ආයුබෝවන් හැමෝටම... ඔන්න මම ආයෙත්
ආවා... සති හතරකට පස්සේ තමයි මේ පෝස්ට් එකක් දාන්නේ. මෙච්චර දවසක් මුකුත්ම පළ
නොකළාට සමාවෙන්න. ඇත්තටම කිව්වොත් මාසේ මුල සතියේ ඉඳලාම පෝස්ට් එකක් දාන්න තරම්
තත්ත්වයක් තිබුනේ නෑ. මමයි නෝනියි අප්‍රේල් මාසේ මැද වගේ අළුත් නවාතැනකට ආව බව
කලින් කිව්වා මතක ඇතිනේ. ඉතින් මාස හතරක් වගේ තමයි එතන ඉන්න පුළුවන් වුනේ. එතන තව
දුරටත් වසන්න බැරි තත්ත්වයක් තමයි ඇතිවුනේ. සිද්ධිය කියන්න බැරි තරමටම අප්‍රසන්න
එකක්. සමහර විට ඉදිරියේදී ලියවේවි.
ඔය ප්‍රශ්ණ නිසා සතියක්ම උදේ හවා
නෝනිව එයාලගේ මහ ගෙදර ඇරලුවා. ඒ සතියෙම ගෙදර ඇවිත් වෙන වැඩක් කරන්න තරම් මානසික
නිදහසක් තිබුනේ නෑ. ඊට පස්සේ අපි තීරණයක් ගත්තා ආපහු
පුරුදු විදියටම නෝනිලගේ මහ ගෙදරටම යනවා කියලා. මමයි, නෝනියි, මගේ නංගියි, අපේ අම්මයි (අම්මා කියන්න සුදුසු
නම්...? ) අප්‍රේල් වලදී එක තැනකට වුනේ
අවුරුදු 20 කට පස්සේ
වත් පවුලක් විදියට එකතුවෙලා ඉන්න තිබුණු ආසාව නිසා. නංගියි මමයි එක ගෙදරක එක
පවුලක් වගේ ජීවත් වුනේ අවුරුදු 20 කට පස්සේ. කොහොම වුනත් එහෙම ඉන්න
වුනේ මාස හතරයි. අම්මා එක්ක තව දුරටත් එතන වසන්න බැරි වුනා. විශේෂයෙන් නංගිත්, නෝනිත් එක්ක තවදුරටත් එතන ඉන්න පුළුවන්
තත්ත්වයක් තිබුණේ නෑ. ඉතින්... ආයෙත් අහිකුණ්ඨික ජීවිතේ පටන් ගත්තා. මමයි නෝනියි
අපේ බඩු භාණ්ඩ ටික ලොරියකට දාගෙන 13 වැනිදා ආපහු මහගෙදරට පහුබැස්සා.
නංගිට ඉතින් ආයෙත් ආච්චිලගේ ගෙදර අනාථ ජීවිතේ පටන්ගන්න වුනා...
ලට්ට ලොට්ට ගොඩ අස්සේම මගේ
කොම්පීතර කටුවත් ඔබාගෙන ආවා. මම ඉතින් ඔය කලින් කොටා දාපු පෝස්ට් තිහම කෙටුවේ ඔය PIII කටුවෙන් තමා. කොහොම හරි බඩු භාණ්ඩ ටික
එහෙට මෙහෙට කරද්දී මගේ රත්තරන් කැටේ මාව දාලා ගිහින්. Mother Board එකට කෙල වෙලා...! ඉතින් 14 වෙනදා උදේ ඉඳන් ලෝකෙට ඉර පෑව්වට මට
කළුවරයි...!
තිබුණු එකම... මැෂින්
කටුවටත්.... කෙල වෙලා ගිහින්...
