Thursday, February 24, 2011

රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්...

හැඳින්වීම :

රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්,  ක්‍රි.පු. 2554 සිට ක්‍රි.පු. 2517 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ‍ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්‍යයක් වන රාමායනය හි ඔහු ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්‍රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද  මග පාදයි.

මේ ග්‍රන්ථයන්ට අනුව රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ. -නමුත් සමහරක් පුරාණ කලා නිර්මාණ වල රාවණා සැබවින්ම හිස් දහයක් හා අත් විස්සක් සහිත අද්භූත ආකාරයකින් ඇඳ දක්වා තිබේ. - විකල්ප මතධාරීන්ගේ අදහස් දැක්වීමට අනුව රාවණා යනු පංචේන්ද්‍රියන්ට ඊට අදාළ හැඟීම් නැති, වෙනත් බලවේගයන් මගින් පාලනය වූ කෙනෙකි. ඔවුනට අනුව රාමා ඊට ප්‍රතිවිරුද්ධ ලෙස තම අඟපසඟ හා හැඟීම් තමා රිසිසේ හසුරුවා ගත හැකි අයෙකි. අථර්ව වේද නම් පුරාණ හින්දු ග්‍රන්ථයේ දශාග්ව (දස-හිස්) හා නවාග්ව (නව-හිස්) ලෙස සඳහන් වී තිබෙනු දක්නට ලැබේ. මේ පූර්ව ග්‍රන්ථයන්ගේ ආභාෂයෙන් රාමායනයේ චරිත තුලට මේ දස-හිස් වර්ණනය පැමිණෙන්නට ඇතැයි සැලකේ.

රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන රාවණ සංහිතා නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අ‍ායුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.


මූලය:

රාවණා යන නාමය යම් කිසි මූලයක් සහිතව උපන් බව පෙනේ. මෙහිදී රා යන්නෙන් සූර්යයා සංකේතවත් වන අතර වණ යන්නෙන් පරම්පරාව හෝ වංශය යන්න සංකේතවත් වේ. ඒ අනුව රාවණ යන්නෙන් සූර්ය වංශික යන අර්ථය දේ. රාවණා රජු හැඳින්වීමට දසිස් රාවණ, රාවන්, රවුලා, ලංකේෂ්වර, රාවනේෂ්වර ආදී නම් ද භාවිත වේ.
 

උපත :

     මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ?) හා ඔහුගේ බිරිඳ වන ‍ෛකකේසී නම් ධෛත්‍ය මහේෂිකාවට දාව රාවණ කුමරු උපත ලැබීය. ඔහුගේ සීයා වන පුලස්ත්‍ය මහ බ්‍රහ්මයාට දාව උපන් ප්‍රජාපතී (මනසින් උපන්) පුත්‍රයින් දස දෙනාගෙන් අයෙකි. (?)  එමෙන්ම ඔහු මහා සෘෂීන් සත් දෙනාගෙන් කෙනෙක් ලෙසද සැලකේ. ඔහු දේවගණ ගෝත්‍රයට අයත් වන නිසා රාවණ‍ා ද ඒ ගණයේ සැලකේ. රාවණාගේ මව වන කෛකේසිගේ පියා වූයේ ධෛත්‍යයන්ගේ රජ වූ සුමාලි (සුමාලය) රජතුමායි. ඔහුගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ දියණිය වන කෛකේසි මනුෂ්‍ය වර්ගයා අතර බලවත්ම පුරුෂයා සමග විවාහ කරවීමටයි. කෛකේසි අතින් බොහෝ රජවරුන් ප්‍රතික්ෂේප විණි. අවසානයේ සෘෂීන් අතර බලවන්තයන් සොයා බැලූ ඇය සිය ස්වාමියා වශයෙන් මහා සෘෂි වෛශ්‍රවන තෝරා ගත්තීය. (වෛශ්‍රවණ ඒ වන විටත් කුබේර ගේ පියා විය.) ඒ අනුව බැලීමේ දී රාවණ පිය පාර්ශවයෙන් බ්‍රාහ්මණ ගෝත්‍රයට ද මව් පාර්ශවයෙන් ධෛත්‍ය (රාක්ෂස) ගෝත්‍රයට ද නෑකම් කියයි. රාමා විසින් මහා බ්‍රාහ්මණයෙක් ලෙස රාවණා හට ප්‍රශංසා කර ඇති අතර බ්‍රාහ්මණයෙක් වන රාවණා මැරීම සඳහා රාම විසින් අශ්වමේධ යාගය සිදු කළ බව සඳහන් වේ.

     විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි. එමෙන්ම කෛකේසිය මීනාක්ෂි නම් දියණියකට ද උපත දුන්නාය. පසු කලෙක සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ මේ සොහොයුරියයි.

- මතු සම්බන්ධයි -


(විකිපීඩියා ඉංග්‍රීසි විශ්වකෝශයේ  රාවණා නම් ලිපිය ආශ්‍රයෙන් සම්පාදනය කරන ලදී.)


වැඩි දුර විස්තර සඳහා මේ ලිපිය කියවන්න
(මෙම ගොනුව ලබා දුන් දක්ෂිණ සොහොයුරාට ස්තුතියි.)
 




30 comments:

  1. රාවණා රජ තුමාගේ පුතා අඟහරුලොකයට පවා ගියා කියලා මම අහලා තියෙනවා. එතුමා පිටසක්වල ජීවින් සමගත් සම්බන්ධකම් තිබුනා කියලත් කියනවා. මේවා ඇත්ත ද කියලා ඔබ දන්නවාද?

    ReplyDelete
  2. @ බුද්ධි : සහෝ, ඔයත් මේ වගේ දේවල් ගැන උනන්දුයි වගේ. රාවණා රජතුමා පිටසක්වල ජීවින් සමගත් සම්බන්ධකම් තිබුනා කියන එක ඇත්ත වෙන්න ඕනෙ. ඒ ගැනම නොවුනත් ඊට සම්බන්ධ ලිපියක් මම අන්තර්ජාලයෙන් කියෙව්වා. මම ලින්ක් එක හොයලා දෙන්නම්. මම මේ ‍article එක translate කලේත් මේ ගැන තියෙන දැනුම හුවමාරු කරගන්න. අපි රාවණා රජු අපේ කෙනෙක් කියලා මැරෙන්න හැදුවත් පුරාණ‍ ග්‍රන්ථවල ඇති සාක්ෂි වලට අනුව එතුමා ඉන්දියානුවෙක්... මේ ගැම මම දන්න දේවලුත් එක්ක ඉදිරියේදී මේ ලිපි පෙල ලියන්නම්... බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  3. ඔඅය පිටසක්වල කතාව මමත් අහල තියනව ටික කාලෙකට කලින් රිවිර පත්තරේ ඔය ගැන ලිපි මාලවක් ගියා . ඒකට අනුව රාවණා පිටසක්වල ජීවීන් හා ඊජිප්තු පූරාතනයින් අතර සම්බන්දතා තිබිල තියනව තාක්ෂණික කාරනා හුවමාරු කිරිම් වගෙ ඒවට . හොඳ ලිපියක් ජය වේවා

    ReplyDelete
  4. @ buwa :
    මචං බුවා... පුළුවන් නම් මට ඒ ලිපි පළවුනු දවස් ටික නියන්න. මම හිතන්නේ රාවණා කියන මාතෘකාව ගැන සම්පූර්ණ ගවේෂණයක් සිදුවෙලා නෑ. මම මේ සබ්ජෙක්ට් එකට කැමති නිසායි වැඩේට බැස්සේ.

    ස්තුතියි බුවා... ඊළඟ ලිපියෙන් හමුවෙමු...

    ReplyDelete
  5. ගොඩ කාලෙකට කලින් දැන ඉතින් රිවිර පත්තර කන්තෝරුවෙ විතරයි ඒව ඇත්තෙ . රූප සටහන් පවා දාල තිබුන . ලිපි 30 ක් විතර ගියා මගෙ හිතේ . රිවිරෙ වැඩ කරන අඳුරන කෙනෙක් ඉන්නවන්ම් හොයගන්න පුලුවන් වෙයි .

