ඔන්න ඉතින් මාස එකහමාරක් විතර අපි දැන් බෑන්ඩ් කථා
අහනවා... අද තමයි මුලින්ම ස්ටේජ් එකකට නගින කතාන්දරේ අහන්නේ... යාළුවෝ ටික එක්කාසු
වෙලා පොඩියට music band එකක් පටන් ගත්ත හැටිත්, ඒක ටික ටික දියුණු කරගෙන
ආපු හැටිත් අපි පහුගිය කොටස් වලදී කියෙව්වා නේ... පහුගිය කොටසෙන් මං කිව්වේ මේ ප්‍රසංගයට
දවස් නවයක් දිස්සේ එකදිගටම ප්‍රැක්ට්‍රිස් කරපු හැටි... ඉතින් එහෙම කට්ට කාගෙන
පුරුදු පුහුණු වෙලා 2002 නොවැම්බර් 29 වැනිදා හා හා පුරා කියලා අපි වේදිකාගත වුනු
පළමු සංගීත ප්‍රසංගය ගැනයි අද කියන්නේ...
28 වැනිදා දවල් සවුන්ඩ් ප්‍රැක්ට්‍රිස් ගිහිල්ලා,
රෑ දිස්සෙම සිංදු ලිස්ට් එක හදලා... ඒ පිළිවෙලට කෝඩ්ස් ටිකත් චෙක් කරලා, ඕඩර්
කරලා... ලිස්ට් 3ක් වෙන වෙනම ලියලා මම නිදියනකොටත් පාන්දර 1 ට විතර ඇති. ඩ්‍රැගාත්
කට්ට කාගෙන පෑඩ් එක ප්‍රෝග්‍රෑම් කරපු හැටි මං පසුගිය කොටසේ කිව්වනේ... මමයි, ඩ්‍රැගයි
දෙන්නම 28 රෑ සංජයලගේ ගෙදර හිටියේ. කට්ටියම 29 වැනිදා උදෙන්ම ඇහැරුනා. ඇඳුම් දාගෙන
ලෑස්තිවෙලා... සිංදු පොත්, කෝඩ්ස් පොත්, ලිස්ට් අනංමනං ඔක්කොම බෑග් වල දාගෙන
කට්ටිය එක්ක සංජයලගේ තාත්තගේ වෑන් එකේ ඔන්න ගෙදරින් පිටත් වුනා. වෙලාව පොඩ්ඩක් එහෙ
මෙහෙ වුනාට අපේ කට්ටියම සෙට් වෙලා හිටියා. ඉතින් පුරුදු විදියට රටේ නැති කතාන්දර
කිය කිය, පාරේ යන ගෑනු දරුවන්ට වදයක් වෙවී කට්ටිය ජොලියෙන් ආවා... ඒත් ඉතින්
හෝමාගම පහුකරලා ගොඩගමට කිට්ටු වෙන කොට ටික ටික සද්දේ අඩුවෙලා කට්ටිය ටිකක් බරපතල
වුනා. මතකයේ හැටියට නම් අපි ගොඩගම කාර්මික විද්‍යාලයට එනකොට උදේ 9 ට විතර ඇති. ඔන්න ඉතින් අපේ සෙට් එකම දැන්
ෆුල් සීරියස් වෙලා බැස්සා වෑන් එකෙන්... දැන් ඉතින් ළමා...යි ! ගහන්ටයි තියෙන්නේ
!!!
අපි එනකොටත් සවුන්ඩ්ස් සෙටප් එක ඇවිත් instruments ඔක්කොම වගේ සෙට් කරලත් ඉවරයි. අපිට වැඩේ පටා...න්
ගන්න කියලා වෙලාව දීලා තිබුනේ උදේ 10 ට විතර. ලංකාවේ රබර් පැයවල් ඉතින් දන්නවනේ...
ඒ නිසා 10 කියන්නේ 11 ට ! අපිත් ඉතින් දෙයියනේ කියලා ස්ටේජ් එක හොයාගෙන පොඩි එළිමහන්
පිට්ටනිය මැදින් කෙලවරට ආවා. එක එක්කෙනා තම තමන්ගේ භාණ්ඩේ අතට අරගෙන දැන් චෙක්
කරලා බලනවා. පුරුදු පුහුණු වෙනවා. ඕක ටිකක් අතට හුරු කරගන්නත් එපෑ... තාම output එක සෙට් කරලා නෑ. අපේ කට්ටිය ඔහේ තල තල ඉන්නවා. අපේ
ඩ්‍රැගා පැන්න ගමන් පෑඩ් දෙක ලඟ...! මමත් කීබෝඩ් දෙක ලඟට පැන්නා. ඔන්න ඉතින් මං
කියන්නම් වැඩේ ගිය හැටි...
