හාප් සීල්
හිම ගුලියක් වගේ ලස්සන මේ සතා දකින්නට ලැබෙන්නේ රුසියාවේ
හෝ කැනඩාවේ හිමෙන් වැසී ගත් ආක්ටික් උතුරු ප්‍රදේශවලයි. හාප් සීල් පැටවුන්ට සති
දෙකක් පමණ වයස්ගත වන විට සුදු පැහැ පුළුන් ගුලියක් මෙන් ලෝම වැඩී අතිශය අලංකාර
අයුරින් දිස්වේ. කුඩා පැටවුන් මේ ලෝම වල ආධාරයෙන් පාවෙමින්, දියේ ගිලෙමින් කුඩා
මසුන් දඩයම් කරමින් ආහාරයට ගනී. හාප් සීල් මසුන් හට විනාඩි 20 ක පමණ වේලාවක් දිය යට
හුස්ම අල්ලා සිටිය හැකි අතර ඔවුනට මීටර 250 කට ආසන්න ගැඹුරකට කිමිදිය හැකියි.
චීටා
උසට වැඩුණු අප්‍රිකානු තෘණ භූමියක පඳුරු වැස්මට මුවාවී
සිටින මේ චීටා පැටවුන් බිළාල පවුලට අයත් සත්ත්ව විශේෂයකි. හොඳින් වැඩුණු විට ලෝකයේ
වේගවත්ම දුවන්නා වීමට මේ පැටවුන්ටත් හැකියාව තිබේ. මේ චීටා පැටවුන්ගේ දිගැති,
සිනිඳු ලෝම වැස්ම කුඩා
කාලයේදී හැඳින්වෙන්නේ “පොරෝනාව”
ලෙසිනි. මේ වැස්ම නිසා
පැටවුන් දුබල කුඩා කාලයේදී ඔවුන් පරිසරය සමගම වෙස් මාරුවී පෙනෙන අතර බාහිර
අන්තරායකාරී තර්ජන වලින් ආරක්ෂා වේ. ඔවුන් ක්‍රමයෙන් වැඩෙත්ම මේ ලෝම වැස්ම අඩුවී
යන නමුත් ඔවුන්ගේ කේෂරයන් වයස අවුරුදු දෙකක් පමණ යන තුරු දක්නට ලැබෙයි.
වලසා
සරත් සෘතුව පටන් ගන්නවාත් එක්කම මේ දුඹුරු වලස් පැටියා
වැඩි වැඩියෙන් බඩ පුරවගන්නයි බලන්නේ. දවසකට කිලෝග්‍රෑම් දෙකක විතර කෑම මෙයා ගබඩා
කරගන්නවාලූ. මොකටද දන්නව ද ? හිම වැටෙන ශීත
කාලයේදී මේ ගොල්ලෝ නොනවත්වා නිදා ගන්නවා. ඒ කාලෙට මෙයාලට ශක්තිය දෙන්නේ මේ විදියට
ඇඟේ තැන්පත් කරගන්න මේදය තමයි. පැටියගේ අම්මා නම් කෑම හොයන්න රුසියෙක්. කිලෝමීටර 28 ක් එහා තියෙන කෑමක්
වුනත් මෙයාට ඉව වැටෙනවාලූ...
රැකූන්
මේ රැකූන් පැංචා නම් ගස් බඩගාන්න හරි හපනෙක්. ගොඩක්
වෙලාවට මේ රැකූන් පැටවුන්ගේ පළමු මාස දෙක තුන ගෙවෙන්නේ ගස් බෙනයක තැනුනු
කැදැල්ලකයි. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම
එයාලා ගස් බඩ ගාන්න පුරුදු වෙනවා. මේ ගොල්ලන්ට තට්ටුවක් දාලා, අතින් අල්ලලා බලලා
ගොදුරු හොයාගන්න හොඳ දක්ෂකමක් තියෙනවා. ගෙම්බෝ, කුරුළු බිත්තර, කෘමී සතුන් සහ සමහර විට සර්පයින් පවා මෙයාලා
ආහාරයට ගන්නවා.