    ඔයාගේ ගවෙෂනය කරගෙන යන්නකො අපි ඉන්නව සපෝර්ට් එකට

    ReplyDelete
  6. මාත් ඔය වගේ කතා අහලා තියනවා...... රාවණා රජතුමාලු දඬුමොණරෙන් හෙළයො කියලා මිනිස්සුන්ව අරන් ගිහින් පිරමිඩ හැදුවා කියලා අහලා තියනවා...... එතකොට මායාවරුන්ගේ පිරමිඩෙත් එක්කත්, හෙළයන්ගෙ සම්බන්දයක් තිබිල තියනවා. පොඩ්ඩක් හොයලා ඒ ගැනත් විස්තර පළකරන්න යහළුවා........

    ReplyDelete
  7. මේ උදේ පාන්දර මට තව එකක් මතක් උනා. පිටසක්වල ජීවීන් කියන පොතේ තියෙනවා රාම රාවණා යුද්දෙ ගැන. ඒ පොතේ කියනව විදිහ රාම රාවණා යුද්දේ සිද්ද වෙලා තියෙන්නේ අද පවා භාවිතා නොකරන අති නවීන අවි වලින් කියලයි කියන්නෙ. ඒවට අති නවීන කිරණ අවි මෙන්ම අඩු ගුවනේ දි භාවිතා කල හැකි යානාත් තිබිලා තියෙනවා. කොහොමහරි රාමට වෙනත් දෙවි කෙනෙක්ගෙ බලයත් ලැබුන නිසා රාවනා රජු යුද්දෙන් පැරදුනා.

    දැන් රාවණා රජු දෙවිකෙනෙක් බවට පත් වෙලා ඉන්නෙ.

    අනික බණ්ඩාර කියලා තියෙන දේවල් මමත් අහලා තියෙනවා. ඒ පිරමීඩ වල බිතු සිතුවම් වල ගුවන් යානා වල රූප ඈතුලත් වෙලා තියෙනවා වගේම ගුවන් යානා සදහා භාවිතා වන සැතපුම් ගනන් දිග ගුවන් ධාවන පත ගවේෂණ වලින් හොයාගෙන තියෙනවා.

    ReplyDelete
  8. මටනම් රාවණා කියන්නේ ඉන්දියාවෙන් ආපු පුද්ගලයෙක් බවට පිළිගන්න අපහසුයි. මොකද රාවණගේ සීයා වුනු පුලස්ති සෘෂිවරයා ජීවත්වෙලා තියෙන්නේ පොළොන්නරුවේ බවට සාධක පැරණි ග්‍රන්ථවල තියෙනවා...


    @බුද්ධි...
    රාවණා පැරදුනේ මම අහල තියෙන විදිහට වෙන දෙවි කෙනෙක් ගේ බලයක් නිසා නෙවෙයි. රාවණාගේ සහෝදරයා වුන වීභීෂණ (මට මතක විදිහට) විසින් රාවණ ගේ අවි ගබඩාවෙන් සොරකම් කරලා රාමා අත‍ට පත් කරපු අවියක් නිසාලු...


    මම ගාව ඔය රිවිර පුවත්පතේ ගිය ලිපි කිහිපයක එකතුවක් තියෙනවා. මේක මම හදපු එකක් නෙවේ. බ්ලොග් ලියනා වෙනත් සහෝදරයෙකුගේ වැඩක්. අවාසනාවට මට ඒ බ්ලොග් අඩවියේ නම මතක නැහැ. මම ලිපි ටික upload කරලා link එක දාන්නම්. එය නිර්මාණය පිළිබඳ ස‍්තූතිය අදාළ pdf එක හදපු සහෝදරයාට හිමිවෙන්න ඕනේ.

    මෙන්න link එක http://www.sendspace.com/file/d6uoio

    ReplyDelete
  9. රාවණ්ණා පුවත කියවන්න සහෝ..

    ReplyDelete
  10. රාවණ්ණා පුවත කියවන්න සහෝ..

