දිනය - 2011 ජනවාරි 24 වැනි දින
නිමිත්ත - සිංහල බ්ලොග්කරණයට පිවිසීම
නිර්මාතෘ - චතුරංග පෙරේරා
බ්ලොගයේ නම - චතූගේ කථා
ඉතින් යාළුවනේ... චතූගේ කථා එක්ක අවුරුදු දෙකකුත් ගතවුනා. ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න ඕනේ 24 වැනිදා වුනත්, දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ සටහන ලියවෙන්නේ මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සහෘද ඔයාලා වෙනුවෙන්මයි.
Showing posts with label නොමැකෙන මතක. Show all posts
Showing posts with label නොමැකෙන මතක. Show all posts
Saturday, January 26, 2013
Tuesday, January 22, 2013
- 2012 සහ, දෙක තුන වෙච්චි 2013... Flashback 2012 -
අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් උදාවුනා. ඕක ඉතින් කැලැන්ඩරේ කොල ගැලවෙන එකයි, ඉලක්කම් හරඹයකුයි ඇර වෙන නම් ඇති දෙයක් නෑ. පෘථිවිය වෙනදා විදියටම කැරකෙනවා. උදේ වෙනවා - රෑ වෙනවා... අළුත් දවසක් එනවා... හරි හරි ඉතින්... බණ ඇති... මේකා මේ මාස ගාණකින් බ්ලොග් එක මතක් වෙලා ඇවිත් මෙතන බයිලා ගහනවා, නේද ? ඉතින්, අනං මනං නැතුව ඔන්න හැමෝටම සුභ අළුත් (පිළුණු ?) අවුරුද්දක් වේවා කියලා පතනවා. මේ 2013 ට කොටන පළමු වැනි පෝස්ටුව නේ. ඉතින් අවුරුදු විෂ් එක පමා වුනාට තරහ ගන්ට කාරි නෑ ඕං !!!
Labels:
අමතක නොවෙන සිදුවීම්,
ජීවන සටහන්,
නොමැකෙන මතක
Tuesday, April 3, 2012
- පුෂ් බයිසිකලෙන් මෝටර් සයිකලේට... from HSDPA to Unlimited Broadband –
හරියටම අවුරුද්දයි මාස 2කට කලින් මම HSDPA ඩොංගල් එකක් ගත්ත කථාව ඔයාලට කිව්වා මතක ඇති නේද ? මේක නම් ඊටත් වඩා සතුටු ආරංචියක්... අන්තර්ජාලෙට
එන්න විදියක් නැතිව ඉන්දැද්දී තමයි යාන්තම් ඩොංගලයක් සෙට් කරගත්තේ. ඒ වුනත් ඉතින් Package එකක් නම් ගත්තේ නෑ. Daily delight 100MB ඇක්ටිව්
කරගෙන තමා මෙච්චර කල් ඕක රන් කලේ. GPRS එක්ක බලද්දී HSDPA ලොකු හයියක් වුනත්, ඕන ඕන හැටියට ජාලේ සරන්න නිදහසක් නම් තිබුනේ නෑ. අපේ
පැත්තට SLT ADSL කනෙක්ෂන්
ඇත්තෙත් නෑ. ඉතින් නිදහසේ ජාලේ සරන්න විදියක් හොය හොයා ඉන්දැද්දී තමා මේ Unlimited Broadband වැඩේ
අහුවුනේ...
Labels:
අන්තර්ජාලය,
ජීවන සටහන්,
නොමැකෙන මතක
Tuesday, January 24, 2012
- අවුරුද්දක් පුරා චතූගේ කථා අහන බලන හැමෝටමයි... -
ඉතින් යාළුවනේ...!
හිතාගන්න පුළුවන් නේද අද කථාව ? ඔව්, අද මගේ බ්ලොග් එකේ ඇනිවසරි එක... ඒ කියන්නේ
ඔයාලා චතූගේ කථා අහන්න අරගෙන අදට
අවුරුද්දක් වෙනවා ! ලොකුවට පම්පෝරි ගහන්න තරම් කාරණාවක් නොවුවත්, මගේ බ්ලොග්
ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වෙන අද වගේ දවසක පෝස්ට් එකක් නොදා ඉන්නේ කොහොමද ? නේද ?
අඛණ්ඩව අවුරුද්දක් පුරා බ්ලොග් එකක් ලියන එකත් ඉතින් හිතන තරම්, පේන තරම් ලේසි
දෙයකුත් නෙවෙයි... ඉතින්, මහ ලොකු දෙයක් නොවුනත්, බ්ලොග් ජීවිතයට අවුරුද්දක් පිරෙන
මේ වෙලාවේ ඒ සතුට ඔයාලත් එක්ක විඳගන්නයි මේ උත්සාහය...
Labels:
අමතක නොවෙන සිදුවීම්,
ජීවන සටහන්,
නොමැකෙන මතක,
බ්ලොග්කරණය
Sunday, January 8, 2012
- ගෙවී ගිය 2011 වසරේ මගේ මතක සටහන් (Flash-back 2011) -

නව වසර උදාවී
සතියකටත් වඩා ගෙවී ඇතත්, 2012 වසරේ මා විසින් පළකරන පළමු සටහන මෙය නිසා,
බ්ලොග් රචක / පාඨක ඔබ සැමටම 2012 වසර සුභ නව වසරක් පතන්නට මුලින්ම අවසර...!
ඉටු නොවූ
පැතුම් සපිරෙන...
සිතේ සතුට ඉතිරෙන...