ඔරංඋටන්
ඔරංඋටන්ලා ගස්වල එල්ලිලා ඉන්න හරි ශූරයෝ. මේ පැටියා
එල්ලිලා ඉන්නවා වගේ ඔරංඋටන් සතුන්ගේ ජීවිත කාලයම වගේ ගෙවෙන්නේ ගස් මත. එයිනුත්
වැඩි කාලයක් ඔවුන් ගත කරන්නේ එල්ලී හිඳිමින් තමයි. බෝර්නියෝ හා සුමාත්‍රා දූපත් වල
ඇති වනාන්තර වල ගස් මත මේ ගොල්ලන්ගේ විශාල කූඩු තනා තිඛෙනවා. කුඩා පැටවුන් මඳක්
වැඩෙන තුරු ජීවත් වෙන්නේ ඒ කූඩුවලයි. ඊට පස්සේ ඒ ගොල්ලොත් ගස් මත එල්ලිලා ගෙවන
ජීවිතේට පුරුදු වෙනවා.
මේ පැන්ඩාවන් නම් කන්නම උපන් අය. චීනයේ වනාන්තර වල වාසය
කරන මේ පැන්ඩාවන් දවසේ පැය 14 ක් විතරම
කරන්නෙ උණගස් විකන එකම තමයි. ඒ ගොල්ලෝ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්නෙත් උණ ගහක්
හොයාගන්න විතරමයි ලු. මේ “රජ” කෑම නිසා මෙයාලට විවේක
ගන්නවත් කාලයක් නෑලූ. පැන්ඩාවෝ නිදියන්නේ යන්තම් පැය 2-4 ක් වගේ කාලයක් විතරයි.
මුහුදු
කැස්බෑවා
මෙයා නම් හැබෑම වාසනාවන්තයෙක්. කැස්බෑ පැටවෙක්ට නොනැසී
බේරෙනවා කියන්නේ හරිම දුෂ්කර කාරියක්. ටෙනිස් බෝලයක් විතර බිත්තරේ හිල් කරගෙන ලෝකෙට ඇවිත්, ඊට පස්සේ එයාලගේ අම්මා
බිත්තරේ වහලා තිබුණු වැලිගුහාව හාරගෙන වෙරළ මතුපිටට එන්න ඕනේ. ඊට පස්සේ කකුළුවෝ,
මුහුදු ලිහිණියෝ වගේ
විලෝපිකයන්ගෙන් බේරිලා වෙරළේ ඉඳන් මුහුදට පැනගන්නත් ඕනේ. එහෙම වැල්ල දිගේ බේරිලා
දුවන්න එයාලට කකුල් නෑ. තියෙන්නේ අවල් පාද (Flippers) තමයි. ඒවායේ උදව්වෙන් අමාරුවෙන් බේරිලා
මුහුදට පැන්නත් මේ කැස්බෑ පැටවුන්ට සැනසුම් සුසුම් හෙලන්න බෑ. එයාලා මුහුදට පැනලා
පැය 24 ක් විතර එක
දිගට ඈතට පිහිනගෙන යනවා. ඒ මුහුදේ ඉන්න ගොදුරු අල්ලන්ගෙන් බේරිලා ඉන්නයි. ඔය
ඔක්කොම පරීක්ෂණ සමත් වෙලා තමා මේ පුංචි කැස්බෑ පැටියා මේ පීනගෙන එන්නේ.
මේ විදියට මුවට මුව තබා ඉව කිරීම මුවන්ගේ පුරුද්දක්.
එකිනෙකා හඳුනාගැනීමට හෝ දන්නා අයෙක් නම් ආචාර විධියක් ලෙස ද මෙසේ ඉව කිරීම කරනු
ලබනවා. සිය ජීවිතයේ පළමු සති කිහිපය සම්පූර්ණයෙන්ම පාහේ බාහිර පරිසරයෙන් සැඟව
සිටින මේ මුව පොව්වන් හට යාන්තම් එළියට බහින්න පුළුවන් වුනු වෙලාවට මේ වගේ අඳුනන
මූණක් දකින්න ලැබීමත් සතුටක්. මුව පොව්වන්ගේ තිත් වැටුනු පිටත සම කුඩා කාලයේ
මොවුන්ට පරිසරයත් සමග මුහුව වෙස්වලා ගැනීමට උදව්වක් වෙනවා. මාස 3-4 ක් වයස්ගත වෙත්ම මේ
තිත් ක්‍රමයෙන් අඩුවන අතර ඝණ ලොම් ආවරණයක් ඇතිවන්නේ ශීත කාලයට ඔරොත්තු දීම සඳහායි.
