මුලින්ම, අනේක
වාරයක් සමාව
ඉල්ලා හිටිනවා...
මේ කථා පෙළ
පළ කරන්න
මෙච්චර පමා වුනු
එක ගැන.
හිතා මතා පැහැර
හැරියා නෙවෙයි.
කොච්චර වුවමනාව
තිබුණත් මේ බ්ලොග්
වලට ඉබේ අකුරු
එන්නෑ නොවැ...
ටයිප් කරන්නම
එපායෑ... ඒ
මදිවට ඉතිහාසය
ගවේෂණය කරන්නත්
ඕනේ, දැනට
අවුරුදු 10 කට වගේ උඩදි
සිද්ධ වුනු
දේවල් නොවැ.
කාරි නෑ, ඔන්න
මං ආයෙත්
සෑ...හෙන්න
කාලයකට පස්සේ
බෑන්ඩ් කථා අරගෙන
ආවා... ඔය
මෙච්චර කල් නාහෙන්
අඬ අඬ, ඒ මදිවට
තර්ජනේ දාගෙන
හිටපු උන්දැලා
ඕං ඇවිත්
කියෙව්වා නම්...
හරි, එහෙනම්... දයාබර රසික
රසිකාවියනි.... මෙන්න
නැවතත් වේදිකාවේ...
චතූගේ බෑන්ඩ්
කථා...
මීට කලින් කියවපු කොටස් මතක නෑ වගේ ද ?
නැත්නම් කලින් කියවලාම නැද්ද ? ඔන්න ඔය උඩින්ම තියෙන තීරුවේ ‘බෑන්ඩ් කථා‘ කියන
පුරුකෙන් ගිහින් කථා ටික ඔක්කොම කියවන්න පුළුවන්... ඔව්වයේ යන්න කම්මැලි හාදයින්ට මෙන්න ලින්කුව !!!
හරි ! අපි අන්තිමට කියෙව්වේ අපේ බෑන්ඩ් එකේ පළමු එළිමහන් ප්‍රසංගය, නැත්නම් අපේ මුල්ම ෂෝ එක ගැන නේ... 2002 නොවැම්බර් 29
වැනිදා ගොඩගම කාර්මික විද්‍යාලයේ දී පැවැත්වුනු ඒ ප්‍රසංගයෙන් පස්සේ ටික දවසක්
යනකල් ම අපි කලේ එදා රෙකෝඩ් කරපු පීස් එක අහ අහ වරද්දපුවා, නා ගත්තුවාට හිනා වෙවී
හිටපු එකම තමා. හරියටම, ටක්කෙටම එයින් පස්සේ වුනු දේවල් දැන් මතක් වෙන්නේ නෑ... මේ
කියන්නේ 2002 අග ඉඳන් 2003 වගේ කාලේ ගැන... කරුමෙට මගේ 2003 ඩයරියත් නැතිවෙලා !!!
Open
Show එකෙන් පස්සේ ආයෙත් ටිකක් මතක හිටින වැඩකට කෙරුවේ 2002 දෙසැම්බර් 31 වැනිදා
වැඩේ තමයි. අපේ සැට් එකම එකතු වෙලා අපේ ලීඩ් ගහන කුමාර අයියලගේ ගෙදරට ප්‍රැක්ටිස්
බඩු ටික ඇද්දා... මතක ඇති මම කලිනුත් කිව්වා, කුමාර අයියලගේ ගෙදර ඉස්තෝප්පුව
ස්ටේජ් එක වගේ දිගට හදපු එකක් කියලා... ඔතන බඩු ටිකත් අටෝගෙන අපි 31st night එකක්
කෙරුවා... කවුරුවත් නෑ, අපි ටික විතරයි...
ආයෙත් මම හැරෙන්නේ මගේ ප්‍රසංග රෙජිස්ට්‍රියට
!!! ඒ අහවල් කෙහෙම්මලක් ද ? ඒ තමයි මේක... අපේ පළවෙනි ප්‍රසංගයේ ඉඳලා මම බෑන්ඩ් වේදිකාවට
ආයුබෝවන් කියන කල්ම ප්ලේ කරපු හැම ප්‍රසංගයක්ම මම පොතක ලියලා තියෙන්නේ. දවස,
ස්ථානය, ප්ලේ කරපු sound setup එක, බෑන්ඩ්
එක... ඔය ඔක්කොම ඔය වාර්තාවේ ඇතුලත්... පළමු ප්‍රසංගය 2002 දෙසැම්බර් 29 වැනිදා,
ගොඩගම කාර්මික විද්‍යාලයේ දී... අවසාන ප්‍රසංගය 2009 පෙබරවාරි 04-08 දක්වා දැයට
කිරුළ මාධ්‍ය වේදිකාව... හැබැයි ඊට පස්සෙත් බෑ නොකියා බැරිකමට අපේ කණ්ඩායමේ
ගායකයෙක් වුනු ධම්මිකගේ හෝම්කමින් එකට ප්ලේ කරන්න වුනා...!