මේ තියෙන්නේ Roland XP-30 කීබෝඩ් එකක්... ඔය කොටු 8 ක් වගේ තියෙන්නේ ටෝන් මාරුකරන බටන්ස් තමා... |
මම මීට කලින් ප්ලේ කරලා තිබුනු හොඳම කීබෝඩ් එක
තමා Yamaha PSR 540 සහ Roland E-35. ගොඩක් සෙටප් වල තිබ්බෙත් ඔය දෙක තමයි. මේ සෙටප් එකේ තිබුනේ Roland XP-30 එකයි, Roland E-35 එකයි. මම මීට කලින් XP-30 එකක ප්ලේ කරලා තිබුණේ නෑ. කොහොමටත් මම ඒ වෙද්දී
දැනන් උන්නේ Yamaha PSR කීබෝඩ් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න විතරයි. ඒකෙත්
ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් Tones 4
ක් විතරයි. (ප්‍රෝග්‍රෑම් කරනවා
කියන්නේ මොකක්ද කියලා මම ඊගාව පෝස්ට් එකෙන් කියන්නම්...) Roland XP-30 එකේ ටෝන්ස් 8 ක් දාගන්න පුළුවන්. ඒත් ඉතින් XP-30 ප්‍රෝග්‍රෑම් කරන්න දැනන් උන්නැති නිසා තියෙන
එකක් බලාගෙන ගහන්න තමයි තියෙන්නේ... මම ගිය ගමන්ම කලේ මේක ඔපරේට් කරන්නේ කොහොමද
කියලා හොයාගන්න එක. ටිකක් වෙලා ඔබ ඔබා ඉන්නකොට වැඩේ සෙට් වුනා. එක දිගට තියෙන බටන්
8 ක් තියෙනවා... ඒවායෙන් තමා ටෝන්ස් මාරුකරන්නේ. දැන් ඉතින් ඕන තැනට ඕන එක දාන්න
බැරි නිසා මම මුලින්ම කලේ 1 ඉඳන් 8 වෙනකල් තිබුණු ටෝන්ස් අට පිලිවෙලකට කොලයක
ලියාගෙන කීබෝඩ් එක උඩින් තියාගත්ත එක. E-35 එකේ නම් තිබුනේ Genaral MIDI ටෝන්ස් ටික (ඕකත් වැඩිදුර තොරතුරු ඊලඟ පෝස්ට්
එකෙන්...) ඒක ඉතින් කොහොමත් මම පාඩම් කරගෙන තිබ්බේ. ඒක සම්මතයක්නේ...!!! ඉතින්
දෙතුන් වතාවක් XP-30 එක ඔබලා මම ටෝන්ස් ටික පොඩ්ඩක් ඔළුවට දාගත්තා.
හරි !!! දැන් තියෙන්නේ sound
balance එකක්
බලන එක තමා...
මොකද්ද මේ sound balance එක. බීට් බෑන්ඩ් එකක නම් තියෙන්නේ instruments 6 යිනේ. ඉතින් ඔය භාණ්ඩ ටික ඔක්කොගෙම Input සිග්නල් එක මික්සර් එකට අරගෙන, එතනින් තමයි ගානට
අඩුවැඩි කරලා හදන්නේ. ඉතින් ඒ වැඩේ කරන්න සවුන්ඩ් සෙටප් එකේ වෙනම කෙනෙක් ඉන්නවා.
එයාට තමා අපි sound balancer
- ශබ්ද
පරිපාලක කියන්නේ. ඉතින් එයාට සවුන්ඩ් සෙටප් එකේ output එක හරියට හදාගන්න එකපාර බෑ. ඒකටත් තියෙනවා පොඩි
පිලිවෙලක්... (ඒ ටිකත් ලබන පෝස්ට් එකට...!) ඉතින් ඔන්න අපේ බැලන්සර් අපිට කියනවා... “ගහමු මල්ලි බැලන්ස් එකක්...”