වල් ඌරා
පුංචි කාලේ මෙහෙම හුරතලේට පෙනුනට, මේ හාදයෝ අවුරුද්දක්
විතර වයස වුනාම නම් හුරතල් කරන එක කෙසේ වෙතත්, ළඟින් යන එකත් එච්චර ගුණදායක දෙයක් නෙවෙයි.
වල් ඌරන්ට අං එන්නේ ඒ කාලෙට තමයි. මේ අං වලින් තමා අවට ගස්වල පොතු ගලවා තම සීමාව
සලකුණු කිරීමත්, වෙනත් ආක්‍රමණිකයන්
හා සටන් කිරීමත් සිදුකරනවා. පෙනුම හා ප්‍රමාණය ටිකක් වෙනස් වුනත්, අමුතු අං ලැබුනත්,
මේ අයත් ඌරාගේ වර්ගයේම
අය තමා.
ඉත්තෑවා
පෙනුමෙන් නම් මේ ඉත්තෑ පැටියා හරි හුරතල් වගේ. ඒත් මෙයාට
පොඩ්ඩක් තට්ටුවක් දැම්මොත් තමා ප්‍රශ්ණේ වෙන්නේ. ඉත්තෑවෙකුගේ ශරීරය වසාගෙන ඉත්තෑ
කූරු 7000 ක් පමණ ඇති
අතර බාහිර ආක්‍රමණයකදී කූරු පිටතට විහිදා බෝලයක් මෙන් ගුලිවීම ඉත්තෑවාගේ ක්‍රමයයි.
අනෙක් විලෝපියන්ට මේ කටු වලින් ගැලවීම අපහසු නිසා ඉත්තෑවා බේරුනත් බැජර් සතුන්ට
නම් ඒක ප්‍රශ්ණයක් නෙවෙයි.
වොලබි
ඕස්ට්‍රේලියාවේ බහුලව දක්නට ලැඛෙන මේ කුඩා සත්ත්ව විශේෂය
තරමක් කැන්ගරුවන්ට නෑකම් දක්වනවා. පොඩි වුනාට මේ ගොල්ලෝ තරමක් චණ්ඩියෝ. කුඩා
කණ්ඩායම් වශයෙන් ජීවත් වන මේ වොලබි සතුන් ඕස්ට්‍රේලියානු වියළි කාන්තාරබද ප්‍රදේශ
වල ජීවත් වෙනවා. මොවුනට ජලය නොමැතිව බොහෝ කලක් ජීවත් විට හැකි අතර ආහාරයට ගන්නා
ශාඛ පැලෑටි මගින් අවශ්‍ය තෙතමනය සහ පෝෂ්‍ය පදාර්ථ ලබාගනී.
ඇමෙරිකානු
වෘකයා
මේ වෘක පැටවා උඩු බුරලන හඬ නම් ඇහෙන්නේ බයෙන් කෑගහනවා
වගේ වුනත් වැඩුණු වෘකයන් රංචුවකගේ උඩු බිරුම් හඬ නම් ඇඟ ලේ හිරිවැටෙන තරම්
බියජනකයි. ඇමෙරිකානු ජනප්‍රවාද වල මේ වෘකයින් බොහෝ විට අවතාර හා සම්බන්ධ කොට ප්‍රබන්ධ
කථා ගොඩ නැගී ඇත්තේත් මේ බිහිසුනු, මායාකාරී උඩු බිරුමත් සමගයි. එසේ වුවත් වෘකයින් මෙසේ උඩු
බිරුම් ලන්නේ සිය සගයින් හා පණිවුඩ හුවමාරුවට බවයි පැවසෙන්නේ. එක් එක් අවස්ථාවන්ට
ගැලපෙන පරිදි වෙනස් ශබ්ද නිකුත් කරමින් එකිනෙකා අතර සන්නිවේදනය කරන්නට මේ වෘකයින්ට
පුළුවන්. එක් බිරුමක් මගින් රංචුවට දඩයම් සඳහා විධාන ලැඛෙන අතර තවත් බිරුමක් මගින්
අතරමං වූ වෘකයෙක්ට උගේ රංචුව සොයාගැනීමට උපකාර කරයි.