හරි, ඉතින් පුරාණ වාර්තා වලට අනුව 2002
නොවැම්බර් වලින් පස්සේ ඊගාවට අපි ප්‍රසංගයකට සහභාගි වෙලා තියෙන්නේ 2003 පෙබරවාරි 17.
වැඩේ තිබුනේ අපේ ඩ්‍රම්ස් කරපු සංජයගේ
ලොකු අයියගේ ගෙදර. මත්තේගොඩ නිවාස සංකීර්ණයේ තියෙන ක්‍රිස්තියානි පල්ලිය ලඟම...
සංජයගේ අයියගේ චූටි දූගේ පළමු උපන්දිනය ද කොහෙද ? සංජයගෙන් බේරෙන්නම බැරුවද මන්දා,
සංජයලගේ අයියා Sound setup එකක් බුක්
කරලා අපිට ප්ලේ කරන්න චාන්ස් එකක් දීලා තිබුණා. ඔය වෙද්දී මම සංජයලගේ ගෙදර නිත්‍ය
සාමාජිකයෙක් වෙලා ඉවරයි. ගෙදරින් යන්න වුනාට පස්සේ මම මාස තුන හතරක කාලයක් සංජයලගේ
ගෙදරම නැවතිලා උන්නා. මේ කියන්නේ ඒ කාලේ තමා...
සංජයත් එක්කම සංජයලගේ අයියගේ ගෙදර ගිහින්
මමත් පාටියේ වැඩ වලට උදව් කර කර හිටියේ. සවුන්ඩ්ස් ආවම මමත් ඒවා බාන්න, හයි කරන්න
උදව් කළා. ඒ වැඩ ටික ඉවර වෙද්දි මමත් දාඩිය දාගෙන හිටියේ... ආයෙත් ගෙදර ගිහින්
ඇඳුමක් ඇඳන් එන්න වෙලාවකුත් නෑ. ඉන්න එවුන් එකෙක්ගේවත් ඇඳුම් මට අඳින්නත් බෑ. මම
ඉතින් පොඩි එකානේ.. :D කොහොමින්
හරි පාටියේ වැඩට ඇඳන් ඉඳපු කිට් එක පිටින්ම ප්ලේ කරන්න වුනා. අනෙක් එවුන් හොඳට කිට
මරලා ඇඳන් ඉද්දී මම හඩ්ඩා වගේ පැත්ත ගහලා උන්නා...
ඔය වැඩෙන් දවස් කීපයකට පස්සේ මට අසනීප වුනා. දෙයියන්ගේ
ලෙඩ... අර ගස්ලබු ලෙඩේ (Chickenpox). අපේ අයියා මේ වෙද්දී
මහරගම පිළිකා රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ගන්නවා. අයියා ලඟ හිටියේ එයාගේම
වයසේ වගේ හිටිය ලොකු මාමගේ පුතා... නුවන් අයියා. ඉස්පිරිතාලෙ දී අයියට දීපු Injection එකකින් හරි, Radio therapy
වලදී හරි අයියට ඔය ලෙඩේ බෝවෙලා තිබුණා. තව හෙපටයිටිස් B එකත් බෝවෙලා... එයා ඉස්පිරිතාලේ හිටිය නිසා බෙහෙත් වලින්
හොඳ වුනා. ඒ වුනත් එයා ලඟ හිටපු නුවන් අයියට ගස්ලබු ලෙඩේ බෝවුනා. එයා අසනීපෙන්
ගෙදර ඉන්දැද්දී මට බෝවුනා... පස්සේ මගෙන් අපේ නංගිට බෝවුනා... ලෙඩ
වැලයි...!!!
