වැඩි පණ්ඩිතකම
සිරිමල් ගේ නැඟනිය නලිනී ය. ඈ කැවුම් දෙකක් දීසියක දමා
ගෙන අවුත් මෙසේ කීවාය.
Credit - flickriver.com |
"අයියේ, අපි මේ කැවුම් දෙක කමු..."
"මෙතැන කැවුම් තුනයි නේ නංගී...!"
"නෑ අයියේ, දෙකයි..."
"නෑ නංගී, කැවුම් කැවුම් තුනයි... මේ බලන්න.
එකයි, දෙකයි... එකත් දෙකත් කීයද නංගී ?"
"එකත් දෙකත් තුනයි අයියේ..."
"එහෙනම් දෙකයි කීවේ ? මෙතැන කැවුම් තුනයි..."
නලිනිට සිරිමල් ගේ කීම නොතේරී, "කැවුම් දෙකමයි" කියමින්
හැඬුවාය.
මේ කථාව අසාගෙන සිටි ඔවුන්ගේ පියා එතැනට අවුත් කථාවට
වැටුනේය.
"මෙතැන කැවුම් කීයද සිරිමල්... ?"
"තුනයි තාත්තේ..."
"බොහොම හරි... ඉතින් අපි තුන්දෙනා මේ කැවුම්
තුන කමු. මෙන්න මට එකක්... නලිනි, ගන්න මේක... සිරිමල් කන්න තුන්වැනි එක...!"
මෙසේ කියා, එක් කැවුමක් පියා කෑවේය. නලිනී ඉතිරි
එක කෑවාය. සිරිමල් හට ඔහුගේ වැඩි පණ්ඩිතකම නිසා එකක් වත් නොලැබුනේය.
මගේ අවවාදය :
වුවමනා පමණට වඩා පණ්ඩිත වීමෙන්
අතේ තියෙන
දේත් කටට දාගන්නට බැරිවීමට පුළුවන...!
---------------------------------------------------------------------------------------------------------
සොයා බලා කටයුතු කරනු
බමුණුකුට ඉතා කුඩා දරුවෙක් සිටියේය. දරුවා උපන් ළඟදී ම මව
මළාය.
ඒ ගෙදර සුරතලය ට ඇති කරන්නට ගත් මුගටියෙක් ද උන්නේය. ඌට
බමුණා බොහෝ ආදරය කෙරෙයි.
දවසක් බමුණා දුර ගමනක් ගියේය. දරුවා බලා ගැනීමට හෝ ගෙදර
සිටියේ මුගටියා පමණෙකී.
සවස් වන විට බමුණා නැවත ආයේය. මිඳුලට ආ විට, මුගටියා
ඉදිරියට දුව ආයේය. උගේ කටේ ලේ තිබෙනු බමුණා හට දකින්නට ලැබිණි.
"මුගේ කටේ ලේ කොයින් ද ? මූ මගේ දරුවා මරන්නට ඇති... ඉතින්,
මම දැන් මූව මරමි..." යි සිතා බමුණා මුගටියා මරා දැමුවේය.
දරුවාගේ මළකඳ දකින්නට බමුණා ගෙට ගියේය. එහෙත් ඔහු දැක්කේ
කිමෙක් ද ? දරුවා ඇඳ මත සුවසේ නිදා හුන්නේය. ඇඳ ළඟම, නයෙකුගේ කැබලි තිබුණේය.
ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය - පළමු පොත - 22 පිටුව |
නයා දරුවාට අන්තරාය කරන්නට ආවේය. මුගටියා එය දැක නයා මරා
දැම්මේය. දරුවා රැකුණේ මුගටියා නිසාය. බමුණා එපමණ හිත ඇති මුගටියා මැරුවේය.
නොසොයා බලා තමා කළ දේ නිසා බමුණා බොහෝ කල් කණගාටුවෙන්
සිටියේය.
මගේ අවවාදය :
කලබල වීම නිසා සිදුවන්නේ පාඩු පමණී.
