
ඩිජිටල් කැමරා කොතෙක් බහුල ලෙස භාවිතා වුවත් ඒවායේ පවතින
ඇතැම් අංග හා යෙදුම් පිළිබඳව ඔබත් එතරම් දැනුවත් නැති වන්නට පුළුවන. ඩිජිටල්
කැමරාවක ඇති පහසුකම් ගොන්න නිසා එය හැසිරවීමට නම් ඒ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක්
සහිතව සිටීම වැදගත් වේ. එය හොඳ ඡායාරූපයක් ලබාගැනීමට ද, හොඳ ඩිජිටල්
කැමරාවක් තෝරා ගැනීමට ද ඔබට උපකාරී වේ.
ඩිජිටල් කැමරා ගැන කථා කිරීමේදී බොහෝ විට අපගේ මතකයට
නැගෙන පළමු දෙය වන්නේ මෙගා පික්සල් (Mega Pixel - MP) අගයයි. ඔබ මතක
තබා ගත යුතු වන්නේ ඩිජිටල් කැමරාවක මෙගා පික්සල් අගය මත එහි ගුණාත්මක භාවය ඉහළ
නොයන බවයි. නැතහොත් මෙගා පික්සල අගය යනු ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේ පළමු සාධකය
නොවිය යුතු බවයි. කැමරාවේ සංවේදකය (Camera Sensor), කැමරාවේ ඉමේජ් ප්‍රොසෙසරය
(Image Processor) හා කාච
පද්ධතියේ ගුණාත්මක භාවය යන සියල්ල හොඳ ඡායාරූපයකට එක හා සමානවම දායක වන සාධකයි.
පික්සලයක් යනු ඩිජිටල් ඡායාරූපයක් තැනී ඇති ඉතා කුඩාම
තිත, නැතිනම් කුඩාම ආලෝක ඒකකය හඳුන්වන නමයි. PICture ELement යන වදන කෙටි කර මේ නම සාදාගෙන ඇත. පික්සල් 1,000,000 ක අගයක් මෙගා පික්සල්
1 ක් ලෙස
සලකයි. මෙගා පික්සල අගය වැඩි වූ වට සිදුවන්නේ කැමරාවෙන් නිපදවෙන ඡායාරූපයේ විභේදනය
(Resolution) වැඩි වීමයි. ඡායාරූපයක පික්සල පළල හා පික්සල
දිග එහි විභේදනය ලෙස හැඳින්වේ. ඔබ හොඳින් මතක තබා ගත යුතු කරුණක් නම්, මෙගා පික්සල ප්‍රමාණය ගණනය වන්නේ කැමරාවෙන් ලබාදෙන උපරිම
විභේදන අගයේ ගුණිතයක් ලෙස බවයි.
පික්සල පළල 1600 X පික්සල දිග 1200 = පික්සල 1,920,000
( ආසන්න ලෙස ගත්
විට මෙගා පික්සල 2 යි )
මෙගා පික්සල අගය දෙගුණයකින් වැඩි වුවත් අවසාන ඡායාරූපයේ
ප්‍රමාණය වෙනස් වන්නේ 40% කින් පමණි.
මේ නිසා 6MP කැමරාවක හා 10MP කැමරාවක් අතර
ඡායාරූපයේ ප්‍රමාණය අනුව සැලකීමේදී වැඩි වෙනසක් නොවේ. අනවශ්‍ය ලෙස වැඩි මෙගා
පික්සල ප්‍රමාණයකට මුදල් වියදම් කිරීම අඥාන ක්‍රියාවක් බව මෙයින් වැටහෙනු ඇත.
මෙගා පික්සල 2 ක (2MP) කැමරාවකින් ලබාගන්නා
ඡායාරූපයක් පික්සල 1600 x 1200 විභේදනයකින් යුක්තයි. මේ අගය 4 X 6 ඡායාරූපයක් සඳහා හොඳින්ම
සෑහේ. වර්තමානයේ දක්නට ලැබෙන බොහෝ ජංගම දුරකථන කැමරාවන් ද මේ වැනි පික්සල අගයකින්
යුක්ත වේ. නමුත් එහිදී ඇති වන ප්‍රශ්ණයක් නම් ඒවායේ සෙන්සරය හා ප්‍රොසෙසරය එතරම්
ගුණාත්මක නොවන නිසා ලබාගන්නා ඡායාරූපයේ ගුණාත්මක භාවය අඩුවීමයි. මේ නිසා කැමරාවේ
මෙගා පික්සල අගය 2MP වුවත් බොහෝ
ජංගම දුරකථන කැමරා මගින් ලබාගත් ඡායාරූප එතරම් හොඳ තත්ත්වයෙන් දක්නට නොලැබේ.