කොහොමින් හරි, අසනීපය නිසා මට දරුණුවටම පහර
වැදුනා ඔළුව රිදෙන එකයි, ඇඟේ කැක්කුමයි තමා ඉවසන්නම බැරි... පෙබරවාරි 25 වගේ තමා
අසනීප වුනේ මතක හැටියට. සති තුනක් යනකල් ගෙදරින් එළියට බහින්න හොඳ නෑලුනේ... අනෙක දවස් 21 යනකල් නාන්නත් හොඳ නෑලු... නීති
ගොඩයි. ඔය කාලේ මං දෙයියනේ කියලා අයියගේ කොම්පියුටරේ සින්නකරම ලියාගෙන, Delta Force Land Warrior ගේම් එක සති දෙකක්ම
ගැහුවා. ඇයි ඉතින් කෑම, බීම පහසුකම් ඔක්කොම ලඟටම හම්බවෙනවානේ.
ඒ අස්සේ අපේ සෙට් එකට මාර්තු 15 වෙඩින් එකකට
ප්ලේ කරන්න ලැබිලා තිබුණා... දවස් 3 කට කලින් වුනත් උදෙන්ම නාගෙන තුවාල කැලැල්
වැහෙන්න අත් දිග ෂර්ට් එකකුත් ඇඳගෙන අපේ අය මාව වැඩේට එක්කරගෙන ගියා... night එකක් නිසා එච්චර අවුලක් වුනේ නෑ... ගෙදරින් නම් බැන්නත්
එක්ක ලෙඩ හොඳ වෙන්නත් කලින් ගියයි කියලා !
ඔය වෙද්දී අපේ අයියගේ අසනීප තත්ත්වය
අන්තිම කාලෙට ඇවිත් !!! අප්‍රේල් වගේ වෙනකොට අයියව ගෙදර එක්කන් ආවා. ඒ තව දුරටත්
බේත් කරලා තේරුමක් නැති නිසා. අප්‍රේල්-මැයි කියන්නේ ඉතින් සංගීත කණ්ඩායම් වලට වැඩ
වැඩිම මාස දෙකක් නේ. අපිටත් අප්‍රේල් වල වැඩක් සෙට් වුනා... අපේ ගමේ අවුරුදු
උත්සවයට ප්ලේ කරන්න. දිනය 2003 අප්‍රේල් 15 වැනිදා... එදාට ගායන තරඟයක් තියන්න
තමයි සැලසුම් කරලා තිබුනේ. ඔයිට සතියකට විතර කලින් ප්‍රසංගයට ගායනා කරන තරඟකරුවන්ගේ
සිංදු ටික සංවිධායක මණ්ඩලයෙන් අපිට දීලා තිබුණා... සතියක කාලය පුරාම අපි කලේ ඔය
ටික ප්‍රැක්ට්‍රිස් කරපු එක.
මීට කලින්, අපේ පළමු ප්‍රසංගයේදී ලොකු
පිරිසක් ඉදිරියේ ප්ලේ කරලා තිබ්බත්, මේ ප්‍රසංගයේදී නම් අපි කාගේත් හිත්වල ටිකක්
චකිතයක් තිබුණා... මට හොඳට මතකයි සංජය කියනවා... “ඉස්සිලා
බලන්න බෑ බං... සිම්බල් දෙක අස්සෙන් සෙනග පෙනෙද්දී කකුල් ගැහෙනවා...” කියලා. ස්ටේජ් එක නුපුරුදු තැනක් නොවුනත්, අපේ ගමේම සෙනඟ
ඉස්සරහ ප්ලේ කරන එක අපිට පොඩි පීඩනයක් තිබ්බා කිව්වොත් බොරු නෙවෙයි. සවුන්ඩ් සෙටප්
එක විදියට හයර් කලේ අපි අඳුනන යාළුවෙක් වැඩ කල සෙටප් එකක්. ඒ ටික පිළිවෙලකට හදා
ගන්න පොඩ්ඩක් පමා වුනා මිසක්, වෙන අවුලක් නම් වුනේ නෑ... රෑ 9.30 ට වගේ පටන් අරන්
1-2 විතර වෙනකල් ප්ලේ කරා. ගායන තරඟයත් නැගලා ගියා. මීට කලින් මේ වගේ Function එකකට ප්ලේ නොකලා වුනත් අපේ උන් ටිකත් පොඩ්ඩක්
යද්දී වැඩේ අල්ලගෙන හොඳට ගේම ගහගෙන ගියා. ඇත්තටම එදා ඒ ප්‍රසංගය බලන්න අහල
පහල පොඩි පොඩි බෑන්ඩ් වල ප්ලේ කරන කොල්ලෝ ටිකත් ඇවිත් හිටියා... එතන හිටපු
අයගෙනුත් ගොඩදෙනෙක් “හොඳයි
මචං... එළ !!!” කියලා
අවංකවම කිව්වා.