---------------------------------------------------------------------------------------------------------
මෙන්න මෙහෙමයි කෑවේ
එක්තරා ගමක ගමරාළ, මෙහෙකරුවා ද සමග ගමනක් ගියේය. මග දී
ඔහුට බඩගිනි විය. හේ ගසක් මුල හිඳ ගෙන, පණම් හතරක් මෙහෙකරුවාට දී, කෙසෙල් ගෙඩි
ගෙනෙන්නට කීවේය.
Credit - vidasanafacil.com |
මෙහෙකරුවා කඩයකට ගොස්, කෙසෙල් ගෙඩි දහසයක් ගත්තේය. එය
ගෙන එන අතර ඔහුට මෙසේ සිතුනේය.
"ගම රාළහාමි මේ කෙසෙල් ගෙඩි වලින් බාගයක් මට දෙයි... ඒ නිසා ඒ බාගය මම දැන් ම කමී..." මෙසේ සිතා
කෙසෙල් ගෙඩි අටක්ම කෑවේය.
ඉතිරි කෙසෙල් ගෙඩි අටත් රැගෙන මඳ දුරක් යනවිට මෙහෙකරුවා මෙසේ ද සිතුවේය.
"මා කෙසෙල් ගෙඩි කෑ බව ගම රාළහාමි නොදනී... පණම් හතරට
කෙසෙල් ගෙඩි අට යැයි සිතා මෙයිනුත් බාගයක් මට දෙයි... එයත් මම දැන් ම කමී..." මෙසේ
සිතා තවත් කෙසෙල් ගෙඩි හතරක් කෑවේය.
මෙහෙකරුවා මෙසේ සිත සිතා බාගය බැගින් කෑමෙන් අන්තිමයට
ඉතිරි වූයේ එක කෙසෙල් ගෙඩිය ය. හේ එය ගෙන ගොස් ගමරාළ ට දුන්නේය.
ගමරාළ පුදුමයට පැමිණ මෙසේ ඇසීය.
"පණම් හතරට එක කෙසෙල් ගෙඩිය ද... ?"
"නෑ රාළහාමි, කෙසෙල් ගෙඩි වලින් බාගයක් මට දෙනවා නොවේ
දැයි සිතා මගේ කොටස මග දීම කෑවෙමි..."
"පුදුම ගණන් කාරයෙක් නේ...! පණම් හතරේ කෙසෙල් ගෙඩි වලින්
එකක් ඉතිරි වන්නට බාගයක් කෑවේ කෙසේ ද ?"
"අනේ රාළහාමි, මෙන්න මෙහෙමයි කෑවේ...!!!"
මෙහෙකරුවා මෙසේ කියා, ඒ ඉතිරි එකම කෙසෙල් ගෙඩියත් ලෙලි
හැර, කටේ දමා ගත්තේය...!!!
මගේ අවවාදය :
මේකට අවවාදයක් දෙන එක කියවන ඔයගොල්ලන්ට භාර
කරනවා. පහලින් කියලා යන්නකෝ...!!!
---------------------------------------------------------------------------------------------------------
ශික්ෂාවතාරය කියන්නේ මොන්ටිසෝරි පොතක් වගේ...
අකුරු, අකුරු රටා, කුඩා පද සමග පුංචි වාක්‍ය තමයි ඒ පොතේ තියෙන්නේ. ඔය කියපු කථා
ඔක්කොම තිබුණේ ශික්ෂා මාර්ගය පළමු පොතේ... ඒ කියන්නේ එක වසරේ සිංහල පොත වගේ තමා...
බලන්න පුංචි, සරල වාක්‍ය යොදාගෙන තියෙන ආකාරය. ඒ වගේම ලොකු ලොකු වචන දාලත් නෑ. කාල
භේදය වුනත් සරලයි. ඒ වගේම තමයි, කථාන්දරයක් ආකාරයෙන් ලබාදෙන පණිවුඩය !!!
පොතේ තිබුණු මුල් කථාව සුළු වශයෙන් පද දෙක
තුනක් විතර එහේ මෙහේ කළා වර්තමානෙට හරියන්න. මොකද, කුමාරතුංගයන්ගේ යුගයයි, අද කාලෙයි භාෂාව
වෙනස් නොවැ. තව ලස්සන කථාන්දර ගොඩාක් තියෙනවා... ඉදිරියේදී පළ කරන්නම්...!!!
