මේ ජනකථා පෙළ සඳහා පළමු පියවර ලෙස කලින් ලිපියක්
ඉදිරිපත් වුනා මතක ඇති... ඉතින් පොඩි (?) නිහැඬියාවකට පස්සේ මේ පළ වෙන්නේ දෙවැනි
කොටස අදත් තව කථා දෙක තුනක් අරගෙන එන්නයි මේ සූදානම... කලින් ලිපිය බැලුවේ නැත්නම්
මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න පුළුවන්...! ඉතින් මේ කථා පෙළ කියවන
ඔක්කොගෙන්ම පොඩි ඉල්ලීමක් තියෙනවා... කථාව කියවද්දී චිත්ත රූප පෙලක් විදියට
තමන්ට දැනුනු දෙය සටහනක් තියලා යන්න කියලා... එහෙනම් මෙන්න කථා !!!
මම පමණයි කුකුළා
සිංහල රජෙකුට අන්දරේ නම් කවටයෙක් සිටියේය.
සෑම තැනදීම මහත් සිනා උපදවන කවටකම් කරන්නට හේ දක්ෂයෙකි. දවසක් රජුගේ අදිකාරම්වරු
මේ අන්දරේ පරදවන්නට රහසින් කථා කර ගත්තෝය.
“අපි අන්දරේ සමග ගඟට නාන්නට යමු... එක්
එක්කෙනා කුකුළු බිජුවක් සඟවා ගෙන ගිය යුතුය. නාන විට, දිය යට ගොස් කුකුළු
බිත්තරයක් ගෙනෙන්නට කතිකා කරගමු...“ මේ අදිකාරම්වරු රහසින් කරගත් කථාවය.
“නාන්නට යමු...“ යි කී කල, අන්දරේ ද
“හොඳයි...“ කියා පිටත් විය. සියල්ලෝම ගොස් ස්නානය සඳහා ගඟට බැස්සෝය.
“දිය යට ගොස් කුකුළු බිජුවක් ගෙනෙන්නට
පුළුවන් කාට ද ?“ යි මහ අදිකාරම් තුමා විමසා සිටියේය. “මට පුළුවන්... මට පුළුවන්...“
කියා අදිකාරම්වරු සියල්ලෝම කීහ. ඔවුන්ගේ ප්‍රයෝගය අන්දරේ නොදැන “මටත් පුළුවනි...“
යි කීය.
සියල්ලෝම දිය යට ගොස් යලි උඩ මතු වූහ. අදිකාරම්වරු
අත් දික් කොට කුකුළු බිත්තර පෙන්නුවෝය. එවිට අන්දරේට ඔවුන්ගේ ප්‍රයෝගය තේරුණේය.
කුකුළෙකු අත්තටු ගසන්නා සේ, හේ අත් දෙක
දියෙහි ගසා “කුක්කු කූ කූ... කවුරුත් කිකිළියෝ ! මම පමණයි කුකුළා...!!!“
යනුවෙන් කීය.
අදිකාරම්වරු මහත් ලැජ්ජාවට පැමිණියෝය. ඔවුහු
ඒ බැව් නොහඟවා, මහත් කොට සිනාසුනෝය !
වැඩි නුවණ

මේ දුටු
ගමරාළ එතැනට
ආයේය. සැළිය නොබිඳ, වස්සාගේ ඔළුව එළියට
ගන්නට ඔහුට
ඕනෑ විය. “කොපමණ
හොද සැළියක්
ද ? මෙය බින්දොත් කො පමණ පාඩු
ද ?“ යි ගම රාළ
සිතුවේ ය. බොහෝ
වෑයම් කොටත්, වස්සා
ගේ ඔළුව සැළියෙන්
ගන්නට බැරි
විය.
