Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

Thursday, March 3, 2011

රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්... #2

මේ ලිපි පෙලේ දෙවැනි ලිපියයි මේ. පසුගිය සතියේ පළවුණු මෙහි පළමු ලිපියට මම හිතුවාටත් වඩා ප්‍රතිචාර තිබුණා. රාවණා ගැන මෙන්ම අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැනත් බොහෝ දෙනෙක් උනන්දුවක් දැක්වීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වගේම මේ සම්බන්ධ තවත් ලිපි හා සබැඳීන් ලබාදුන් හා ප්‍රතිචාර දැක්වීමෙන් දිරිමත් කළ ආදරණීය පාඨක ඔබ සැමට ගොඩාක් ස්තුතියි. මේ හා සම්බන්ධව පූර්ණ කතිකාවතක් ඇති කිරීම මෙහි අභිප්‍රායයි. මේ පළවෙන්නේ රාවණා රජු හා සම්බන්ධ ‍‍‍ඓතිහාසික ලිපි මාලාවේ දෙවැන්නයි. පසුගිය ලිපියේ මෙන්ම මේ ලිපියේත් අඩංගු අන්තර්ගතය විකිපීඩියා ඉංග්‍රීසි අඩවියෙන් ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් සකස් කර ඇති බව පැවසිය යුතුයි. පිළිගත හැකි තොරතුරු අන්තර්ගත බැවින් මේ සඳහා විකිපීඩියා විශ්වකෝශය පදනම් කරගත් අතර ඉදිරියේදී මේ හා සම්බන්ධ දෙස් විදෙස් අන්තර්ජාල මෙන්ම වෙනත් මූලයන් ආශ්‍රයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමටත්, ඒ වාගේම මේ මාතෘකාව සම්බන්ධයෙන් තර්කානුකූල විමසීමක් සිදුකිරීමටත් බලාපොරොත්තු වෙනවා. 
ඉතින්... පසුගිය ලිපිය, මේ ලිපිය මෙන්ම ඉදිරියේ පළවන ලිපි සමගත් එකතු වී හිඳින මෙන් ආදරයෙන් මතක් කර සිටිනවා. ස්තූතියි...!


Thursday, February 24, 2011

රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්...

හැඳින්වීම :

රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්,  ක්‍රි.පු. 2554 සිට ක්‍රි.පු. 2517 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ‍ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්‍යයක් වන රාමායනය හි ඔහු ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්‍රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද  මග පාදයි.