගහනය වගේ දහස් ගුණයක්...! අනෙක අපි දන්නෙ නෑ... මනුෂ්‍යයාට වඩා දියුණු තලයක ඉන්න ජීවීන් කොට්ඨාශයකගේ ශක්තිය අඩුවෙලා මනුෂ්‍යයන් ලෙස ඉපදෙනවා විය හැකියි. කොහොම වුනත් ප්‍රතිචාරයට ස්තුතියි.
චතුරංග, පීල්ලෙන් පැනල මාවත් පීල්ලෙන් එහාට තල්ලු කලාට ස්තූතියි ! කෝච්චි පාරට වැඩිය මේපාරෙ අළුත් අත්දැකීම් ගොඩක් තියෙයි!
ReplyDeleteතවත් කෙනෙක්ට චතුරංග දකින දෙය වැරදියි කියල පෙනෙයි. හැමදයක්ම තේරුම් ගන්න මනුස්සය කැමතියි. ඒකට යොදාගන්නෙ තමන්ගාව තියෙන අත්දැකීම්, සම්පත් මත තමයි. සමහරවිට ඒ අත්දැකීම් පරිපූර්ණ මදි වුනොත් යම් සංසිද්ධියක් පැහැදිලි කරන්නෙ සර්ව සාදාරණ විදියට නොවෙන්න ඉඩ තියෙනව. ඒත් මෙහෙම වෙනස් විදියට හිතන මිනිස්සු ලෝකෙට අළුත් දේවල් ගොඩක් දායාද කරල දීල අහවරයි.
@ නවම් :
ReplyDeleteස්තුතියි සහෝ. පීල්ලෙන් පනින්නත් ගටක් තියෙන්න ඕනෙ නොවැ !!!
කොහොම වුනත් මේක බලපු එකෙක් හරි මම කියපු දේ තේරුම් ගත්තනම් ඇති.
කොහොමත් සම්ප්‍රදායික රාමුවේ හිරවුන අයට පේන්නේ රාමුව විතරයි. ඒත් එතනින් එහාට තමයි බලන්න ඒවා තියෙන්නේ.
ආයෙත් හමුවෙමු. ජය !!!
ප.ලි. : නෝනිගෙන් ගුටි කනවා කියලා ආරංචියි
Everything worldly thing depends on concepts. Concepts depend on relativity.Relativity has time,mass and length.But universal doesn't depend on relativity.It is beyond the world.World is created by our mind using our five senses.So that your explanation doesn't relate to universal truth.This is my vision.
ReplyDeleteAttanayake from Colombo.
විඥානය යනු සත්වයන්ගේ මනසින් තෘෂ්ණාව(ලෝභ ,ද්වේශ,මෝහ) නිසා සාදන දැ නගනීමක් හා පනවා ගැනීමකි. මෙය හේතු නිසා හටගත් නිසා සංස්කාරයකි.
ReplyDeleteතවද සත්වයන්ගේ මනස විවිද නිසා ද ,මොහොතින් මොහොත වෙනස් වන නිසාද මේ විඥානය ද නිත්‍ය නොවේ.මෙවැනි දෙයක් භවයෙන් භවයට රැගෙන යන දෙයක් නැත.නමුත් රැගෙන නොයන දෙයක්ද නොමැත.
ඒ නිසා අනාත්ම වූ ,අනිත්‍ය වූ දුකක වූ මේ අල්වා ගැනීමම තමයි මේ දෙය.ඉතින් මේ දැනීම එනම් චතුස් සත්‍ය දැකීම නිසා මේ කියන අවිද්‍යාව නොමැති විට සත්ව ,මම ,ආත්ම ,මනස යන නිර්මාණ වලින්වලින් වෙන්වූ නිවන දැකගැනී.