
Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts
Tuesday, August 22, 2017
මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම එක, Android 8.0 - Oreo

Labels:
ජංගම දුරකථන,
මෘදුකාංග
Tuesday, January 27, 2015
පට් ගාලා මූණුපොතට පනින්න - Facebook Lite ඇවිත්...
අපි හැමෝම ගාවම දැන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙනවා. බහුතරයක් දෙනා තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකේ වැඩියෙන්ම භාවිතා කරන app එක තමයි Facebook කියන්නේ. ලංකාව වගේ දියුණු වෙමින් පවතින, අන්තර්ජාල සම්බන්ධතා එතරම් වේගවත් නැති රටවල් වලදී නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් facebook යන එක එතරම් වේගවත් අත්දැකීමක් නම් නෙවෙයි. ඉතින්, ලංකාවේ අපේ මූණුපොත පාවිච්චි කරන සුවහසක් ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ට දැන් නිදහසේ facebook යන්න විදියක් ඇවිත්. කොහොමද කියලද අහන්නේ... ඒකට උත්තරේ තමයි - Facebook Lite !
Labels:
ජංගම දුරකථන,
මෘදුකාංග
Wednesday, December 31, 2014
Windows 10 සමග එන අළුත්ම මයික්‍රොසොෆ්ට් බ්‍රවුසරය - Spartan
මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි. ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප්‍රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර, සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10, මෙතෙක් බිහිවූ හොඳම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය කරන්නට ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඇති බව පසුගිය මාස කිහිපයක සිටම අපට පෙනෙන කරුණු වලින් සනාථ වෙමින් පවතී. වින්ඩෝස් 8 හි සිට වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා වෙනුවට, සම්පූර්ණ වෙනසක් පෙන්වීම සඳහා නව මෙහෙයුම් පද්ධතියේ නම පවා වින්ඩෝස් 10 ලෙස වෙනස් කිරීමම එයට නිදසුනක් පමණී. දැන් මේ වින්ඩෝස් ‘යහගුණ‘ තවත් වැඩි කරලීම සඳහා මෙතෙක් කල් වින්ඩෝස් පද්ධතියේ අනිවාර්ය බ්‍රවුසර සගයා වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවට නවතම වෙබ් බ්‍රවුසරයක් වින්ඩෝස් 10 සමග හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් බව අසන්නට ලැබේ.
Labels:
අන්තර්ජාලය,
පරිගණක,
මෘදුකාංග
Tuesday, January 31, 2012
- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] -
පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලා
දන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේ
බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන,
හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර
විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ
කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතල
හිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ඉන්නවා කියලා ඔයාලා දන්නවද ?
Labels:
අන්තර්ජාලය,
බ්ලොග්කරණය,
මෘදුකාංග,
සිංහල