ඉතින්, ඒ ප්‍රසංගයත් සාර්ථකව ඉවර කර ගත්තා. 100%
ක් නම් නෙවෙයි. අපි හැමෝම වගේ පාර්ට් එකක් දෙකක් පොඩ්ඩක් අනාගත්තා තමා. “උන් තාම හැදෙන එවුන් නේ...” කියලා අපේ ඒ වගේ අඩුපාඩු ගොඩාක් දෙනෙක් මහ ලොකුවට ගණන්
ගත්තේ නෑ.
මැයි මාසේ වෙද්දී අයියට අමාරු වුනා...
මැයි 22, මැයි 23 දවස් දෙකේම අපිට එකපිටම බෑන්ඩ් වැඩ දෙකක් ඇවිත් තිබුණා. අසනීප,
අමාරු මොනවා වුනත් අයියා මං ගැනත් හොයලා බැලුවා... බෑන්ඩ් ගහනවට, රෑ දිස්සේ
ඇවිදිනවට අයියා මොකුත් නොකීවත් වැඩ පාඩු කරගන්න එකට නම් කැමති වුනේ නෑ. මේ අර කලින්
කියපු වැඩ වලට ප්‍රැක්ටිස් කරලා මම රෑ 12ට 1ට වගේ ගෙදර ඇවිත් නිදාගත්ත දවසක්... මට
මතකයි මං දවල් වෙනකල් නිදාගත්තා කියලා අයියා එදා මට බැන්න හැටි. පිටින් පේන්න
දරුණු අමාරුවක් නොවුනත්... එදා හවස් වරුවේ අයියා අපිව දාලා සදහටම යන්න ගියා...!!!
අයියා නැතිවුනේ මැයි 21 වැනිදා... 22 / 23 බෑන්ඩ්
වැඩ දෙක...! එදා හවස මගේ ෆෝන් එකට කෝල් කරලා කරලා answer එකක් නැති
තැන ඩ්‍රැගා මාව හොයන්න අපේ ගෙදරට ආවා... ඒ වෙද්දී මං අඬ අඬ අයියගේ කරේ තිබ්බ චේන්
එක ගලවනවා...!!!
ඒ ගැන විස්තර ඇති නේද... කෙටියෙන් කිව්වොත්,
අයියගේ අවමගුල් කටයුතු නිසා මම සංජයට කිව්වා මොනවා වුනත් මට ෂෝ දෙකට එන්න විදියක්
නම් නෑ කියලා. මම භාරගත්ත දෙයක් මග හරින කෙනෙක් නොවුනත් මේ වෙලාවේ දී නම් මම
කීයටවත් එන්නැති බව අපේ කට්ටිය දැනන් උන්නා. උන් ටික 21 වැනිදාම අහල පහලින් කීබෝඩෙක්
සෙට් කරගෙන යාන්තම් ප්‍රැක්ටිස් එකක් දාලා
රෑ වෙලා මල ගෙදරට ඇවිත් යන්න ආවා. අයියගේ අවසන් කටයුතු කලේ 23 වැනිදා... අයියා
වළලපු කනත්තට මීටර් 100 ක් විතර දුරින් තමයි එදා අපේ අයට ප්ලේ කරන්න තිබුණු වෙඩින්
එක තිබුණේ. එදා රෑ පාරට ආපු වෙලාවක අපේ අය
ප්ලේ කරන සද්දේ ලාවට වගේ ඇහුනත්, මම ඒ ගැන අමතක කරලා දැම්මා... මොකද, ඒ
වෙද්දී මියුසික් වලට වඩා හිතන්න ගොඩක් දේවල් මගේ ඔලුවේ තිබුණු නිසා...
