Wednesday, November 21, 2012

- Contact Lens (සිවි කාච) තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ? -


       ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය පිළිබඳ මතක ඇතැයි සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත් දෘෂ්ඨියක් මනුෂ්‍යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා.

Friday, November 16, 2012

- ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP -


      පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා  පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board),  අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

Friday, September 28, 2012

- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) –


න්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් රථයක් නිපදවීමටයි.

Wednesday, September 26, 2012

- ශ්‍රවණ තත්ත්වයට හානි නොකර ශබ්ද ගොනු හකුලවන FLAC -


      ශබ්ද ගොනු පිළිබව කථා කරන විටදී දත්ත හැකිළීම (Audio Compresson)  පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ, සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය  ලෙස සලකන .WAV ගොනු මාදිලියේදී එක් විනාඩියක් සහා මෙගාබයිට 10 ක ඉඩක් වැයවේ. ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය මෙගාබයිට 50 කට ආසන්න ධාරිතාවයක් ගනු ඇත. මේ අධි-ධාරිතාවයකින් යුත් ශබ්ද ගොනු සහා විකල්පයක් ලෙස MP3, WMA ආදී ගොනු මාදිලි වඩාත් ජනප්‍රිය විය. ඒ ඒවායේ අඩු ධාරිතාවය නිසායි.

Sunday, September 16, 2012

- 2013 දී එන DDR4 මතක පත් (DDR4 RAM) -


      පරිගණක මතක් පත් (RAM) තාක්ෂණය ද අන් සෑම තාක්ෂණ ක්ෂේත්‍රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍රයකි. දෙගුණයක දත්ත වේගයක් සමගින් 2000 වසරේදී එළි දුටු DDR තාක්ෂණය DDR2 හා DDR3 ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3 මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි හැකියි. ඒ එහි අඩු මිල, ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR3 තාක්ෂණයට වඩා බොහෝ සෙයින් වැඩි දියුණු කරන ලද නවතම තාක්ෂණයෙන් යුත් මීළඟ පරපුරේ මතක පත් ලෙස DDR4 වර්ගයේ RAM එළි දැක්වීමට සූදානම් බව දැන් වාර්තා වේ.

Sunday, September 9, 2012

- ලෝකයේ වේගවත්ම කාර් -

1. Bugatti Veyron Super Sport:


      උපරිම වේගය පැයට කිලෝමීටර 430 කි. (430 Kmph) තත්පර 2.4 කදී 60 mph* වේගයක් ගනී. Narrow Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200 ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,400,000 කි. 2007 මාර්තු හිදී Bugatti Veyron රථය විසින් හිමි කරගෙන තිබූ වේග වාර්තාව SSC Ultimate Aero කාර් රථය විසින් පරාජය කරනු ලැබිණි. එයින් පසු Bugatti සමාගම විසින් Bugatti Veyron Super Sport මාදිලිය නිෂ්පාදනය කර 2010 ජූලි මස ලෝකයේ වේගවත්ම කාරය ලෙස කිරුළු පැළඳීය.

Saturday, June 23, 2012

- අළුත් පරිගණක ගැජට් ගැන දැනගනිමු [#2] -

      තාක්ෂණයේ දියුණුවත් එක්කම එළි දැක්වුනු අපූරු ගැජට් කීපයක් ගැන පහුගිය ලිපි කිහිපයකිනුත් ඉදිරිපත් කලා මතක ඇති. පරිගණක, සන්නිවේදන හා විනෝදාස්වාද යන ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන මේ නව තාක්ෂණික උපාංගයන් නූනන තාක්ෂණික විස්මයන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලන්න, මේ ගැජට් අතර ඔබ සොයමින් සිටි ආකාරයේ උපාංගයක් තියෙන්නත් බැරිකමක් නෑ...