සාමාන්‍යයෙන් ඔබ වෘත්තිය මට්ටමෙන් ඡායාරූපකරණය කරන්නෙක්
නොවේ නම් මෙගා පික්සල 4 ක කැමරාවක්
වුවත් සෑහේ. නමුත් වර්තමානයේ දී වෙළඳපොලේ ඇති කැමරාවල අවම මෙගා පික්සල අගය 8MP හෝ 10MP වේ. මෙහිදී ඔබ සලකා
බැලිය යුතු වන්නේ කොපමණ ප්‍රමාණයේ ඡායාරූපයක් මුද්‍රණය කරන්නේ ද යන්නයි. 8MP හෝ 10MP ඩිජිටල් කැමරාවකින්
කිසිදු අපහසුවකින් තොරව 300 DPI අගයෙන් යුතුව 8 X 10 ඡායාරූපයක් මුද්‍රණය
කර ගත හැකියි.

මීලඟට සලකා බලන්නේ
කැමරාවේ විශාලක අගය නොහොත් Zoom එක පිළිබඳවයි. මෙහිදී Optical Zoom හා Digital
Zoom යන යෙදුම්
පිළිබඳ ඔබටත් අසන්නට ලැබී ඇති. මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුත්තේ Optical
Zoom නොහොත් ප්‍රකාශ (කාච)
විශාලනය වෙතයි.
Optical Zoom මගින් සිදුවන්නේ කැමරාවේ කාච පද්ධතිය සීරු
මාරු කිරීමෙන් නාභිදුර සකසා, එමගින්
ඡායාරූපයේ විශාලනය අඩු වැඩි කිරීමයි. මෙය ආලෝක හා ඡායාරූපකරණ මූලධර්ම වල එන භෞතික
/ යාන්ත්‍රික සංසිද්ධියකි. මෙහිදී විශාලනය නිසා ඡායාරූපයේ තත්ත්වයට බලපෑමක් නොවන
අතර කාච පද්ධතියේ ගුණාත්මක භාවය හා Optical Zoom අගය මත හොඳ ඡායාරූපයක් ලැබිය හැකියි.

නමුත් Digital Zoom හිදී සිදුවන්නේ සම්පූර්ණයෙන්ම මෘදුකාංගමය
සංසිද්ධියකි. එහිදී සිදුවන්නේ Digital Zoom වල අගයට සමපාත වන ලෙස, මුල් ඡායාරූපයේ ඇති
පික්සල වලට ගැලපෙන පරිදි ඉමේජ් ප්‍රොසෙසරය මගින්අළුතෙන් පික්සල තනා දීමයි. මෙසේ තනා දෙන පික්සල හා මුල් පික්සල 100% ක් එකිනෙක හා
ගැලපෙන්නේ නැති නිසා Digital Zoom මගින් ලැඛෙන ප්‍රතිඵලය වන්නේ කඩතොලූ වූ දාර
සහිත බොඳවුනු ඡායාරූපයකි. Digital Zoom අගය වැඩිවත්ම, ඡායාරූපයේ ගුණාත්මක භාවය ද පහළ වැටේ.
සාමාන්‍යයෙන් වෙළඳපොලේ ඇති ඩිජිටල් කැමරා වල අවම වශයෙන් 3X
Optical
Zoom අගයක් ඇත.
එයින් කියවෙන්නේ තුන් ගුණයක ප්‍රකාශ විශාලක හැකියාවක් ඇති බවයි. මේ අගය සාමාන්‍ය
භාවිතය සඳහා හොඳින් සෑහේ. ඔබත් ඩිජිටල් කැමරාවක් මිළදී ගන්නේ නම් අවම වශයෙන් 3X
Optical
Zoom අගයක් ඇත්දැයි
විමසා බලන්න.

