Thursday, February 3, 2011

මහ රෑ කළුවරේ ත්‍රිරෝද ජරමරේ...


    මුල ඉඳලම බණ කථා ටිකක් අහපු ඔයාලට දැන් මේ කියන්න යන්නේ රස කථාවක්. වැඩේ ටිකක් රසවත් හින්දා බ්ලොග් එකට දාන්නම හිතුනා. කියවලා බලමුකො...

    මේ සිද්ධිය වෙනකොට හොඳට වහිනවා. දන්නවනේ ඉතින් මේ දවස්වල කාලගුණේ. වැඩේ උනේ රෑ. කරන්න වැඩකුත් නෑ. මැෂින් එක (මහන මැෂිම නෙවෙයි ඕං... කොම්පීටරේ...) on  කරන්නත් බෑ. ඉතින් ඇඳට වෙලා ඇලට් එකක් දාගෙන පොතක් බල බල හිටියා. වෙලාව 7.00 ට විතර ඇති. උඩහ ගෙදරක ඉන්න ජනිත් අයියා කලබලේ දුවන් ඇවිත් ගෙදර අයත් එක්ක මොනවද කියනවා ඇහුණා.
මම ඉතින් ඔහේ මගේ පාඩුවේ හිටියා මිසක් කණ දාන්න ගියේ නෑ. ඔන්න ටිකකින් බාප්පා කාමරේට එබුනා.

          චතුර, හයර් එකක් තියෙනවා යන්න බැරි ද ?

    කවුද, මොකද කියලා අහලා බැලුවම සීන් එක මේකයි. අර ආව ජනිත් අයියගේ දුවගේ කකුල කැපිලලු. ඉතින් මේ රෑ මහ වැස්සේ බෙහෙත් ගේන්න යන්න විදියක් නැතුව තමයි අපේ ගෙදරට ඇවිත් තියෙන්නේ. අපේ ගෙදරට three wheeler එකක් අරන් තාම මාස 2 ක් විතරයි. මල්ලි මස්සිනාට නම් license have. ඒ වුනාට ඌ කොයි වෙලේවත් ගෙදර නෑ. බාප්පටත් wheel පුළුවන්. නමුත් එයාට රෑට Driving බෑ. එයාගේ එක ඇහැයි නෙ පේන්නේ. ඉතින් අන්තිමට හයර් එක යන්න driver post එක හම්බවුනේ මට.

    මේ ත්‍රීවිලර් රාජයා ටිකක් case. ඇත්තටම කියනවා නම් මටත් wheel එක හොඳටම බෑ. නමුත් ඉතින් අර මනුස්සයා ගෙදරට ඇවිත් කියපු එකේ නොගිහින් බෑනෙ. කොහොමහරි භාණ්ඩේ ස්ටාට් කරගත්තේ මාර ගේමක් දීලා. කළුවරේ වැස්සත් එක්ක මොනවත් පේ‍න්නෙ නෑ. රිවස් කරගෙන යන්න සෙට් වෙනකොට පැය කාලක් විතර ගිහින්. මම ඉතින් කොහොමහරි උඩහට ගිහින් ජනිත් අයියලගෙ ගෙදරට ආවා. ලොකු කෙල්ල කකුල කපාගෙන. ලතෝනි දෙනවා. මේ මගුල් ත්‍රීවිලර් එක හිට්ටොත් ඉවරයි. අහෝ ඛේදයකි... රිවස් එක ගහනකොම හිට්ටනේ... ඒ මදිව‍ට බ්‍රේකුත් නෑ. වීල් එක පස්සට ගිහින් පස්සෙ තිබුණු කොටයක හැපුනා. විනාසයි. වැස්සෙම බැහැල බැලුවා. damage නෑ. දැන් වීල් එක හොල්ලන්න බෑ. neutral වෙන්නෙත් නෑ. අන්තිමට ලෙඩාවයි, අම්මවයි, මාවයි එක්ක වීල් එක තල්ලු කරන්න වුනේ ජනිත් අයියට. යන්තන් හොල්ලලා neutral කරගත්තා. ඇති යන්තං...



    කොහොම හරි පාරටත් ආවා. පිළිවෙලකට කොල්ලා දැන් හයර් එක යනවා. වැඩේ ඉතින් ගමන නම් හිමින්... ඇයි මේ ඉලව්වේ බ්‍රේක් නෑනෙ. ඒ මදිවට හෙඩ් ලයිට් එකත් මෙලෝ රහක් නෑ. වෙන වෙලාවක නම් ෂේප් එකේ ගියෑකි. මේ වැස්සත් එක්ක light එක මදි. වැස්සට පාරේ ජල සම්පාදනය වෙලා. ජලාශ හැම තැනම. වෙනදට මීටරෙන් මග ඇරලා එන වලවල් වල වැස්සට වතුර පිරිලා. ලඟටම ආවමයි පේන්නේ වල කියලා. ඉතින්, උඩ පැනලා බ්‍රේක් කරනවා. අනේ... නතර වෙන්නෙ නෑ. දඩඃ..... වලේ..... ගමන ඉතින් හන්දියට යනකල් ඔහොම තමයි. ඇඟේ ලේ නැතුව හන්දියට ආවේ. වැස්ස නිසා, වතුර නිසා මිනිස්සු යන්නේ පාර මැද්දේ... මට ඉතින් license එකත් නෑ නොවැ. ගියර් ටිකත් ඕනෙ වෙලාවට මාරු වෙන්නෙ නෑ. හිතා ගන්නකො මම ගත්ත ආතල් එක...

