මහ ලොකුවට ‘චතූගේ කථා’ කියලා නම දාගත්තට මොකද... කථා නම්
ලියන්න වුනේ දෙක තුනයි. රස කථා දෙක තුනකුයි, බණ කථා ටිකකුයි ලිව්වා තමයි. ඒ වුනාට
දැන් තමයි නියම කථාවක් කියන්න යන්නේ... සංගීත කණ්ඩායම් එක්ක කටයුතු කරද්දී සිදුවුනු රසබර සිද්ධි වගේම මගේ සංගීත ජීවිතේ මතකයනුත් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ සූදානම... එහෙනම්, මෙන්න චතූගේ බෑන්ඩ් කථා...
Music Band එකක් play කරනවා දැකලා තියෙන්නේ කවුද ? මෝඩ ප්‍රශ්ණයක්
නේ ? Band එකක්
ගහනවා දැකලා නැත්තේ කවුද... Band එකක්
stage
එකක
නැගලා හැමෝටම පේන්න perform කලාට
තිරෙන් පිටිපස්සේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැතුව ඇති නේද ? ඉතින් අවුරුදු 06 ක්ම
bands
වල
play
කරපු
කෙනෙක් විදියට මට හිතුනා ඔය රස කථා ටිකක් ලිව්වොත් හොඳයි කියලා. ඔය බෑන්ඩ් කථා
ඔක්කොම එක පෝස්ට් එකකින් නම් කියලා ඉවර කරන්න බැරිවෙයි ඕං. ඒක නිසා මම ඒක කොටස්
2-3 කට කියන්නම් හොඳේ. එහෙනම්... බහිමු කථාවට...
Music කියන්නේ ඇත්තටම මගේ ඔලුවෙන් භාගයක්
කිව්වොත් හරි. මගේ ඔලුවෙ භාගයක් IT,
භාගයක් music… (මේ
වෙනකොට නම් 80% ක් විතරම IT තමයි...) දැන් අපේ නෝනි
මේක දැකලා අහයි... “එතකොට මම...!!!” කියලා... ඒක ඉතින් මෙහෙමනේ... ඔලුව එකක්, love එක වෙන එකක්. වැඩ
කරන්නේ බුද්ධියෙන්... love කරන්නේ
හදවතින්... හරි... ඒක ඉවරයි ඈඃ...
පොඩි කාලේ ඉඳලම සංගීතෙට උනන්දුවක්
තිබුනා. හැබැයි ඉතින් එකක් කියන්න ඕනෙ... මම මුළු ඉස්කෝලෙ කාලෙටම stage නැගලා කවියක් වත්
කියලා නෑ. ඒ තරමටම ලැජ්ජාකාරයෙක් මං. ඔය සංගීතෙට තියෙන හැකියාව නම් උපතින්ම ආපු
දෙයක් කිව්වොත් හරි. අපේ අම්මා මාව බඩේ තියාගෙනම තමයි සුජාතා අත්තනායක මහත්මියගේ සංගීත
පන්ති ගිහින් තියෙන්නේ. මාරයි ඈඃ... අනික අපේ තාත්තත් නාට්‍ය කාරයෙක්. අම්මයි
තාත්තයි දෙන්නම කලාවට බර නිසා ඒ ආභාෂය ලැබෙන්නැති මගෙ හිතේ. කොහොම වුනත්, සංගීතෙට
කොච්චර ආස වුනත්, play කරන්න
instrument
එකක්
වත් ගෙදර තිබුනේ නෑ. තාත්තගේ නාට්‍ය වලට ගන්න බෙර වගයක් නම් තිබුණා මතකයි. ඒවා
ඇල්ලීම පොඩි ළමයින්ට තහනම් !!! තව... සර්පිනා එකකුත් තිබුණා. ඒක play කරන්න හම්බවෙන්නේ අම්මා
ඒක එළියට ගත්තොත් තමයි. අපිට තනියම සර්පිනාව ගහන්න දෙන්නැති වෙන්න හේතු දෙකක්
තිබුනා. එක: බැලෝ එකේ patch වගයක්
සහ තව තව තාක්ෂණික දෝෂ වගයක් තිබුනා. ඇන්ටික් බඩු නොවැ... දෙක: අපි හිච්චි ඇට්ටෝ ඒ
දවස්වල. ඉතින් බැලෝ එක අදින්න තරම් අත් පොඩි ලොකු නෑ නොවැ. මේ කියන කාලේ මට
අවුරුදු 10-12 ක් විතර ඇති. ඉතින් බොහොම අමාරුවට සර්පිනා එකේ බැලෝ එක ඇද ඇද ‘දිය ගොඩ සැම
තැන...’ play කරා යන්තම් මතකයි...
