Wednesday, November 2, 2011

පළමු ප්‍රසංගයට practice කරපු දින නමයේ මෙහෙයුම... - බෑන්ඩ් කථා #6


පුංචි විරාමෙකට පස්සේ ඔන්න මං ආයෙත් බෑන්ඩ් කථා එක්ක ආවා. ප්‍රමාදයට සමාවෙන්න ! හැම මාසෙකම මුලදී කියනවා වගේ මාසෙ අන්තිමට අපි ෆුල් බිසී...! ඉතින් බ්ලොග් කොටන්න තියා ජාලේ සරන්න වත් ඇහැක් වුනේ නෑ. බෑන්ඩ් කථා සීරීස් එක දිග වැඩිවෙයි වගේ පේන නිසා ඉතින් මම පුළුවන් තරම් කෙටි කරලා කථාව කියන්න බලන්නම්. එහෙනම් අද කියන්නේ අපි කඩිමුඩියේ ප්‍රැක්ටිස් කරලා, සෙට් වෙලා හා හා පුරා කියලා, හොඳ සවුන්ඩ්ස් එක්ක, ෆුල් බෑන්ඩ් ප්ලේ කරන අපේ පළමු ප්‍රසංගයට අපි රෙඩි වුන හැටි සහ ඒ ප්‍රැක්ට්‍රිස් කටයුතු ගැනයි...


 

මං කලින් කොටසේ කිව්වා වගේ, සංජයගේ ටෙක් එකේ (ටෙක්නිකල් කොලේජ් එක හොඳේ...) year-end social එකට ප්ලේ කරන්න අපිට සෙට් කරා. මේ වැඩේ පැවැත්වෙන්නේ නොවැම්බර් 29... සංජය වැඩේ confirm කරගත්තේ 20. ඉතින් ජීවිතේටම ප්ලේ කරන පලවෙනි වැඩේට ලෑස්ති වෙන්නත් අපිට තිබුනේ දවස් 9 යි. ඒ වෙද්දී යන්තං බෑන්ඩ් එකේ ඔළු ටික එකතු කරගත්තා විතරයි. හැබැයි ඉතින් අපිත් ඇරියේ නෑ වැඩේ... දුන්නා ප්‍රැක්ටිස් එකක් එපා වෙන්නම. හරි එනම් අහගමුකෝ ස්ටෝරිය පිළිවෙලකට...

මම කඩවතින් ඇවිත් ආයෙත් ගෙදර ජීවිතේ පටන්ගත්තා. ඔන්න ඔහොම ගෙදරට වෙලා උන්නු හැන්දෑවක, නොවැම්බර් 20 වැනිදා හවස, සංජය ඇවිත් මාව එක්කන් ගියා. ගිහින් අපි සෙට් එකම ග්‍රෑන්ඩ් ඩිස්කෂන් එකක් දැම්මා. කථාව විතරක් නෙවෙයි... බඩු ටිකත් අටවගෙන එදාම ප්‍රැක්ටිස් කරන්නත් පටන් ගත්තා. මේ වෙනකොට අපිට ප්‍රැක්ටිස් කරන්න අපේ ලීඩ් ගිටාර් කරපු කුමාර අයියලගේ ගෙදරත් තිබුණා. එයාලගේ ගේ තිබුනේ බස් පාර අයිනේ, ටිකක් ඉහළින්. පරණ තාලේ ගෙයක්... පාරට මූණ දාලා ස්ටේජ් එක වගේ දිග ඉස්තෝප්පුවක් තිබුණා. එතන තමයි බඩු ටිකත් අටවගෙන අපි ප්‍රැක්ටිස් කලේ...

බෑන්ඩ් ජීවිතේ කියන්නේ තනිකරම නිශාචර ජීවිතයක්... අපි ඇක්ටිව් වෙන්නේ කළුවර වැටෙනකොට තමා... වැම්පයර්ලා වගේ !!! රෑ 12 ත් පහුවෙනකල් ප්‍රැක්ටිස් කරනවා. තවත් පැයක් විතර කියෝනවා. ඊට පස්සේ තමයි විසිරිලා යන්නේ. ගෙදර ගිහින් පාන්දර යාමේ නිදාගත්තම ඇහැරෙන්නේ පහුවදා උදේ පාන්දර 10-11 ට විතර. ඊට පස්සේ උදේ වේලයි, දවල් වේලයි දෙකම එකට ගන්නවා. රෑට රෑට ඩේලි නිදිමරන නිසා කෑවට පස්සේ මත වගේ. ඉතින් සින්දුවක් අහන්න, ප්‍රැක්ටිස් කරන්න, ලියන්න, කෝඩ්ස් දාන්න වගේ වැඩක් තිබ්බේ නැත්නම් ආයෙත් ඇඳේ දොයි තමා. සවස් වෙනකොට ඉතින් ඉන්න බෑ නලියනවා... 4 විතර ලෑස්තිවෙලා යනවා... ආයෙත් ඉතින් රෑ වුන වෙලේ ඉඳන් ඔය චක්කරේම තමා... බෑන්ඩ් පිස්සුව කියන්නේ ඕකට තමා...!

