Thursday, February 17, 2011

බ්ලොග්කරණයේ අස්වැන්න

ද නම් සෑහෙන්න සතුටු දවසක්. චතුගේ කථා පටන් අරන් ගිය සඳුදට හරියටම සති 3 යි. මේ දවස් 24 ට 400 කට වැඩි දෙනෙක් මගේ බ්ලොග් එකට ඇවිත්. තවමත් මගේ බ්ලොග් එකේ post 7 යි තියෙන්නේ. ඉතින් සතුටට හේතුව කිව්වේ නෑනේ. ගිය ඉරිදා තමා SBR (Sinhala Blog Reader) එකට මගේ බ්ලොග් එක එකතු කර ගත්තේ. Phone එකේ ඒ E-mail එක දැකලා මට සෑ‍හෙන්න සතුටක් ආවා. 

සින්ඩියකට එකතු නොවී පාඨකයන් අතරට යන්න අමාරුයි කියලා සමහරු කියනවානේ. ඒත් ඉතින් සින්ඩියේ සමහර පෝස්ට් වලට යෑම් 0 යි. හොඳ දෙයක් නම් හැමෝම බලනවා. ඒ සත්‍යය නවත්වන්න බෑ. ඉතින් මගේ බ්ලොග් එක ලංකාවේ ලොකුම සින්ඩියේ පල වුනා. ඒ හරහා සඳුදා තුල පමණක් 100 ඉක්මවා යන පාඨක පිරිසක් මගේ අඩවිය නරඹලා. ඊයේ දින‍යේත් 50 කට වැඩි ‍දෙනෙක් ඇවිත්. සතුටු ඒ නිසාම නෙමේ, මම ලියන දේ වලට ප්‍රතිචාරත් තියෙන නිසා. බ්ලොග්කරණයෙන් ඉදිරියට යෑමට ඒක තමා ලොකුම ශක්තිය. තමන් ලියන දේ තවත් කෙනෙක් කියවනවා තරම්, කියවලා ප්‍රතිචාර දෙනවා තරම් වෙනත් කිසිම දෙයකින් ලේඛකයෙකුට සතුටක් නෑ. මේ ප්‍රතිචාර මට ඉදිරියටත් හොඳ දෙයක් කරන්න, හොඳ උත්තේජනයක් වේවි. ගෙවී ගිය දින 24 තුල මා බ්ලොග් කරුවෙකු ලෙස ලබා ඇති පුංචි සාර්ථකත්වය දෙස ආපසු හැරී බැලිමේදී මට නිහතමානී සතුටක් දැනේ. බ්ලොග්කරණය ගැන තබා සිංහල යුනිකෝඩ් ගැනවත් මෙලෝ හසරක් නොදැන සිටි මා මේ ආවේ අහඹු ගමනක් බව නම් නොකියාම බැරිය.

වර්ෂා‍ෙවන් වූ හානිය ගැන සිංහල යුනිකෝඩ් සංගමයේ සාමාජිකයෙකුගෙන් මා හට විද්‍යුත් ලිපියක් ලැබී තිබිනි. මා සිංහලයෙන් ලැබු මුල්ම ඊ-ලිපිය වු එය කියවා මා ලද කුතුහලය ඔස්සේ මා සිංහල යුනිකේත සමුහයට සම්බන්ධ වුයෙමි. සිංහල විකියේහිද ලියාපදිංචි වුයෙමි. සිංහල යුනිකේත ගැන තවදුරටත් කරුණු හැදැරීමට Google සෙවුමකින් තොරතුරු රැස් කරද්දී ධනික සොයුරාගේ SETT බ්‍රවුසරය ගැන ඇස ගැටිනි. ඒ ඔස්සේ ධනික සොයුරාගේ ධනිකගේ සිතුවිලි බ්ලොග් අඩවියට පිවිසුණු මට එය අළුත් අත්දැකීමක් විය. ඒ හරහා ධනික සොයුරාගේ බ්ලොග් අඩවියට ‍  මෙන්ම අ‍නෙකුත් සිංහල බ්ලොග් අඩවි වලටද ‍ම‍ගේ යාම්-ඊම් වැඩි විය. අප අතර හුවමාරු වූ පණිවුඩ වල ප්‍රතිඵලයක් ලෙස සිංහල බ්ලොගයක් ඇරඹීමට මට සිතක් පහල විනි. මේ මා ‍නෙලන්නේ එහි අස්වැන්නයි.