    කියන්න අමතක උනානේ..

    භද්‍රජි මහින්ද ජයතිලකගේ පොතක් ඒ..

    ReplyDelete
  11. @ Buwa :
    මට රිවිර පුවත්පතේ ලිපි ලැබුණා. පහල comments ටික බලන්න. ඔය වචන ටිකත් ඇති මචං... තැන්කූ හොඳේ...

    @ බණ්ඩාර :
    මම ලිපිය ලියන කොට නම් දැන ගෙන හිටියේ නෑ. දැන් නම් සෑහෙන්න දැනගත්තා Dhakshina ගේ උදව්වට පිං සිද්ධ වෙන්න. මේ ගැන උනන්දුවක් ඇතිව කරුණු දැක්වුවාට බොහොම ස්තුතියි සහෝ...

    @ බුද්ධි :
    මේ මාතෘකාව ගැන ඔයත් සෑහෙන්න උනන්දුයි වගේ ! සතුටුයි... උදේ පාන්දරම මතක් වෙන දේවල් !!! ආහ්... ඇත්තටම ඔය කරුණු ටික සාක්ෂි එක්ක ඔප්පු කරලා ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන්න ඇත්නම්... කියලා වැඩක් නෑ. අපි බලමු... ප්‍රතිචාරයට ස්තුතියි සහෝ.

    @ Dakshina :
    මමත් ඉන්දියානු මතය පිළිගන්නේ නෑ. මම මෙතනදි කිව්වේ හින්දු ග්‍රන්ථවල තියෙන දේ. අපිට පුළුවන් නම් රාවණා අපේ කියලා ලෝකයටම ඔප්පු කරලා පෙන්නන්න, හෙලයෙක් විදියට මට නම් ඊට වඩා සතුටක් නෑ.

    PDF එක ගැන කියනවා නම් සහෝ... මට ඔයාට ස්තුති කරන්න වචන මදි. මැක්සා. ඒක සියළු දෙනා එක්ක බෙදාගත්තාට ඔයාට බොහොම පිං. මම ඒ PDF එක පෝස්ට් එකට ලින්ක් කරන්නම්. 100 දෙනෙක් හරි කමක් නෑ මේ ගැන දැනගන්නවා නම් මගේ උත්සාහය සාර්ථකයි. ඔයාටත්, මේ PDF එක සම්පාදනය කරපු සොහොයුරාටත් ගොඩක් ස්තුතියි. බොහොම පිං.

    ReplyDelete
  12. @ Priyanka :
    මම ඒ පොත හොයාගන්න Try කරන්නම සහෝ. දැනුවත් කලාට ස්තුතියි. Dhakshina සහෝගේ PDF එකෙන් මම ගොඩක් දේ දැනගත්තා. ප්‍රතිචාරයට ස්තුතියි...

    ReplyDelete
  13. මම අහලා තියෙන විදියට රාවණා රජතුමා අපේ ‍රටේ හිටිය කෙනෙක්. මොකද අපේ රටෙත් නැත්නම් සාක්ෂි තියෙන්න විදියක් නෑනේ.. ආදම්ගේ පාලම ගැනත් (හනුමා ආව කියලා) සඳහන්වෙනවානේ එතකොට ඒක ලංකාව හා ඉන්දියා අතර තිබුන දෙයක්නේ. සමහර විට මේ පාලම අදට වඩා පැහැදිලිව ගොඩබිම් යා කරල තියෙන්න ඇති. ඒ නිසා ඔවුන් හෝ රාමායනය ලියන විට ඒක ඉන්දියාවේම කොටසක් විදියට ලිව්වා වෙන්නත් පුලුවන්නේ?

    තොටුපල කන්ද (හෝර්ටන් තැන්නේ) වගේ තැන් ගැනත් සදහන් වෙන්න විදියක් නෑනේ... තවත් සාක්ෂි ගොඩක් තියෙනවානේ ඒවා ටිකෙන් ‍හොයාගමු මේක මාත් ආසා කරන විෂයක්.