ඔය පූර්විකාවට අමතරව මගේ සංගීත ජීවිතේට
ලොකුම හයිය දුන්නේ අපේ මහප්පා (තාත්තගේ අයියා) කියලා නොකිව්වොත් ඒක ලොකුම
වැරුද්දක් !!! එදා ඒ තරම් නොදැනුනාට ආපහු හැරිලා බලනකොට මහප්පගේ වටිනාකම අද තමයි
තේරෙන්නේ. මහප්පා නිතරම ඩුබායි යනවා එනවා... එයා වැඩ කරපු bank එකේ
වැඩ වලට. ඉතින් මේ කියන දවස්වල මහප්පා රට ගිහින් ඉන්දැද්දි මම එයාට ලියුමක් යැව්වා
මෙන්න මෙහෙම. “අනේ මහප්පේ... පුළුවන් නම් මට චූ...ටි organ එකක්
ගේන්න...” කියලා. Organ එකකට තිබුනු ආසාවට ඔහේ ලියලා
යැව්වා වුනාට මම හිතුවේ නෑ ලැබෙයි කියලා. කොහොම හරි... ඒ පාර මහප්පා ආපහු ලංකාවට
එද්දි මටත් චූ...ටි organ එකක් ගෙනල්ලා තිබුනා. පස්සේ
ආරංචි වුනු විදියට ලොකු නැන්දගේ පුතා මල්ලිටයි, පොඩි නැන්දගේ පුතා මල්ලිටයි, මං
පුතාටයි organ තුනක්ම ගෙනත්. අපේ හොන්......ඳ මහප්පා...! එතකොට මම
ඉස්කෝලේ 7-8 විතර කාලේ. වයස 12-13 ක් වගේ. මහප්පා ගෙනත් දුන්නේ CASIO SA-11 කියලා පොඩි organ එකක්. කොම්පියුටර් කීබෝඩ් එකකට
වඩා ඩිංගක් ලොකු ඇති ඕන්නම්. දැන් ඉතින් පොඩියට පෙනුනට... ඒ දවස් වල නම් මට ඒක Roland Fantom එකකටත් වඩා ලොකුයි.
මේක තමයි මගේ සංගීත ජීවිතේ ඇරඹුම. එදා ඉඳන් ඔය පේන casio කොටේට
නිවනක් නම් තිබුනේ නෑ. මගේ වැඩේ ඉතින් දවසම ඕක ඔබ ඔබ ඉන්න එක තමයි. ඒ දවස්වල music ගැන
මෙලෝ දෙයක් දන්නෙ නෑ. කොටින්ම කිව්වොත් ‘ස’ (C
note) තියෙන්නේ
කොහෙද කියලවත් දැනං හිටියේ නෑ. ඒ වුනාට play කරන්න තමයි ආසාව තිබුනේ. මම ඒ organ එකට
ගොඩාක් ආදරේ කලා. අදටත්... දැනුත්... ඒක මගේ ගාව තියෙනවා. දැන් එයාට අවුරුදු.....
(එක්කො ඕනෙ නෑ...! මේක බලන එවුන් ඊළඟට ගණන් හදන්න පටන් ගනියි මට වයස කීයද
කියලා...!!!)
හි..හී... organ එකට අවුරුදු 14 ක් වයසයි බොලං...
මගේ ජීවිත කාලෙන් භාගයක්ම වගේ ඒකා මගේ ළඟ... (දැන් ගණන් පොත් අරගෙන හදාපල්ලකො
වයස...!)