දැන් මං හඳුන්වා දෙන්නම් අපේ බෑන්ඩ් එකේ කස්ටිය. මං තුමා කීබෝඩ්... සංජය ඩ්‍රම්ස්... ඩ්‍රැගා ඔක්ටපෑඩ්... කුමාර අයියා ලීඩ් ගිටාර්... ඔය කට්ටිය ගැන දැන් දන්නවනේ... එතකොට ඊගාවට මම හඳුන්වලා දෙන්නම් අපේ රිදම් ගිටාරිස්ට්... සුජීව අයියා.

සුජීව අයියා කියන්නේ මම දන්න විදියට නම් කුමාර අයියගේ හොඳම ගෝලයා...අපිට වඩා අවුරුදු 10 ක් විතර වැඩිමල්.  වැඩිහිටියෙක් වුනාට පොඩි එකා වගේ... ලොකුකම් නෑ. ගොඩක් වෙලාවට අපි ඌට අයියා කිව්වෙත් නෑ. නිකම්ම සුජියා තමා... සුජිත් අයියට හොඳට බොක්ස් ගිටාර් ගහන්න පුළුවන්. හැබැයි ඉතින් beat band කෙරුවාවට classical රිදම්, බොක්ස් ස්ටයිල් හරියන්නෑ කියලා අපිට තේරුනේ තව කාලයක් බෑන්ඩ් කරනකොට තමා. කොහොම වුනත් මිනිහා හොඳ ප්ලේයර්. ඒ වගේම තමා හොඳ ඉලෙක්ට්‍රීෂියන්. අපේ ඈම්ප්, ස්පීකර්, මික්සර්, මයික් වගේම ඔය වයර් ඇමිණිලි වගේ වැඩ ඔක්කොම කලේ එයා තමා. අපරාදේ කියන්න බෑ එයාටම හරියන බඩු ටිකක් අපිටත් තිබ්බා. අද ඈම්ප් එකේ වයර් එකක් බුරුල්... ඔන්න ඒක හැදුවම හෙට මයික් එකේ වයර් එක අවුල්... නැත්නම් ගිටාර් එකට හදපු පික්අප් යුනිට් එක අවුල්...  ඉතින් දෙයියනේ කියලා අපේ සුජියට හැමදාම වැඩ...!!!

අපේ සෙට් එකට බේස් ගහන උන්ගෙන් නම් හරිම අපලයි... එකෙක්වත් ඉන්නෑ, ටික කාලයයි... යනවා... මේ ෂෝ එකට කලින් අපි බේසෙක් සෙට් කරගත්තා. අපේ ගමේ ඉඳලා කිලෝමීටර 5-6 ක් ඈත. මැණිකක් වගේ අමාරුවෙන් හොයාගත්ත නිසා අපි ඌට හොඳට සැලකුවා. බුවා හවසට බස් එකේ ආවා. අපි මහ රෑ වුනත් ඌව ගෙදරටම ගිහින් දැම්මා. මේ බේසා තමා චාමර... අපිට වඩා සෑහෙන්න බාලයි. 15-16 ක් වගේ තමා වයස. චාමරයගේ ප්ලේයින් වලට කුමාර අයියගෙන් අනුමැතිය ලැබුනු නිසා මිනිහා දිගටම අපිත් එක්ක සෙට් වෙලා හිටියා. හැබැයි සදාකාලිකව නම් නෙවේ.  මේ චාමර කියන්නේ පොඩි එකා වුනාට කරන්න තියෙන තරම් හැම වැඩේම කරපු එකෙක්... බොන එකට නම්, එක !!! ද්‍රව බීමත්, වායු බීමත් දෙකම එහෙම තමා...! සිගරට් එක උගුරු තුනට අදින්නේ...!