ගිහින් එන්නම්... ජයවේවා !!!
මුනිදාස කුමාරතුංග ශූරීන් විසින් සම්පාදිත,
ශික්ෂා
මාර්ගය 01 ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී...
බොහොම ස්තුතියි!
ReplyDeleteමැද කථාව නම් මම අහලා තිබුනා.. ඉතුරු දෙක අලුත්..
මට අපේ ආච්චි මතක් උනා බං.. උන්දැත් ඔය කතා හැඩ කරකර කියනව මතකයි.
ReplyDelete@ හරී :
ReplyDeleteප්‍රතිචාරයට ස්තුතියි සහෝ...!!!
@ නවම් :
මීටත් වැඩිය රස කථා අපේ ආච්චිත් කියලා දුන්නා. ඒත් දැන් ඒවා මීටර් නෑ... මේ කථා ටික කියවද්දී නම් ආයෙත් ඒ පුංචි කාලෙට යනවා බං !!!
මචං,
ReplyDeleteමම නං හිතන්නේ උඹේ ඔය අන්තිම කතාවේ මෙහෙකාරයා අනිවාර්යයෙන්ම බෙන්තර ගඟෙන් එහා ඉපදිච්ච එකෙක් වෙන්න ඕනෙ. ඒක හින්දා මගේ අවවාදය තමයි, කාව හරි ආශ්‍රය කරන්න කලින් බෙන්තර ගඟෙන් එහාද මෙහාද කියලා හොඳට හොයලා බලන්න ඕනෙ.
අද කාලේ හැටියට ගොඩක් වටිනා කතා ටිකක්...ජය වේවා.
ReplyDeleteපළවෙනි කතාව මාත් අහලා තිබ්බා.. අනිත් දෙකනම් මටත් අළුත්.. ස්තූතියි බෙදා ගත්තට..
ReplyDeleteමගේ අවවාදය :
ReplyDeleteකෙසෙල් කෑම ශරීරයට අහිතකර වන්නට පුලුවන.
මේ වැඩේ නම් හරි අගෙයි සහෝ..
බොහොම ස්තුතියි මල්ලි . පොඩි කාලේ අහල තිබ්බට මතක තිබුනේ නැහැනේ . මගේ අවවාදය ''කෙසෙල් මිලදී ගැනීමට මෝඩයෙක් නොයවා තමාම යන්න ''..D .
ReplyDelete@ දිනී :
ReplyDeleteඒ අවවාදයත් හොඳයි තමයි. ඒ වැඩකාරයා බෙන්තර ගඟෙන් එහා වෙන්නැති. ස්තුතියි මචං !!!
@ හර්ෂණ :
කලින් දැකලා නම් නෑ, අළුතෙන් වගේ ! ප්‍රතිචාරයට ගොඩාක් ස්තුතියි සහෝ !!!
@ දිනේෂ් :
කථා ඇහුවට මදි සහෝ... මොනවා හරි ඉගෙන ගන්නත් ඕනේ. කෝ ඉතින් කෙහෙල් කථාවෙන් ගන්න පුළුවන් ආදර්ශය ගැන දැනමුතුකමක් දීලා නෑ නොවැ... මොනවා වුනත් ස්තුතියි කියවලා ප්‍රතිචාරයක් තියපු එකට !
@ සෙන්නා :
ඈ බං අයියේ, කෙහෙල් කෑම අහිතකරයි කියලා පොඩි වුන්ට කටක් ඇරලා කොහොම කියන්නද බං ? :P !!! එළ එළ, තව කථා ගොඩක් තියෙනවා, ඉස්සරහට දාන්නම්කෝ... ස්තුතියි !!!