Organ එක ලැබිලා සතියකින් වගේ අපේ
අයියා කොහෙන්ද මන්දා notation (ගීත ස්වර ප්‍රස්ථාර)
වගයක් ගෙනත් තිබුනා. ඒ දවස්වල එයා කැඩෙටින් කරනවා. Platoon
එකේ
යාළුවෙක්ගෙන් copy කරන් ඇවිත්. copy කලා
කිව්වේ pen එකකට එහෙම නෙවෙයි ඕං... (ඒ කාලේ පෙන් කියලා
තිබුනේ බෝල්පොයින්ට් පෙන් තමයි ඉතින්...) කොලේ බලාගෙන තව එකකට ලියාගෙන ඇවිත්. ඔය
ප්‍රස්ථාර ටික තෝරලා තෝරලා ගහන්න පුළුවන් කියලා හිතුනු notation
දෙක තුනක් තෝරගෙන ටිකක් professional විදියට practice කරන්න
ගත්තා. මට තාමත් මතකයි... මම මුලින්ම play කලේ
කපුගේ මාස්ටර්ගේ ‘බිම්බරක් සෙනග’ සින්දුව. අයියයි, මමයි දෙන්නම ඔය
දවස්වල එකට ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ අපි දෙන්නත් එක්කම රූකාන්ත මහත්මයාගේ ‘අංගනාවෝ’ පුරුදු වුනා. දැන් ටික දවසකින් අපි
දෙන්නටම ඔය සින්දු දෙකම පුලුවන්...
කොහොමින් හරි අයියට දවස් 4-5 ක්ම practice කරන්න
වුනේ නෑ. ඔය අතරෙදි කොහොමහරි තටමලා තටමලා මම උපාලි කන්නන්ගරගේ ‘දුම්බර
මිටියාවත පැත්තේ...’ සිංදුව පුරුදු වුනා. ඒ දවස්වල
නොදන්නවා වුනාට මම ඒක පුරුදු වුනේ ear එකට play
කරලා.
ඒ කියන්නේ සිංදුව කනට ඇහිලා පුරුදු විදියට මතකෙන් play කරන එකට. කොහොම හරි ඔය විදියට ඔය
සිංදුව ඉවර කරන්න දවස් තුන හතරක්ම ගියා. අයියා ඇවිත් මම ඔය සිංදුව play
කරනවා
බලන් ඉඳලා මගෙන් අහනවා... “කෝ notation... ?” කියලා. ඕක
ඉතින් අයියා ගෙනාපු Notation ගොඩේවත්, වෙන
කොහේවත් ලියලා තිබුනු එකක්වත් නෙවෙයිනේ.
මම ‘දුම්බර මිටියාවත’ තනියම පුරුදු වුනා කිව්වම
අයියට ටිකක් අප්සෙට්... අහලා ගහන කොට වැරදියි... සම්මතයෙන් පිටයි... සිංදුව හරියට
වදින්නෑ... වගේ එක එක seen. ඉතින් එදායින් පස්සේ මම notation
පස්සේ යෑම නැවැත්තුවා. මට ඇහෙන ඇහෙන සිංදු වරද්ද වරද්ද පුරුදු වුනා. ඔය කාලේ octaves, scales, chords මොන මලදානයක් වත් දන්නේ නෑ. සිංදුවේ
මුල අහුවෙන්නේ කොතනින් ද... එතන ඉඳන් ඉතුරු නෝට්ස් ටික අහුල ගන්නවා. සමහර අමාරු
සිංදු අල්ලගන්න දවස් ගණන් පුරුදු වෙන්න වුනා. කොහොම හරි ඔය විදියට ටික ටික සිංදු practice
කරගෙන ගියා.