ඔන්න ඉතින්... අතේ පයේ හිතේ තියෙන හැම ගටම අරගෙන
දැන් දෙයියනේ කියලා මුලින්ම සද්දේ දාන්නයි හදන්නේ. අපි සවුන්ඩ් බැලන්ස් එකට ප්ලේ
කරන්න රෙඩි කරන් හිටියේ සිංදු දෙකක්. මුලින්ම ප්ලේ කරන්න කියලා සෙට් කරගෙන හිටියේ
අපේ ජාතික ගීය වගේ ප්‍රැක්ට්‍රිස් කරපු “පුරහඳ
ලෙස ඔබ සම කල...” කියන ගීතය. අපි ඕක අපේ හැම ප්‍රැක්ට්‍රිස් එකකම
මුලින්ම ප්ලේ කරන එක නිසා ඕක ඉතින් ගෙදර වගේ තමා... එක අතකින් බැලන්සර් ට බැලන්ස්
එක හදාගන්න පුළුවන් වෙනවා වගේම බෑන්ඩ් එකටත් තම තමන්ගේ instruments වලට අත හුරු කරගන්න, ඒ වගේම සවුන්ඩ් සෙටප් එකේ
සද්දෙට කන හුරු කරගන්න තමයි මේ සවුන්ඩ් බැලන්ස් සිංදුව ප්ලේ කරන්නේ. ඔතනදී කරන්නේ
මොකක් හරි ගීතයක් (ගොඩක් වෙලාවට බෑන්ඩ් එකේ හැමෝටම හොඳට හුරුපුරුදු ගීතයක්) වොයිස්
නැතුව, ඒ කියන්නේ instrumental
- අනුවාදනය
විතරක් ප්ලේ කරන එක තමා...
ඔන්න දැන් ඒ මොහොත...!!! සංජය හැමෝගෙන්ම රෙඩි ද
අහලා ෂුවර් කර ගත්තා. දැන්... කවුන්ට් එක... ස්ටික් දෙක එකට වද්දලා “වන්... ටෝ...ත්‍රී...ෆෝ....” කියලා සංජය ආරම්භක සංඥාව දුන්නා...
“.......................................................................................”
දැන් ඔන්න සිංදුව පටන්ගත්තා. මුලින්ම යන්නේ කුමාර
අයියගේ ලීඩ් ගිටාර් පාට් එකක්. ඒක පටන් ගන්නකල් අනෙක් හැමෝම බලන් උන්නා. ලීඩ් පාට්
එක ටිකක් ගියාට පස්සේ සංජයගේ ඩ්‍රම්ස් බ්රේක් එකකින් තමා අනෙක් කට්ටිය සිංදුවට
සෙට් වෙන්නේ...
දෙයියනේ කියලා කුමාර අයියා පාට් එක පටන්ගත්තා...
සංජයත් ගානට කඩලා ගත්තා... බේස්, රිදම්, පෑඩ් අනෙක් අයත් ඔන්න දැන් ප්ලේ කරන්
යනවා. මියුසික් පාට් එක මැදදී තමා මට කීබෝඩ් පාට් එක තියෙන්නේ. වැඩේ ටිකක් සීරියස්
වෙන්නේ මේ මියුසික් පාට් එක ඉවර වුනු ගමන්ම අනෙක් පැත්තට මම වොයිස් පාට් එකත් ප්ලේ
කරන්න ඕනේ. අනේ ඉතින්... බැහැයි කියන්නද ? ගහන්න එපෑයෑ... බොරු කියන්න ඕනෙ නෑ...
මගේ ඇඟිලි 10 ම වෙව්ලනවා... ඒක බයක්මත් නෙවෙයි... අවිනිශ්චිත භාවයක් ! ඔය පළවෙනි
දවසේ වගේම මම ප්ලේ කරපු අන්තිම ෂෝ එක වෙනකල්ම ඔය වෙව්ලිල්ල තිබුණා. හැබැයි පළවෙනි
සිංදුව ප්ලේ කරනකල් විතරයි...
හ්ම්...ම්... ! වැඩේ හොඳට ගියා... සිංදුව මැද්දේ
අපේක්ෂිත ටෝන් එකට මාරු වෙන්න බැරිවුනු එක ඇරෙන්න වෙන ආපදාවක් වුනේ නම් නෑ. Sax වලට මාරු වෙන්න බැරුව string වලින්ම ප්ලේ කරන්න වුනා. අපේ බේසා පුරුදු පරිදි
කෝඩ් එකක් දෙකක් අවුට් දැම්මා ඇරෙන්න අපේ කට්ටියම හොඳට ප්ලේ කලා... දැන් ඉතින්
ටිකක් සැටිස් !
ඊටපස්සේ
සවුන්ඩ් අයියා කිව්වා තව බැලන්ස් එකක් බලමු කියලා... ඉතින් දෙවෙනි instrumental සිංදුවත් ගැහුවා...