Wednesday, June 20, 2012

- ජංගම දුරකථනයෙන් රූගත කල ලොව ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය : Olive -


හො සිනමා නිර්මාණයක් උදෙසා දක්ෂ නළු නිලියන්, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, දර්ශණීය පසුතල මෙන්ම උසස් ගණයේ කැමරා ද අත්‍යාවශ්‍ය සාධක වේ. සිනමාව සඳහා භාවිතා කරන්නේ උසස්ම ගණයේ තාක්ෂණයෙන් යුත් විශිෂ්ඨතම රූපරාමු ලබාදෙන ඉහළම තලයේ කැමරා උපකරණයි. එසේ වුවත් මේ විශේෂිත කැමරාවලින් තොරව ජංගම දුරකථනයක කැමරාවෙන් පමණක් රූගත කරමින් නිපදවන ලද සිනමා පටයක් ඇමෙරිකාවේ සිනමාහල් තුළ ප්‍රදර්ශණයට සැරසෙන බව කිවහොත් ඔබ මවිත වනු ඇත.

Saturday, June 9, 2012

- ලස්සනම ලස්සන පුංචි සත්ත්ව සුරතලුන් [රූප කථා] -

      හුඟ කාලෙකින් ආයෙත් ආවා ලස්සනම ලස්සන පින්තූර ටිකක් අරගෙන... ස්වභාව ධර්මයේ ලස්සන කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑනේ නේද ? පෘථිවියේ උසස්ම සත්ත්වයා යැයි කියාගන්නා මනුෂ්‍ය සතා තමන්ම ඉපැදවූ ස්වභාව ධර්මයටත් උඩින් යන්න හැදුවත් තවමත් සොබා දහමේ විස්මිත නිර්මාණ එක්ක තරඟ කරන්න මිනිසාට හැකිවෙලා නෑ... අද රූප කථාවෙන් අරගෙන එන්නේ ඒ විදියට සොබා දහමේ අපූරු නිර්මාණ වුනු ලස්සන, හුරතල්, පුංචි සත්ත්ව සුරතලුන් ගැනයි...

Sunday, May 27, 2012

- මම පමණයි කුකුළා !!! [ජනකථා #2] -


මේ ජනකථා පෙළ සඳහා පළමු පියවර ලෙස කලින් ලිපියක් ඉදිරිපත් වුනා මතක ඇති... ඉතින් පොඩි (?) නිහැඬියාවකට පස්සේ මේ පළ වෙන්නේ දෙවැනි කොටස අදත් තව කථා දෙක තුනක් අරගෙන එන්නයි මේ සූදානම... කලින් ලිපිය බැලුවේ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න පුළුවන්...! ඉතින් මේ කථා පෙළ කියවන ඔක්කොගෙන්ම පොඩි ඉල්ලීමක් තියෙනවා... කථාව කියවද්දී  චිත්ත රූප පෙලක් විදියට තමන්ට දැනුනු දෙය සටහනක් තියලා යන්න කියලා... එහෙනම් මෙන්න කථා !!!

Tuesday, May 15, 2012

- සිලිකන් චිප් යුගය අවසන් කරමින් එන මොලිබ්ඩිනයිට් චිප් -

      පරිගණක තාක්ෂණයේ වර්තමාන ප්‍රගමනයට හේතු සාධක වූයේ මයික්‍රොචිප් (Microchip) බව නොරහසකි. 50 දශකයේදී ශාලාවක් තරම් විශාල වූ පරිගණකය, 70 දශකයේදී මේසය මතට පැමිණ, වර්තමානය වන විට අත්ල මත රැඳී තිබේ. මේ ක්ෂුද්‍රකරණය සඳහා මූලිකවම බලපෑවේ එක් චිපයක් මත වැඩි වැඩියෙන් ට්‍රාන්සිස්ටර පිහිටුවීමට තරම් තාක්ෂණය දියුණු කිරීමයි. මේ ආකාරයෙන් චිප් නිපදවීම සඳහා යොදාගන්නා සිලිකන් වෙනුවට අනාගතයේ භාවිතා වෙතැයි සැලකෙන ආදේශකයක් ගැනයි මේ.