දැන් ඉතින් මම 8 වසරේ අන්තිම හරියේ වගේ. අපේ ගෙදර
ඉඳන් මීටර 50 ක විතර පේන දුරින් මට වඩා අවුරුද්දක් වැඩිමල් 9 වසරේ යාළුවෙක්
හිටියා... නම ජීවන්. ජීවන්ටත් පොඩි music උණක් තිබුනා. අපේ ආච්චිගේ අයියාගේ
පුතා, ඒ කියන්නේ මට නම් නෑකමට මාමා කෙනෙක් හිටියා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී
කෙනෙක් විදියට. ඒ ගොල්ලන්ගේ ගෙවල් තිබුනෙත් පේන දුර. ඒ ගෙදරට තමයි ඉතින් කට්ටියම
සෙට් වෙන්නේ. එතනින් තමයි ජීවන් එක්ක ෆිට් වුනේ. අපේ ගේ තිබුනෙත් පාර අයිනේ. ඉතින්
පාරෙ යද්දී මම organ එක තලනවා ඇහිලා වෙන්න ඇති බුවා
කිව්වා අපි දෙන්නම සෙට් වෙලා බෑන්ඩ් එකක් ගහමු කියලා. ඒ දවස්වල අපි නොදන්න බෑන්ඩ්
!!! කොහොම වුනත් සතියකට සැරයක් වගේ සෙට් වෙලා ඔය මොනවා හරි සිංදු ටිකක් ගහලා practice කරන්න
පුරුදු වුනා. ඔය කාලේ, (96-97 වගේ) මට මතක
විදියට, X-ray කාඩ් හරි - ෆෝමිකා බෝඩ් හරි රීප්ප පට්ටම් වලට ගහලා හදාගත්ත ඩ්‍රම්
සෙට් එකක් ජීවන්ට තිබුණා. ඕකට ඉතින් ඩ්‍රම් සෙට් එකක්ම කියලා කියන්න බෑ. ටිකක්
අමුතු භාණ්ඩයක්... මම ඕගන් එක Full Volume කරගෙන ගහනවා... ජීවන්
අර කෑලි ගොඩට තඩි බානවා...! ජීවන්ලගේ ගෙදර තිබුනෙත් පාර අයිනේ නිසා ඔතනින් යන බස්
වල යන උදවිය අපේ ගාලගෝට්ටිය බලන්න බස් එකේ ජනෙල් වලින් ඔළුව දාගෙන බල බල ගියපු
හැටි මට තාමත් මතකයි.
ජීවන්ගේ යාළුවෙක් තමයි සංජය කියන්නේ. දෙන්නා එක වයසේ
- එක සෙට් එකේ. මිනිහත් හිටියේ හූවක් කිව්වොත් ඇහෙන තරම් ළඟපාතක. ජීවන් එක්ක
තිබුනු යාළුකම නිසාම සංජයත් නිතර නිතර ආවා ගියා... නිතරම මුණ ගැහුනා. ඒත් මමයි,
සංජයයි අතර ලොකු බ්‍රැකට් එකක් තිබුනේ නෑ. මම 9 වසරේ ඉන්දැද්දි දවසක් මං ඉස්කෝලෙ
ඇරිලා බස් එකෙන් ගෙදර එද්දි සංජයව හම්බවෙලා කථා කළා. මම ඒ කාලේ බස් වල ඉස්සරහ seat එකේ
යන්න මාර පෙරේතයි. ඔය seat එක හිස් වෙනකල් හරි හිටගෙන
යනවා. ඉතින් මම ඔය ඉස්සරහ අයිනේ seat එකේ වාඩිවෙලා ලොක්කා වගේ යනවා.
සංජයත් ඉස්සරහට ඇවිත් එහා පැත්තෙන් වාඩි වුනා. ඒ දවස්වල ඌ 10 වසරේ... දිග කලිසම්
අඳින්න ගත්ත අළුතනේ ඉතින්... seat එක හෝදපු නැති ටික විතරයි...! එක
විකාරයයි...
“උඹලා බෑන්ඩ් එකක් ගහනවලු නේද ?” සංජය එහෙම
ඇහුවා.
“එහෙම කියලා නෑ බං... නිකං ඔහේ ප්‍රැක්ටිස් කරනවා...” මම කිව්වා.
