Friday, September 30, 2011

Wireless Hard Disk - රැහැන් රහිත හාඩ් ඩිස්කයක්

GoFlex Satellite Wirelessඩිජිටල් ලෝකයේ නව ප්‍රවනතාවයන් සමග දත්ත භාවිතාවේ ද වෙනස්කම් ඇතිවී තිබේ. පුද්ගල පරිගණකයේ පද්ධති ඒකකයට සවි වී තිබුණු හාඩ් ඩිස්කය, ලැප්ටොප් පරිගණකයත් සමග ඇවිදින්නට හුරුවිය. ඒ කලින්ට වඩා කුඩා, සැහැල්ලූ මෙන්ම කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ලෙස අනුවර්තය වෙමිනි. දැන් ඒ යුගයත් නිමා කරමින් ටැබ්ලට් පරිගණක සමග ඉදිරියට යන්නට සම්ප්‍රදායික හාඩ් ඩිස්කයට නව මං සෙවීමට සිදුවී තිබේ.

Wednesday, September 28, 2011

සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කිහිපයක්...


    අපේ ජීවිත කාලය තුළ සිදුවන හැම දෙයක්ම, අපි ගැන වගේම - රටේ ලෝකේ වෙන හැම දෙයක්මත් අපිට මතක තියාගන්න අමාරුයි නේද ? ඒත් ඡායාරූපයකට පුළුවන් ඒ මතකය අළුත් කරන්න. ඒක තමයි ඡායාරූප වල තියෙන හොඳකම... කොච්චර පරණ දෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්... සමහර ඓතිහාසික ඡායාරූප තියෙනවා හරිම දුර්ලභ ඒවා. අපේ ජීවිත කාලයටත් කලින් සිදුවුනු දෙයක් වුනත් ඡායාරූප ඇසුරෙන් අපිට දකින්න පුළුවන්... ඉතින් මෙච්චර හෑල්ලක් කියෙව්වේ ලියන්නත් මොනවා හරි තියෙන්න ඕනේ නිසා... මොකද මේ පෝස්ට් එක අකුරු පෝස්ට් එකක් නෙවේ, රූප කථාවක්... එහෙනම් බලන්නකෝ මේ සුවිශේෂී ඡායාරූප කිහිපය කොච්චර වැදගත් ද කියලා...

Friday, September 23, 2011

චතූගේ Band කථා #01 - Music ජීවිතේ පටන් ගත්ත හැටි...


හ ලොකුවට චතූගේ කථා කියලා නම දාගත්තට මොකද... කථා නම් ලියන්න වුනේ දෙක තුනයි. රස කථා දෙක තුනකුයි, බණ කථා ටිකකුයි ලිව්වා තමයි. ඒ වුනාට දැන් තමයි නියම කථාවක් කියන්න යන්නේ... සංගීත කණ්ඩායම් එක්ක කටයුතු කරද්දී සිදුවුනු රසබර සිද්ධි වගේම මගේ සංගීත ජීවිතේ මතකයනුත් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ සූදානම... එහෙනම්, මෙන්න චතූගේ බෑන්ඩ් කථා...

Thursday, September 15, 2011

මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්...


Golden Tabby Tigerමිහිමත ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් බොහෝමයක් දුටු මතින්ම අපිට හඳුනා ගන්නට පුළුවන්. පුරුදු - නොපුරුදු ඒ සියළුම සතුන් අතරිනුත් ඔබ කවරදාවත් අසා නැති, දැක නැති අති දුර්ලභ සතුන් කිහිපදෙනෙක් ගැන හඳුන්වා දෙන්නයි මේ සූදානම. රතු දත්ත පොතට අනුව මේ දුර්ලභ සත්ත්ව විශේෂයන් ගෙන් මුළු ලෝකය පුරා ගත්තත් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් පමණයි. මේ සතුන් දුර්ලභ හා නිතර දකින්නට නොලැඛෙන හේතුව නම් ඔවුන් ඉතා සීඝ්‍රයෙන් වවී යෑමේ අවධානමට ලක්වී තිබීමයි. ඉතින් බලන්නකෝ මේ සත්ත්ව විශේෂයන් ඔයාලත් දන්නවද ? දැකලා අහලා තියෙනවද කියලා...

Wednesday, September 7, 2011

මුහුදු මැද ඔහේ පාවෙන අධි-තාක්ෂණික හෝටලයක්...

ලෝකය පුරාම දක්නට ලැඛෙන නොයෙකුත් ආකාරයේ හෝටල් අතරින් සුවිශේෂී ආකාරයට නිර්මාණය කරන ලද හෝටල් ගොඩනැඟිලි අප හට අරුමයක් නොවේ. ගොඩබිම මත මෙන්ම මුහුද මැද දූපත් වලත්, එතැනින් නොනැවතී දැවැන්ත නෞකාවන් තුලත් අපූර්ව ආකාරයේ හෝටල් ඉදිවී තිබේ. නමුත් මේ සියළු නිර්මාණ සංකල්පයන් අභිබවා යන විප්ලවීය හෝටල් සැලැස්මක් ගැනයි මේ දිග හැරෙන්නේ...

Saturday, September 3, 2011

එකම මවුසය තුන් විදියකට භාවිතා කරන්න කැමතිද ?


Canon has merged mouse, numeric keypad and calculator into one useful wireless device - th...
මේ මම මගේ බ්ලොග් එකේ මවුස් ගැන පළ කරන තුන්වැනි ලිපිය...! මේක චතූගේ මවුස් කථා කියලා register වෙයිද දන්නෑ... :P කොහොම වුනත් මීට පෙර පළවුනු මවුස් ලිපි වගේම මේ මවුස් ලිපියත් විශේෂ මවුස් එකක් ගැන තමයි. සාම්ප්‍රදායික මවුස් මෝස්තරයෙන් මිදිලා අළුත් අළුත් සංකල්ප ඔස්සේ යමින් විශේෂ ආකාරයේ පරිගණක උපාංග නිර්මාණය කරන්නට නිෂ්පාදක සමාගම් උත්සාහ කරන බවට පසුගිය ලිපි දෙක වගේම මේ ලිපියත් හොඳ සාක්ෂියක්...