අළුතෙන් මැෂින් එකක් අටවන්න
අවුරුදු 3 කටත් වඩා
කලින් ඉඳන් හීන මව මවා උන්නා. අයවැය පරතරය හා ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතා
නිසා වැඩේ පත්තු කර ගන්න බැරිවුනා. යාළුවන්ටයි, රට වටේ ඉන්න අනෙක් උදවියටයි මැෂින් ගහලා
දීලා මම PIII එකෙන් run කරගෙන ගියා. Board එක පිච්චුනාට පස්සේ දන්න කියන
තැන්වල හෙව්වා... බෝඩ් එකක් හම්බවුනේ නෑ. මේකත් දැන් අවුරුදුම 10 ක් පරණයි
නොවැ.
ඉතින් 14 වැනිදා ඉඳන් පුරා සති දෙකක් පුරා ගෙදර
ඇවිත් අතපත ගාන්න මවුස් එකක්, ඔබ ඔබ ඉන්න කීබෝඩ් එකක්, වැඩ කරන්න මැෂින් එකක් නැතුව
මූණත් එල්ලගෙන උන්න මාව දැකලා චිත්ත විස්සෝප වුනු මගේ ආදර බිරින්දෑ නැන්දම්මට
කියලා පොඩි loan එකක් පාස් කරලා දුන්නා. ඉතින් ඔන්න
කොල්ලට Full Happy !!! ඒත් ඉතින් ඕකට බඩු ටික ගන්න යන්න
විදියක් නැතුව දවස් 3-4 ක් ළතවෙවී ඉන්න වුනා. ඒ අපේ magazine එකේ වැඩ ටික ඉවර කරන කල්
නිවාඩුවක් ගන්න බැරි වුනු නිසා. කොහොම හරි ඊයේ (අඟහරුවාදා) නිවාඩුවක් දාලා
බම්බලපිටියේ පරිගණකලන්තයට ඇවිත් යාන්තන් බඩු ටික ඇන්න ආවා. ගෙදර ඇවිත් machine එක assemble කරලා boot කරලා බැලුවා. මැෂින් එක නම් ගින්දරට වැඩ
!!! ඒත් අවුලක්...! OS එක දාන්න මගේ IDE DVD Writer එක connect කරගන්න බෑ. බෝඩ් එකේ IDE නැති නිසා IDE > SATA card එකක් දාලා වැඩේ ගොඩදාගන්නයි හිටියේ. ඒ
ඉලව්ව වැඩ නෑ. රෑම අපේ මස්සිනා මලයා එක්ක පිළියන්දලට ගිහින් ඒකත් මාරු කරන් ඇවිත්
බැලුවා... වැඩේ ගොඩ... ඉතින් Partition කඩලා, OS දාලා, ඔහේ ඔබ ඔබ ඉන්නකොට රෑ වෙලා...
පාන්දර 2 යි නිදියන කොට...
සතියකින් විතර සිංහල බ්ලොග්
අවකාශේ මොනවා වුනාද කියලාවත් බලන්න බැරිවුනා. වැඩ ඇරිලා ගෙදර ඇවිත් settle වෙලා මේ පෝස්ට් එක කොටලා දැම්මා... මේ
ටිකේ මගේ ‘‘චතූගේ කථා“ අළුත් නොකළාට සමාව ලැබේවි කියා
හිතනවා. දැන් නම් ආයෙත් ඇණ හිටින්නෑ. අළුත් Dual Core පොඩ්ඩා ගිනිකසයා වගේ වැඩ. මමත් ඉතින් Full Happy එකෙන් දැන් ආයෙත් සයිබරයට ආවා...
මම මේ පැත්තේ නාවත්, අළුතෙන් කිසිම දෙයක් නොකලත්, අඩුම ගානේ කමෙන්ට් එකකට reply එකක් වත් නොදැම්මත් මේ පැත්තේ ඇවිත් ගිය
හැමෝටම ස්තුතියි. කල්හාර සහෝදරයාට කණගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. දෙතුන් වතාවක්ම
ඇවිත් ගිහින් තියෙනවා. උත්තරයක් දෙන්නම්...