“ඉතින් අපි සෙට් වෙලා බෑන්ඩ් එකක් පටන් ගමුකෝ...” ඔන්න සංජය මාතෘකාවට ආවා.
“එහෙම කියලා නෑ බං... නිකං ඔහේ ප්‍රැක්ටිස් කරනවා...” මම කිව්වා.
“ඉතින් අපි සෙට් වෙලා බෑන්ඩ් එකක් පටන් ගමුකෝ...” ඔන්න සංජය මාතෘකාවට ආවා.
එදා ඔහොම ආරම්භක කථාබහ කරලා, ජීවන් එක්කත් වචනේ දාලා
අපේ three piece band එක පටන් ගත්තා. ජීවන් එදා ඉදන්ම
ආසා ඩ්‍රම්ස් ගහන්න. සංජයටත් ඕනෙ වුනේ ඩ්‍රම්ස්...! කොහොම හරි කථාබහ කරලා, සාකච්ඡා
මාර්ගයෙන් ප්‍රශ්නේ විසඳ ගත්තා. සංජයට ඩ්‍රම්ස් දීලා ජීවන් pad ගහන්න
කැමති වුනා. Pad කිව්වේ... Octapad...
දන්නවනේ අර...කොටු 8 කට බෙදපු පැතලි ලෑලි කෑල්ලක් වගේ තියෙන භාණ්ඩෙ.
ඉතින්... ඔය දවස්වල... සංජයලගේ ගෙවල් පාරේ කිට්ටුවම
හිටියා බෑන්ඩ් එකක Octapad ගහන අයියා කෙනෙක් ‘සොභාත්’ කියලා. එයා X-ray කාඩ් වලින් ලස්සනට Octapad
එකක් හදාගෙන තිබුණා ප්‍රැක්ටිස් කටයුතු වලට. අපේ ජීවන් වැඩේට අළුත් නිසා සොභාත්
අයියා ජීවන්ට Rhythm දෙක තුනකුත් කියලා
දුන්නා. මට මතකයි... ඌ ඒ ටික සති ගාණක් පුරුදු වුනා. කොහොම වුනත් percussion ඇඟේ තියන එකාට drums
වලින් Octapad
වලට මාරු වුනා කියලා වෙනසක් නෑ. ජීවනුත් හොඳට ප්‍රැක්ටිස් කරලා වැඩේ අල්ල ගත්තා. සොභාත්
අයියගේ pad එක ආදර්ශෙට අරන් අපිත් duplicate Pad එකක්
තනා ගත්තා. සංජයත් රීප්ප කපලා, ත්‍රිකෝණ පට්ටම් හදාගෙන, උගෙ මොකක්ද මන්දා ලෙඩකට
ගත්තු X-ray කාඩ් ටිකකුත් ඒවට ගහලා ඩ්‍රම්
සෙට් එකේ toms ටික හදා ගත්තා. ඔය විදියට අපි
තුන්දෙනා ටිකෙන් ටික බඩු ටික හදාගෙන ප්‍රැක්ටිස් පටන් ගත්තා. අරුන් දෙන්නගේ ටකරන්
කරච්චලේට මගේ ඕගන් එක ඇහෙන්නැති නිසා මංම පොඩි amp
කට්ටක්
අටෝ ගත්තා. පස්සෙ නම් සංජයලගේ ගෙදරින් බර බර දාද්දිම 50,000/- ක් විතර වටින set-up එකට
ඕගන් එක plug කලා.
ඉතින් ඔය විදියට අපේ චූටි බෑන්ඩ් එක ගොඩාක් වෙලාවට
සෙට් වුනේ සංජයලගෙ ගෙදර තමයි. උන්ගෙ ගේ තිබුනේ පන්සල එහා පැත්තේ. ඉතින් පෝයදාට ප්‍රැක්ටිස්
නෑ. ‘නෑ’ කිව්වට ඉතින්... නොකෙරුවමත් නෙවෙයි... ඉතින්
ඔය විදියට අපි තුන්දෙනා අවුරුදු දෙක තුනක්ම බෑන්ඩ් එක කරගෙන ආවා...