ඔබේ මතක පත 1 GB හෝ ඊටත් අඩු
ධාරිතාවයකින් යුතු නම් ඉතා ඉක්මනින්ම කැමරාවේ මතක ධාරිතාවය අඩුවී යන බව දක්නට
ලැබේවි. ඔබ මතක පතේ ඇති ඡායාරූප මකා නොදමන්නේ නම් කෙටි කාලයකින්ම මතක පත පිරී
තවදුරටත් ඡායාරූප ගබඩා කළ නොහැකි තත්ත්වයකට කැමරාව පත් වනු ඇත. මෙහිදී අනවශ්‍ය
ඡායාරූප සොයා මකා දැමීම හෝ මෙමරි කාඩ් පතේ අඩංගු ඡායාරූප වෙනත් මාධ්‍යයකට
පිටපත් (Copy) කිරීම කළ යුතුයි. වර්තමානයේ ඇති බොහෝ
ඩිජිටල් කැමරාවන්හි මේ සඳහා උපයෝගී කරගත හැකි USB සම්බන්ධකයක් හා කේබලයක් ලබා දී තිබේ.
මෙමගින් ඉතා පහසුවෙන් ඔබේ කැමරාව පරිගණකයක් සමග සම්බන්ධ කර ගොනු හුවමාරු කිරීමට
හැකියි. ඔබේ කැමරාව පරිගණකයක් හා සම්බන්ධ කිරීමේදී USB සම්බන්ධතාවය ඉතා වැදගත් වන නිසා ඒ ගැන
සැලකිලිමත් වන්න.
බොහෝ කැමරාවන් හි ඩිජිටල් ඡායාරූප ගබඩා වන්නේ .jpeg ගොනු මාදිලියෙනි. සමහර කැමරා Tiff මාදිලිය හා RAW මාදිලියට ද සහාය දක්වයි. .jpeg ගොනු මාදිලිය සාමාන්‍ය භාවිතයට ප්‍රමාණවත් වන නමුත් ඔබ සැලකිලිමත් විය යුත්තේ අඩු විභේදනයකින් ඡායාරූ ගැනීමේ හැකියාව ඔබේ කැමරාවට ඇත් ද යන්නයි. අඩු විභේදනයකින් ලබාගන්නා ඡායාරූප ගොනු වල ප්‍රමාණය කුඩා නිසා මතක ධාරිතාවය සීමා සහිත අවස්ථාවන් හිදී වැඩිපුර ඡායාරූප ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාවක් ලැබේ.
බොහෝ කැමරාවන් හි ඩිජිටල් ඡායාරූප ගබඩා වන්නේ .jpeg ගොනු මාදිලියෙනි. සමහර කැමරා Tiff මාදිලිය හා RAW මාදිලියට ද සහාය දක්වයි. .jpeg ගොනු මාදිලිය සාමාන්‍ය භාවිතයට ප්‍රමාණවත් වන නමුත් ඔබ සැලකිලිමත් විය යුත්තේ අඩු විභේදනයකින් ඡායාරූ ගැනීමේ හැකියාව ඔබේ කැමරාවට ඇත් ද යන්නයි. අඩු විභේදනයකින් ලබාගන්නා ඡායාරූප ගොනු වල ප්‍රමාණය කුඩා නිසා මතක ධාරිතාවය සීමා සහිත අවස්ථාවන් හිදී වැඩිපුර ඡායාරූප ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාවක් ලැබේ.