“මිණි
මිණි පොදේ... ළා අඳුරේ... තෙමි තෙමි ගියදා.....”
ඔය බැලන්ස් කරන වැඩ ටික 10 ට විතර ඉවර කරලා අපේ
අනෙක් සෙට් එකම ස්ටේජ් එකෙන් බැහැලා ගියා. වැඩේ පටන් ගන්න තව වෙලා තියෙනවනේ... ඩ්‍රැගයි
මමයි විතරයි ස්ටේජ් එකේ ඉතුරු වුනේ... මමත් තව ටිකක් වෙලා කීබෝඩ් එක ඔබ ඔබා ඉඳලා ගියා
ඩ්‍රැගා ලඟට...
“මොකෝ මචං... වැඩේ අවුල්ද ?...” මං ඇහුවා.
“ෂේප් බං... මේකට තබ්ලා එකකුයි... මේකට කොන්ගා එකකුයි
දාගත්තා...” ඩ්‍රැගා උත්තර දුන්නේ ඔළුවවත් පෑඩ් එකෙන්
ගන්නැතුව...
මං දන්නවා අද ඕකට පෑඩ් එක ගලවලා කෑවත් ඇතිවෙන්නෑ
කියලා... ඉතින් ඌට පෑඩ් එක කාගන්න දීලා මමත් බැහැලා ආවා. සංජය අද ලොක්කා වගේ. ඌගේ
ටෙක් එක නොවැ... යන යන තැන කට්ටිය වට කරගෙන...! අපි කට්ටිය ඉතින් සවුන්ඩ් වල
අඩුපාඩු මොනවද කියලා කථාවක් දාගෙන හිටියා... මට නම් වුවමනාව තිබුනේ අර ගින්දර වගේ
කීබෝඩ් එකෙන් ප්ලේ කරන්න. ඔහොම ටික වෙලාවක් ඉඳලා 11 ට විතර අපි ප්‍රසංගය පටන්ගන්න
ආයෙත් ස්ටේජ් නැග්ගා... අපේ කුමාර ගොයියා පොඩි announcement පාරක් දාලා වැඩේ පටා...න් ගත්තා. වැඩිය නා
ගන්නැතුව අපිත් සිංදුවෙන් සිංදුව ප්ලේ කරගෙන වැඩේ ගොඩ දාගත්තා. 1.30 ට විතර තමා
ලන්ච් එකට නැවැත්තුවේ... ඉතින් ලන්ච් අරගෙන, හොඳ හුස්මක් එහෙම අරන් ආපහු හවස්
වරුවේ ආයෙත් සංගීතේ පටන් ගත්තා.
හ්ම්... දවල් සෙෂන් එක තමා ගේම තිබුණේ... ටෙක්
එකේ හිටිය තරම් හැම එකාම / එකීම ආවේ නැතැයි සින්දු කියන්න ඉල්ලන්න. සංජයගේ
තැනනේ... බෑ කියන්නත් බෑනේ. ඉතින් දැන් වැඩේ කියන්නේ බෑන්ඩ් එකකටත් ප්ලේ කරන්න
පුළුවන් සිංදු ප්‍රමාණයක් තියෙනවානේ... සාමාන්‍යයෙන් බෑන්ඩ් එකක් සින්දු 100 ක්
විතර රෙඩි පිට තියා ගන්නවා. ඊට අමතරව ප්ලේ කරන්න වෙන සින්දු on the spot තමා. ඒකට ඉතින් ප්‍රැක්ට්‍රිස් නොකලත් රෙඩි පිට
ඉන්න ඕනේ. අනික ඕනෙම සින්දුවක් කනේ තියෙන්නත් ඕනේ. ඔන්න ඉතින් අපේ ලිස්ට් එකේ නම්
එදා තිබුනේ සින්දු 40 ක් විතර තමා...! අපිත් ටිකක් බයෙන් හිටියේ සින්දු ටික මදි
වේද කියලා... කොහොම වුනත් ඔය වල් ආටිස්ට්ලගේ පිහිටෙන් වැඩේ ගොඩ දාගන්නත් පුළුවන්
වුනා.
ස්ටේජ් නගින ආටිස්ට්ලා (ගායකයන්) වර්ග තුනයි...!
එක තමා ඔරිජිනල් ආටිස්ට්ලා... දෙක හා ආටිස්ට්ලා නොහොත් හාවෝ... ඒ කියන්නේ වැඩිය
ජනප්‍රිය නැති, දෙවැනි පෙල ආටිස්ට්ලා...