ඊළඟට ඉන්නේ අපේ ගායක පරපුර... අසංක අයියා තාමත් අපේ ප්‍රධාන ගායකයා. ඊට අමතරව සනා (සනත්) යන්තම් සින්දුවක් වනාගන්න පුළුවන් තත්ත්වෙක හිටියා. මේ දෙන්නට අමතරව සුජිත් අයියගේ කනෙක්ෂන් එකක් වෙච්චි කුමාර සහ ධනුෂ්ක කියන යාළුවෝ දෙන්නත් අපිට සෙට් වුනා සිංග් කරන්න. කුමාර බර වොයිස් එකක් තිබුණු, ක්ලැසිකල් පැත්තට බර ඩයල් එකක්. ධනුෂ්ක වෙස්ටන් පැත්තට... විශේෂයෙන්ම කසුන් කල්හාර වගේ අළුත් පරපුරේ සංගීත ආරට කැමති කෙනක්. ධනුෂ්කගේ රැප් හැකියාව නිසා ඌට බෑන්ඩ් එක ඇතුලේ එමිනෙම් කියලා කාඩ් එකකුත් වැටුනා පස්සේ ඌ එමියා කියලා රෙජිස්ටර් වුනා. ඔන්න ඔහොමයි අපේ සෙට් එක...!!!

දැන් ඉතින් මේ සපිරිවර සමගින් තියෙන්නේ දවස් නමයක නන්ස්ටොප් ප්‍රැක්ටිස් එකක්. අර කලින් කිව්වා වගේ කුමාර අයියලගේ ගෙදර පාර අයිනේ වේදිකාවේ තමා අපේ රඟමඬල... ඩ්‍රම්ස්, පෑඩ් දෙකට ඉතින් මයික් නෑ... හෑන්ඩ්මේඩ් ටකරං නොවැ. ඊගාවට මගේ පුංචි ඕගන් කෑල්ල. පහුගිය කොටස් කියෙව්වා නම් මතක ඇති නේ... මගේ ලොකු කීබෝඩ් එක තාත්තගේ කෝපයත් එක්කම ගෙදර දාලා ආවා කියලා. ඉතින් මම ආපහු පරණ පුරුදු Casio SA 11 එකට වැටුනා. පිරිසක් ඉස්සරහා ලොකුවට සවුන්ඩ් දාලා ප්ලේ කරන ෂෝ එකකට මම ප්‍රැක්ට්‍රිස් කලේ ඔය පොඩි භාණ්ඩෙන් තමා. ඉතින් මේ ඕගන් එකේ අවුට් එකට වයර් කෝඩ් එකක් ගහලා ඈම්ප් එකට දීලා තිබුණා. චාමර ලඟ ඉලෙක්ට්‍රික් බේස් ගිටාර් එකක් තිබුණු නිසා ඒක කෙලින්ම ඈම්ප් එකට දුන්නහැකි. ලීඩ්, රිදම් දෙකට පාවිච්චි කලේ සුජිත් අයියගෙයි, කුමාර අයියගෙයි බොක්ස් ගිටාර් දෙක. ඔය දෙකට සුජියා විසින් අටවපු ගැජට් කෑලි දෙකක් අටවලා යන්තන් හඬ එන්න අවුට් එකක් අරන් තිබුණා. ඔය ටිකට අමතරව අපිට මයික් එකකුත් තිබුණා. මේ ඔක්කොම ටික ප්ලග් කරන්න ප්‍රාථමික තත්ත්වයේ මික්සර් කෑල්ලකුත් තිබ්බා. ඔය අපේ හාඩ්වෙයාර් උපාංග වල බැක්එක්ඩ් එක රන් කලේ සුජිත් අයියා. ෆ්රන්ට් එන්ඩ් එකේ වැඩ කලේ මම තමයි...!

ඩ්‍රම්ස් - පෑඩ් වල හැලෙන කෑලි ෆික්ස් කරගෙන, ගිටාර් ටියුන් කරලා, වයර් අමුණලා, ඔය ඔක්කොගෙම අවුට්පුට් එක ගානට බැලන්ස් කරගෙන තමා ප්‍රැක්ටිස් එක පටන් ගන්නේ.  වයර් ඇමිණීම සහ බැලන්ස් කිරීම කලේ මම තමා. ආ... කියන්න අමතක වුනා. මම සිංදුවලට කෝඩ්ස් දාන්න පටන්ගත්තෙත් මේ කාලේ තමා. කුමාර අයියා මට වඩා ගොඩක් සීනියර් වුනත්, මං දාපු කෝඩ්ස් වල අඩුපාඩුවක් පෙන්නලා දුන්නා ඇරෙන්න ලොකු කමක් නම් පෙන්නුවේ නෑ. කොහොමටත් ඒ සෙට් එකම හරිම හොඳ සෙට් එකක්. ඇත්තටම හොඳට මනුස්සකම් දන්න සෙට් එකක් කිව්වොත් හරි. ඉතින් මුලින්ම instrumental සිංදු දෙකකට මම කෝඩ්ස් දාලා කුමාර අයියත් එක්ක චෙක් කරලා බැලුවා. ඒවා ප්‍රැක්ට්‍රිස් කරලා ඊට පස්සේ කරපු සිංදු වලටත් කෝඩ්ස් දාන වැඩේ මංම භාර ගත්තා. කුමාර අයියා ලඟත් කෝඩ්ස් එකතුවක් තිබුණා. ප්ලේ කරන්න පුළුවන් සිංදු ටිකක් එතනිනුත් තෝර ගත්තා. ඒවයි, අළුතෙන් ප්‍රැක්ට්‍රිස් කරපුවයි ඔක්කොගෙම කෝඩ්ස් දාලා, ඔක්කොම පිළිවෙලට ඕඩර් කරලා ආයෙත් ලියලා හැදුවා. රෑට ප්‍රැක්ටිස් කරලා... 10 ට නැගිටලා, ආයෙත් හවස් වෙනකල් මම කලේ ඕවා තමා. දවල්ට ලියනවා... රෑට ගහනවා...