සුදු මුගටියා
ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 30 ක් තරම් කුඩා සතෙක් වුනත් මේ සුදු ලොම්
මුගටියා දක්ෂ දඩයක්කාරයෙක්. තමන් වගේ දෙගුණයක් විශාල ආක්ටික් හාවෙක් වුනත් දඩයම්
කරන්න මොවුන් පසුබට වෙන්නේ නෑ. නිශ්ශබ්දව හා සූක්ෂම ලෙස ගොදුර වෙත ඇදෙන මේ සුදු
මුගටීන් හට ඔවුන්ගේ අලංකාර ලොම් ආවරණයද තවත් අතිරේක උපකාරයකි. ශීත සෘතුවේදී හිම
මෙන් සුදු පැහැයට ද, වසන්ත හා ග්‍රීෂ්ම
සෘතු වලදී දුඹුරු පැහැයට ද හැරෙන මේ ලෝම නිසා සුදු මුගටියා හට පසුබිමත් සමග බද්ධ
වී හඳුනාගත නොහැකි ලෙස ගොදුරට ලඟා විය හැකියි.
බොබ්කැට්
බිළාල පවුලට අයත් මේ සත්ත්වයා කෑලෑ පූසෙක් ලෙස ද
හැඳින්විය හැකියි. සත්ත්ව ලෝකයේ දක්නට ලැඛෙන විශිෂ්ඨතම ආකාරයේ අලංකාර සමක් ඌට ලැබී
තිබේ. කඳුකරයේ සිට කාන්තාර දක්වා විවිධ වාසභූමි සමග මුහු වී අවධානයට අසු නොවන සේ
වෙසෙන්නට මේ ලොම් ආවරණය කැලෑ බලළාට උපකාර කරනවා. මොවුන්ගේ කන් මත ඇති ලොම් කැටිය
මත ඇති කරන ගැස්සීම් / සෙලවීම් මගින් ඔවුන්ගේ වර්ගයේ අනෙක් සතුන් හා සන්නිවේදනය
කෙරෙනවා.
බකමූණා
සුදු පැහැති මුතු කැට වැනි තිත් ඉහිරුණු මේ බස්සා දකුණූ
අප්‍රිකාවේ වෙසෙන කුඩාම බකුසු විශේෂයක්. අනෙකුත් බස්සන්ට මෙන් මෙයාලගේ ඔළුව මුදුනේ
කුඩුම්බිය වගේ කන් නොමැති වීම විශේෂ ලක්ෂණයක්. මෙයාලගේ ඛෙල්ල පිටුපස්සේ තියෙන
කළුපාට කුඩා පැල්ලම් දෙක නිසා ඔළුව පිටිපස්සෙත් ඇස් තියෙනවා කියලා රැවටෙන්නත්
පුළුවන්. අප්‍රිකානු වනාන්තර වලදී මොවුන්ගේ තියුණු නාදය ඔබට පැහැදිලිව අසන්නට
ලැබේවි.
ඌරා
නම ඇහුවාමත් තරමක් අප්‍රසන්න ගතියක් පෙන්නුවත් ඌරු
පැටවුන් කුඩා කාලයේදී නම් ලස්සනයි. හැබැයි ඉතින් ඒ ටිකක් ලොකු වෙලා මඩ වලකට පනින
තුරු විතරයි. මෙයාලා මඩ නාන්න හරිම ආසයි. එයාලට දාඩිය දාන්නේ නැති නිසා ශරීර
උෂ්ණත්වය පාලනය කරගන්න අමාරුයි. මඩ වලින් කරන්නේ වායු සමීකරණ යන්ත්‍රයකින්
කෙරෙන්නා වාගේ සිසිලසක් ලබාදීමයි. ඒ වගේම මේ මඩ ආලේපනය මෙයාලවව අධික හිරු
එළියෙනුත් ආරක්ෂා කරනවා. ඌරෝ මඩ වලට ආසා ඇයි කියලා දැන් පැහැදිලියි නේද ?
බූරුවා
බූරුවෝ කියන්නේ එතරම් ප්‍රියමනාප සත්ත්ව කොටසක් නොවුනත්
මේ කුරු බූරු පැටියා නම් හුරතල් පාටයි. සිසිලි සහ සාඩිනියා වැනි ඉතාලියානු වනගත ප්‍රදේශවල
වෙසෙන මේ කුරු බූරුවන් විශේෂය වර්තමානයේදී නම් සුරතල් සතුන් විශේෂයක් ලෙස ගෘහස්ථව
ඇති කරනවා. ඔවුන් හරිම මිත්‍රශීලී, සුරතල් සතුන් කොටසක් ලෙස ප්‍රසිද්ධයි.