අයියගේ මරණයෙන් පස්සේ මට ජීවිතේ ගැන පොඩි
හිස් ගතියක් දැනිලා තිබුණා. මෙච්චර කාලයකට කිසිම දෙයක බරක් පතලක් නොතිබුණත් මෙතන
ඉඳලා ඒ දේ දරුණුවට මගේ ඔළුවට දැනෙමින් තිබුණා... කොටින්ම දැන් පවුලේ වැඩිමලා වුනු
අයියා නැතිකොට මගේ නංගි ගැන වගකීම මගේ කරට ඕනේ කියලා මට ඔළුවට ඇවත් තිබුණා. ඔය
ඔක්කොම එක්ක බෑන්ඩ් ගැහිල්ල, පිස්සු නැටිල්ල අත් අරිනවා කියලා මම තීරණයකට ආවා. ඔය
වෙද්දී මට යන්තම් වයස 19 යි. පිළිවෙලකට ජොබ් එකක් කරලා, ගෙදර බරට පොඩ්ඩක් කර
ගහන්න... නංගි ගැන බලන්න මම බොක්කෙන්ම තීරණයකට ආවා. මේ කොල්ලා ඉතින් තීරණයක්
ගත්තොත් පසුතැවිලි වෙන්නවත්, පස්ස ගහන්නවත් යන කෙනෙක් නෙවෙයි... ඉතින් ආශාවෙන්
පටන් ගත්තු මගේ බෑන්ඩ් ජීවිතේට තිත තියන්න මං හිතාගත්තා...
ඔය තීරණය ක්‍රියාත්මක වුනේ යාන්තම් මාස
දෙකයි... අගෝස්තු වල තිබුණු ෂෝ එකකට ආයෙත් අපි ප්‍රැක්ටිස් කරන්න ගත්තා. මේ සාධාරණීකරණයක්
නොවුවත්, අර ගත්ත තීරණය අනෙක් පැත්ත ගහන්න කාරණා දෙකක් බලපෑවා. එක: මං බෑන්ඩ්
එකෙන් අයින් වුනොත් අපේ සෙට් එකම අනාථ වෙන එක. එකෙක් දෙන්නෙක් මං එන්නැත්නම්
බෑන්ඩ් එකට එන්නෑ කියලා තිබ්බා. අනෙක උන්ට මං තරම් වෙන කාවවත් සෙට් වුනේත් නෑ...
දෙක: මම වලට වැටෙන්න හේතුව බෑන්ඩ් මියුසික් නම් මම ගොඩ එන්න ඕනෙත් ඒකෙන්මයි කියලා
මම හිතා ගත්තා. අපේ එවුන් මට මන්තරේ වගේ කියවන්න උනේ “අපරාදේ යකෝ උඹේ ටැලන්ට් එක... උඹ උඹේ හැකියාවෙන් වැඩක්
ගනින්...” කියලා.
ඉතින්, මම ආයෙත් බෑන්ඩ් මියුසික් වලට බැස්සා.
2003 අගෝස්තු හා ඔක්තෝම්බර් වල තවත් වැඩ දෙකක් අපි ප්ලේ කලා. ඒ ගැන වැඩි විස්තර
නම් මතක නෑ. ඔහොමවත් දන්නේ පොතේ ලියලා තිබුණු නිසා තමා ! 2002 නොවැම්බර් ආරම්භයේ
ඉඳන් මේ වෙද්දී අපි ප්‍රසංග අටක් (මම හයක්...!) ප්ලේ කරලා තිබුණා... අවුරුද්දකට
කිට්ටු වෙන මේ කාලය තුලදී ආධුනික සංගීත කණ්ඩායමක් විදියට අපි එකතු කරන්
තිබුණු අත්දැකීම් හා අපට ලැබුණු අවස්ථා ගැන අපි සෑහීමකට පත්වෙලා හිටියේ... ඉතින්
මේ ගැම්මත් එක්කම අපේ බෑන්ඩ් එකේ මීලඟ මේජර් ඉවෙන්ට් එකට අපි සංවිධානය වෙන්න
වුනා...
ඉස්සරහට එන්නේ නොවැම්බර් මාසය. නොවැම්බර් 28
වැනිදාට අපේ බෑන්ඩ් සංවත්සරය...! ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න අපි අදහස් කරගෙන
තිබුණා... ඒ ගැන විස්තරත් එක්ක අපි මීලඟ කොටසින් මුණ ගැහෙමු... එහෙනම්, එකතු වෙලා
ඉන්න බෑන්ඩ් කථා එක්ක... හැමෝටම ජයවේවා...!!!
ඔබේ සහෝදරයා ගැන බොහොම කණගාටුයි ! , වෙනදා වගේම ආසාවෙන් කියෙව්ව සටහනක්
ReplyDelete@ බුවා :
ReplyDeleteඅයියා ගැන සඳහන් කලේ මාකට් කරගන්න නෙවෙයි. බෑන්ඩ් කථා එක්ක අයියගේ මරණයත් තදින් බැඳිලා තියෙන නිසායි... හැමදාම ඇවිත් කථා අහනවට ගොඩාක් ස්තුතියි බුවා සහෝ !!!
