Showing posts with label රථ වාහන. Show all posts
Showing posts with label රථ වාහන. Show all posts

Saturday, December 24, 2016

අනාගතයට අප රැගෙන යන නව තාලයේ ප්‍රවාහන උපක්‍රම...

     ප්‍රවාහනය යනු එක් තැනකින් තවත් තැනකට ගමන් කිරීම පමණක්ම නොවේ. වර්තමානය වන විට එය කලාවකි - විලාසිතාවකි - සමහර විටකදී, උන්මාදයකි. ඒ කුමක් වුවත් අනාගත ලෝකයේ ප්‍රවාහන උපයෝගීතාවයන් අප සිතනවාට වඩා බොහෝ වෙනස් මගක් ගනු ඇති. අනාගතය දෙස නෙත් යොමා, වර්තමානයේදී යථාර්ථයක් ලෙසින් එලි දකින්නට සැරසෙන නවතම ප්‍රවාහන උපක්‍රම කීපයක් ඔබට ගෙන එන්නටයි මේ සූදානම...

Friday, September 28, 2012

- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) –


න්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් රථයක් නිපදවීමටයි.

Sunday, September 9, 2012

- ලෝකයේ වේගවත්ම කාර් -

1. Bugatti Veyron Super Sport:


      උපරිම වේගය පැයට කිලෝමීටර 430 කි. (430 Kmph) තත්පර 2.4 කදී 60 mph* වේගයක් ගනී. Narrow Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200 ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,400,000 කි. 2007 මාර්තු හිදී Bugatti Veyron රථය විසින් හිමි කරගෙන තිබූ වේග වාර්තාව SSC Ultimate Aero කාර් රථය විසින් පරාජය කරනු ලැබිණි. එයින් පසු Bugatti සමාගම විසින් Bugatti Veyron Super Sport මාදිලිය නිෂ්පාදනය කර 2010 ජූලි මස ලෝකයේ වේගවත්ම කාරය ලෙස කිරුළු පැළඳීය.