Showing posts with label පරිගණක. Show all posts
Showing posts with label පරිගණක. Show all posts

Wednesday, December 31, 2014

Windows 10 සමග එන අළුත්ම මයික්‍රොසොෆ්ට් බ්‍රවුසරය - Spartan

යික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි. ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප්‍රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර, සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10, මෙතෙක් බිහිවූ හොඳම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය කරන්නට ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඇති බව පසුගිය මාස කිහිපයක සිටම අපට පෙනෙන කරුණු වලින් සනාථ වෙමින් පවතී. වින්ඩෝස් 8 හි සිට වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා වෙනුවට, සම්පූර්ණ වෙනසක් පෙන්වීම සඳහා නව මෙහෙයුම් පද්ධතියේ නම පවා වින්ඩෝස් 10 ලෙස වෙනස් කිරීමම එයට නිදසුනක් පමණී. දැන් මේ  වින්ඩෝස් ‘යහගුණ‘ තවත් වැඩි කරලීම සඳහා මෙතෙක් කල් වින්ඩෝස් පද්ධතියේ අනිවාර්ය බ්‍රවුසර සගයා වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවට නවතම වෙබ් බ්‍රවුසරයක් වින්ඩෝස් 10 සමග හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට්  සමාගම සූදානම් බව අසන්නට ලැබේ.

Sunday, August 25, 2013

- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී -

මෙම ලිපිය කියවන ඔබේ අත මේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින් නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි. ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණික සංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණක පුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලය නිමා කොට පසුගිය ජූලි 02 වැනි දා සදහටම සිය දෑස් පියා ගත් වග පාඨක ඔබට දැන්විය යුතුව තිබේ.

Wednesday, November 21, 2012

- Contact Lens (සිවි කාච) තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ? -


       ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය පිළිබඳ මතක ඇතැයි සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත් දෘෂ්ඨියක් මනුෂ්‍යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා.

Friday, November 16, 2012

- ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP -


      පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා  පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board),  අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

Wednesday, September 26, 2012

- ශ්‍රවණ තත්ත්වයට හානි නොකර ශබ්ද ගොනු හකුලවන FLAC -


      ශබ්ද ගොනු පිළිබව කථා කරන විටදී දත්ත හැකිළීම (Audio Compresson)  පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ, සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය  ලෙස සලකන .WAV ගොනු මාදිලියේදී එක් විනාඩියක් සහා මෙගාබයිට 10 ක ඉඩක් වැයවේ. ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය මෙගාබයිට 50 කට ආසන්න ධාරිතාවයක් ගනු ඇත. මේ අධි-ධාරිතාවයකින් යුත් ශබ්ද ගොනු සහා විකල්පයක් ලෙස MP3, WMA ආදී ගොනු මාදිලි වඩාත් ජනප්‍රිය විය. ඒ ඒවායේ අඩු ධාරිතාවය නිසායි.

Sunday, September 16, 2012

- 2013 දී එන DDR4 මතක පත් (DDR4 RAM) -


      පරිගණක මතක් පත් (RAM) තාක්ෂණය ද අන් සෑම තාක්ෂණ ක්ෂේත්‍රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍රයකි. දෙගුණයක දත්ත වේගයක් සමගින් 2000 වසරේදී එළි දුටු DDR තාක්ෂණය DDR2 හා DDR3 ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3 මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි හැකියි. ඒ එහි අඩු මිල, ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR3 තාක්ෂණයට වඩා බොහෝ සෙයින් වැඩි දියුණු කරන ලද නවතම තාක්ෂණයෙන් යුත් මීළඟ පරපුරේ මතක පත් ලෙස DDR4 වර්ගයේ RAM එළි දැක්වීමට සූදානම් බව දැන් වාර්තා වේ.

Saturday, June 23, 2012

- අළුත් පරිගණක ගැජට් ගැන දැනගනිමු [#2] -

      තාක්ෂණයේ දියුණුවත් එක්කම එළි දැක්වුනු අපූරු ගැජට් කීපයක් ගැන පහුගිය ලිපි කිහිපයකිනුත් ඉදිරිපත් කලා මතක ඇති. පරිගණක, සන්නිවේදන හා විනෝදාස්වාද යන ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන මේ නව තාක්ෂණික උපාංගයන් නූනන තාක්ෂණික විස්මයන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලන්න, මේ ගැජට් අතර ඔබ සොයමින් සිටි ආකාරයේ උපාංගයක් තියෙන්නත් බැරිකමක් නෑ...