අපේ three piece band එකේ රස කථා එක්ක ඊළඟ
කොටසින් හම්බවෙමු එහෙනම්... three piece band එක full band එකක් වෙලා... sound setup වල ප්‍රැක්ටිස් ගිය
හැටි... අපේ opening show එක හා එතනින් එහාට
ගිය අවුරුදු 6 ක බෑන්ඩ් සීන් ඔක්කොම ඉස්සරහට අහන්න ලැබේවි. එහෙනම්... තරහා නැතුව
හොඳ ළමයි වගේ ඊළඟ කොටස වෙනකල් පොඩි විරාමයක් ගමු හොඳේ... ජයවේවා !!!
එල එල .... ඉතුරු ටිකත් අහන්නම ඕනි (සොරි බලන්නම ඕනි ) ..මමත් සංගීත පිස්සෙක් . හැබැයි බැන්ඩ් එකකට නම් සෙට් වෙන අය්ඩියාවක් තිබුනේ නැ , ස්කොලෙ වයලින් සහ තූර්යවාදක කණ්ඩායමේ සංගීත භාණ්ඩයක් වාදනය කලා . ඒත් දැන් නම් වයලින් ගහන කොට කම්බි 4ම ඇතිල්ලෙනවා . තූරය වාදක කණ්ඩායමේ ප්ලේ කලෙත් ඉතාම ඉහල ගණයේ සංගීත භාණ්ඩයක් අද ඒක හරියට වාදනය කරනව තියා පිලිවෙලකට පිඹගන්නත් බැ . චතු සහෝ IT ෆීල්ඩ් එකේද වැඩ ? මොනාද කරන්නෙ ?
ReplyDelete@ බුවා:
ReplyDeleteඉතුරු කථා ටිකත් ඉක්මනටම දානවා... බුවාත් සංගීත පිස්සෙක් කියලා අහන්නත් සතුටුයි... මම නම් ඉස්කෝලෙ කාලේ සංගීත අංශයෙන් මෙලෝ දෙයක් කරලා නෑ. කොටින්ම O/L වලට ප්‍රායෝගික පරික්ෂණයට ඉදිරිපත් කිරීම කරන්න ගියාම අපේ සංගීත ගුරුතුමිය ඇහුවේ “කොහෙද මනුස්සයෝ මෙච්චර කල් හිටියේ ?“ කියලා...
ඔව් බුවා... මම IT field එකේ තමා... තව පැත්තකින් Media field එකේ... මම තොරතුරු තාක්ෂණික සඟරාවක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්... ඒ වගේම විශේෂාංග ලේඛකයෙක්... ඉතින්, ඉදිරි කථා ටිකත් එක්ක එකතු වෙලා ඉමු... ස්තුතියි... ජය !!!
oyagea RSS feed eka hariyata wada kaanne naa.
ReplyDeletetikak hoyala balanna.
අය්යා වගේ ඔය බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න බැරි උනත් මගේත් ඒ දවස්වල ලොකු හිනයක් වෙලා තිබුනා ඕක.. එහෙම කථාවක් කියවනකොට ආයේ ඒ අතිතෙට දුවනවා අය්යේ.. ඉක්මනටම දාන්නකෝ...
ReplyDeleteමම නං බෑන්ඩ් සංගීතෙට වැඩිය කැමති නෑ. ඒත් චතූ ගේ කතාව හොඳ රසවත්. දිගටම ලියාගෙන යන්න. අපි එන්නන් කියවන්න.
ReplyDeleteපට්ට බෑන්ඩ් එකක් නේ
ReplyDeleteජිවිතේ කතාව තමයි ලස්සනම කතාව වෙන්නේ. හරිම අපුරුයි. හරිම ආසාවෙන් කියවනවා . දිගටම ලියන්න මල්ලි.
ReplyDeleteසංගීතෙට කිසිම හැකියාවක් නැහැ මට නම්. රස විඳින්න හැර.