අන්තිම කාණ්ඩය... වල් ආටිස්ට්ලා... ඒ කියන්නේ එවේලේ සෙට් වෙලා ආතල් එකට සින්දුවක්
කියන්න ස්ටේජ් නගින උදවිය... මේ වර්ගීකරණය කලේ මම නම් නෙවෙයි. අපිටත් කලින් බෑන්ඩ්
ගහන්න ආපු පරම්පරාව තමා. මේක මේ කාටවත් අපහාසයක්, හෙළා දැකීමක් කරන්න හදාගත්තු
දේකුත් නෙවේ... සරල වර්ගීකරණයක් පමණයි හොඳේ...!
ඉතින් ඔය විදියට ටෙක් එකේ සහෝදර සහෝදරියන්ට
පිංසිද්ධ වෙන්න හවස් වරුවත් ගොඩ දාගත්තා. ඔතනදී තමා අළුත්-පරණ බ්ලෙන්ඩ් එකේ අගේ
තේරුණේ. කුමාර අයියා පරණ සිංදු ඔක්කොම වගේ ඇද්දා. මම පුළුවන් හැටියට සයිඩ් සපෝට්
දුන්නා. අළුත් ඒවා මම ප්ලේ කලා. කුමාර අයියත් ඒවා මටම භාරදීලා උන්නා. කෝඩ්ස් ප්ලේ
කරන රිදම්, බේස් දෙකට තමා අවුල වුනේ. මොකද එවේලේ සෙට් වෙලා ගහන ගොඩක් සින්දු වලට
කෝඩ්ස් නොටේෂන් නැති නිසා. උන් දෙන්නා නම් මොනවා ගැහුවද මන්දා... සංජයටයි, ගයාන් (ඩ්‍රැගා)ටයි
කටෙන් බීට් එක කිව්වම උන් දෙන්නත් අල්ලගෙන ගැහුවා... ඔය පිබිදෙන ගායක පරපුර
කෝඩිනේට් කිරීම, ඒ ගොල්ලන්ව වේදිකාගත කිරීම සහ සින්දු මැද්දේ ට්‍රැක් පනින අය
ආයෙත් සින්දුවට ඇදලා ගන්න එක වගේ කාර්යයන් පැවරිලා තිබුනේ අපේ බෑන්ඩ් එකේ ගායකයන්ට
තමා.
සවස 4 වගේ වෙද්දී වැඩේ අවසාන වුනා... හිතේ
බයෙන් ආවේ වැඩේ අනාගනීද කියලා... දවස් 9 ක මෙහෙයුමක්නේ !!! හිතුවටත් වඩා හොඳින්
වුනා කියලා බොරු කියන්න නම් බෑ. ඒත් අවුලක් නම් වුනේ නෑ. මියුසික් ගැන නොදන්න
බහුතරය නම් “එළ මචං... එළ...” කියලා දිරිමත් කලා. අනෙක් හැමෝමත් වැඩේ ගැන ඕවර්
කන්ෆිඩන්ට් හිටියත් මගෙයි කුමාර අයියගෙයි නම් මතය වුනේ අපි තව මදි කියන එක තමා.
කොහොම වුනත් ඔන්න ඔහොම අපේ පළමුවැනි ප්‍රසංගය
අහවර වුනා... හිතේ ලොකු සැහැල්ලුවක් වගේ එකක් එක්කම, පොඩි ආඩම්බර කමකුත් ඇතිවුනේ
නැතුවා නෙවෙයි. ස්ටේජ් නගින්න බයකුත් තිබුණත් ප්ලේ කරන්න ගත්තට පස්සේ මට නම්
තේරුණේ අපේ ප්‍රැක්ට්‍රිස් කාමරේ ඉන්නවා වගේ හුරුපුරුදු හැඟීමක්... සමහරවිට ඒ
සංසාරේ පුරුදු හැඟීමක් වෙන්නැති. ජීවිතේ පළමු වතාවට ස්ටේජ් එකක නැගලා ප්ලේ කරපු මට
නම් අද දවසම හීනයක් වගේ... ඒ නම් මදෑ... ජීවිතේට ඉස්කෝලෙක වත් ස්ටේජ් නැගලා කවියක්
වත් නොකියපු මම කීබෝඩ් එක ප්ලේ කර කරම සින්දුවකුත් කිව්වා නොවැ... ඒ කරුණාරත්න
දිවුල්ගනේ මහත්මයගේ “සඟවන්න එපා හසරැල්...” ගීතය... කුමාර අයියා, සංජය හා ඩ්‍රැගාත් ගීත
ගායනා කලා. අමු ආධුනික බෑන්ඩ් එකක් වුනත් සෑහීමකට පත්වෙන්න පුලුවන් විදියේ performance එකක් අපි දුන්නා කියලා දැන් ආපහු ඒ ගැන මතක් කලාම
කියන්න පුළුවන්...