Tuesday, May 15, 2012

- සිලිකන් චිප් යුගය අවසන් කරමින් එන මොලිබ්ඩිනයිට් චිප් -

      පරිගණක තාක්ෂණයේ වර්තමාන ප්‍රගමනයට හේතු සාධක වූයේ මයික්‍රොචිප් (Microchip) බව නොරහසකි. 50 දශකයේදී ශාලාවක් තරම් විශාල වූ පරිගණකය, 70 දශකයේදී මේසය මතට පැමිණ, වර්තමානය වන විට අත්ල මත රැඳී තිබේ. මේ ක්ෂුද්‍රකරණය සඳහා මූලිකවම බලපෑවේ එක් චිපයක් මත වැඩි වැඩියෙන් ට්‍රාන්සිස්ටර පිහිටුවීමට තරම් තාක්ෂණය දියුණු කිරීමයි. මේ ආකාරයෙන් චිප් නිපදවීම සඳහා යොදාගන්නා සිලිකන් වෙනුවට අනාගතයේ භාවිතා වෙතැයි සැලකෙන ආදේශකයක් ගැනයි මේ.

Saturday, February 18, 2012

- අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු -

      තාක්ෂණය අළුත් වෙන්නේ හරිම වේගෙන්. මේ අවුරුද්දේ අළුතෙන්ම නිපදවන උපාංගයක් තව අවුරුද්දකින් යල්පැන ගිය එකක් වෙනවා. දිනෙන් දින අළුත් වෙන පරිගණක තාක්ෂණික ලෝකයේ අළුත්ම යෙදුම් ගැන දැනුවත් වෙලා නොඋන්නොත් අපිටත් මේ තාක්ෂණේ මැජික් වගේ වේවි. ඉතින් ඒ වගේ අළුත් අළුත් ගැජට් ගැන දැනගන්න ඔයාලත් කැමති ඇති නේද ? ඔන්න එහෙනම් අළුතෙන් එළි දැක්වුනු පරිගණක උපාංග කීපයක් ගැන තමයි මේ විස්තරය...

Thursday, November 17, 2011

ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු...


නිවැරදිව ඔබේ ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමෙන් එහි ආයුකාලය වැඩි වන අතරම එය හො කාර්යක්ෂමතාවයකින් යුතුව ධාවනය වේ. එමෙන්ම ලැප්ටොප් පරිගණකය හදිසි අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමටද මේ උපදෙස් වැදගත් වේ. එවැනි අවස්ථාවකදී අළුත්වැඩියා කිරීමකට යෑමට වඩා එයින් ආරක්ෂා වී සිටීම වඩාත් හිතකරයි. මෙහි සහන් උපදෙස් පිළිපැදීමෙන් ඔබේ ලැප්ටොප් පරිගණකයත් අවම නඩත්තුවකින් යුතුව වැඩි කාලයක් භාවිතා කළ හැකි අතරම සැමවිටම වේගවත්ව ක්‍රියාත්මක වේ.

Wednesday, October 26, 2011

USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් බලමුද ?

න්න අද ටිකක් වෙනස් වැඩක් කරන්න හිතුවා... මේ ලිපියෙන් කියන්නේ පරිගණක හා වැඩ කරද්දී අපිට විශේෂයෙන් උවමනා වෙන පොඩි පොඩි ගැජට් කීපයක් ගැනයි. මේවා පොඩි උනාට හරිම ප්‍රයෝජනවත් ! ඉතින්, පුළුවන් හැටියට විස්තරයක් දාලා තියෙනවා. වැඩිදුර විස්තර ඕනෙ නම් ලින්ක් එකත් තියෙනවා. ඉමේජ් එක උඩ ක්ලික් කරන්නකෝ. කියවලා බලමුකෝ එහෙනම්...

Saturday, October 15, 2011

ඔබේ පරිගණකයේත් තිබිය යුතු හොඳම ආරක්ෂණ මෘදුකාංග 10 ක්

රිගණකයක් භාවිතා කරන අප සැමගේම ලොකුම හිසරදය නම් පරිගණකයට වින කරන හානිකර පරිගණක වැඩසටහන් වලින් ගැලවීමයි. මේවා malware, viruses, key loggers හා worms ආදී ආකාරවලින් අපේ පරිගණකයට පැමිණේ. දිනෙන් දිනම නවතාවයට ලක්වෙමින් දහස් ගණනින් පරිගණක ලෝකයට එකතුවන මේ තර්ජනයට මුහුණ දීමට නම් අපේ පරිගණකයත් හොම තත්ත්වයේ ආරක්ෂණ මෘදුකාංගයන්ගෙන් සන්නද්ධ කළ යුතු වෙයි.