ඒත් අපේ බනියා මේ ලඟදි ඉඳන් පියානෝ එකට පුදුම ආසාවක් ඇතිවෙලා . මට හිතා ගන්න පුළුවන් ඔයාලගේ ගෙදර ඉස්සර තත්වය. අපේ දිහා හැමවෙලේම සංගීතය .
සමහර කලබල බෑන්ඩ් සංගීතයට අකමැති වුනත් හොඳ බෑන්ඩ් මියුසික් වලට නම් අකමැත්තක් නැහැ මගේ . 70 දශකයේ නේද ලංකාවේ බෑන්ඩ් සංගීතය ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ .
ඔයාලගේ එක්ස් රේ ඩ්‍රම් ගැන ඇහුවම දුකත් හිතුන . ඒ කාලයේ පොතේ පතේ වැඩ වලට ඇර කලාවට කවුරුත් අනුබලයක් දෙන්නේ නැහැනේ නේද . දැන් නම් තත්වය වෙනස් . හැබැයි දුක් විඳලා ලබා ගත දේ වැඩිය රසවත් .
@ ano:
ReplyDeleteස්තුතියි දැනුවත් කලාට... ඒත් සහෝ මට නම් RSS වල වැරැද්දක් පේන්නෑ... දන්නා කෙනෙක් ඇත්නම් පරීක්ෂා කර වාර්තා කරන සේක්වා...!
@ දේවා:
අම්මපා...! මලයත් බෑන්ඩ් පිස්සෙක්නේ එහෙනම්... එළ එළ... මම බයේ හිටියේ මේක ලිව්වට කියවන්න එකෙක් නැතිවෙයිද කියලා... අප්පා උඹ සංගීතෙට නොගිය එකම හොඳා... ගියත්, බෑන්ඩ් නම් ගහන්න එපා... බැංකුවේ රැකියාව කරගෙන ඔය දැන් හොඳින් ඉන්නවා වගේ ඉඳපන් මලේ... මම එහෙම කියන්නේ ඇයි කියලා පසුවට කියවද්දී තේරෙයි...
කොහොම වුනත් music කියන්නේ සොඳුරු ඉසව්වක්... ඒ මතකවල දැවටෙන්න ආවට ස්තුතියි... ඉක්මනට ඊළඟ කොටස් දාන්නම්... විභාගෙට ජය...!
@ පොත් ගුල්ලා:
ඇත්ත සහෝ... ලංකාවේ අපේ බෑන්ඩ් සංගීතේ පෙරදිගටත් නැති - අපරදිගටත් නැති කලවම් අච්චාරුවක්... එහෙම එකකින් රසයක් හොයන්න බෑ තමයි... මට බෑන්ඩ් එපා වෙන්න එක හේතුවක් ඕක...
බෑන්ඩ් ගැන රහක් නැති වුනාට කථාව රසවත් කියලා කියපු නිසා පොඩි ගැම්මක් ආවා. නැත්නම් මම මේවා කාට කියන්නද ? බොහොම ස්තුතියි කියවලා ප්‍රතිචාරයක් තිබ්බට...!
@ රෙෂාන්:
හෙ හේ... පට්ට තමයි...! දැන් කාලේ වගේ උපන් ගමන් ඇවිදින බෑන්ඩ් ඒ කාලේ තිබුනේ නෑ නොවැ. ඉතින් තනියම ඉගෙනගෙන වැරදීම් වලින්ම අත්දැකීම් අරගෙන තමයි අපි වර්ධනය වුනේ. ඒ නිසා නැගිටින්න සෑහෙන කලක් ගියා... මේ කියලා තියෙන විදියට අපේ බෑන්ඩ් එක පට්ට විහිළුවක් තමයි. ඒත් ඒ ලබපු අත්දැකීම් උඩ ඕනේම තත්ත්වයක් යටතේ, ඕනෙම කට්ටක් කන්න අපිව පදම් කලා. කලාකරුවෙක්ට අත්‍යාවශ්‍ය ගුණාංගය වෙන ඉවසීම අපි පුරුදු කලේ ඔය වගේ කටු කාලා තමයි... බලමු ඉස්සරහට... අපේ බෑන්ඩ් එකේ තව පට්ට කථා රාසියක් තියේ...!