කණ්ඩායම් සංගීතයේ දිගු ගමනක් යන්න පළවෙනි අඩිය
තිබ්බේ ඔන්න ඔහොම තමා... 2002 නොවැම්බර් 29 වැනිදා ආරම්භ වුනු මගේ බෑන්ඩ් කථාව
අවුරුදු 06 ක්ම ඉස්සරහට ඇදුනා. ඔය හැම එකම නොවුනත් විශේෂ සිද්ධි ටිකක් ඉස්සරහට එන
ලිපි වලින් කියන්නම්. ඒ වගේම බෑන්ඩ් වල එළියට නොපෙනෙන දේවල්, තාක්ෂණික පසුබිම වගේම
බෑන්ඩ් ජීවිතේ රසබර මතකයන් එක්ක ඉදිරි ලිපි වලින් හමුවෙමු... එතෙක්, ජයවේවා හැමෝටම
!!!
බෑන්ඩ් ජීවිතේ පළමු අවුරුද්ද >>>
බෑන්ඩ් ජීවිතේ පළමු අවුරුද්ද >>>
තාක්ෂණික කොටස නම් මට තේරුනේ නැහැ . නොදන්නා කම තමයි . ඉතුරු ටික නම් රස වින්දා . සින්දුවක් වැරද්දුවම හිනා වෙන්න විතරනේ අපි දන්නේ . එතන තියන දුක දැන ගන්න ඔයා වගේ දන්නා කෙනෙක්ම කියන්න ඕන .
ReplyDelete@ බින්දි අක්කා:
ReplyDeleteතාක්ෂණික කොටස ගැන ඉස්සරහට කියන්නම් අක්කේ... දැනට ඔහොම යංකෝ...
ස්ටේජ් නැගලා ප්ලේ කරලා අනෙක් අයව නැටෙව්වට, රස දුන්නට බෑන්ඩ් ඇතුලේ ජීවිතේ දුක් ගොඩක්... ඒ ගැනත් ඉදිරියේදී කථා කරමු... බෑන්ඩ් කථා එක්ක ඉන්නවට ස්තුතියි අක්කේ... ජය !!!
හිතේ නම් පොඩි දුකක් තියනවා කියලා අය්යා දන්නවානේ ගොඩාක් ඉක්මනට ඒක හොද වේවි... නිකමට බ්ලොග් එකට ආව වෙලාවේ අප්ඩේට් එකක් තිබුනා බැන්ඩ් කථාවල....
ReplyDeleteකොහොමද නොබලා යන්නේ හැමදාම එනකන් බලාගෙන ඉන්න මේ පොස්ට් එක.. මටත් ලොකු පිස්සුවක් තිබුනනේ සින්දුවක් කියාගන්න බැන්ඩ් එකකට.... ටෙක්නිකල් අමතර දේවල් නොතේරුනත් ඒදේවලුත් ගොඩාක් වටිනවා පස්සට කල් දාපු ඔක්කොම ඒ නිසා ලියනකන් බලාන ඉන්නවා... ඔය ශෝ එක ෆ්‍රි කරපු එකක්ද අය්යේ.... එලම තමා.. අය්යා දැන් සදහටම බැන්ඩ් වලට සමු දිලද?? එහෙමනම් අපරාදයක් කියලා හිතුනා
කාලෙකින් බ්ලොග් එකක් පැත්තේ ආවේ.අද තමයි දැක්කේ මේ බ්ලොග් එක.එකත් ආසාවකින් කියෙව්වේ මේ මියුසික් කතාව නිසා තමා.එක හුස්මට සේරම බෑන්ඩ් කතා ටිකනම් කියෙව්වා.ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න.බෑන්ඩ් එකෙක් කරනකොට කොච්චර අමාරුද කියල දන්න අය දන්නවා.instrument ගන්න සල්ලි නැති වෙනකොට තනි ඇහැට ඇඩෙනවා.
ReplyDeleteබෑන්ඩ් ජීවිතෙනම් මරු තමා.මාරම ෆන්
ඔයාගේ හැම බෑන්ඩ් පොස්ට් එකක් ගානෙම මටනම් ඉරිසියා හිතෙනවෝ...:)) කෙල්ලොන්ට මේ වගේ දේවල් කරන්න බැහැ නේ අප්පා...ඉස්කෝලෙදි කරන හරියක් තමයි ඉතින්...