අපේ ටකරං සෙටප් එකේ තලලා ගිහින්, ස්ටේජ් නැගලා එකපාර සවුන්ඩ් සෙටප් එකක professional instruments වලින් ප්ලේ කරන්න අමාරුයි කියලා බෑන්ඩ් නොගහපු ඔයාලට වුනත් තේරෙනෙවා ඇතිනේ. ඉතින් රෑ වෙච්චි පැයේ ඉඳන් පාන්දර ජාමේ වෙනකල්ම දවස් තුන හතරක් අපේ සෙටප් එකේ කොටලා ටිකක් හිතට ෆිට් වුනාට පස්සේ අපි තීරණය කලා සවුන්ඩ් ප්‍රැක්ට්‍රිස් එකක් දාන්න. සවුන්ඩ් ප්‍රැක්ට්‍රිස් කරනවා කියන්නේ මෙන්න මේකයි. සවුන්ඩ් සෙටප් එකක තියෙන instruments වලින් ප්ලේ කරන්න වෙලාවක් වෙන්කරගෙන, ඒ සවුන්ඩ්ස් තියෙන තැනට ගිහින් professional instruments වලින් ප්‍රැක්ට්‍රිස් කරන එකට තමයි සවුන්ඩ් එකක් දානවා කියන්නේ.  තමන්ටම කියලා instruments නැති අපි වගේ බෑන්ඩ් වලට තම තමන්ගේ භාණ්ඩ වලට පුරුදුවෙන්න තිබුණු ක්‍රමේ ඒක තමා. ඉතින් හඳෙන් බැහැලා වගේ ස්ටෙජ් නැග්ග ගමන් ප්ලේ කරන්න බැරි නිසා අපිත් තීරණය කලා සවුන්ඩ් ප්‍රැක්ට්‍රිස් එකක් දාන්න. ඉතින් 23 වැනිදා උදේ ඉඳන් අපේ සෙටප් එකේ ප්‍රැක්ට්‍රිස් කරලා අපි දවල් වරුවේ මහරගමට ආවා සවුන්ඩ් එකකට. අපේ ගෙවල් වල ඉඳලා මහරගමට කිලෝමීටර 10 ක් විතර... දැන් කාලේ බස් එකේ යනව නම් රුපියල් 30 ක විතර දුර. ඉතින් ඔච්චර දුරක් ගෙවාගෙන අපි මහරගමටම ආවේ ඒ කාලේ අද වගේ හැමතැනම සවුන්ඩ් සෙටප් තිබුනේ නැති නිසායි.

ඉතින් අපේ කට්ටියට ඔය ලොකු ලොකු භාණ්ඩ පුරුදු නැති නිසා පොඩි පොඩි අවුල් එහෙම ගියා තමා. බෑන්ඩ් එකක තියෙන උපාංග ගැන තාක්ෂණික පැහැදිලි කිරීමක් මං ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම්කෝ... මේ ලිපි පෙල ලියන්න හේතුව වුනෙත් බෑන්ඩ් ඇතුලේ වෙන දේවල් ගැන කියන්න. ඒකට කලින් මගේ කථාව ඉස්සරවුනානේ... ඔක්කොම කියන්නම් කෝ පිලිවෙලට...!

