Thursday, February 24, 2011

රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්...

හැඳින්වීම :

රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්,  ක්‍රි.පු. 2554 සිට ක්‍රි.පු. 2517 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ‍ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්‍යයක් වන රාමායනය හි ඔහු ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්‍රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද  මග පාදයි.

Wednesday, February 23, 2011

ක්ෂණිකව පල දුන් සත්ත්ව කරුණාව...


     ඉතින්... හුඟ කාලෙකට පස්සෙ ආයෙත් පෝස්ට් එකක් දාන්නේ.  ලියන්න දේවල් නැතුව නෙවෙයි. වෙලාව අඩු නිසා. මැෂින් එක
on කලෙත් දවස් දෙකකට පස්සේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ තවත් රස කථාවක් ... hot hot කථාවක්... මීට කලින් දාපු ත්‍රිවිලර්  කථාව මතක ඇතිනේ. මේකත් ටිකක් ඒ වගේ...

Thursday, February 17, 2011

බ්ලොග්කරණයේ අස්වැන්න

ද නම් සෑහෙන්න සතුටු දවසක්. චතුගේ කථා පටන් අරන් ගිය සඳුදට හරියටම සති 3 යි. මේ දවස් 24 ට 400 කට වැඩි දෙනෙක් මගේ බ්ලොග් එකට ඇවිත්. තවමත් මගේ බ්ලොග් එකේ post 7 යි තියෙන්නේ. ඉතින් සතුටට හේතුව කිව්වේ නෑනේ. ගිය ඉරිදා තමා SBR (Sinhala Blog Reader) එකට මගේ බ්ලොග් එක එකතු කර ගත්තේ. Phone එකේ ඒ E-mail එක දැකලා මට සෑ‍හෙන්න සතුටක් ආවා. 

Monday, February 14, 2011

FB කළු ද ? සුදු ද ?


FB කියන්නේ Facebook කියලා සයිබර් අවකාශයේ සැරිසරන හැමෝම ගේ දන්නවා. ඇයි එහෙනම් මේ කළු - සුදු කථාවක්. ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ මාක් ෂුකර්බර්ග්, Facebook ප්‍රධානියා වර්ණ අන්ධතාවයෙන් පෙළෙන බව. ඒ නිසා තමයි ‍Facebook වෙබ් අඩවිය තනිකරම නිල් පැහැයෙන් තනා ඇත්තේ. ඒත් එහෙනම් මොකක්ද මේ කළු ද සුදු ද කියලා අහන්නේ.

Wednesday, February 9, 2011

අවුරුදු 27 ක් වයසට යෑමේ සැමරුම් උත්සවය


මාතෘකාව දැක්කම පිස්සු වගේ නේද ? ඇත්තටම පිස්සුව මේක නෙමෙයි. ටිකක් කියවගෙන යන්නකෝ. වැඩේ මොකක්ද කියලා...

අද පෙබරවාරි 10 වෙනිදා. පෙබරවාරි මාසේ සෑහෙන්න වැදගත් කමක් තියෙනවා. එක, කැලැන්ඩර් මාස වලින් කොටම මාසෙ පෙබරවාරි. දවස් 28 යි නොවැ. අධික අවුරුද්දක නම් ඒක තවත් විශේෂ වෙලා 29 ක් වෙනවා.

Friday, February 4, 2011

බර කරත්තයෙන් පුෂ් බයිසිකලයට.... From GPRS to HSDPA

ජයවේවා... සහෝදර වරුනි, ඔන්න මමත් සයිබර් අවකාශයට permanent වෙන්න යන්නේ. සතුටුයි නේද ? මට නම් සෑහෙන්න සතුටුයි. අගේ නොකර කාරණය කියන්නම් කො. මම අළුතින් HSDPA dongle එකක් ගත්තා. ඉතින් මම දැන් නිදහස් පුරවැසියෙක්....

Thursday, February 3, 2011

මහ රෑ කළුවරේ ත්‍රිරෝද ජරමරේ...


    මුල ඉඳලම බණ කථා ටිකක් අහපු ඔයාලට දැන් මේ කියන්න යන්නේ රස කථාවක්. වැඩේ ටිකක් රසවත් හින්දා බ්ලොග් එකට දාන්නම හිතුනා. කියවලා බලමුකො...

    මේ සිද්ධිය වෙනකොට හොඳට වහිනවා. දන්නවනේ ඉතින් මේ දවස්වල කාලගුණේ. වැඩේ උනේ රෑ. කරන්න වැඩකුත් නෑ. මැෂින් එක (මහන මැෂිම නෙවෙයි ඕං... කොම්පීටරේ...) on  කරන්නත් බෑ. ඉතින් ඇඳට වෙලා ඇලට් එකක් දාගෙන පොතක් බල බල හිටියා. වෙලාව 7.00 ට විතර ඇති. උඩහ ගෙදරක ඉන්න ජනිත් අයියා කලබලේ දුවන් ඇවිත් ගෙදර අයත් එක්ක මොනවද කියනවා ඇහුණා.