ආයෙත් මෙතන, මේ Blogger Editor එක ඇතුලේ කොටන්න ලැබුණු එකම සෑහෙන
සතුටක්...! මම හිතන්නේ බලන ඔයාලට ඒ සතුට තේරෙනවා ඇති කියලා. ඉතින් මේ සතුටත් එක්කම, ආයෙත් පහුගිය ටිකේ වගේ අහේනියක් නොවෙන්න
මම වගබලා ගන්න බවට පොරොන්දුවක් එක්කම මම සතුටින් විරාමය තබන්නම්... ඉක්මනින්ම
සුපුරුදු විදියට හමුවෙමු... ජයවේවා...!!!
මාත් බැලුවේ මොකද මේ බ්ලොග් ලිය ලියා හිටපු එකාට මොකද උනේ කියලා.
ReplyDeleteසිද්ධ වෙලා තියන දේවල් වලට නම් බොහොම කණගාටුයි. කොහොම වුනත් බිරින්දැ නම් බොහොම හොඳ කෙනෙක් පාටයි..මම එහෙම කියන්නෙ බොහොමයක් බිරින්දැවරු සැමියාගෙ පරිඝනකය බිරිඳගේ සතුරාය කියන එක අදහන අයනෙ..
ReplyDeleteආයෙත් ලියන්න...අපිත් ගොඩවෙලා යන්න එන්නම්.
how ever u came back...we are very happy to see "chathuugea kathaa.."again....elaz... :)
ReplyDelete@ මධුරංග :
ReplyDeleteමේ පැත්තේ ඇවිත් හොයලා බලලා ගිහින් තියෙනවා එහෙනම්...! බොහොම ස්තුතයි මම නැති ටිකේ මේවා බලා ගත්තට ඕං... හෙ හේ... මොනවා වෙන්නද සහෝ... හදාගත්ත පැල දාලා කොහේ යන්නද ? අපි ආයෙත් වැඩ පටන් ගමු. ස්තුතියි ප්‍රතිචාරයට...
@ Luckey :
ඔන්න අපේ නෝනි ඔබතුමාගේ කමෙන්ට් එක දැකලා මුරුංගා අත්තේ වැනෙනවා. අත්ත කඩන් වැටෙයිද මන්දා...:P
මේ අකුරක් ගානේ නෝනිට පිං සිද්ධ වේවා... ආයෙත් නෙවෙයි... දිගටම ලියනවා ඕං...!!!
@ චතූ...... : ඔයා ‘දිග.....‘ චතූ ද ? :D ස්තුතියි සහෝ ප්‍රතිචාරයට...
වෙලා තියන කරදර වල හැටියට නම් මුකුත් කියලා හිතට තවත් දුකක් දෙන්න හොද නැනේ.. ඒ නිසා ආයෙමත් සාදරයෙන් පිලි ගන්නවා අයේ දාලා නොයා දිගටම ලියන්න යාලුවා.. ජිවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක්නේ.. ඒවට සැලෙන්න එපා කියන්න ඕනේ නැ මොකද ඔයා හිත හයිය කොල්ලෙක් කියලා මම දන්නවා
ReplyDeleteප.ලි : වෙන හේතුවක් නම් ආයේ ආව දවසක අල්ල ගෙන පලු යනකන් බනින්න උන්නේ.
බ්ලොග් එක ලියලාත් නැ අනිත් බ්ලොග් පැත්තෙ ඇවිතුත් නැ..
ප.ප.ලි : අක්කට ගොඩාක් තැන්ක්ස් කිවා කියන්න
එළ එළ.... ජය වේවා !!!
ReplyDelete@ දේවා :
ReplyDeleteඅඩේ බං... උඹ බනින්නද හිටියේ...! බනින්න එපා කොල්ලෝ. ආයි දාලා යන්නේ නෑ...
මම හිටියේ නෑ කියලා හොයලා බලලා එහෙනම්... ස්තුතියි දේවා මලේ...
@ බස්සා :
ජය සමග ඔබටත් තැන්කූ වේවා...