    අපි කියන්න ඕ‍නේ නපුරු මිනීමරු රාවණා නම් ඒ ලංකාවෙත් සියලු ශාස්ත්‍ර වලින් පරිපූර්ණනම් ඒ රාවණා ඉන්දියාවේ කියලද?

    ReplyDelete
  14. @ සංකල්පනා - රුවන් :
    සහෝ...අපි හැමෝම මේ ගැන අහලා තියෙනවා විතරනේ. මම මෙතනදී කිව්වේ එතුමා ඉන්දියානුවෙක් ම කියලා නෙවේ. තියෙන සාක්ෂි වල හැටියට එතුමා ඉන්දියානුවෙක්. ලෝකයා පිළිගන්නෙත් එහෙම. හේතුව අපිට බැරිවෙලා තියෙනවා රාවණා හෙලයෙක් කියලා, අපේ එකෙක් කියලා (මෙහෙම කිව්වේ අගෞරවයකට නෙමෙයි.)ඔප්පු කර ගන්න. ඒ පිළිබඳ සාක්ෂි විනාශ වෙලා - නැත්නම් විනාශ කරලා. අපි මේක පාදගන්න ඕනෙ. මම අදහස් කලේ එතුමා අපේ කෙනෙක් කියලා කෑගගහ ඉන්නෙ නැතුව අපි මේක ලෝකයට ඔප්පු කරලා පෙන්නන්න විදියක් යොදා ගන්න ඔනේ කියන එකයි. මමත් දරුණු රාවණා follower කෙනෙක්. මම මේ පෝස්ට් එක කලෙත් කිසිම දෙයක් දන්නෙ නැති අයට ටිකක් හරි දෙන්න වගේම ටිකක් දන්න මගේ දැනුමත වැඩි කරගන්න. ඒ සියළු දෙයටම මාත් එක්ක අදහස් බෙදාගන්න සියළු දෙනාටම වගේ ඔයාටත් බොහොම ස්තුතිය සහෝ... ආයෙත් ඇවිත් යන්න එන්න. අපි එකතු වෙලා රාවණා ඇත්ත කරමු. ජය වේවා.

    ReplyDelete
  15. මෙන්න මේක කියවල බලන්න.

    http://apethana.com/drupal/helayugaya

    ReplyDelete
  16. ඔබේ දෑනුම බෙදාගත්තාට ස්තුතියි..සහෝ,,,,,,

    ReplyDelete
  17. බොහෝම ස්තුතියි මචං උබ මේ ගැන ලියුවට. මමත් මේ ගැන ලියන්නමයි හිටියේ. මගේ ගාවත් තියෙනවා රාවණා රජු ගැන එකතුකරපු ලිපි ටිකක්. ඒවයි තියෙන විදියට රාවණා රජු කියන්නේ බොහෝම බලගතු රජකෙනෙක්. මම ඒ ටික upload කරලා ලින්ක් ටික දමන්නම්

    ReplyDelete
  18. ane nawathanna epa digatama mae gana post danna api enawa kiyawanna

    ReplyDelete
  19. මම පොඩි කාලේ කියවපු පොතක තිබ්බා පිරමිඩ හෑදුවේ සිංහ කොඩිය රෑගත් ගුවනින් ආපු ජාතියක් කියලා.තවද eye of ra යනුවෙන් ද ඊජිප්තු වෑසියන් ගේ සලකුනක් ද තිබි ඈත.මේ රා යනු රාවණ රජුද? රා ගෑන wikipedia වේ සදහන් වන ආකාරය http://en.wikipedia.org/wiki/Ra
    තවද ඉන්ග්‍රිසි forum කිහිපයක මේ ගන සදහන්ව ඈත.
    http://www.topix.com/forum/religion/hindu/TJLKMB6HKKS6A2M97#comments
    මාත් හරියට කියෙව්වේ නෑ මොකද මගේ කඩුව පොඩ්ඩක් අවුල්.