කාලය ගෙවිලා ගියේ පුදුම ඉක්මනට... ඉතිරි දවස් තුන හතරත් වේගෙන් ගෙවිලා ගියා. රෑ දෙගොඩ හරියක් වෙනකල් ප්‍රැක්ට්‍රිස් කරලා, පාන්දර යාමේ ඉඳන් පස්සට එළිය වැටිලා පිච්චෙන කල්ම නිදාගෙන, දවල් කාලෙම සිංදු අහ අහ, කෝඩ්ස් ලිය ලිය, music part බලාගෙන ආයෙත් රෑ ප්‍රැක්ට්‍රිස් එකට රෙඩි වෙන එක තමා මේ දවස් ටිකේම කලේ. මේ කාලේ ජීවිතේ නිදහස්ම කාලේ නිසා කිසිම දෙයක බරක්පතලක් තිබුනේ නෑ. ඔය දවස්වල එක රැයක් මමයි, සුජිත් අයියයි, අසංක අයියයි තුන් දෙනා එක්ක රටේ නැති අඹ කයි කියෝ කියෝ මුළු රෑම පිස්සු කර කර හිටපු හැටි තාමත් මතකයි. ඔය වගේ සුන්දර මතක වගේම ප්‍රැක්ට්‍රිස් තදවෙලා අපේ අය නට් ලූස් කරගත්තු වෙලාවලුත් තිබුණා... මොනවා වුනත් ඒ දවස් නමය නම් මාර සුන්දරයි...!

හරි... ඔන්න දැන් 28 වැනිදාටත් ආවා...! ෂෝ එක හෙට... අපේ කට්ටියම ලෝකෙ ඔළුව උඩ තිබ්බා වගේ. මේ සෙට් එකෙන් මමයි, ඩ්‍රැගයි තමා කුළුඳුලේම බෑන්ඩ් වේදිකාවට ගොඩවෙන්නේ. අනෙක් උන් ඔක්කොම වෙන වෙන අවස්ථා වලදී බෑන්ඩ් එකක් එක්ක ස්ටේජ් එකක ප්ලේ කරපු අය. ඉතින් ඩ්‍රැගාටයි මටයි ටෙන්ෂන් වැඩියි. මොකද අපි දෙන්නගේ instruments දෙකේ හැටියටත් වැඩ වැඩිම අපිට. ඔක්ටපෑඩ් එකත්, කීබෝඩ් එකත් ප්ලේයර්ට හරියන විදියට ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ ඒවා. නැතුව තියෙන එකක් දාගෙන වනන්න බෑ. ඉතින් ඔය ටෙක්නික් හරියට ඉගෙන ගන්නත් ඕනේ. අත්දැකීම් අඩු අපි දෙන්නට වෙන මොනවා කරගත්තත් ඔය ප්‍රෝග්‍රෑම් කෙරිල්ල නම් පුරුදු වැඩක් නෙවෙයි. අවුරුද්දක් දෙකක් instrument එක අතගාලම තමා ඒ experience එක ගන්න ඕනේ. හිතේ පොඩි බයකුත් තිබුණු නිසා 28 රෑත් අපි තව තැනක සවුන්ඩ් එකක් දැම්මා.

අපි ප්ලේ කරන්න බුක් කරපු සෙටප් එක කඩුවෙල පැත්තේ එකක්. සංජයයි මායි තමා ඕක බුක් කරන්න කඩුවෙලට ගියේ. ඒක නිසා සෙටප් එකේ තියෙන instruments ගැන මමයි සංජයයි දැනුවත් වෙලා හිටියේ. ඒ නිසා කීබෝඩ් ගැන මට තිබුණු බය යම් තරමකට අඩුවුනත්,  ඩ්‍රැගා නම් සවුන්ඩ් ප්‍රැක්ට්‍රිස් ගිය වෙලේ ඉඳන්ම කලේ ප්‍රෝග්‍රෑම් ඉගෙන ගත්ත එකම තමා. ඔය බය නිසා සංජයයි, මායි, ඩ්‍රැගයි තුන් දෙනාම ගිහින් සැබෑ ඔක්ටපෑඩ් එකක් ඉල්ලන් ආවා දන්න කියන ප්ලේයර් කෙනෙක්ගෙන්. ඒ 28 රෑ... ඉතින් පහුවදා ෂෝ එකට යන්න නිදාගැනිල්ල කෙසේ වෙතත් අපේ ඩ්‍රැගා නම් කලේ මුළු රෑම ඇහැරගෙන අර ඔක්ටපෑඩ් එක (Roland SPD-11) ප්‍රෝගෑම් කරපු එක. මම සිංදු වල කෝඩ්ස් ටික පිළිවෙලකට ලිව්වා... ඕඩර් එක ලියලා හැදුවා... ඒ වැඩ ටික ඉවර කරලා මම නිදා ගන්නකොට පාන්දරත් වෙලා. ඒත් ඉතින් අපේ ඩ්‍රැගා තවත් වැඩ. ඌ පෑඩ් එකේ කොටු අටට එබීගෙන, දත කාගෙන ප්‍රෝග්‍රෑම් කරනවා. ඔය පෑඩ් එකේ සංසිද්ධිය අපි අර ප්ලේයර් ගෙන අහගෙන, පොතකත් ලියාගෙන ආවේ. මේකට කියන්නේ පැච් (patch) කරනවා කියලා. Patch එකක් කියන්නේ පෑඩ් එකේ කොටු අටට යොදන සද්ද අටක ගොනුවට කියන නම. නැත්නම් ටෝන් අටේ ගෘප් එකකට තමයි Patch එකක් කියන්නේ. ඉතින් ඉගෙන ගත්තු හොඳකම කියන්නේ අපි පහුවදා නැගිටලා අහද්දි තමා දන්නේ...! මුළු රෑම කට්ට කාලත් අපේ එකා එක පැච් එකක් වත් ප්‍රෝග්‍රෑම් කොරගෙන නෑ...!!! හික්ස් !!!