@ බින්දි අක්කා:
ReplyDeleteඔව් අක්කේ, මම දන්නවා අක්කා ජීවන අත්දැකීම් වලට ගොඩක් කැමතියි කියලා... පහුගිය ටිකේම මගේ බ්ලොගේ පලවුනේ ඒකාකාරී-තාක්ෂණික ලිපි... ඉතින් මේක මෙලෝ රහක් නැතිවේගෙන යන නිසා වෙනසකටත් එක්ක තමයි මේ විදියට බෑන්ඩ් කථා ටික දාන්න හිතුනේ... මේ වගේ කථා වලට ආස අයටත් කියවන්න දෙයක් දෙන්න ඕනෙනේ...
අක්කට සංගීත හැකියාවක් නෑ කියන්න බෑ. එක අක්කට සංගීතය රස විඳින්න පුළුවන් නිසා... අනික බනියත් සංගීතෙට උනන්දුයිලුනේ... අක්කේ පියානෝ මියුසික් පුරුදු කරවන්න. ඒක භාවනාවක් වගේ... මම නම් පුදුම ආසයි පියානෝ මියුසික් වලට. පියානෝ වාදනය කරන්න හොඳ මානසික ඒකාග්‍රතාවයක් වගේම හොඳ පුහුණුවක් ඕනේ... බනියාව දැම්මම උනන්දු කරවන්න... අනිවා ඒක එයාගේ අනාගතයට හොඳ ආයෝජනයක් වේවි...!
දැන්නම් ලංකාවේ බිහිවෙන්නේ තනිකරම ටකරං බෑන්ඩ්... අපිත් කලේ එව්වම තමා... ඒත් ඒක හරි ඒකාකාරීයි... ඒත් අක්කා කිව්වා වගේ අහන්න පුළුවන්, රස විඳින්න පුළුවන් නිර්මාණත් නැතුවා නෙවෙයි... මම නම් සීමා මායිම් නැතුව කනට ඇහෙන හැම සංගීතයක්ම රස විඳිනවා...
අක්කා කිව්වා වගේ ලංකාවේ බෑන්ඩ් සංගීතය ජනප්‍රිය වුනේ 70 දශකයේදී තමා... අපිට ඒ කාලයේ තිබුන බාධක නම්... අප්පේ... ඉස්සරහට තේරෙයි...!
අක්කා අන්තිමට කියපු වචනේ මගේ දේව වාක්‍යයක්...කට්ටක් නොකා ලබාගන්නා දෙයක නියම වටිනාකමක් දැනෙන්නේ නෑ... ඇත්තම කිව්වොත් කිසි ගතියක් නෑ... ඔය විදියට කාපු අනන්ත අප්‍රමාණ කටු නිසාම මම ඉගෙන ගත්තු දේ අනන්තයි... ඒකමයි මේ කථා පෙළ කියන්නත් හිතුනේ...
ලොකු ප්‍රතිචාරයක් කොටලා, හැමදාම වගේ අදත් දිරිමත් කරනවාට ස්තුතියි අක්කේ... ජය !!!
ella
ReplyDeleteඅඩේ නියමයි බන්..මමත් තාම උබේ බන්ඩ් අතීතය දන්නෙ නැහැනෙ. දිගටම ලියපන්කෝ,,,,
ReplyDeleteඅප්පට සිරි මගේ මොළෙත් ඔය වගේම තමයි සහෝ........
ReplyDeleteඅපේ මුළු ගෙදරම music පිස්සො.....
it පිස්සුව නම් තියෙන්නෙ මටයි ,තාත්තටයි තමයි.....
අපෙ අම්මටත් ඒ පිස්සුව හදවන්න පුළුවන් උනා නම් තව ටිකක් වැඩිපුර මට කොම්පියුටරේ ලගට වෙලා ඉන්න තිබ්බා........
කතාව නම් පට්ටම තාම........
අදනේ කියවන්න හම්බුනේ........
ඉතුරු ටිකත් ඉකමනටම කියවන්නම්කො.......