ධනික සොයුරා පෙන්වා දුන්  මාර්ග‍යේ තවත් එවැනිම බ්ලොග්කරණ සගයන්ගේ දිරිගැන්වීම මත මම අද මෙතැන සිටිමි. මෙතැන නතර වීමට නම් මට කිසිසේත් වුවමනාවක් නොවේ. බ්ලොග් කරුවන් අතර මගේ බ්ලොගය ජනප්‍රිය කරවීමට මගේ තරගයක් නොමැති නමුත් මතය පලකිරිම සඳහා හොඳ පාඨක පිරිසක් ග්‍රහණය කරගැනීම මගේ අභිප්‍රායයි. ඒ සදහා මේ කෙටි කාලය තුල මා දිරිගැන්වු මාගේ සියළුම හිත මිතුරන් හා හොඳ මෙන්ම නරකත් පෙන්වමින් මා ලියන දේට ශක්තියක් වු පාඨක ඔබ සැම සමගින් නිහතමානීව සුන්දර ආඩම්බරයක් සමග මගේ සතුට  ‍‍බෙදාගන්නට මා මෙය අවස්ථාවක් කර ගනිමී.

ප.ලි. -: මේ පෝස්ට් එක දාන්න හිටියේ සඳුදා... පොඩි පොඩි තාක්ෂණික ගැටළු ටිකක් නිසා වැඩේ පරක්කු වුනා. කියවගෙන යනකොට අප්සැට් එකක් දැනෙනවා නම් සමාවෙන්න ඕනෙ.


නැවතත්, ඔබ සැමට ස්තුතියි... බොහොම පිං...




9 comments:

  1. සින්ඩියේ ඉන්නවද ? එහෙනම් ඉතින් දිගටම ලියන්න වෙයි . පුලුවන් වෙලාවක මෙහේ ඇවිදලා යන්න මමත් එන්නම් බොක්කටම වදින්න ලියන්න ..

    දිගම දිග ගමනකට කෙටි සුබ පැතුමක් මගෙන් !

    ReplyDelete
  2. SBR (Sinhala Blog Reader) කියන්නෙ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයද ? ඕනි එකක් මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  3. @ හිස් අහස :

    සුභ පැතුවාට බොහොම ස්තුතියි... අනිවා, මම දිගටම ලියනවා. නොබැලුවත් ලියනවා. සින්ඩියට එන්ටර් කර ගත්තේ ඉරිදා.

    ප්‍රතිචාරවලට ස්තුතියි මචං. අනිවා ඇවිල්ලා යන්න එන්න. ඔයාලට බලන්න තමයි මම ලියන්නේ. එහෙනම් ජයවේවා... ආයෙත් හමුවෙමු...

    @ buwa :

    මචං බුවා. SBR (Sinhala Blog Reader) කියන්නේ සිංහල බ්ලොග් කියවනය. ඒ කියන්නේ සින්ඩිය. සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය කියන්නේ ඒ ගොල්ලන්ගේ google group එකට. කොහොම උනත් සුභ පැතුවාට ස්තුතියි.

    ReplyDelete
  4. එහෙමද ? මම නම් බ්ලොග් කියවන්නෙ ලාංකීය සිතුවිලි හා kottu වලින්.SBR යොදා ගන්නෙම නැහැ .මගේ බ්ලොග් එක බලන්න කට්ටිය වැඩියම එන්නෙත් අරවයින්.

    ReplyDelete
  5. machannnnnnnnn.........onna apith suba pathanawa....matath aye kahillak hadenawa wage blogging walata......

    ReplyDelete
  6. @ සංහිඳ පාමුළ :

    thanks machan. keep in touch.

    @ buwa :

    මමත් ලාංකීය සිතුවිලි වල ඉන්නවා. කොත්තුවටත් දාල බලන්න ඕනේ. ඔයත් SBR එන්න.

    @ පන්නි :

    පන්නි මචෝ. මේව ඉතින් උඹලගෙ ගෙදර වගේ කියලා හිතාගනින්. උඹලා ඉතින් ප්‍රයිවට් වැඩනේ... අපිට සප් එකක් නෑ නේ ? ජෝක්ස් මචං. බ්ලොග් එක පටන් ගනින්. අපි නග්ගලා ගමු.
    කමෙන්ට් එකට තැන්ක්යූ මචෝ. දිගටම සෙට් වෙලා ඉඳපන්... එහෙනම් ජයවේවා...

    ReplyDelete
  7. ඔබගේ උනන්දුව කැපවීම සහ විශේෂයෙන්ම හරවත් යමක් කිරීමට ඇති ඕනැකම ඔබට අද දින මෙම සාර්ථකත්වය ලැබීමට හේතු‍ වෙලා තියෙනවා.

    ReplyDelete
  8. මගෙත් සුබ පැතුම් චතු. මමත් බ්ලොග් වලට අදුනිකයෙක්. බ්ලොග් කියවන්න අරන් මස දෙක තුනක් වෙනවා. හාහා පුර කියල මමත් ඊයේ බ්ලොග් එකක් පටන් ගත්ත. පටන් ගත්තට මොකද බ්ලොග් කරණය ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඔබතුමන්ලගේ සහයෝගයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...