ඔබත් වෘත්තියමය වශයෙන් ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් නම්
ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේ දී වැදගත් වන සාධක කීපයක් දැන් සලකා බලමු. ප්‍රධානතම
කාරණය වන්නේ අමතර කාච සවිකිරීමේ පහසුකමයි. සමහර ඩිජිටල් කැමරා සඳහා අමතර විශාලක
බලයක් ලබා ගැනීමට හා නොයෙකුත් වෘත්තීමය ප්‍රයෝගයන් (Effects) යෙදීම සඳහා පිටතින්
කාච පද්ධති සවි කිරීමේ හැකියාව පවතී. ඔබත් ස්වභාව ඡායාරූපකරණයේ හෝ ජෛවීය අධ්‍යයන
ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් නම් හා ක්ෂේත්‍ර ඡායාරූපකරණයට නැඹුරුවක් ඇත්තේ නම් මේ
ආකාරයේ අමතර විශාලක බලයක් සහිත කාච යුගලක් අත්‍යාවශ්‍ය වේ. මේ මගින් ඔබට 100X
පමණ දක්වා විශාලක
බලයක් ලබාගත හැකියි.

තවත් වැදගත් සාධකයක් වන්නේ කැමරාවේ සැනෙලි දීප්ත (Flash) ආලෝකයයි. Flash ආලෝකයේ දුර
ඡායාරූපයක් සඳහා තීරණාත්මකව බලපායි. තනි පුද්ගල ඡායාරූ සඳහා කෙටි දුරක සිට
ඡායාරූපකරණයේ යෙදෙන මුත් කණ්ඩායමක් ඡායාරූපගත කිරීමේදී වැඩි දුරක සිට ඡායාරූපය
ගැනීමට සිදුවේ. එහිදී Flash ආලෝකයේ දුර ප්‍රමාණවත් නැති නම් ඡායාරූපය අඳුරු
විය හැකියි. එහිදී ඔබට බාහිර Flash උපාංගයක් ලබාගැනීමට සිදුවේවි. කෙසේ වුවත්
සාමාන්‍ය කැමරාවක ඇති Flash ආලෝකය අඩි 15 ක පමණ දුරකට සෑහේ.
ඩිජිටල් කැමරා පිළිබඳ ඇති නරකම චෝදනාව වන්නේ ඒවායේ බැටරි
ඉතා වේගයෙන් ක්ෂය වීමයි. බොහෝ විට පැය 2-3 ක කාලයකින් පසු බැටරි අළුතෙන් යෙදීමට හෝ
නැවත ආරෝපණය කිරීමය සිදුවේ. AA වර්ගයේ බැටරි
ඇති කැමරාවක් නම් වඩාත් සුදුසුයි. මෙහිදී සාමාන්‍ය බැටරි මෙන්ම නැවත ආරෝපණය කළ
හැකි NiMH බැටරි ද යෙදිය
හැකි නිසා එය වැඩි පහසුවක් ගෙනදෙයි. මේ සඳහා අමතර චාජරයක් මිලදී ගැනීමට ඔබට සිදු
වනු ඇත.
ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීම පහසු කාර්යයක් සේ
පෙනුනත් අනවශ්‍ය ලෙස මුදල් වියදම් වීම වැලැක්වීම සඳහා ඉහත කාරණා ගැන සැලකිලිමත්
වීම ඉතා වැදගත් වේ. එමගින් ඔබේ අවශ්‍යතාවයටම ගැලපෙන පරිදි, එමෙන්ම ඔබේ අතැති
මුදලට ගැලපෙන පරිදි හොඳ ඩිජිටල් කැමරාවක් තෝරා ගත හැකි වේවි.
watina lipiyak
ReplyDeleteමේක නම සෑහෙන්න වටින පොස්ට් එකක්...මම කැමරා කටුවක් හොයන්න ගිහිල්ලා මාරං කට්ටක් කාල තියෙනවා...
ReplyDeletePhotography වලට කැමති කෙනෙක්ටනම් මුලින්ම බලන්න වෙන්නේ zooming සහ battery power එක තමයි. මෙගා පික්සෙල් ප්‍රමානේනම් ලොකු ප්‍රශ්නයක් නැහැ. 5MP camera එකකින් උනත් කලාත්මක ඡායාරුපයක් ගන්න පුළුවන්.
ReplyDeletegood post machan...!!!!
ReplyDeleteලිපිය හොඳයි ..
ReplyDeleteදැන් අර අලුතෙන් ඇවිල්ල තියෙන පැනොරා .. HD සහිත කැමරා ගැනත් ටිකක් විස්තර කළොත් හොඳ නැත්ද ..?