අදත් ආසාවෙන් කියෙවුවේ මේ මතක සටහන බෑන්ඩ් කතාවේ..
ReplyDeletehmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm.....................
ReplyDelete@ දිනේෂ් :
ReplyDeleteගොඩාක් ස්තුතියි සහෝ...!
@ ධනූ :
මොකද බං !!!
සහෝගේ බ්ලොග් එකට මම මගින් පාත් වෙච්ච හින්දා ඉතිහාසය ගැන වැඩි අවබෝදයක් නැහැ. අයියාගේ මරනෙ ගැන ඇත්තටම කණගාටුයි.
ReplyDeleteපරණ කතා ටික මුල ඉඳන් කියවන්ඩ ඕනා. වෙලාව තමා ටිකක් හරහට ඉන්නෙ.
කතාව නම් ආසාවෙන් කියෙව්වා.. ලියලා තියන විදිහ නිසා එක හුස්මට කියවලා දැම්මා.
එතකොට දැන් බෑන්ඩ් ගහන්නැද්ද ?
උබට වරදින්නෑ සහෝ.. ඔහොමම පලයන්.. කවදා හරි ආපහු හැරිලා බලනකොට සතුටුවෙන්න පුලුවන් ජීවිත කතාවක් උඹට තියෙයි.
ජයම පතමි !!
සත්තයි වෙනදා වගේම ආසාවෙන් කියවන්න ආවත්,,, දැන් මගේ ඇස් වලින් කදුලු වැටෙනවා අයියේ.... ලොකු අයියා ගැන දුකයි//
ReplyDeleteහැමදාමත් ආසාවෙන් බලාන ඉන්නවා අයියේ.. ජය හා සතුට
අදත් බෑන්ඩ් කතාව කියවන්න දුවගෙන ආවට අද ලිපිය ගොඩක් සංවේදියි. එක එක අයට තමන්ගේ ජීවිත කතාව/අත්දැකීම් කියන ක්‍රම තියනවා. චතුගේ ක්‍රමය තමයි බෑන්ඩ් කතා. පසුබිමින් යන්නේ ඒක...ඒකයි මේ ලිපි පෙලට මම ගොඩක්ම කැමති..
ReplyDeleteමොනවා කියන්නද කියල හිතා ගන්නත් බැහැ. ජීවිතය කියන්නේ තනි තනිව වෙන් කරන්න පුළුවන් සිදුවීම් නෙමේනේ . අද ලිපිය නම් කෙටිකතාවක් වගේ . ඇත්තම ඇත්ත කෙටිකතාවක් . පොඩි කාලෙම ජිවිතේ වගකීම් කරට ගන්න වුන කෙනෙක් විදිහට මන් දන්නවා ඔය හැඟීම .ඒ සේරම පසුකරගෙනත් අද අපි ජිවත් වෙනවා . හිනා වෙනවා .අර මතක හදවතේ තියාගෙනම . ඒකයි වැදගත්
ReplyDeleteමග දමා යනු බැරි මතක
අරන් යමු අපි
සඟවා රන් පැසක
හදවතේ ගැඹුරුම තැනක
කොයිතරම් බර වුනත්
හදවතට ....
විසිකරනු බැරි මතක
කොයිතරම් සිරවී ඇත්ද
සිනාවෙන හඬන
ලස්සන මුහුණු යට
කමෙන්ට් කවුන්ටරේ මන් එක ...මට තෑග්ගක් ඕනේ
ReplyDelete@ සෙන්නා :
ReplyDeleteමගේ ජීවිතේ ගොඩක් වැදගත් සිද්ධි එක්ක බෑන්ඩ් මියුසික් කියන එකත් කොහෙන් හරි ඇමිණිලා තියෙන්නේ සහෝ... ඉතින් අයියාගේ මරණයත් මෙතනට පටලගන්න වුනේ ඒක නිසා... සහෝ පරණ කථා කියෙව්වේ නැද්ද ? කමක් නෑ නිවාඩුවේ බලාගෙන එන්නකෝ...
මේ වෙද්දී සංගීත කටයුතු නවත්තලා සහෝ... ගෙදරදී කම්මැලි වෙලාවකට ගිටාරය, ඕගනය වාදනය කරනවාට වැඩි දෙයක් දැන් වෙන්නෑ...