ReplyDeleteඅය්යෝ... හිත දුකෙන් තිබුනත් බ්ලොග් එක පැත්තේ ආව නිසා හැමදාම බලන් ඉන්න බැන්ඩ් කතා කවත් පාට් එකක් රිලිස් වෙලා හින්දාම ගොඩ වැදුනා.. කලින් දාපු කමෙන්ට් එක අතුරුදහන්..... මට පෙන්නේ නැති නිසා ආයේ දානවා එක තියනවා නම් මේක ඕනේ නැ අය්යේ... ඔන්න ඔය පසුවට කල් දාපුවා නොලියා ඉන්න බැ හොදේ.... ගොඩාක් දේවල් දැනුනු පොස්ට් එකක් හිමිහිට ආයෙත් එන්නම්කෝ....
ReplyDeleteලස්සන කථාව....බලන්ඩ ආස හිතෙන විදිහට ලියලා තියෙනවා.දිගටම ලියාන්ඩෝ...
ReplyDelete@ දිලීප :
ReplyDeleteගොඩක් ස්තුතියි සහෝ ප්‍රතිචාරයට...
//බෑන්ඩ් එකෙක් කරනකොට කොච්චර අමාරුද කියල දන්න අය දන්නවා.instrument ගන්න සල්ලි නැති වෙනකොට තනි ඇහැට ඇඩෙනවා//
ඇත්ත සහෝ... අපිත් ඔතනට එන්න සෑහෙන්න ගේමක් දුන්නා. ඉස්සරහට කියන්නම්කෝ... බෑන්ඩ් ඇතුලේ වෙච්චි රසකථා එමටයි... අහුමුකෝ... එකතු වෙලා ඉන්න... ජයවේවා !!!
@ සයුරි :
මොනව කරන්නද නේද සයුරි... කොල්ලෙක් වෙන එකේ වාසි වගේම පාඩුත් තියෙනවා... ගෑනු ළමයින්ට නම් මේ වගේ කට්ටක් කාගෙන, නිදි වරාගෙන බෑන්ඩ් කරන්න බෑ තමා. ඒත් ඉතින් දැන් නම් Female Bands තියෙනවා... බෑන්ඩ් නොකලත් බෑන්ඩ් එක්ක සින්දු කියන්න යන ගෑනු ළමයි ගොඩක් ඉන්නවා...!!! ස්තුතියි ඇවිත් ගියාට !
@ දේවා :
ඔයාගේ කලින් කමෙන්ට් එකත් ආවා මලේ. මමගේ මේල් එකේ ඒකත් තියේ. ඒත් බලද්දි බ්ලොග් එකේ නෑ. මේ ගූගල් අයියා මොන පිස්සු කරනවද මන්දා ? මලයා අප්සැට් ගහන්ඩ එපා... සියල්ල හොඳට විසඳේවි !!! බය වෙන්ඩ එපා මලේ. ඊගාව පෝස්ට් එකේ ඉඳන්ම කල් දාපු ටික පටන් ගන්නවා. ස්තුතියි මේ ජරමර අස්සෙත් ඇවිත් ගියාට !!! ජයවේවා !!!
“ස්ටේජ් නගින ආටිස්ට්ලා (ගායකයන්) වර්ග තුනයි...! එක තමා ඔරිජිනල් ආටිස්ට්ලා... දෙක හා ආටිස්ට්ලා නොහොත් හාවෝ... ඒ කියන්නේ වැඩිය ජනප්‍රිය නැති, දෙවැනි පෙල ආටිස්ට්ලා... අන්තිම කාණ්ඩය... වල් ආටිස්ට්ලා...“
ReplyDeleteඅඩෝ ඔහොම අපහාස කරන්න එපා බොල මිනිස්සුන්ට .........
ඔය සබ්ජෙක්ට් එකට සෙට් උනාම නිකං අබිං කෑවා වගේ නේ .......
oya technical part eka danna kalin poddak kiyannako :D mamath innawa me patthe :D
ReplyDelete@ කල් :
ReplyDeleteඅපහාසයක් නෙවෙයි බං... මං ඔතන කියලා තියෙන්නේ ඕක අපේ සරල වර්ගීකරණයක් විතරයි කියලා... ඕක බෑන්ඩ් ෆීල්ඩ් එකේ ආවේනික වචන ටිකක් විතරයි.