බැටළුවා
මේ බැටළු පැටවුන් දෙදෙනා අයත් වන්නේ බැටළු ලොම් (වූල්) සඳහා
ඇති කරන විශේෂයකටයි. ඔවුන්ගේ ලොම් වලින් බුමුතුරුණු (කාපට්) සෑදීම සඳහා වූල්
ලබාගැනීම සිදුකරනවා. මේ වර්ගයේ වෙනත් බැටළුවන්ගෙන් උෂ්ණ ඇඳුම් සඳහා ලොම් සපයා
ගැනීම සිදුකරනවා. මේ එක් බැටළුවෙක් ගෙන් අවුරුද්දකදී ලැඛෙන ලොම් ප්‍රමාණයෙන්ජර්සි 10 ක් මැසිය හැකියි. ශීත
කාලයේදී අපව උණුසුම් කරන්නට මේ බැටළුවන් මිනිස් වර්ගයාට උදව් වෙනවා.
තාරාවා
තාරාවා පැටියා කාලේ නම් හරිම කොපිකැට් මැෂිමක් තමයි.
එයාලගේ අම්මා කරන හැම ක්‍රියාවක්ව දිහා බලාගෙන ඒදේවල් අනුකරණය කරන්නට මේ තාර පැටව්
හරිම දක්ෂයි. මේ අනුකාරක හැසිරීම “කාවැද්දුම” ලෙස හැඳින්වෙනවා. කොහොම වුනත්, මොනවා කොපි කලත්, අම්මගේ පෙනුම ගන්න නම් තාරා පැටවුන්ට බැහැ.
එයාලගේ ලස්සන කහ පැහැති, සිනිඳු රෝම උඩින්
වැඩිහිටි පිහාටු මතුවෙන්න නම් මාස දෙකක් විතර එයාලා වයස්ගත වෙන්න ඕනේ.
ක්‍රෝධය,වෛරය වගේ දේවල් නැති නිසා තමයි මේ සත්තු මෙච්චර ලස්සන හුරැබුහුටි.
ReplyDeleteවිස්තරයට ස‍්තූතියි.ආසාවෙන් කියෙව්වා
අනේ.. උන් හරි ෂෝක් නේ... :-))))))))))
ReplyDeleteමට ඕනේ තාරා පැටියෙක්..
ලස්සන ෆොටො ටිකක් එක්ක සරලව ලස්සනට පැහැදිලි කරලා...
ReplyDeleteආසාවෙන් කියෙව්වේ
හරිම ලස්සන ෆොටෝ ටික. විස්තර ටිකත් අපූරුයි. සැහෙන දේවල් ඉගෙන ගත්තා.
ReplyDeleteආ...............නෝ..............^_^
ReplyDeleteනියමයි
ReplyDeleteමරු සුරතල්ලු ටික !!!
ReplyDeleteපොඩි කාලේ මොන පැටියත් ලස්සනයි. මුන් ලොකු වෙනකොට නේ හැටි තේරෙන්නේ.
ආසාවේ බෑ බන්.. මාර ගති. අමුතුම ලෝකෙකට ගියා වගේ.
ReplyDeleteමචන් පොඩි වැරැද්දක් දැක්කා. වල් ඌරන්ට තියෙන්නේ දළ, අං නෙමේ.
උඹට කියන්ඩ මම පොඩි කාලෙ කෙටිකතාවක් ලිව්වා. ඒකෙදි මමත් ලිව්වෙ වල් ඌරට අං තියනවා කියලා. කාපු නෝන්ඩිය තාම මතකයි. හිකිස්... එදා ඉඳලා වල් ඌරට අමතක උනත් මටනම් අමතක උනේ නෑ ඌට දළ තියෙන්නෙ කියලා.
ලක්ශපතියෙක් වීම ගැන උණුසුම් සුබ පැතුම් !!
ජයම පතමි !!!
it,s so good
Deleteනියමයි සහෝ...... සුභපැතුම්
ReplyDeleteමරු මචං...
ReplyDeleteනියමයි !