//උබට වරදින්නෑ සහෝ.. ඔහොමම පලයන්.. කවදා හරි ආපහු හැරිලා බලනකොට සතුටුවෙන්න පුලුවන් ජීවිත කතාවක් උඹට තියෙයි.//
සිරිපාදේ නගින්න ඕනේ උඩ මළුව දිහා බලාගෙන... නගින්න ගනිද්දී උඩ මළුව පේන්නැති වුනත් අපි ඒක හිතේ මවා ගන්න ඕනේ... කන්ද භාගයක් නැගලා ඉන්න මට පොඩ්ඩක් මහන්සියට මග නැවතුනාම නැගපු පාර පහලින් පේනවා... මෙච්චර දුර නැග්ග නම් ඉතිරි ටිකත් කජ්ජක්ද කියලා හිතාගෙන මම මළුවටම නගිනවා සහෝ...!!! මම තාමත් නගිනවා... කවදා හරි උඩ මළුමට යන්න ලැබෙන බව මම දන්නවා... එතකල් කන්ද නගිනවා...!!!
ගොඩාක් ස්තුතියි වචන ටිකට... අදහසක් තියලා දිරිමත් කරලා ගියාට සෙන්නා සහෝට ගොඩක් ස්තුතියි !!! ජයවේවා !!!
@ දේවා :
මේ පෝස්ට් එක එච්චරම සංවේදී ද බං !!! මං එච්චර බර කරලා ලිව්වේ නම් නෑ... කොහොම වුනත් ස්තුතියි මලේ ප්‍රතිචාරයට !!!
@ සයුරි :
හැමදාමත් දුවගෙන ඇවිත් මේ ලිපි පෙල කියවන්න එන සයුරිටත් මෙන්න මගේ නොවක් ස්තුතිය !!!
කලිනුත් කිව්වා වගේ මං මේක බර කරලම සංවේදී කලේ නෑ... එහෙම කරන්න නම් කරුණු කාරණා ගොඩක් තිබ්බත් ඒ හැම එකම මං ලියලත් නෑ... බෑන්ඩ් කථා වලට අදාල ටික විතරයි මේ ලියවෙන්නේ...
අනිවා, ජීවිත කථාය එක එක්කෙනාට ආවේනික කථාවක්... එක විදියේ දෙකක් නැති නිසා ජීවිත කථාව හැමවිටම නැවුම්... බෑන්ඩ් කථා වලින් කියවෙන්නේ මගේ මුළු ජීවිත කථාවම නොවුනත් බෑන්ඩ් ජීවිතේ මගේ සැබෑ ජීවිතේ එක්ක සෑහෙන්න බැඳිලා තියෙන නිසා ඒ දෙකේ පැටලුම් ලිහාගන්න අමාරුයි... ඒකයි මේ දෙකම පැටලිලා යන්නේ...!!!
හැමදාමත් උනන්දුවෙන් මේ ලිපි පෙළ කියවලා, ප්‍රතිචාරයක් තියලා ලියන්න උනන්දු කරවන ඔයාලා හැමෝටම පිං !!!
@ බින්දි අක්කා :
බොහොම ස්තුතියි අක්කේ වචන ටිකට ! අක්කා මේ වගේ ලිපි වලදී ගොඩක් සංවේදී කියලා මං දන්නවා... කලින් කමෙන්ට් ටිකත් කියවන්නකෝ...
වගකීම් කරට ගන්න එක ගැන කල්පනා කලාට මගේ අතින් ඒක හරි විදියට වුනේ නම් නෑ අක්කේ... අදටත්, මගේ බිරිඳ වෙනුවෙන් ඒ පවුල වෙනුවෙන් මගේ වගකීම් ඉටුකලත්, මගේ සහෝදරියට හරි විදියට වගකීම් ඉෂ්ඨ කරන්න බැරිවීම ගැන මට ගොඩක් කණගාටුයි... ඒත් කරන්න දෙයකුත් නෑ... මම නැගිටලා එපෑ වටේ ඉන්න අය නැගිට්ටවන්න ඕනේ...
වෙනදා වගේම අදත් එකතුවුනාට ගොඩක් ස්තුතියි අක්කේ... කවි ටික නම් මගේ හිතට වැදුනා...
සිනහවත්, කඳුලත්
රැඳෙන මුත් වුවන මත
සදාකාලික නෑ සතුටත්, දුකත්
ජීවිත කථාවක...
සිනාවෙන් මත් නොවී
කඳුලු මත දිය නොවී
යා යුතුය ඉදිරියට...
අවබෝධයෙන් දැන
ලෝක ධර්මය...
කන්දකි, පල්ලමකි...
