Friday, August 30, 2013

- අනාගතයේ වීදුරුව : Gorilla Glass 4 -

පොදුවේ සිංහල භාෂාව හා පරිගණක තාක්ෂණික දේ ගැන පළවුනු මෙවැනි බ්ලොගයක වීදුරු ගැන පළවීම නරඹන ඔබට තරමක අමුත්තක් විය යුතුය. නමුත් Corning සමාගමේ විප්ලවීය නිර්මාණයෙන් පසු වීදුරු යනු තාක්ෂණ ලෝකයේ කාහටත් දැන් අමුත්තක් නොවේ. Corning සමාගම යනු ලෝකයේ ප්‍රමුඛතම තිර ආරක්ෂණ වීදුරු නිෂ්පාදන සමාගමකි. ලොව පුරා බොහෝමයක් ස්මාට් ෆෝන් හා ටැබ්ලට් පරිගණකයන් හි ස්පර්ශ-සංවේදී තිරයන් සීරීම්, වැටීම් හා ඉරි තැලීම් වලින් ආරක්ෂා කර දෙන Gorilla Glass (ගෝරිල්ලා ග්ලාස්) නම් මැජික් වීදුරුව නිෂ්පාදනය කරන්නේ Corning සමාගමයි.

Tuesday, August 27, 2013

- ස්මාට් ලෝකයේ ස්මාට් ඔරලෝසුව : Sony Smart Watch 2 -

Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ දක්ෂයන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම ස්මාට්කරණය වන මේ යුගයේ අතේ බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින් එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට් ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.

Sunday, August 25, 2013

- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී -

මෙම ලිපිය කියවන ඔබේ අත මේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින් නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි. ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණික සංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණක පුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලය නිමා කොට පසුගිය ජූලි 02 වැනි දා සදහටම සිය දෑස් පියා ගත් වග පාඨක ඔබට දැන්විය යුතුව තිබේ.