Good One ++
ReplyDelete//අනවශ්‍ය ලෙස වැඩි මෙගා පික්සල ප්‍රමාණයකට මුදල් වියදම් කිරීම අඥාන ක්‍රියාවක් බව මෙයින් වැටහෙනු ඇත//
ReplyDeleteඒකනම් ඇත්ත...සෙන්සරේ ප්‍රමාණය බලන ඒක ඊට වඩා වැදගත් නේද...
Very good. Keep it up.
ReplyDeleteවැදගත් කරුණු කීපයක් යාළුවා..
ReplyDeleteවැදගත් විස්තරයක් සහෝ......
ReplyDeleteවැදගත් විස්තර ටිකක්.
ReplyDeleteSuperb yaluwa... Thanks!
ReplyDeletevery good article.
ReplyDeleteBoho karunu saralava ha pehediliwa liyala thiyenawa. mama pawichchi karanne fujifilm finepix HS20 kiyana Zoom camerawak. thawama hariyata use karanna beha
ReplyDeleteගොඩක් වටින ලිපියක්.. ස්තූතියි අපිව දැනුවත් කලාට අයියා! මමත් කැමාරාවක් ගන්න ඉන්නෙ.. මේක ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා
ReplyDelete@ Ano 1 :
ReplyDeleteBohoma Sthuthiy Saho...!
@ චම්මා :
මමත් එහෙමම තමා... වෙලාවට මේ ආටිකල් කලේ කැමරාව ගන්න කලින්... ගෙදර අය 14MP ගන්නම කියද්දිත් මම 10MP එකක් අරන් 5000/- ක් ම ඉතිරි කරලා දුන්නා... හි හී... ස්තුතියි සහෝ ප්‍රතිචාරයට...!!!
@ Ano 2 :
බොහොම ස්තුතියි අදහස් වලට... මමත් උත්සාහ කලේ මෙගා පික්සල ප්‍රමාණය කියන්නේ එකම සාධකය නෙවෙයි කියලා කියන්න.
//5MP camera එකකින් උනත් කලාත්මක ඡායාරුපයක් ගන්න පුළුවන්.//
කැමරාව කොච්චර හොඳ වුනත් වැඩක් නෑ හොඳ ඇහැකුත් නැත්නම්... ! ස්තුතියි අදහස් වලට. ජයවේවා !!!
@ ධනූ : බොහොම ස්තුතියි මචං !
@ කුමාරයා :
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ! පැනොරාමා පහසුකම නම් ගොඩාක් entry level කැමරාවල තියෙනවා. මේ විස්තරයට ඔයා කියපු පහසුකම් දෙක ඇතුලත් වෙලා නෑ තමා... ඒ දෙක අත්‍යාවශ්‍යම සාධක දෙකක් නොවෙන හින්දයි නොදැම්මේ... ස්තුතියි අදහස් වලට...!
@ බුවා :
බොහොම ස්තුතියි බුවා...! ජය !!!
@ සයුරි :
අනිවාර්යයෙන්ම ! ඒත් ඒක ගැන කියන්න ගියොත් මේ පෝස්ට් එක ටෙක් වැඩි වෙනවා. ඒකයි සරලව ලිව්වේ...සෙන්සරේ ප්‍රමාණය කියන එක ගොඩාක් දෙනෙක්ට එකපාර පැහැදිලි කරගන්න අමාරුයි නේ... ස්තුතියි ප්‍රතිචාරයට සයුරි...!
@ Ano 3 : Thank You Bro...
@ දිනේෂ් + ඔබ නොදුටු ලොවක් + ප්‍රසන්න + දේශ් + ඇනෝ :
ReplyDeleteඔය හැම දෙනාටමත් ගොඩක්ම ස්තුතියි...!!!
@ සාගර :
ගොඩාක් ස්තුතියි අගය කිරීමට සහෝ... ඡායාරූපකරණය (Photography) ගැන ලියැවුනු සරල ලිපියක් කරලා තියෙනවා. ළඟදීම පළ කරන්නම්... ස්තුතියි... ජයවේවා !!!
