Showing posts with label අන්තර්ජාලය. Show all posts
Showing posts with label අන්තර්ජාලය. Show all posts

Wednesday, December 31, 2014

Windows 10 සමග එන අළුත්ම මයික්‍රොසොෆ්ට් බ්‍රවුසරය - Spartan

යික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි. ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප්‍රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර, සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10, මෙතෙක් බිහිවූ හොඳම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය කරන්නට ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඇති බව පසුගිය මාස කිහිපයක සිටම අපට පෙනෙන කරුණු වලින් සනාථ වෙමින් පවතී. වින්ඩෝස් 8 හි සිට වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා වෙනුවට, සම්පූර්ණ වෙනසක් පෙන්වීම සඳහා නව මෙහෙයුම් පද්ධතියේ නම පවා වින්ඩෝස් 10 ලෙස වෙනස් කිරීමම එයට නිදසුනක් පමණී. දැන් මේ  වින්ඩෝස් ‘යහගුණ‘ තවත් වැඩි කරලීම සඳහා මෙතෙක් කල් වින්ඩෝස් පද්ධතියේ අනිවාර්ය බ්‍රවුසර සගයා වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවට නවතම වෙබ් බ්‍රවුසරයක් වින්ඩෝස් 10 සමග හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට්  සමාගම සූදානම් බව අසන්නට ලැබේ.

Sunday, August 25, 2013

- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී -

මෙම ලිපිය කියවන ඔබේ අත මේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින් නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි. ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණික සංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණක පුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලය නිමා කොට පසුගිය ජූලි 02 වැනි දා සදහටම සිය දෑස් පියා ගත් වග පාඨක ඔබට දැන්විය යුතුව තිබේ.

Tuesday, April 3, 2012

- පුෂ් බයිසිකලෙන් මෝටර් සයිකලේට... from HSDPA to Unlimited Broadband –

රියටම අවුරුද්දයි මාස 2කට කලින් මම HSDPA ඩොංගල් එකක් ගත්ත කථාව ඔයාලට කිව්වා මතක ඇති නේද ? මේක නම් ඊටත් වඩා සතුටු ආරංචියක්... අන්තර්ජාලෙට එන්න විදියක් නැතිව ඉන්දැද්දී තමයි යාන්තම් ඩොංගලයක් සෙට් කරගත්තේ. ඒ වුනත් ඉතින් Package එකක් නම් ගත්තේ නෑ. Daily delight 100MB ඇක්ටිව් කරගෙන තමා මෙච්චර කල් ඕක රන් කලේ. GPRS එක්ක බලද්දී HSDPA ලොකු හයියක් වුනත්, ඕන ඕන හැටියට ජාලේ සරන්න නිදහසක් නම් තිබුනේ නෑ. අපේ පැත්තට SLT ADSL කනෙක්ෂන් ඇත්තෙත් නෑ. ඉතින් නිදහසේ ජාලේ සරන්න විදියක් හොය හොයා ඉන්දැද්දී තමා මේ Unlimited Broadband වැඩේ අහුවුනේ...

Sunday, March 18, 2012

- ඩිජිටල් ඡායාරූප ෆොටෝෂොප් කරලද කියලා හොයාගන්න හැටි -

තීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේ සේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත් සමග ඡායාරූපකරණ ද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙනමම ක්ෂේත්‍රයක් දක්වා මේ වන විට මෙය වැඩී වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල් ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල් ඡායාරූපකරණය දියුණු වී ඇත.

Wednesday, February 22, 2012

- අන්තර්ජාලයේ ඡායාරූපකරණ පන්තිය : camerasim -


වෘත්තිය මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්. ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම් පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මක ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටි ඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලය වියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝම වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේ අන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...

Tuesday, January 31, 2012

- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] -


      පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලා දන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේ බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන, හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතල හිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ඉන්නවා කියලා ඔයාලා දන්නවද ?

Thursday, January 26, 2012

- ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර් -


      කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවන දෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධ කර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳ උත්තේජනයක් සපයනවා. ඔබේ පරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක් ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, නොඑසේ නම් ආරක්ෂණ පද්ධතියක් ලෙස පරිගණකය හා වෙබ් කැමරාව යොදාගන්නා ආකාරයක් ගැනයි.

Saturday, October 1, 2011

Google Power - ගූගල් සමාගමෙන් අළුත් ව්‍යාපෘතියක්


Google සමාගම දිනෙන් දින අළුත් ක්ෂේත්‍රයන් කරා එළඹෙන බව ඔවුන්ගේ කෙටි කාලීන ඉතිහාසය තුල හොඳින් පෙනී යන කරුණක්. හොඳම උදාහරණය පසුගිය මාසයේ සිදුවූ මොටෝරෝලා ජංගම දුරකතන සමාගමේ ගනුදෙනුව. මේ ලිපියෙන් ඉදිරිපත් කරන ව්‍යාපෘතියත් ඊට කදිම උදාහරණයක්. මෙතෙක් කලක් පරිගණක ක්ෂේත්‍රෙයේ කිසිවෙක් අතනොගැසූ දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය සමබන්ධව ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රය වෙතයි. මේ Google සමාගමේ සූර්ය කුළුණු බලශක්ති ව්‍යාපෘතිය ගැනයි...