මම හිතාගෙන ආවේ පළමු ප්‍රසංගය ගැන ලියන්න. කොහෙද ඉතින් ! හිතේ තියෙන ඒවා එළියට එනකොට ඡේද පිරෙන්නේ බලාගෙන ඉන්දැද්දි. මෙච්චර මතක ගොඩක් හිතේ තිබ්බදත් කියලා හිතෙනවා. කථාව දිග වැඩි වුනා නම් සමාවෙන්ඩලා ඕං... අපේ පළමු ප්‍රසංගයේ අමතක නොවන අත්දැකීම් එක්ක ඊලඟ කොටසින් හමුවෙමු... ජයවේවා...!!!







16 comments:

  1. හප්පේ මගෙත් යළුවෝ සෙට් එකක් හිටියා ඔය බෑන්ඩ් එකක් කරපු..මේ සතියේ එකෙක් ලබන සතියේ තව එකෙක් අන්තිමට ෂෝ එකක් කරනකොට වෙන උන් ප්ලේ කරේ...බෑන්ඩ් වල ඔය සීන් එක තියෙනවමයි මම හිතන්නේ...එළ එළ කියන්නකෝ කථාව .....

    ReplyDelete
  2. අනේ ඔය ඔක්ට පෑඩ් එක ගැන දැන ගන්න මමත් කැමතියි...ඒත් ඉතින් අල්ලලාවත් නැහැ නේ එකක් :D මටත් ඔය වගේ දිවා රෑ නැතුව කට්ට කාපු අත් දැකීම් තියනවා...හැබැයි ඊස්ටර්න් පැත්තෙන් :)

    ReplyDelete
  3. කථාව කියවනකොට ඇත්තටම අමුතු ලොකෙකට යනවා අය්යේ කොයි තරම් කට්ට කැවත් සුන්දර අවසානයක් තියනවානම් ඒ කට්ට කාපු එක ගැන දුකක් නැනේ ඉක්මනටම ඉතිරි කොටහත් දාමුකෝ.. ජය වේවා

    ReplyDelete
  4. නියම කථාව අයියේ...හිතේ තියන සේරම විස්තරේම දාන්ඩ....

    ReplyDelete
  5. මං මේ band series එකම බලාගෙන එන්නෙ.instrument වල විස්තර ටික පටන් ගන්නකෝ.... මමත් support එකක් දෙන්නම් :D

    ReplyDelete
  6. ඔන්න තවත් කොටසක් කියෙව්වා... චතූ දන්නවද දිල්ට හොඳට සින්දු කියන්න පුලුවන්...ඒත් ඉතින් ඔක්ටපෑඩ් තියා මොන ඉලව්වක් වත් ප්ලේ කරන්න නම් දන්නෙ නෑ...කාලයක් ගිටාර් ගහන්න ඉගෙන ගන්න ඕනෙ කියලා හිතුවා..ඒත් ඉතින් හිතුවා විතරමයි...දිල්ගෙ වෙන්න මහත්තයා නම් ගිටාර් ප්ලේ කරන්න හරිම දක්ෂයි....

    ReplyDelete
  7. @ ඔබ නොදු‍ටු ලොවක් :
    ඔව් සහෝ... බෑන්ඩ් වලට තියෙන අවුලක් තමා ඔය ප්ලේයර්ලා මාරු වෙන එක. අපිත් ඕකෙන් දරුණුවට බැටකෑවා... මම සෙට් 05 ක් එක්ක බෑන්ඩ් අටවගෙන තියෙනවා. ඉස්සරහට මම කියන්නම්කෝ... ස්තුතියි ඇවිත් කියෙව්වාට !!!