@ බින්දි අක්කා :
අක්කා නම් මේ වගේ කථා හොඳට දන්නවා ඇති. කොහොමත් වියට්නාම් කථා සෙට් එකත් මරු ! අක්කගේ අවවාදය නම් ප්‍රායෝගිකයි. ඒක නිසා දැනට හොඳම උපදෙස හැටියට අක්කගේ පිළිතුර භාරගන්නම්... ස්තුතියි අක්කේ ඇවිත් ගියාට !!!
great please come to our site
ReplyDeleteචතුවා,
ReplyDeleteබින්දි අක්කා කියන විදියට කෙසෙල් ගේන්න ගිහින් තියෙන්නෙ මෝඩයෙක් නෙමෙයි මචං. ඌ හොඳටම මොළේ තියෙන ලෝකෙ කාලා වතුර බීපු එකෙක්. ඒක හින්දා බින්දි අක්කගේ අවවාදය මේ කතාවෙදි ප්‍රායෝගික නෑ. මම නං හිතන්නෙ හොඳම දේ තමයි තමන්ගෙ වැඩේ කාටවත් කියලා කරගන්නෙ නැතුව තමන්ම කරගන්න එක. එතකොට ඇතිවෙන්න තියෙන ප්‍රශ්න ගොඩාක් අවම කරගන්න පුළුවන්. මොකද කියන්නෙ......???
//හොඳම දේ තමයි තමන්ගෙ වැඩේ කාටවත් කියලා කරගන්නෙ නැතුව තමන්ම කරගන්න එක//
ReplyDeleteඕක කලින්ම කිව්වා නම් ඉවරනේ !!! හොඳයි, එහෙනම්, හොඳම අවවාදයට හිමි සම්මානය දිනා ගන්නේ....
දිනිඳු !!!
චතුරංග මල්ලිට ස්තුතියි, පරණ මතකයන් අලුත් කරනවට. පළමු කතා දෙකම මමත් අහල හෝ කියවල තිබුණ නමුත් තෙවැනි කතාව මුලින්ම ඇහුවේ අදයි. අර වැඩ කාරයට මාර බඩගින්නක් නේ තිබිල තියෙන්නේ. කෙසෙල් ගෙඩි දාසයක්, ඒ කියන්නේ ඇවරියක්ම කාල. මගේ උපදේශය මේකයි - කෙසෙල් මිලදී ගැනීමට බඩගිනිකාරයන් නොයවනු. ..හිකිස්...
ReplyDeletehe he...niyamaiii
ReplyDeleteලස්සන කතා ටික...මම නම් මේ කතා කියවලා තිබුනා..
ReplyDeleteඅන්තිම කතාවෙන් කල දුටු කල වල ඉහගන් කියලා තමයි මට නම් ගත්ත ආදර්ශය.
හරි අපූරු කතා ටික...
ReplyDeleteපොඩි කාලේ මතකය ආපහු අලුත් උනා. අපිට බත් කවන්න ගියාම අම්මා ඔය කතා කියනවා නිතරම. හරිම ලස්සන ඒ වගේම ආදර්ශමත් කතා කිහිපයක්...ස්තුතියි චතුරංග.
ReplyDelete@ පොත්ගුල්ලා අයියා :
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ ප්‍රතිචාරයට ! මට හිතෙන්නේ මිනිහට බඩගින්නට වඩා තිබිලා තියෙන්නේ... අනේ මන්දා ? එහෙමත් වෙන්නැති... !!! අයියගේ උපදේසෙත් සලකලා බලන්න ඕන...!
@ ධනූ :
ස්තුතියි මචං !
@ රූ :
ස්තුතියි අක්කේ, මොනවා වුනත් වැඩකාරයා වල ඉහගත්ත හැටි වැරදියි ! මෙන්න මෙහෙමයි කෑවේ කියලා කටක් කාලා ගමරාළට බාගයක් තියන්න තිබ්බා හරි නම් !!!
@ ලකී අයියා :
ගොඩක් ස්තුතියි අයියේ !!!
අන්තිම එකේ ආදර්ශය තමයි වැඩකට මිනිස්සු තෝරගන්නකොට පරිස්සම් වෙන්න කියන එක... :)
ReplyDeleteමම මාලු ප්‍රසන්න නොව වෙන ප්‍රසන්න කෙනෙකි. :D
ReplyDelete@ සයුරි :
ReplyDeleteගොඩාක් ස්තුතියි සයුරි...!!! අපි හැමෝටම වගේ හොඳ ආච්චිලා උන්නු නිසා හොඳයි... ඒත් අපේ මුණුපුරන්ට මොනවා වේවිද ???