වෙච්ච කරදර වලට දුකයි මල්ලි . ඒත් ඔයා හිනාවෙලා ඉන්න එක ගැන ඊට වඩා සතුටුයි . අඬ අඬ වුනත් හිනාවෙන මිනිස්සුන්ට මන් කැමැතියි. ඔන්න බලන්න බිරින්දෑවරු . සැමියාගේ සතුට පතන නියම සහකාරියක් ලැබුනට සුබ පැතුම් .
ReplyDeleteකොහේ වුනහම මොකෝ සතුටින් නම් එච්චරයි . ඉඩ තියෙන විදියට ලියන්න .අවුරුද්දකට පස්සේ ආවත් සුපුරුදු සහෝදරකම එහෙමමයි
ඔය ඉතින් ඇවිත් තියෙන්නේ අයියා කාලේකින්..පහුගිය දේවල් අමතක කරලා , ආයි එහෙනම් පටන් ගමුකෝ :)
ReplyDeleteela ela
ReplyDeleteඅඩේ ලොකු දෙයක් උඹ ආයෙත් ආපු එක, උඹ කියලා තියන ඒවාට දෙන්න උත්තර ගොඩයි ඒත් දැන් වෙලාවක් නැහැ, හිටපං මං ආයෙත් එනවා .......
ReplyDeleteසහෝදරයා ඔබට සිද්ද වෙලා තියෙන දේ ගැන කනගාටුයි. ඒත් ඉතින් ඔයාගේ ලිපියේ අම්මා ගැන ඔබ හිතන විදිය ගැනත් කනගාටුයි.
ReplyDeleteahhh welcome again..... uba ithin ayeth banda nowe.....sahenna santhoosaii wedeetaaa....... ayeth ithin patan gamukoo....
ReplyDelete@ Bindi :
ReplyDeleteබොහොම ස්තුතියි බින්දි අක්කේ... කොච්චර අඬන්න වුනත් ඉදිරිය ගැන හිතලා හිනාවුන එක තමයි මම හැමදාම කලේ. කවදා හරි ගොඩ යයි කියලා විශ්වාසයක් තියෙන නිසා. මේ ඒ වගේ හැබෑ වුනු එකක් විතරයි...!
අනිවා ඉතින්, නෝනි නැත්නම් මමත් මෙතන නෑ තමයි. ඒ credit එක හැමදාම එයාටයි. මම ලියන කල් මග බලන් ඉන්න ඔයාලා වගේ අය නිසා තමයි මට මේ බ්ලොග් එක ලියන්න හයියක් එන්නේ... ධෛර්යයමත් කරනවාට තුති...! ජය...
@ ChammA :
එළ එළ... ආයෙත් ලියමු අපි ලොවෙත් නැතිවෙන්න... ස්තුතියි සහෝ...!
@ Pasan :
තැන්කූ කොල්ලෝ... උඹලා ළඟින් ඉන්න එක ලොකු හයියක්...!
@ කල්හාර සහෝ :
විශේෂයෙන්ම උඹෙන් සමාව ඉල්ලනවා පහුගිය කමෙන්ට් වලට reply නොකරපු එකට.
අනිවා, ආයෙත් ආපු වෙලාවක හිතෙන දේ කියලා යන්න. ඔයාගේ අදහස් මම උඩින් පිළිගන්නවා. මගේ mail එකට (chathudscp@gmail.com) පණිවිඩයක් තියන්න. tablet ගැන අහපුවට පිළිතුරක් දෙන්නම්. ජය...
@ ano :
ප්‍රතිචාරයට ස්තුතියි සහෝ... අම්මා ගැන මම පසුව පිළිතුරු දෙන්නම්...
@ ධනු :
බොහෝම බොහෝම ස්තුතියි. පරණ ගෑනි දාලා ගිය නිසයි අළුත් එකක් ගන්න වුනේ. තැන්කියු වේවා...!