@ පිටසක්වල මල්ලි :
ස්තුතියි ප්‍රතිචාරයට මල්ලියෝ... අනිවාර්යයෙන්ම කැමරාවක් ගන්නවා නම් දෙක තුනම හොඳට බලලා කල්පනා කරලා ගන්න. ගාණ වැඩි වුනාට කොලිටි වැඩිවෙන්නෑ... ස්තුතියි... ජය !!!
maxxa keep it up macn ......
ReplyDeleteiPlus:
ReplyDeleteහොද ලිපියක්. හැමදාම මෙහෙම වැදගත් දේවල් ලියන්න. ඔබට ජය!
මේක සිරා ලිපියක් බං.. එළකිරි. සෑහෙන්න වටිනවා.. මම හිතන් හිටියේ කැමරාවක් ගන්න කොට මෙගා පික්සල් ගාන සැලකිය යුතු ප්‍රධාන කරුණක් කියල.. උඹේ පැහැදිලි කිරීමත් එල. ගොඩක් තැන්කු වේවා..
ReplyDelete@ Ano : Thanks Bro !!!
ReplyDelete@ iPlus :
ගොඩාක් ස්තුතියි සහෝ...ජයවේවා !!!
@ රවින් :
ගොඩාක් ස්තුතියි මචං... ලිපියෙන් දෙයක් ගත්තා නම් ඒක තමා මගේ සතුට. ස්තුතියි අදහස් වලට... ජයවේවා !!!
හොද ලිපියක්. මේක මටත් සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි ඉදිරියේදී කැමරාවක් මලදී ගන්නකොට...
ReplyDeleteමමත් මේ දවස්වල හොඳ කැමරාවක් ගන්න බලාගෙන ඉන්නෙ... සෑහෙන ප්‍රයෝජනවත් මේක මට... බොහොම ස්තුතියි....
ReplyDeleteනියම ලිපියක් චතූ..... ලස්සනට අදාල කරුණු කාරණා ටික විස්තර කරලා තියෙනවා....ඩිජිටල් ගැන කතා කරලා තියෙන හින්දා රූප සංවේදකය ගැනත් පොඩ්ඩක් කතා කරා නම් වටිනවා මල්ලි...(CMOS හා CCD විදියට)
ReplyDeleteඅනික් වැදගත්ම කාරණේ තමා කැමරාවක් තෝරා ගනිද්දී තමාට අදාල වෙන විදිහේ කැමරාවක් තෝරාගන්න එක(හැම මගුලක්ම තියන එකක් ලොකු ගානක් දීලා ගන්නවට වඩා තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් කැමරාවක් ගන්න එක වටිනවා)
ඊළඟට කල්පැවැත්ම ගැන වගේම යොදා තිබෙන කාච ගැන(Carl Zies,Fujicon,Nikor ) පොඩ්ඩක් විමසිලිමත් වෙන්න.
වැදගත්ම දේ තමා දක්ෂ ජායාරූප ශිල්පියෙක් වෙන්න කැමරාව වැදගත්ම නෑ.....හොඳ ඇහැක් තියෙනව නම් තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න.මුලින්ම හොඳ ඇහැක් හදා ගන්න.(අත්දෑකීමෙන් කියන්නේ)
ගොඩක් වටින ලිපියක්.. නියමයි චතුවා
ReplyDeleteela ela chathu putha
ReplyDeleteඅඩේ ස්තූතියි! මාත් ජායාරූප ශිල්පය ගැන පොඩ්ඩක් ටච් එකේ ඉන්න කෙනෙක්! උඹේ පොස්ට් එක නම් නියමයි! ස්තූතියි මචං!
ReplyDeleteniyamai lipiya thenks...
ReplyDeleteමරු විස්තර ටිකක් !!!
ReplyDeleteඔය වගේ දේවල් ගැන මෙලෝ හසරක් නොදන්න මම වගේ උලමන්ට කියාපු ලිපිය.. නැත්තම් ඉතින් අපිත් ගිහිල්ලා වැඩි මෙගා පික්සල්, වැඩි ඩිජිටල් සූම් තියන ලොකුම එක උස්සන් එන්ඩනේ හැමතිස්සෙම බලන්නේ..
ReplyDeleteස්තූතියි සහෝ.. හරිම වටින ලිපියක්..
ඕවට කියන සිංහල වචන කොහෙන්ද හොයාගත්තේ... ?