යහපත් හැඟුම් පීදෙන
සුභම සුභ නව වසරක්
වේවා...!!!
පහුගිය
මාසෙ, දෙකේ මගේ බ්ලොග් එකේ කටයුතු බොහෝ දුරට අඩාල වුනා. ඒ ගැන සමාව ඉල්ලන්න කලින්
හේතු දක්වන්න අවසර ඕං...
Labels:
ජීවන සටහන්,
නොමැකෙන මතක,
බ්ලොග්කරණය
Wednesday, August 31, 2011
Dual Core හීනය මතින් ‘චතූගේ කථා‘ වෙත නැවත පැමිණියෙමි...
ආයුබෝවන් හැමෝටම... ඔන්න මම ආයෙත්
ආවා... සති හතරකට පස්සේ තමයි මේ පෝස්ට් එකක් දාන්නේ. මෙච්චර දවසක් මුකුත්ම පළ
නොකළාට සමාවෙන්න. ඇත්තටම කිව්වොත් මාසේ මුල සතියේ ඉඳලාම පෝස්ට් එකක් දාන්න තරම්
තත්ත්වයක් තිබුනේ නෑ. මමයි නෝනියි අප්‍රේල් මාසේ මැද වගේ අළුත් නවාතැනකට ආව බව
කලින් කිව්වා මතක ඇතිනේ. ඉතින් මාස හතරක් වගේ තමයි එතන ඉන්න පුළුවන් වුනේ. එතන තව
දුරටත් වසන්න බැරි තත්ත්වයක් තමයි ඇතිවුනේ. සිද්ධිය කියන්න බැරි තරමටම අප්‍රසන්න
එකක්. සමහර විට ඉදිරියේදී ලියවේවි.
Labels:
ජීවන සටහන්,
නොමැකෙන මතක,
බ්ලොග්කරණය
Thursday, June 30, 2011
දෙවැනි විවාහ සංවත්සරය, 2 x 5 = 10000 සහ ස්තුතිය !!!
අද ජුනි මාසේ 30 වැනිදා... මේ මාසේ අන්තිම දවස... ඒ වගේම අවුරුද්දක පළමු අර්ධයේ අවසාන දවස... ! ඒ වුනත්, අද... ජුනි 30 කියන්නේ මගේ ජීවිතේ නම් පටන්ගත්ත දවස. ඔව්... හරියටම මීට අවුරුදු 2 කට කලින් මම මගේ චූටි නෝනිත් එක්ක ජීවිතේ පටන් ගත්තා. තනියෙන් ගත කරපු ජීවිෙත් දෙන්නා එක්ක බෙදා ගත්තා. දැන් අවුරුදු දෙකක්ම ඇවිත්...! අවුරුදු දෙකක් පවුල් කනවා කියන්නේ ඉතින් ආයි ලේසි පහසු වැඩක් නම් නෙවේ. ඔය බැඳපු උන‍්දැලැ නම් දන්නවා ඇතිනේ. නොබැඳපු උන් ඉතින් බැඳලම වටහාගනිල්ලකො...
Labels:
ජීවන සටහන්,
නොමැකෙන මතක
Thursday, May 19, 2011
දිලුම් අයියේ... නිවන් දකින්නට කලින් ආයෙත් වරෙන්...
හරියටම මීට අවුරුදු 8 කට කලින්, මැයි මාසෙම 21 වැනිදා මගේ අයියා මේ ලෝකෙ දාලා ගියා... එදා දැනුනු විදියටම අදත්... මේ දැනුත් සහෝදර කැක්කුමකින් පපුව පිච්චිලා ගියා... දිලුම් අය්යේ... උඹත්... මැයි මාසෙම යන්න ගිහින්... කවදාවත් නොදැක්කත්, හමු නොවුනත්, හැබහින් වචනයක් කථා නොකලත් ඔයාගේ පොස්ට් එක දැකපු දවසේ ඉඳලා ඔයාගේ උදව්වට බැනර් එකක් මගේ බ්ලොග් එකෙත් එල්ලුවා. ඒ හරියටම මගේ බ්ලොග් එක පටන් අරන් දවස් 2 කින්... දැන් ... අද... මගේම අයියා නැතිවුනු දවසට දවස් 2 කට කලින් දිලුම් අයියා අපිව දාලා ගිහින්... !!!
Labels:
අමතක නොවෙන සිදුවීම්,
නොමැකෙන මතක
Thursday, February 17, 2011
බ්ලොග්කරණයේ අස්වැන්න
අද නම් සෑහෙන්න සතුටු දවසක්. “චතුගේ කථා” පටන් අරන් ගිය සඳුදට හරියටම සති 3 යි. මේ දවස් 24 ට 400 කට වැඩි දෙනෙක් මගේ බ්ලොග් එකට ඇවිත්. තවමත් මගේ බ්ලොග් එකේ post 7 යි තියෙන්නේ. ඉතින් සතුටට හේතුව කිව්වේ නෑනේ. ගිය ඉරිදා තමා SBR (Sinhala Blog Reader) එකට මගේ බ්ලොග් එක එකතු කර ගත්තේ. Phone එකේ ඒ E-mail එක දැකලා මට සෑහෙන්න සතුටක් ආවා.
Labels:
ජීවන සටහන්,
නොමැකෙන මතක,
බ්ලොග්කරණය
Friday, February 4, 2011
බර කරත්තයෙන් පුෂ් බයිසිකලයට.... From GPRS to HSDPA

Labels:
ජීවන සටහන්,
නොමැකෙන මතක