යලිත් තැනිතලාවකි
ජීවිතයම කතාන්දරයකි
ඉතිරි වන්නේ - මතක විතරකි !!!
හුඟ කාලෙකින් නිසඳෙසක් ගලපගත්තේ... ස්තුතියි අක්කේ !!! ආඃ !!! අක්කට හිමි තෑග්ග ලඟදීම දවසක සුදුසු වෙලාවක් බලලා දෙන්නම්කෝ... ජයවේවා !!!
අයියා ගැන බොහොම කනගාටුයි....අද තමයි මම කියෙව්වෙ...මේක මුල ඉදන්ම බලන්න ඕනි..
ReplyDeleteහොඳහිත තමයි වෙන තෑගී මොකටද
ReplyDeleteමුලින්ම ඔබගේ සහොදරයා පිළිඹඳ බලවත් කනගාටුව පලකරමි , නියමයි මචො..උඹ ඔව ලියනකොට මටත් අතීතයේ යම් යම් දේ සිහිවෙනව...traj1981@gmail.com ඔය මෙල්ලුවට ඊයක් විදපන්
ReplyDeleteසහෝදයා ට මොක් සුවය ප්‍රාර්ථනා කරනවා :(
ReplyDeleteඒ වගේම අයියා කෙනෙක් වගේ අවුරුදු 19 දී නංගිගේ අනාගතේ වගේම පවුලේ බර කරට ගන්න හිතපු එක ඇත්තටම උතුම්
යකෝ තෝ මෙහෙම ඩයල් එකක් කියලා කව්ද ඕයි දන්නේ....කොහොම වුනත් මල්ලී අර ඉස්සෙල්ලා කිව්ව අරමුණ සාර්ථක කරගන්නත් එක්ක දිගටම මහන්සි වෙලා වැඩ කරපන්....
ReplyDeleteපෝස්ට් එක නියමයි අයියේ
ReplyDeleteමේක මම අදනෙ බං දැක්කෙ.. ඔහෙ හිටු පස්සෙන් එලවන්න. :-)
ReplyDeleteකියෝලා එන්නං........
@ තරූ :
ReplyDeleteගොඩාක් ස්තුතියි මේ පැත්තේ ඇවිත් බෑන්ඩ් කථා එක්ක එකතු වුනාට... ජයවේවා !!!
@ බින්දි අක්කා :
ඒ තෑග්ග ඉතින් අමුතුවෙන් දෙන්න දෙයක් නෑ නොවැ අක්කේ... :P
@ Raj :
ඔන්න රාජ් සහෝට මේලක් එව්වා බැලුවා නම් ! අතීතයේ මතක් වෙන දේවල් ලිව්වා නම් හොඳයි නේද ? ස්තුතියි සහෝ ප්‍රතිචාරයට...
@ වර්ණා :
වගකීම ගැන හිතුවා වුනත් 100% ක් මම ඒක ඉෂ්ඨ කලේ නෑ. ඒක් නිසා ඔහොම කියන කොට මගේ හිතට හරි මදි...! ස්තුතියි වර්ණා හැමදාම වගේ ඇවිත් බෑන්ඩ් කථා එක්ක එකතු වුනාට !
@ මකුළුවා :
//යකෝ තෝ මෙහෙම ඩයල් එකක් කියලා කව්ද ඕයි දන්නේ.//
ඇයි අයියේ ? මං කොහොම ඩයල් එකක් කියලද හිතන් හිටියේ... :P
ඒ අරමුණු ඉතින් තාමත් අත් හැරලා නෑ අයියේ... ස්තුතියි අදහස් වලට...ජය !
@ යසිරු :
ගොඩක් ස්තුතියි මල්ලියෝ ඇවිත් ගියාට !
@ රජා :
Follow එකට තැන්කූ රජෝ... ඔක්කොම කියවලා ඉමුකෝ ඒ නම්... ඔන්න ආයෙත් මිස් වෙන එකක් නෑ... ස්තුතියි ඇවිත් ගියාට
බෑන්ඩ් කතා කියවන්න ආවත් කොදාක් දුක හිතෙන සිද්දියක් තිබුනා නේ.කොඩක් කනගාටුයි.
ReplyDeleteබෑන්ඩ් කතා ගොඩාක් රසවත් විදියට ලියාගෙන යනවා.
කතාවට කියන්නේ "අහස aim කරලා වැඩ කළාම අඩුමගානේ පොල්ගහක් මුදුනට හරි නැග ගන්න පුළුවන්" කියලනේ...
ReplyDelete