ReplyDeleteපුංචි කාලේ ඕනම සතෙක් ලස්සනයි.. කොටින්ම මේ මිනිසා පවා...
ReplyDeleteඅම්මෝ..අර චීටා පැටවුන්ගේ ලස්සන...
ReplyDeleteලස්සන ලිපියට ස්තුතියි...
මරුනේ....
ReplyDelete@ අපි වගේ :
ReplyDeleteඅම්මලා තාත්තලගෙන් කකා ඉන්නකල් මේ අය හුරතල්. තනියම කන්න බොන්න ගත්තම තමා දරුණු වෙන්න වෙන්නේ...
ස්තුතියි සහෝ ප්‍රතිචාරයට... ජය !!!
@ රජතුමා :
//මට ඕනේ තාරා පැටියෙක්//
ඇයි දෙයියනේ, රජතුමාගේ සත්ත්ව උද්‍යානෙ තාරාවෝ නැද්ද ??? තැන්කූ මේ පැත්තේ ඇවිත් ගියාට !
@ මී ගොඩයා :
ගොඩක් ස්තුතියි සහෝ අදහස් වලට... ජයවේවා !!!
@ ඩිල්ෂාන් :
ඔයාටත් ගොඩක් ස්තුතියි...
@ අග්නි ධාරා :
මොකා... ???
@ යසිරු :
ස්තුතියි මල්ලියෝ !
@ සෙන්නා :
ගොඩක් ස්තුතියි සහෝ අදහස් ටිකට... ඇත්තටම අර වැරැද්ද පෙන්නලා දුන්නට ගොඩක් ස්තුතියි !!!
//ලක්ශපතියෙක් වීම ගැන උණුසුම් සුබ පැතුම් !!//
අහ් ! ඒක නම් ඒ හැටි දෙයක් නෙවෙයි බං සහෝ ! දැන් අවුරුදු 1 1/2 ක් නොවැ ! කොහොම වෙතත් සුභපැතුමට ස්තුතියි. ඔබටත් ජයෙන් ජය !!!
@ රයන් :
ස්තුතියි සහෝ ප්‍රතිචාරයට !
@ ප්‍රසන්න :
ස්තුතියි මචං !!!
@ සිහින :
ස්තුතියි සහෝ !!!
@ දිනේෂ් :
//පුංචි කාලේ ඕනම සතෙක් ලස්සනයි.. කොටින්ම මේ මිනිසා පවා//
සම්පූර්ණ ඇත්ත සහෝ ! ස්තුතියි...
@ සයුරි :
චීටා පැටව් නම් ලස්සන පොඩි කාලේ විතරයි හලෝ... ලොකු වෙනකොට නම් බලන්නත් බයයි නේද ?
ස්තුතියි සයුරි !!!
@ තරුවා :
ස්තුතියි සහෝ !!!
නියමයි
ReplyDeleteලස්සන පින්තුර ටිකක් ඒ වගේම හොඳ විස්තරයක්.
ReplyDeleteනියමයි නියම පොස්ටුව....
ReplyDeleteඅයියනම් හැමදාමත් මහන්සි වෙලා අපිට ගොඩක් රසවත් වැදගත් නියම පොස්ටු ගේනවා...විස්තරත් තියන නිසා ලිපිය ගොඩක් රසවත්.බලන්ඩකෝ මෙයාලගෙ ලස්සන....ජයම වේවා !!!!
ලස්සන හුරතල් පැටව්. මට මේක කියෙව්වම මතක් වුනේ රුසියන් සහ චීන ළමා පොත් . ලස්සනයි
ReplyDelete@ විදුල :
ReplyDeleteස්තුතියි සහෝ !!!
@ අසරණයා :
ගොඩක් ස්තුතියි සහෝ ප්‍රතිචාරයට !!!
@ දමිත් :
ගොඩක් ස්තුතියි මල්ලී වචන ටිකට. ජයවේවා !!!
@ බින්දි අක්කා :
ස්තුතියි අක්කේ...
Photoes are very beautiful
ReplyDeleteමේ ලිපිය ළමයින්ට හිතාගන්න බැරිතරම් වටිනවා.මේ ලිපිය කියවපු මමත් හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ 5-F පන්තියේ ළමයෙක් . මේ වෙබ් සයිට් එක ගැන මගේ යාළුවන්ටත් කියන්නද.......
ReplyDelete