Saturday, July 9, 2011

බ්‍රවුසරයේ මුල් පිටුවෙන් අළුත්ම පෝස්ට් බලන්න - iGoogle Home page

Google සේවාවක් වන iGoogle ගැන අහලා තියෙනවද ? මේ සේවාව ගොඩ දෙනෙක් භාවිත නොකලාට ගොඩක් ප්‍රයෝජනවත් සේවාවක්.  iGoogle වලින් කරන්නේ අපේ බ්‍රවුසරයේ මුල්පිටුව (Home Page) අපට අවශ්‍ය ආකාරයට සකසා ගන්නට ඉඩ සලසා දීමයි. iGoogle වලින් ලබාදෙන මේ මුල්පිටුව අපේ Gmail ගිණුමේ අළුත් ලිපි, නවතම කාලගුණ තොරතුරු, නවතම පුවත් ශීර්ෂ, අපි කියවන බ්ලොග් හෝ වෙබ් අඩවි වල අළුත්ම ලිපි හා තවත් නොයෙක් ගැජට් වලින් අපට අවශ්‍ය ආකාරයකට සකසා ගන්නට පුළුවන්. මේ සේවාව දැනටමත් අත්විඳින අයත් ඇති. නොදන්නා අයටත් මේ ලිපිය මගින් iGoogle සේවාවේ ප්‍රයෝජන ලබාගන්න පුලුවන්...

Tuesday, June 14, 2011

ඉන්න තැන පෙන්නන්න - Google Maps බ්ලොගයට දාගන්න


හිතුන හිතුන වෙලාවට ලෝකෙ වටේ ඕනෙ තැනක යන්න එන්න තරම් ඉතින් අපිට පිනක් කොයින්ද නේද ? ඒත් ඉතින් හැබැහින් නොවුනත් ලෝකෙ වටේ යන්න නම් ඕනෙ තරම් ක්‍රම තියෙනවා නොවැ. කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා Google Maps දාගත්තම ලෝකෙ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන්. Google Maps සේවාවෙන් ලෝකෙ පුරා කීදෙනෙක් නම් වැඩ ගන්නවද... මේ සේවාවන් නිසා අන්තර්ජාලය ඇතුලේ දැන් වෙනම Map culture එකක් ඇතිවෙලා. ඒ තමයි තමන් ඉන්න තැන පෙන්නන්න Maps යොදා ගැනීම. Google Maps භාවිතා කරලා ඕනෙම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් තමන්ගේ බ්ලොගේට / වෙබ් එක‍ට Map එකක් දාගන්න පුළුවන්...

Sunday, June 12, 2011

සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine)


සිංහලෙන් හොයන්න තරම් දෙයක් අන්තර්ජාලයේ නෑ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනාත්මකව බලන කොට ලංකාවේ අපේ සිංහල බ්ලොග් අඩවි / වෙබ් අඩවි ප්‍රමාණාත්මකව අඩු වුනත් අපේ සිංහල පරිශීලකයන් ප්‍රමාණයත් එක්ක බලනකොට නම් දැවැන්ත සිංහල අන්තර්ගතයක් දැන් අන්තර්ජාලය තුල විසිරිලා තියෙනවා. මේ දැවැන්ත සිංහල තොරතුරු සම්භාරයෙන් වැඩක් ගන්න නම්, මේ තොරතුරු පිළිවෙලකට තිබුනා නම් හොඳයි නේද කියලා මට හිතුනා. මම මේ ගැන ලියන්න හිතේ තියාගෙන ඉන්දැද්දී තමයි යසන්ත මල්ලියා ලංකාවේ සින්ඩි ගැන post එකක් දාලා තිබුනේ. ඒකට කෙලින්ම සම්බන්ධයක් නැතත්, යම් විදියක සම්බන්ධයක් තියෙයි කියලා හිතෙනව නම් නොබලපු කෙනෙක් ඉන්නව නම ඒ පැත්තේ ගිහින් ඒ ලිපිය බලලා ආවත් කමක් නෑ...

Monday, February 14, 2011

FB කළු ද ? සුදු ද ?


FB කියන්නේ Facebook කියලා සයිබර් අවකාශයේ සැරිසරන හැමෝම ගේ දන්නවා. ඇයි එහෙනම් මේ කළු - සුදු කථාවක්. ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ මාක් ෂුකර්බර්ග්, Facebook ප්‍රධානියා වර්ණ අන්ධතාවයෙන් පෙළෙන බව. ඒ නිසා තමයි ‍Facebook වෙබ් අඩවිය තනිකරම නිල් පැහැයෙන් තනා ඇත්තේ. ඒත් එහෙනම් මොකක්ද මේ කළු ද සුදු ද කියලා අහන්නේ.