Showing posts with label රස කථා. Show all posts
Showing posts with label රස කථා. Show all posts

Wednesday, January 7, 2015

ඡන්දේ දුන්නේ කාටද ඕයි...!!!

ජනවාරි මස 09 වැනිදා රාත්‍රියයි. නිමාවූ ජනාධිපතිවරණයේ උණුසුම නියම අයුරින් මතුව ඇත්තේ දැන් බව පෙනේ. උදෑසනම ඡන්ද ප්‍රතිඵල එද්දී මොකක් හෝ වෙතැයි හිත කීවත්, සුපුරුදු පරිදි මම රාජකාරියට යෑම නම් අතපසු නොකලෙමි. ගියත් කරන්නට වැඩක් නම් තිබු‍ණේ නැත. සුපුරුදු පරිදි පශ්චාත් මැතිවරණ විශ්ලේශණය සඳහා සේවා ස්ථානයේ සගයෝ මුළු දවසම පාහේ නිර්ලෝභීව වැය කලෝය. සේවා ස්ථානයේ දී සන්සුන් ලෙසින් කාලය ගත වූවත්, අද වැඩට ආ මෝඩකම යැයි හැඟෙන්නට වූයේ වැඩ අහවර වී ගෙදර යන්නට මගට බැස්සාට පසුවයි.

Wednesday, February 23, 2011

ක්ෂණිකව පල දුන් සත්ත්ව කරුණාව...


     ඉතින්... හුඟ කාලෙකට පස්සෙ ආයෙත් පෝස්ට් එකක් දාන්නේ.  ලියන්න දේවල් නැතුව නෙවෙයි. වෙලාව අඩු නිසා. මැෂින් එක
on කලෙත් දවස් දෙකකට පස්සේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ තවත් රස කථාවක් ... hot hot කථාවක්... මීට කලින් දාපු ත්‍රිවිලර්  කථාව මතක ඇතිනේ. මේකත් ටිකක් ඒ වගේ...

Thursday, February 3, 2011

මහ රෑ කළුවරේ ත්‍රිරෝද ජරමරේ...


    මුල ඉඳලම බණ කථා ටිකක් අහපු ඔයාලට දැන් මේ කියන්න යන්නේ රස කථාවක්. වැඩේ ටිකක් රසවත් හින්දා බ්ලොග් එකට දාන්නම හිතුනා. කියවලා බලමුකො...

    මේ සිද්ධිය වෙනකොට හොඳට වහිනවා. දන්නවනේ ඉතින් මේ දවස්වල කාලගුණේ. වැඩේ උනේ රෑ. කරන්න වැඩකුත් නෑ. මැෂින් එක (මහන මැෂිම නෙවෙයි ඕං... කොම්පීටරේ...) on  කරන්නත් බෑ. ඉතින් ඇඳට වෙලා ඇලට් එකක් දාගෙන පොතක් බල බල හිටියා. වෙලාව 7.00 ට විතර ඇති. උඩහ ගෙදරක ඉන්න ජනිත් අයියා කලබලේ දුවන් ඇවිත් ගෙදර අයත් එක්ක මොනවද කියනවා ඇහුණා.