    ReplyDelete
  20. http://webcache.googleusercontent.com/search?q=cache:L9r-A2_Xba0J:djchar89.byethost4.com/3.html+ravana+king%2Begypt&cd=6&hl=en&ct=clnk&gl=lk&source=www.google.lk

    ReplyDelete
  21. may dawaswala bohoma janapriya topic ekak oya gana mama may langadi pothakuth kiyewwaa...

    ReplyDelete
  22. @ පැතුම් :
    බොහොම ස්තුතියි සහෝ... මම ලින්ක් එක නැරඹුවා. ගොඩක් වටිනවා. ඒක PDF කරන්න පුළුවන් වුනොත් තව ගොඩක් දෙනෙක් ඒක කියවයි. අපි try කරලා බලමු. ස්තුතියි...

    @ ඉලංදාරියා :
    බොහොම ස්තුතියි සහෝ... හමුවෙන්න කැමැත්තෙන් සිටියේ... මේ පැත්තේ ඇවිත් යන්න ආවාට ස්තුතියි... ආතේ එන්න... ජයවේවා !!!

    @ Admin :
    තැන්කූ... තැන්කූ... මම ඉතාමත් උවමනාවෙන් ඔබේ ලිපි ලැබෙන තුරු බලා සිටිනවා. ඔයාලගේ උනන්දුවටත්, දිරි ගැන්වීම් වලටත් බොහොමත්ම ස්තුතියි...

    ReplyDelete
  23. @ මෝල්ඩර් ෆයිල්ස් :
    අයියෝ බය වෙන්න එපා... දන්න දේ මදි වුනොත් ඉගෙනගෙන හරි ලියනවා... රාවණා ගැන සෑහෙන්න උනන්දුයි නේද ? හරිම සතුටක් !!!

    මෝල්ඩර් සහෝ... මම ඔයාගේ ලින්ක් දෙක බැලුවා. මට කියවන්න නම් මේ ටිකේ වෙලාව මදි. මම ඒකෙනුත් කරුණු අරන් ඉදිරියේ ලියන්නම්. කඩ්ඩට බය වෙන්න එපා බං... ඒක ඔය පේන තරම් කැපෙන එකක් නෙවේ... ජයවේවා...

    @ හරී :
    ඇත්තටම මම හිතුවටත් වඩා ජනප්‍රිය මාතෘකාවක්. නමුත් රාවණා ගැන ඇත්ත නොදන්න අයත් ගොඩක් ඉන්නවා. අපේ බාල පරම්පරාවට මේ ගැන තියෙන්නේ වැරදි ආකල්පයක්. මේ ලිපිය පෝස්ට් කලේ ඒ වැරදි මතය නිවැරදි කරවන්න වුවමනාවෙන්... ප්‍රතිචාරයට ස්තුතියි සහෝ...

    ReplyDelete
  24. මම දන්න විදිහට රාවණා කතාවට ලොකුම හානිය වෙලා තියෙන්නේ කාලය පිළිබඳ ගැටලුව.. හැබැයි රාවනා ඉන්දියානුවෙක් නෙමේ කියල පැහැදිලියි.
    ඒකට හේතු කීපයක් තියෙනවා..

    1) ඉන්දියානුවන්ට රාවනා සතුව තිබූ තාක්ෂණය පිළිබඳ නිසි අවබෝධයක් නොවීම හා එම තාක්ෂණය නොහැඳිනීම
    2) ඉන්දියානුවන් ගින්දර ඇදහූවන් වීම හා ඉර ඇදහූවන් නොවීම

    මම අහල කියවල තියෙන විදිහට රාවණ පරම්පරාව පැවතගෙන එන්නේ ඉන්දු නිම්න ශිෂ්ඪාචාරයට අයත් නොවූ මිසර ශිෂ්ඨාචාරයේ ඉඳලා.. ඒ විතරක් නෙමේ චෛත්‍ය තාක්ෂණය මුලින් තිබිලා තියෙන්නේ ඉන්දියාවෙ නෙමේ ලංකාවේ. ඒවාත් මුල් යුගයේ අපි දකින චෛත්‍ය නෙමේ. පිරමීඩ වලට ආසන්න ලක්ෂණ ගත්ත චෛත්‍ය.