@ දිනේෂ් දීපාල් :
ReplyDeleteමගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් දිනේෂ් සහෝ කමෙන්ට් එකක් තියපු පලවෙනි වතාව ! බොහොම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට... සහෝව ආදරයෙන් පිළිගන්නවා...!!!
@ මියුරු :
බොහොම ස්තුතියි මියුරු අක්කේ... (???) එහෙනම් හොඳ කැමරාවක් ගන්නකෝ...!
@ මකුළුවා :
රූප සංවේදක (CMOS හා CCD)ගැන කියලා නැති එක අඩුවක් නම් තමා අයියේ. ඒත් ඒ ඔක්කොම ලියන්න ගියා නම් මේ පෝස්ට් එක සරල නොවෙන්න තිබුනා. ඒක සහ කාච පද්ධති ගැන ලියවිලා නැති එක අඩුවක් තමා. ඒත් නවකයෙක්ට එච්චර දේවල් බර වැඩියි වගේ නේද ? අනෙක Carl Zies ගැන දැනන් උන්නට අනෙක් ඒවා ගැන මං එච්චර දන්නෙත් නෑ. මමත් ෆොටෝග්‍රැෆි ගැන ලොකු දෙයක් දන්නේ නෑ නොවැ...!
//වැදගත්ම දේ තමා දක්ෂ ජායාරූප ශිල්පියෙක් වෙන්න කැමරාව වැදගත්ම නෑ.....හොඳ ඇහැක් තියෙනවා නම්...//
ඒක තමා අයියේ වැදගත්ම දේ... කැමරාව කියන්නේ මෙවලමක් විතරයි. ඒක පාවිච්චි කරලා වැඩේ කරගන්න අපි දැනගන්න ඕනේ. කැමරාව කොච්චර හොඳ වුනත් ඒකට බෑනේ හිතලා creative වෙන්න...!!! ස්තුතියි අදහස් වලට... ජයවේවා...!!!
@ නිලා + තිවා :
ReplyDeleteදෙන්නටම බොහොම ස්තුතියි කිව්වා. රොම්බ තෑන්න්ස් !!!
@ මාධව :
//මාත් ජායාරූප ශිල්පය ගැන පොඩ්ඩක් ටච් එකේ ඉන්න කෙනෙක්!// අහා ! සතුටුයි දැනගන්න ලැබුනු එකට.... බොහොම ස්තුතියි ප්‍රතිචාරයට සහෝ...!!!
@ ella :
ගොඩක් ස්තුතියි සහෝ...
@ සෙන්නා :
අප්පා ! තමන්වම ඔහොම දෙකේ කොලේට පාගන්න එපා සහෝ... හැබැයි ඉතින් ඔය ගැජට් සාප්පු වල ඉන්න උදවිය නම් සහෝ කිව්වා වගේ “හොඳම“ එක කියලා හොඳට අන්දලා දෙනවා...! එහෙම අහුවෙන්න ගිය කෙනෙක්ට මේ ලිපියෙන් දෙයක් දැනගන්න ලැබුනා නම් මට ගොඩක් සතුටුයි...
//ඕවට කියන සිංහල වචන කොහෙන්ද හොයාගත්තේ... ?//
ඉස්කෝලේ කාලේ ඉඳලා සිංහල ආසම විශයයක් නේ බං... කරන රාජකාරියේ හැටියටත් සිංහල හොඳට දැනං ඉන්න එපැයි...! සිංහල තේරුම් / වින්‍යාසය ප්‍රශ්ණයක් වගේ නම් මෙතනට ගිහින් පොඩ්ඩක් බලන්නකෝ... ස්තුතියි ප්‍රතිචාරයට සහෝ...!!!
ගොඩක් හොද ලිපියක් මමත් digital camera වක් ගන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ.........
ReplyDeleteමේ ලිපියත් මට හොද කැමරාවක් තොර ගන්න ප්‍රයෝජනවත් වේවි...ගොඩක් ස්තුතියි...