    කොහොමින් හරි ඇබැද්දියක් නැතුව හන්දියට ආවා කියමුකො. ඩොක්ටර් ඇවිත් නෑ... ඉතින් 120 route එක දිගේ ජීවිතේ පළමු වතාවට ත්‍රීවිලර් එකක් පදවාගෙන මම ඉස්පිරිතාලෙට ආවා. ලෙඩාව බෙහෙත් කාමරේට දාලා බොහොම අමාරුවෙන් රිවස් එකක් දා ගත්තා. අප්පේ... mission එකෙන් භාගයක් ඉවරයි. හරිබරි ගැහිලා වාඩිවෙලා ස්නායු ටික පොඩ්ඩක් relax කරගත්තා. පොඩි එකාට බේත් දානකල් මම කඩේට ගිහින් ආවා.

    රයිට්, දැන් යෑම තමයි. වාහනයක් එනකොට slow කරගෙන යන්තන් ෂේප් වෙනවා. ‍ඒ මදිවට‍ බේත් ගන්න ආපු ‍ළමයගේ අම්මයි තාත්තයි වීල් එක ඇතුලේ පොඩි වලියක් ඇදගෙන... පවුල් ප්‍රශ්ණ නේ... ‍යාන්තන් ගමනාන්තයට ආවා. ජනිත් අයියලගේ ගෙදරට විල් එක දාලා start එකේම තියාගෙන හිටියා. හයර් එක කි‍ලෝමීටර් 5 ක් විතර. අවස්ථාවේ හැටියට 150/- ක් ගත්තා.

    ඉවරයි කියලද හිතුවේ... ඉවර නෑ. තව තියෙනවා. ජනිත් අයියලගෙ වත්තෙන් රිවස් කරලා පාරට දාගන්න ඕනෙ. මට නම් මෙලෝ සසරක් පේන්නෙ නෑ. යන්තන් මොහොකවත් නොවැදී පාරට ගත්තා. රිවස් ගියර් එක උඩට දාන්න ක්ලච් කරන්න එපැයි. ඔන්න වීල් එක පල්ලමේ පස්සට යනවා. යනවා... යනවා... යනවා... ‍මම පැනලා brake කලා. හරියන්නෑ... මම වීල් එකත් සමග පල්ලමට.......!!!@$%&*%$!@ *&!^%%...

    අවසන් තුරුම්පුව... දැම්මා first එක‍ට. පාර අයිනේ තිබුණු කාණුවක සහයත් සමගම යාන්තන් වීල් එක නතර වුනා. ජනිත් ලොක්කත් දුවගෙන එනවා... නෝන්ඩි ගොඩයි.... අයියෝ..... මට එපා.... වෙලා.


    ඉතින්, කථාව ඉවරයි. ගෙදරට එන කල්ම මං ආවේ ගැහි ගැහි. යන්තන් ගෙදරට පාක් කරලා mission එක ඉවර කලා. ආයෙත් නං.... රෑට නං.... ත්‍රීවිලර් නං..... බුදු අම්මෝ.......




7 comments:

  1. ආයෙත් නං.... රෑට නං.... ත්‍රීවිලර් නං..... බුදු අම්මෝ.......

    ReplyDelete
  2. @dragon ඇත්ත මචං,ආයෙම නං නෑ. ප්‍රතිචාරයක් තියලා ගියාට ස්තුතියි.

    ReplyDelete
  3. මරු අත්දැකීමක් නේ ..ඔය වගෙ බ්‍රෙක් නැති ත්‍රිවිල් වලින් නම් මරු වැඩ මටත් වෙල තියනව හැබැයි මම ඩ්‍රයිවින් කරල නම් නවෙයි

    ReplyDelete
  4. වෙච්ච කරදරේ හැටියටනම් එල, ආතල්, නියමයි කියන්න බෑ. ඒත් බං වෙන කියන්න දෙයකුත් නෑ. ඒක හන්ද ඕං ....... එලම තමයි. නිකං මාත් ඔය ත්‍රීවීල් එකේ ඉඳිය වගේ තේරුනේ කියවගෙන යනකොට. !

    ReplyDelete
  5. @buwa

    ඔව් මචං, අත්දැනීම් බෙදාගන්න එකෙත් අමුතු ගතියක් තියෙනවා. දන්නැති එකක් ඉගෙනගන්නත් පුළුවන් නේ. ප්‍රතිචාරෙට ස්තුතියි සහෝ... keep in touch. ජයවේවා....

    ReplyDelete
  6. @nawammawatha

    කියවලා ප්‍රතිචාරයක් තිබ්බ එකට ස්තුතියි සහෝ... ඉස්සරහටත් අපි හම්බවෙමුකෝ... ජයවේවා...

    ReplyDelete
  7. මාත් සතියක් හමාරක් රොද තුනක් එළවල තියෙනවා. හැබැයි යහම්න් ගෙන්යන්නම් පුලුවන්.
    ඇත්තටම ඕවගෙ තියෙන කණාමැදිරි එළියෙන් යනවා කියන එකටනම් තෑගි දෙන්න වටිනවා..

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...