Showing posts with label අමතක නොවෙන සිදුවීම්. Show all posts
Showing posts with label අමතක නොවෙන සිදුවීම්. Show all posts

Tuesday, January 22, 2013

- 2012 සහ, දෙක තුන වෙච්චි 2013... Flashback 2012 -

http://moneyexcel.com//images/2012.jpg      අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් උදාවුනා. ඕක ඉතින් කැලැන්ඩරේ කොල ගැලවෙන එකයි, ඉලක්කම් හර‍‍ඹයකුයි ඇර වෙන නම් ඇති දෙයක් නෑ. පෘථිවිය වෙනදා විදියටම කැරකෙනවා. උදේ වෙනවා - රෑ වෙනවා... අළුත් දවසක් එනවා...

    හරි හරි ඉතින්... බණ ඇති... මේකා මේ මාස ගාණකින් බ්ලොග් එක මතක් වෙලා ඇවිත් මෙතන බයිලා ගහනවා, නේද ? ඉතින්, අනං මනං නැතුව ඔන්න හැමෝටම සුභ අළුත් (පිළුණු ?‍)  අවුරුද්දක් වේවා කියලා පතනවා. මේ 2013 ට කොටන පළමු වැනි පෝස්ටුව නේ. ඉතින් අවුරුදු විෂ් එක පමා වුනාට තරහ ගන්ට කාරි නෑ ඕං !!!

Tuesday, January 24, 2012

- අවුරුද්දක් පුරා චතූගේ කථා අහන බලන හැමෝටමයි... -


     ඉතින් යාළුවනේ...! හිතාගන්න පුළුවන් නේද අද කථාව ? ඔව්, අද මගේ බ්ලොග් එකේ ඇනිවසරි එක... ඒ කියන්නේ ඔයාලා චතූගේ කථා අහන්න අරගෙන අදට අවුරුද්දක් වෙනවා ! ලොකුවට පම්පෝරි ගහන්න තරම් කාරණාවක් නොවුවත්, මගේ බ්ලොග් ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වෙන අද වගේ දවසක පෝස්ට් එකක් නොදා ඉන්නේ කොහොමද ? නේද ? අඛණ්ඩව අවුරුද්දක් පුරා බ්ලොග් එකක් ලියන එකත් ඉතින් හිතන තරම්, පේන තරම් ලේසි දෙයකුත් නෙවෙයි... ඉතින්, මහ ලොකු දෙයක් නොවුනත්, බ්ලොග් ජීවිතයට අවුරුද්දක් පිරෙන මේ වෙලාවේ ඒ සතුට ඔයාලත් එක්ක විඳගන්නයි මේ උත්සාහය...

Thursday, May 19, 2011

දිලුම් අයියේ... නිවන් දකින්නට කලින් ආයෙත් වරෙන්...


   හරියටම මීට අවුරුදු 8 කට කලින්, මැයි මාසෙම 21 වැනිදා මගේ අයියා මේ ලෝකෙ දාලා ගියා... එදා දැනුනු විදියටම අදත්... මේ දැනුත් සහෝදර කැක්කුමකින් පපුව පිච්චිලා ගියා... දිලුම් අය්යේ... උඹත්... මැයි මාසෙම යන්න ගිහින්... කවදාවත් නොදැක්කත්, හමු නොවුනත්, හැබහින් වචනයක් කථා නොකලත් ඔයාගේ පොස්ට් එක දැකපු දවසේ ඉඳලා ඔයාගේ උදව්වට බැනර් එකක් මගේ බ්ලොග් එකෙත් එල්ලුවා. ඒ හරියටම මගේ බ්ලොග් එක පටන් අරන් දවස් 2 කින්... දැන් ... අද... මගේම අයියා නැතිවුනු දවසට දවස් 2 කට කලින් දිලුම් අයියා අපිව දාලා ගිහින්... !!! 

Thursday, February 3, 2011

මහ රෑ කළුවරේ ත්‍රිරෝද ජරමරේ...


    මුල ඉඳලම බණ කථා ටිකක් අහපු ඔයාලට දැන් මේ කියන්න යන්නේ රස කථාවක්. වැඩේ ටිකක් රසවත් හින්දා බ්ලොග් එකට දාන්නම හිතුනා. කියවලා බලමුකො...

    මේ සිද්ධිය වෙනකොට හොඳට වහිනවා. දන්නවනේ ඉතින් මේ දවස්වල කාලගුණේ. වැඩේ උනේ රෑ. කරන්න වැඩකුත් නෑ. මැෂින් එක (මහන මැෂිම නෙවෙයි ඕං... කොම්පීටරේ...) on  කරන්නත් බෑ. ඉතින් ඇඳට වෙලා ඇලට් එකක් දාගෙන පොතක් බල බල හිටියා. වෙලාව 7.00 ට විතර ඇති. උඩහ ගෙදරක ඉන්න ජනිත් අයියා කලබලේ දුවන් ඇවිත් ගෙදර අයත් එක්ක මොනවද කියනවා ඇහුණා.