අහ්... අබිං කෑම හොඳයි තව ! මේක නිකන් කුඩු ගහනවා වගේ තමා. බෑන්ඩ් මියුසික් නැතිවුනොත් කහනවා කහනවා වගේ...!!!
@ පසන් :
අනිවා අනිවා... අමතක නෑ...
හ්ම්ම්.. අමුතුම පැත්තක් නේද, පැත්තකට වෙලා සින්දු ඇහැව්වට මෙහෙම කෙලියක් තියනව කියල දන්නෙවැයි.
ReplyDeleteඑළ සීන් ටිකක්නේ..අපෙත් හිටියා සරිගමයා කියලා එකෙක්...උගේ පන වගේ ඔය සින්දු පොත් ටික.....
ReplyDeleteවල් ආටිස් කිව්වාම සීන් එකක් මතක් උනා , එක දවසල් වෙඩිමක ඔය දෙවන පෙල ගායකයින් සහ කණ්ඩායමේ ගායකයින් සින්දු කියාගෙන යනව , ටික වෙලාවකින් කෙලින් ඉන්නවත් බැරි තරම් දාගත්ත අන්කල් කෙනෙක් ඇවිත් සින්දුවක් කියන්න ඉල්ලුවා , හැබැයි සංගීත කණ්ඩායමත් එක්ක කෝඩිනෙටින් වැඩේ කරගෙන හිටපු මනාල පාර්ශවේ නැදැය නම් ට්‍රයි කලේම අර අන්කල්ට චාන්ස් එක නොදී ඉන්න ගම කයි කියල බයට . කොහොම වදෙන් පොරෙන් බේරෙන්නෙ අවස්ථාව දුන්න . අම්මට හුඩු මූ ජෝති පාල -ඇන්ජලින් කඩ හඬවල් දෙකෙන්ම සින්දු කිව්වනේ කට්ටියටම ඇඩා නැති වෙන්න , තව බෙග් ගෙ සින්දු ටිකකුත් ඒ වොයිස් එකෙන් ම කිව්වා . ගෘප් එකේඋන්ට සහ බලා හිටිය අපිට මර පුදුමයි , අර දෙවෙනි පෙල ආටිස්ල්ට කර කියා ගන්න දෙයෙක් නැ , කොඩි නේටින් පොර නම් අන්තිමට අර අන්ක්ල එක්ක නැටුවත් එක්ක
ReplyDeleteI came here for first time...cool stuff...
ReplyDeleteසමාවෙන්න ඕනෙ පරක්කුවෙලා කියවන්න ආවට..ඊයෙ දවසම එක එකාගෙ හොල්මන් කියෙව්වනෙ....පැත්තකට වෙලා...ඒකත් ජොලි...ගෙම්බන් සමඟ වරුවක් කියලා...
ReplyDeleteඋන්න ඉතින් මේකත් කියෙව්වා...වල් ආටීස්ල කිව්වම මතක් උනේ...ඕක තමා මට පේන්නම බැරි වැඩේ..දෙකක් දාගත්ත ආටීස්ලත් එතකොට සින්දු කව් කරනවනෙ...දිරවන්නම බැරි ඒකයි...ඔය අතරෙදි රිදම් එකට කියන ඈයෝත් නැතුවම නෙමේ...
එතකොට අපේ මේ චතුවා සින්දු කියන්නෙ නැද්ද ? මම මේ ඇහුවේ අඩුම තරමින් සින්දු කවියක්වත්...හික්ස්
මේ නිකන් ඔයාගේ දැන ගැනීමට . අපේ ගෙදර තව එක්කෙනෙක් මේ සිරිස් එක බලනවලු . කමෙන්ට් නොකරන නිසා මේ කමෙන්ට් එක එයා ගානේ. එයයිටත් ඒ කාලේ ඔය ස්ටේජ් වැඩ ගැන උණක් තිබිල තියෙනවා . නිවේදන අංශයෙන් . හොඳ කට හඬක් තියෙනවා . දැනුත් ගෙදර කතාකරන්නේ ස්පිකර් වොලියුම් තමයි .
ReplyDeleteබ්ලොග් කියවන්න එන්න බැරි උන මචන් වැඩ තිබ්බ නිසා.බැලුවම කට්ටියම balance එක ගහන්න පුරහඳ තමයි පට්ට ගහල තියෙන්නේ.අපිත් එහෙමයි.
ReplyDeleteමේ ලීඩ් ගහන කුමාර අය්යා කියන්නෙ කුමාර ෆනෑන්ඩො ද? අර පානදුරේ ඉන්නෙ?
ReplyDelete