    ලංකාවෙ කැලෑවල හෝ ඒ ආශ්‍රිත මූලාශ වල සිංහයා සුලභ සත්වයෙක් නෙමේ. එහෙනං සිංහයා බහුලව අපේ සංස්කෘතියට ආවෙ කොහෙන්ද? සිංහයා මිසර ඉතිහාසයේ මූලික වස්තුවක්.

    අනික ඉන්දියානුවන් හා ශ්‍රීලාංකිකයන් අතර පැහැදිලි බුද්ධිමය වෙනස්කම් තිබිලා තියෙනවා. ඉන්දියානුවන් කලාවට බරයි. ලාංකිකයන් කෘෂිකර්මය හා විද්‍යාත්මක දේට බරයි. මේ ආදී කරැණූ රැසකින් රාවනා තනි පුද්ගලයෙක් හෝ රා වංශිකයින්ගේ නායකයා වශයෙන් සුවිශේෂත්වයකට උරුමකං කියනවා..

    ඉතිං ස්තුතියි මේ ලිපියට මේ ගැන කතාකරන්ඩ ගොඩක් දේවල් තියෙනවා අපි හිමිහිට කතාකරමු :D

    ReplyDelete
  25. @ තරිඳු : අදහස් වලට බොහොම ස්තුතියි සහෝ... මේ තාම යන්නේ රාවණා ගැන තියෙන සම්මත කරුණු, නැත්නම් ඉන්දියානුවන් හා පසුව බටහිරයන් විසින් දරණු ලැබූ මතය. අපි අපේ මතය පසුවට තබමු. ප්‍රතිචාරයට ස්තුතියි...

    ReplyDelete
  26. monawa unath uba rawana gana ape kenek hatiyata hithana ekata mata godak sathutui. rawana Alia's ekka connection tibuna kiyala hitha epa. ubala ehema hithane ekale ape rate( Srilanka) tubunu Technology eka ubalata hitha ganna bari nisa. ape rate etharam diyunu technology ekak tibula mokak hari vidiyakin eka vinasa wela yanna ati..

    ReplyDelete
  27. මචං, sorry විස්තර කියන්න මම දන්නෙ නෑ. පොලීසියෙන්(ජොක් නෙමෙයි ) කරල තියෙනව රාවණා ගැන research එකක්. එ ගැන හොයාගන්න ට්‍රයි එකක් දෙන්න ලොකු තැනකින්.

    ReplyDelete
  28. machan chathu,
    jst look @ this link. its mentioned about serandip , but not our sri lanka though (Interestingly enough the name "Ancestral Land" (or Serendip) is precisely the Dravidian name of Taprobane (Sumatra), the island where the Hindus placed their pristine Paradise)
    cut and paste below link. its getting more complicated when you read this stuff.
    well done tho

    Dinusha

    http://www.google.co.uk/imgres?imgurl=http://www.atlan.org/copyright/1997/articles/checklist/zoom/fig1.jpg&imgrefurl=http://www.atlan.org/copyright/1997/articles/atlantis2/&usg=__dYxSSAhT4yM5FplSASV6U25VTNU=&h=437&w=550&sz=94&hl=en&start=11&zoom=1&tbnid=wZGfAeJe2YRkSM:&tbnh=106&tbnw=133&ei=cZOUTqjODo3csgbV4pnMBQ&prev=/search%3Fq%3DA%2Bsunken%2Bisland,%2Ban%2BIndian%2BOcean%2BAtlantis%26um%3D1%26hl%3Den%26sa%3DN%26rlz%3D1R2ACPW_en%26tbm%3Disch&um=1&itbs=1

    ReplyDelete
  29. එල කිරි පොස්ට් එකක්, ඇත්තටම අපි රාවණා පරපුරෙ අය, මම නම් කොහොමත් අපි ඉංදියානු විජය ගෙ පරපුරෙන් එනවා කියන්න පොඩ්ඩක් වත් කැමති නහැ

    ReplyDelete
  30. හොද උත්සාහයක්. සාර්ථක වේවා!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...