    @ සයුරි :
    කට්ට කාපු එකේ රස දැනෙන්නේ වැඩේ සාර්ථක වුනාමනේ... කට්ටක් නොකා ඉබේ සාර්ථක වෙන්න බෑ නේද ? කොහොමවුනත් ස්තුතියි ඇවිත් කියවලා ප්‍රතිචාරයක් දුන්නට...

    ආං... අනිවා මම ඔක්ටපෑඩ් එක ගැන වගේම අනෙක් වාද්‍ය භාණ්ඩ ගැනත් පෝස්ට් එකක් දාන්නම්... තව අර සහෝදරීගේ ඉතිහාස කථාව දිගටම කරගෙන යන්න, අපි පුළුවන් විදියට උදව්වක් දෙන්නම්... ජයවේවා !!!

    @ දේවා :
    මලේ... වෙනම ලෝකෙකට යනවා නම් වැඩේ බරපතලයි නොවැ... :D
    එළ එළ, මලයගේ වදේටම තමා මේක තදියමේ ලියන්නේ... ස්තුතියි ගොඩක්...!!!

    @ නදී :
    හොඳයි නංගියෝ... :)

    @ පසන් :
    එළ එළ... ඔක්කොම බලලා එන්ඩකෝ...! අනිවා පසන්... ඔයාගේ උදව්වලට ගොඩක් ස්තුතියි...! මම ඉස්සරහට අමතන්නම් කෝ...!

    @ දිල් :
    හා හා... දිල් එහෙනම් හොඳ ගායිකාවක් නේද ? සතුටුයි. මට තේරිච්චි දෙයක් තමා මේ පෝස්ට් ටික බලන්න එන්නෙත් සංගීතය ගැන ආසාවක් තියෙන කට්ටිය බව. සහෝදරිත් ඉතින් කලාකාරියක් නේ...

    දිල්ගේ වෙන්න මහත්තයා වෙන සහෝව අඳුන ගන්නත් ආසයි... හොඳ කොල්ලෙක් වෙන්න ඕනෙ. දිල්ගේ වෙඩින් එකට අපි එකතු වෙලා සාජ්ජයක් දාමු !!! හී හී.... ස්තුතියි ආවට දිල්... ජයවේවා !!!

    ReplyDelete
  8. මමත් මියුසික් වලට ගොඩක්ම ආස කෙනෙක්... ඔය සම්බන්ධකම් දවසක පෝස්ටුවකින්ම කියන්නයි හිතන් ඉන්නෙ.. :) ඔයාගෙ මේ ලිපිය කියෙව්වෙ හරිම ආසාවෙන්... මගේ පොඩි උන් දෙන්නත් මියුසික් වලට හරිම ආසයි... දෙන්නම ඉස්කෝලෙ Choir එකේ ඉන්නවා... ලබන අවුරුද්දෙ ඉඳන් එයාල instruments ඉගෙන ගන්නවා... ලොක්ක piano එක... පොඩ්ඩා baritone එක... අනේ මල්ලි දිගටම ලියන්න, අපි එනවා බලන්න... ඉඩ තියෙන විදියට පරන ඒවත් කියවන්න ඕන....

    ReplyDelete
  9. නියම කතාවක් මලේ.
    ඒක නෙමේ හලෝ. මොකද්දෑ අර දෙකේ ඉලක්කමට වෙලා තියෙන හදිය.

    ReplyDelete
  10. බෑන්ඩ් ගහපු කෙනෙක් බ්ලොග් එකක් ලියනවා මට සෙට් වුනු පලවෙනි පාර.මමත් බෑන්ඩ් ගැහුවා සහෝදරයා.දැන් නම් නවත්තලා මාස කීපයක් වෙනවා.ජොබ් එක නිසා බෑන්ඩ් කෙරුවාව නවත්තන්න උනා.මොකද දවල්ට වැඩක් හම්බ උනොත් නිවාඩු දාල යන්න බැහැනේ.මම Play කරේ නම් Octapad.දැනටත් මම ගාව මම Play කරපු Octapad එක තියෙනවා(Roland SPD 20).
    SPD 11 නම් දැන් පාවිච්චි වෙන්නෙම නැති තරම්.SPD 20, SPD S තමයි දැන් පාවිච්චි වෙන්නේ.මටත් බැනල තියෙනවා බෑන්ඩ් කෙරුවාව නිසා ඉහේ කෙස් ගානට.අපේ ගෙවල් වලින් කැමති උනේ නැත්තේ ගොඩක් අය අපේ ගෙදරට කියල තියෙන්නේ බෑන්ඩ් කරන අය අරක්කු සිගරට් බොනවා කියල.ඒත් මම අන්තිමට Play කරපු බෑන්ඩ් එකේ එක්කෙනෙක් වත් බුලත් විටක් වත් කාවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  11. ඔන්න මමත් මේ දිහාට ගොඩ වැදුනා...
    අනේ මටත් යන්තම් ඩෙස්ක් එකකට වගේ පොඩි තට්ටුවක් දාන්න පුළුවන් උනාට වෙන කිසිම සංගීතයක් බැහැ. ඒ මදිවට සින්දු කියන්නත් බැහැ, නටන්නත් බැහැ....
    ඉතිං මෙව්වා ගැන ලොකු දැනීමක් නැහැ මට
    11 වසරෙන් පස්සේ සංගීත සාජ්ජ වලට ගිහින් දුවිලි අවුස්සන එකත් නතර කළා.
    මට එව්වා එච්චරටම එපා වුනා