අඩෝ.....ඔක්කොටම කලින් sorry වෙන්න ඕනෙ උඹේ බ්ලොග් එක පැත්ත බලන්නවත් වෙලාවක් ලැබුණෙ නෑ. මම දවස් හතරක්ම එක දිගට නිදාගත්තෙත් නෑ බං. උඹල නං විශ්වාස කරන එකකුත් නෑ. දැනුත් මේ රිපෝට් වගයක් හදන්න තියෙනවා. ඒක පටන් ගන්න ඉස්සෙල්ලා හිතුනා උඹව බලලා යන්න ඕනෙ කියලා.....
ReplyDeleteඅද මගෙ ඔක්කොම අමාරු වලට Address නැතුව ගියා උඹගෙ මේ පෝස්ට් එක කියෙව්වම.
හැබැයි මචං මුලින් කියලා තියෙන ටිකට නම් නෙමෙයි. මම ඒක අමතක කරලා දාන්නම්. එහෙනම් අපි කෙලින්ම කාරණාවට බහිමු. Dual Core....අන්න ඒක තමයි කතාව. උඹ දන්නෙ නැතුව ඇති ඒ සීන් එක කියවනකොට උඹ Machine එක ගත්ත දවසට වැඩිය සතුටක් මට දැනෙන්න ඇති. ඒකයි මම මගෙ වැඩෙත් පැත්තක තියලා මේ comment එක දාන්න පටන් ගත්තෙ. මම Dual Core එක සෙට් කරගත්තෙත් කෑලි කෑලි සැරින් සැරේ අරගෙන තමයි. ඒ කොහොම වුණත් මම ඒක ගැන මෙච්චර සතුටු වුණේ නෑ. ඒක මට එච්චර මහ ලොකු දෙයක් වුණේ නෑ. ඒත් උඔ Dual Core එකක් ගත්තා කිව්වාම දැනිච්ච සතුට මම අවුරුදු ගාණකින්වත් අත් විඳලා නෑ මචං...ඇත්තටම... ඒත් මම නම් උඹට ප්‍රාර්ථනා කළේ අඩුම ගානෙ Core 2 Duo එකක්වත් සෙන්ටිමෙන්ටල් කරගන්න ලැබෙන්න කියලා. කමක් නෑ මචං. අපි බලමුකො ඉස්සරහට කෙලින්ම Core i Series එක පැත්තට පය ගහලා බලන්න.
එහෙනම් මචං මම මේක දාලා යන්නං. උඹටයි, උඹේ නෝනිටයි, ඔය අළුත්ම අළුත් අනියම් භාර්යාවටයි සුභම සුභ අනාගතයක්...!!!
@ දිනී :
ReplyDeleteමචං දිනිඳු... උඹේ කමෙන්ට් එකට නම් කියන්න දෙයක් එන්නෙත් නෑ බං. ඇඬෙනවා... ඒ තරම්ම සිරාවට උඹ ඒ වචන ටික කියලා තියෙනවා. ඉස්කෝලේ හිටිය උඹමද කියලත් හිතෙනවා ! අනිවා මම දන්නවා උඹ අවංකව සතුටු වෙන බව. උඹ එදා ඉඳන්ම හොඳ යාළුවෙක්... බොහොම ස්තුතියි කොල්ලෝ...!
තියෙන තත්ත්වයේ හැටියට ඩුවෝ එකක් කෙසේ වෙතත් ඩුවල් කෝ එකක් අටවගත්ත එකත් මට ඇති. උඹ දන්නවනේ... අපි ඉස්සරහටත් ඉන්නවනේ බං. හොඳ එකක් පස්සට තියමු. තිබ්බ එකේ හැටියට මේක ඉහටත් උඩින්...
මේ පැත්තේ ඇවිත් සහෝදරකමින් එකතු වෙනවට උඹට බොහොම ස්තුතියි...! නිදිවරාගෙන මහන්සි වෙන්න එපා. පිළිවෙලක් වෙයන්... ජයවේවා !!!
niamaai
ReplyDelete