ගොඩාක් වටිනා ලිපියක් :)
ReplyDeleteඊයෙත් කමෙන්ට් එකක් කොටන්න ගිහින් බාගෙට කෙටුවට පස්සේ ගමනක් යන්න උනා
ReplyDeleteඒ නිසා ලියන්න බැරි උනා
මේ ලිපියෙන් කැමරා ගැන ගොඩක් වටිනා කරුණු සම්බන්ධව කතා කරලා තියෙනවා
නමුත් මෙතැනදී වැදගත් විස්තර කිහිපයක් මගහැරුණු ගතියක් මටත් පේනවා
ඒ තමයි විශාලනය(Optical Zoom) ගැන කරලා තියෙන පැහැදිළි කිරීම මදි වීම සහ සෙන්සර් ගැන පැහැදිළි නොකිරීම...
මම පොඩි උදාහරණයකින් ඒ ගැන පැහැදිළි කරන්නම්,
Canon Powershot 300 HS Digital ELPH Camera සහ Nikon CoolPix S1200pj Digital Camera දෙකේම තියෙන්නේ 5x (Optical Zoom)විශාලන බලයක්
නමුත් Nikon කැමරා එකෙන් ගන්න විශාලනය කල ජයාරූපය Canon කැමරා එකෙන් ලැබෙන විශාලන ජයාරූපයට වඩා විශාලයි.
ඒ කියන්නේ නිකොන් එකේ Zoom අගය වැඩියි
ඕනෑම කැමරාවක විශාලන අගය ගැන කතා කරද්දී අවම සහ උපරිම අගයන් දෙක අතර වෙනස අරගෙන තමයි එයාල කියන්නේ මේ කැමරා එකේ 4x හෝ 5x Zoom අගයක් තියෙනවා කියලා
නමුත් අපි බලන්න ඕනේ විශාලන අගය නෙමෙයි, (ඒකෙන් කරන්නේ එක්තරා දුරකට අපිව නොමග යැවීමක්)
කැමරා එකේ ලෙන්ස් එක 35mm (Standard Foramt Lens) එකක් එක්ක සංසන්දනය කරලා එන අගයන් දිහායි අපි බලන්න ඕනේ
එහෙම බැලුවම කැනොන් එකේ ලෙන්ස් එක 24-120mm වෙනවා, නිකොන් එකේ ලෙන්ස් එක 28-140mm ක් වෙනවා
ඒ කියන්නේ නිකොන් එකේ අමතර 20mm ක වැඩි නාභි දුරක් ලැබෙනවා
කැමරා එකේ සෙන්සර් එකේ වර්ගය අනුව කැමරාව තෝරා ගැනීමත් වැදගත්.
ඒ වගේම CCD වලට වඩා CMOS සෙන්සර් යොදාගෙන තියෙන කැමරා වල විදුලිය පරිභෝජනය ගොඩක් අඩුයි
CMOS සෙන්සර් වල කල්පැවැත්ම CCD සෙන්සර් එකකට වඩා වැඩියි කියලත් කියනවා..
ඒ වගේම ප්‍රොෆෙෂනල් මට්ටමේ කැමරා වැඩි ප්‍රමාණයක් CMOS වර්ගයේ සෙන්සර් භාවිත කරන්න මේ කරුණු කාරණා සියල්ලම හේතුවක් වෙනවා
(මේ ගැන එකඑක වෙබ් සයිට් වල දාල තියෙන අදහස් වෙනස්, මම අදහස් පළකලේ මම ඉගෙනගත්තු දේ අනුව)
මේ කතාව සම්පුර්ණයෙන් කියන්න ගියොත් මගේ කමෙන්ට් එක පෝස්ට් එකක් වෙනවා
ජය වේවා....
thanks machann.........
ReplyDeletemata mee ahambenn ubage blog eka hama unee .......
makza post eka.......
onna mama ehnamm uba kewa wediyata 8MP , 5x vethara Digital camara ekakk gannawa......
thanks udaw karata...
obata jayenn jaya......................!
වටිනවා කියන්නේ උපරම වටිනවා...
ReplyDeletesest site bro
ReplyDeletesite ekanam elama kiri
ReplyDeleteaththatama mamath hithagena hitiye mege pixel wedi nam kamarawa watinawa kiyala . obata sthuthiy danuwath kalata
ReplyDelete