    ලාවට චිත්‍ර අඳින්නනම් පුළුවන්
    ඒවත් ඉතිං ටිකක් අර ගල්ගුහා වල ඇඳලා තියෙන චිත්‍ර වගේ තමා :)

    ඔයාගේ කතා ටිකත් මුල ඉඳල බලාගෙන එන්නම්කෝ පිළිවෙලකට.

    ReplyDelete
  12. @ මියුරු :
    ගොඩක් ස්තුතියි අක්කේ ඇවිත් බලලා ගියාට... සංගීතේ ගැන උනන්දුව තියෙන අය තමා මේ ලිපි පෙල එක්ක ඉන්නේ... මේ සීරිස් එකෙන් වුනු හොඳම දේ තමා බ්ලොග් අවකාශේ ඉන්න මියුසික් පිස්සෝ ටික අඳුනගන්න ලැබිච්චි එක...

    පොඩ්ඩෝ දෙන්නව හොඳට ෆෝම් කරන්න. මියුසික් ඇඟේ තියෙන කෙනා හොඳ සංවේදී මනුස්සයෙක් !!! අක්කගේ මියුසික් පෝස්ට් එකත් දාන්නකෝ... මගේ බෑන්ඩ් කථා සීරිස් එකත් තම මාස ගාණක් ලියවෙයි... එන්නකෝ බලලා යන්න... ජයවේවා...

    @ මධු :
    අඩේ... උඹට මාව මලයා වුනාද බං...? ඒ මක්කෙයි මේ හදිසියේ... කොලොම්පුරේට ජොබ් කෙරුවාවට ආට පස්සේ බොට නෑකම් පැටලුනාද ?

    හේ හේ... බ්ලොගේ ෆොන්ට අවුලක් මා හිතේ...බලමු ෆික්ස් කරන්න... දැක්කා වුනත් නැති සේ උන්නේ කම්මැලි කමට. දැන් බොලා කිව් නිසා හදන්නම එපෑ... තැන්කූ හොඳේ...!

    @ උදිත :
    බොහොම ආදරයෙන් පිළිගන්නවා සහෝ... ඔයා වගේ අය අඳුනගන්න ලැබීම සතුටුයි ! මමත් බෑන්ඩ් නැවැත්තුවේ බැන්ද නිසා... නැත්නම් තාමත් ඔන් ද ස්ටේජ් !!!

    ඔයා පෑඩිස්ට් කෙනෙක් නේ ? එල එල... මමත් SPD-s එක භාරව හිටියා බෑන්ඩ් එකේ... ටෝන්ස් 700 ක් මම තනියෙන් එඩිට් කරලා s එකට ප්‍රෝග්‍රෑම් කලා... !

    මමත් අවුරුදු 6 ක් බෑන්ඩ් ගැහුවා සහෝ... අපේ වුන් රවට්ටලා එක පාරක් පෙව්වා මිසක් මමත් ද්‍රව බිම / වායු බීම දෙකම කරලා නෑ... බොනවා නම් අවුරුදු 6 බොන්න තිබුනා ලොවෙත් නැති වෙන්න. ස්තුතියි මේ පැත්තේ ආවාට. ඉස්සරහටත් එකතුවෙලා ඉම්මු...! ජය !!!

    @ ලොකු පුතා :
    ස්තුතියි මේ පැත්තේ ආවාට සහෝ...

    ReplyDelete
  13. අඩේ චතුවා ඔන්න මමත් පරක්කු වෙලා හරි ආවා, යකෝ vb, java වලට වඩා අමාරුයිනෙ බං බැලුවාම බෑන්ඩ් ගැහිල්ලත් .........

    ReplyDelete
  14. බෑන්ඩ් ගහන ජීවිතේ තමයි ලස්සනම කාලය මටත් එහෙම අතීතයක් තිබුනා

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...