@ සාතන් :
සාතන්ටත් හොඳ අදහස් පහළ වෙනවා නේද ? ආදර්ශේ නම් හොඳයි, ඒත් ඉතින් ගමරාළ ට කඩේ යවන්න උන්නේ ඔය වැඩකාරයා විතරයි නොවැ... ස්තුතියි අදහසට !!!
@ Praසන්ன :
අනේ සමාවෙන්න අයියේ... වස වැරැද්දක්නේ වෙලා තියෙන්නේ !!! මොනා උනත් අයියගේ බ්ලොග් එක නම් නියමයි...!!!
"සොයා බලා කටයුතු කරනු" ඔය කතාවනම් පොඩිකාලේ මොකක් හරි පොතක තිබිල කියෙව්ව මතකයි....
ReplyDeleteකුමාරතුංග මුනිදාසයන්ගේ දක්ෂතාව අපූරුවට මේ කතා වලින් විදහාපානවා..සරල බසකින් යුක්ත වීම,අපුරු සිද්දි දාමයන්ගෙන් බැදී පැවතීම,සමාජයට වැඩදායක යමක් සැම විටම ලබාදීම වගෙ බොහොමයක් ගුණාංග එතුමාගේ හැම කෘතියකම වගේ දක්නට ලැබෙනව....
පුංචි කාලේ ආච්චිගෙන්,සීයාගෙන් අපුරු කතන්දර අහන්න පුදුම ආසාවක් තිබුනේ...ඒ කාලේ මතක් උනා මේ කතා කියවද්දි...ලොකු පොඩි හැමෝටම යමක් කුමාරතුංග මුනිදාසයන් මේ කතා වලින් දක්වල තියනවා...හරිම අපුරුයි....
නියම පෝස්ට් එක....
වටින පෝස්ට් එකක් , තව මේ වගේ ඒවා හොයලා දාන්න ගොඩක් වටින්වා, අද ඉන්න පොඩි එවුන් මෙවා අහලවත් නැතුව ඇති...
ReplyDeleteකියවන්නට ඉතා හොඳ පොතක් මා පොඩිකාලේ ඔයපොත ඉතා ආශාවෙන් කියවුවා මතකයි
ReplyDelete@ දමිත් මල්ලි :
ReplyDeleteකථාන්දර අහන්න පොඩි අය විතරක් නෙවේ, හැමෝම වගේ කැමතියිනේ ! ඇත්තටම කුමාරතුංග ශූරීන් තරම් ළමා මනස ගැන ඉලක්කගත කරලා ලියපු ලේඛකයෙක් නැතුව ඇති. කියවන්න කියවන්න ආස හිතෙන විදියට එතුමා මේ කථාන්දර ලියලා තියෙනවා. අවුරුදු 10 දී විතර කියවපු මේ කතන්දර, අදත් ඒ වගේම රස විඳින්න පුළුවන්...
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි මල්ලී...
@ නිලංග :
බොහොම ස්තුතියි නිලා, තව කථා ගොඩක් තියෙනවා. ඉස්සරහට පළ කරමු...! ජය !!!
@ රාජ් :
රාජ් සහෝත් එනම් "පොත" කියවපු කෙනෙක් !!! ස්තුතියි ප්‍රතිචාරයට ! ජයවේවා !!!
පලවෙනි කතාවත් තුන් වෙනි කතාවත් කියෙවුවෙ අද?මොනවා උනත් ආදර්ශමත් කතා ටිකක්.ඉදිරියේදීත් මේ වගේ කතා දානවා නේද?
ReplyDeleteහරිම ලස්සනයි කතා ඔක්කොම :)
ReplyDelete@ අසරණයා :
ReplyDeleteඅනිවා, අසා... ඉස්සරහට හෙමින් සැරේ කියවමුකෝ... ස්තුතියි ඇවිත් ගියාට...
@ වර්ණා :
බොහොම ස්තුතියි වර්ණා !!!
සෝයි ඈ ...
ReplyDeleteස්තුතියි සහෝ
Deleteඅහලා නැති කතා
ReplyDelete