අන්තිමයේ දී මීට
ගුරුකමක්
අසා ගන්නට
මහ දැනමුත්තා
ළඟට
ගියේය. මහ දැනමුත්තා
ද “එය
බලන්නට ඕනෑය“ යි කියා
ඇතා පිටින්
යන්නට පිටත්
වුණේය. ගෙයි
දොරින් ඇතාට
යන්නට බැරි
ය. ඒ නිසා
බිත්තිය කඩා දමන්නට
විය. මෙසේ ඇතු පිටින්
මැද මිදුලට
ගියේ ය. මහ
දැනමුත්තා, එහි සැළියේ
ඔළුව
දමා සිටින
වස්සා දැක
, “මෙය මම සොඳින් බේරා
දෙමී“ යි කියා
වස්සාගේ බෙල්ල
කපන්නට කීය. ගම රාළ ද
එසේ කළේ ය.
“ඉතින්, සැළියට වැටුණු
ඔළුව ගන්නේ
කෙසේද ?’’ යි
ගම රාළ ඇසී
ය. ‘‘එපමණ
දෙයක් තේරෙන්නේ
නැද්ද ? බිඳිවු සැළිය...!’’
යි මහ
දැනමුත්තා කීයේ ය. එවිට ගම රාළ
සැළිය බින්දේ
ය.
එක සැළියේ
පාඩුව විඳින්නට නොකැමති
වු ගම රාළට, මෙසේ පාඩු
තුනක් විය.
‘‘බලවු...! මා
නැති කළ තොප
ඉන්නේ කුමටද ?“ යි කියමින්
මහ දැනමුත්තා
ගියේ ය.
හඬ නැත්නම් හැඩ කුමටද ?

අන්තිමයේ දී මිනිස්සු ඒ කකුලු
අඬුව
ගෙන, රජ වාසලට
ගියෝ ය. රජ
ද අමාත්‍යයන්
හා සමග අවුත්, එය බලා පුදුමයට
පැමීණියේ ය. “මෙය බෙරයක්
බඳින්නට
හොඳ ය“ යි
අමාත්‍යයෝ
කීය. රජු
ගේ නියමයෙන්
ඒ කකුලු අඬුවෙන් බෙරයක්
බඳනා
ලද්දේ ය. බෙරය
ගැසු කල, හඬ මුළු
රටට ම ඇසෙයි.
එහෙයින් රජු එම
බෙරය ඉතා අගය
කොට සැළකුයේ
ය.
“මුළු රටට
ම ඇසෙන හඬ
ඇති මේ බෙරය
මෙසේ තබා ගෙන
හිඳීම
යුතු නොවේ. මැණික් ඔබ්බා
මෙය අලංකාර
කළ යුතු
ය“
යි දිනක්
රජු ට සිතුණේය. එදිනම රන් කරුවන් ගෙන්වා, බෙරයෙහි වටිනා
මැණික් ඔබ්බන්නට
නියම කරන ලදී. රන් කරුවෝ බෙර කඳ සිදුරු
කොට, මැණික්
මහත් ගණනක්
එබූහ. ඉන් පසු බෙරය
රජු ඉදිරියට
ගෙනෙන ලදුව
රජ එය ගසන්නට
නියම කෙළේ
ය.
එක් මිනිසෙක්
බෙරය ගෙන ගැසීය. මැණික්
ඔබ්බන්නට පලමු
මුළු රටට ඇසෙන
හඬ වෙනුවට, දැන් බෙරයෙහි
ඇති වුයේ “බුස් බුස්“ යන හඬ
පමණෙකි.
රජ ඒ අසා
ඉතා කණගාටුවට පැමිණ,
“හඬ නැත්තම්
හැඩ කුමට
ද...“ යි කීයේය.
මුනිදාස කුමාරතුංග ශූරීන් විසින් සම්පාදිත,
ශික්ෂා මාර්ගය 01 ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී...
අපූරුය. දිගටම ජනකතා ලියන්න. ජනකවි ටිකක් ලියන්නත් පුලුවන්නම් හොඳයි. අපි නොදන්නා ලස්සන ජනකවි රාශියක් සිංහල ජන සාහිත්‍යයේ තියනවා.
ReplyDeleteචතුවා,
ReplyDeleteතුන්වෙනි කතාව නං අළුත් එකක්. ඒක ඇත්තටම හොඳ ආදර්ශවත් කතාවක්. යමක් හොඳ නං ඒකෙ වෙනසක් ඕනෙ නෑ කියන එක වෙන්නැති ඒකෙන් කියන්නේ. මම හරිද මන්දා....?
ඒත් මචං මුල කතා දෙකනං ඉතිං පොඩිකාලෙම අහපු කතා දෙකක්නෙ. අවුලක් නෑ. තව මොනවාහරි අළුත් කතා දෙක තුනක් දාපං.
ජයවේවා!
මමත් ඒ කතාව පිලිගන්නවා ඔයා තමයි කුකුලා. ජය..!
ReplyDeleteබෙරේ කතාවනම් අද තමා මම ඇහුවේ.මට මේ කතා කියවද්දී චිත්ත රූප මැවුනා අර බිත්තරේ දිය යටට අරන් ගියපු විදිය අන්දරේට නොපෙනෙන්න.
ReplyDeleteබෙරයේ කතාව මට අළුත්.. කොහොම උනත් මේ ජන කතා ලියන වැඩේ නියමයි.. දිගටම කරමු..
ReplyDeleteබක්..බක්...බ්කැක්..බ්කෑක්...ජන්කතා ලියන එක හොඳයි මොකද ඔය කතා තියෙන පොත් අද විරලයි නේව...
ReplyDeleteඅනිත් දෙක නං දැනං හිටිය....... බෙරේ කතාවනං මටත් අලුත්! :)
ReplyDeleteස්තූතියි! :)
බෙරේ කතාවනම් අහල නෑ ඒත් අනිත් කතා දෙකම අහල තියෙනවා. දෙවනි කතාව මහදැන මුත්තගේ කතාවක්.
ReplyDeleteතුන් වෙනි එක මටත් අලුත්. අනික්වත් මතක් කල එක හොඳයි . අපේ පොඩි දෙන්න හරි ආසයි පරණ ජන කතා වලට . කොච්චර අන්තර්ජාලේ තිබුනත් මන් කියන පරණ ජනකතා අහන්න ආස වීම පුදුමයි නේද , හොඳ දේ අගය හැමදාම එහෙමමයි . ගොඩක් ස්තුතියි මල්ලි
ReplyDeleteඅන්තිම කතාව මම අදමයි ඇහුවේ...අනික්වා නම් අහල තියනවා...ස්තුතියි චතුරංග.
ReplyDelete❤️❤️❤️
Deleteගොඩක් ස්තූතියි 🙏 ඉස්කෝලෙ වැඩකට හුඟක් අය අහල නැති වෙනස් එකක් ඕන උණා.☺ අන්තිම එක සුපිරි 👍 ස්තූතියි 🙏 ඔබට ජය
Deleteපරක්කු වුනා සහෝ..
ReplyDeleteතුන්වෙනි එක නම් අදමයි ඇහුවේ. උඹට පින්.
ජයම පතමි !!!
පොඩි ප්‍රශ්ණයක්, කකුළු අන්ඩකින් කොහොමද බන් බෙරයක් හැදුවේ. ඒක මට පැහැදිලි මදි.
ReplyDeleteප්‍රතිචාර තියපු හැමෝටම ගොඩක් ස්තුතියි !!! වෙන වෙනම පිළීතුරු නොදුන්නාට අමනාප වෙන්න එපා... තවත් ලිපියකින් හමුවෙමු ! ජය!!!
ReplyDeleteහරිම වටිනා දේවල් තව තවත් මෙවැනි දෙවල් එක් කරන්න
ReplyDeleteඅන්තිම කතාව නම් මරු...අනික් කතා දෙක නම් අහලා තියනවා.
ReplyDeleteසුබ පතනවා good lick
ReplyDeleteපාසල් වැඩකට ජනකතා හොයද්දි හම්බුනේ
ReplyDeleteස්තූතියි
👍
ReplyDeleteලස්සසනයි හොද වැඩක්
ReplyDelete😀😄
ReplyDelete