ප්‍රවාහනය යනු එක් තැනකින් තවත් තැනකට ගමන් කිරීම පමණක්ම නොවේ. වර්තමානය වන විට එය කලාවකි - විලාසිතාවකි - සමහර විටකදී, උන්මාදයකි. ඒ කුමක් වුවත් අනාගත ලෝකයේ ප්‍රවාහන උපයෝගීතාවයන් අප සිතනවාට වඩා බොහෝ වෙනස් මගක් ගනු ඇති. අනාගතය දෙස නෙත් යොමා, වර්තමානයේදී යථාර්ථයක් ලෙසින් එලි දකින්නට සැරසෙන නවතම ප්‍රවාහන උපක්‍රම කීපයක් ඔබට ගෙන එන්නටයි මේ සූදානම...
Showing posts with label විද්‍යාත්මක. Show all posts
Showing posts with label විද්‍යාත්මක. Show all posts
Saturday, December 24, 2016
Monday, June 23, 2014
- Elon Musk නැමැති නූතන අනාගතවේදියාගේ නවතම පියවර -
ඊලොන් මස්ක් (Elon Musk)යනු කවුරුන් දැයි ඇමෙරිකානු පුරවැසියන් නම් හොඳින් දනිති. ඔහු මහා ව්‍යාපාරිකයෙකි, උපාධිධාරී ඉංජිනේරුවෙකි, නව නිර්මාණකරුවෙකි, අනාගත වේදියෙකි. මේ සියල්ලම එක්ව ගත් කල ඔහු ලෝකයේ වර්තමාන මුහුණත වෙනස් කරන යුග පුරුෂයෙක් ලෙසද සමහරුන් විසින් හඳුන්වන්නට යෙදෙයි. ඒ ඔහු විසින් දියත් කරන්නට යෙදී ඇති විප්ලවකාරී, සුපිරි ව්‍යාපෘති නිසාවෙනි.
Labels:
චරිත කථා,
තාක්ෂණික,
විද්‍යාත්මක
Wednesday, November 21, 2012
- Contact Lens (සිවි කාච) තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ? -
Labels:
ගැජට්,
තාක්ෂණික,
පරිගණක,
විද්‍යාත්මක
Friday, September 28, 2012
- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) –
අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි
සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ
පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් රථයක් නිපදවීමටයි.Tuesday, May 15, 2012
- සිලිකන් චිප් යුගය අවසන් කරමින් එන මොලිබ්ඩිනයිට් චිප් -
පරිගණක තාක්ෂණයේ
වර්තමාන ප්‍රගමනයට හේතු සාධක වූයේ මයික්‍රොචිප් (Microchip) බව නොරහසකි. 50 දශකයේදී ශාලාවක් තරම් විශාල වූ පරිගණකය,
70 දශකයේදී මේසය මතට
පැමිණ, වර්තමානය වන
විට අත්ල මත රැඳී තිබේ. මේ ක්ෂුද්‍රකරණය සඳහා මූලිකවම බලපෑවේ එක් චිපයක් මත වැඩි
වැඩියෙන් ට්‍රාන්සිස්ටර පිහිටුවීමට තරම් තාක්ෂණය දියුණු කිරීමයි. මේ ආකාරයෙන් චිප්
නිපදවීම සඳහා යොදාගන්නා සිලිකන් වෙනුවට අනාගතයේ භාවිතා වෙතැයි සැලකෙන ආදේශකයක්
ගැනයි මේ.
Labels:
තාක්ෂණික,
පරිගණක,
විද්‍යාත්මක
Saturday, October 22, 2011
ඔයත් කම්පියුටර් ගේම්ස් ගහනවාද ? එහෙනම් මෙන්න කියවන්න...
පරිගණකය ආශ්‍රයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීම, තේරෙන
විදියට කිව්වොත් කම්පියුටර් ගේම්ස් කියන්නේ අද කාලයේ බාල, තරුණ, මහලූ හැම දෙනාගේම විනෝදාංශයක්. සමහරුන් නම්
විනෝදාංශයකටත් එහා ගිය ඇබ්බැහියක්. ඒ තරමටම වීඩියෝ ක්‍රීඩා වලට ඇදී බැඳී ගිහින්.
වීඩියෝ ක්‍රීඩා හින්දා අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටීම... ඒ කියන්නේ වටේ පිටේ මිනිස්සු එක්ක
ගනුදෙනු අඩු කරලා පරිගණක ක්‍රීඩාව ඇතුලෙම ජීවත් වෙන එක ලොකු සමාජ ප්‍රශ්ණයක් ! මේ
ඇබ්බැහිය නිසා ඔය වගේ සෘණාත්මක ලක්ෂණ ඇති වෙනවා කියලා විද්‍යාඥයෝ විසින් කාලයක ඉඳන්ම
නිරීක්ෂණය කරලා තිබුණා.
Labels:
පරිගණක ක්‍රීඩා,
විද්‍යාත්මක,
සමාජයීය,
සංවාද
Sunday, October 16, 2011
පිළිකාවට කථා කරන ජංගම දුරකථනය
මනුෂ්‍ය ලෝකයේ දියුණුවත් සමගම අත්වැල් බැඳ ගනිමින් නොයෙකුත් ව්‍යසනයන් හා රෝග කාරකද පෙරට
වඩා හිස ඔසවන ආකාරය මෑත ඉතිහාසය තුල දක්නට ලැබුණු කරුණකි. බෝවන රෝගයන් බොහෝ දුරට
තුරන් කර හෝ පාලනය කර ඇතත්,
බෝ
නොවන රෝග වල ව්‍යාප්තිය පසුගිය දශක දෙක තුනක කාලය ඇතුළත සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මේ අතරින් පිළිකා වලට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. නූතන වෛද්‍ය විද්‍යාව කෙතරම්
දියුණු වූවත් පිළිකා ඇතිවන්නේ කෙසේද යන්න හෝ පිළිකා සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක්
හෝ තවමත් සාර්ථකව ඉදිරිපත් කිරීමට නොහැකිව පවතී. ලොව පුරා සිදුවන මරණයන්ගෙන් 15% ක් පමණ සිදුවන්නේ පිළිකාවන් හේතුවෙනි.
පාරජම්බුල කිරණ හා වෙනත් විකිරණයන්ට නිරාවරණය වීම, ඇස්බැස්ටෝස් / ආසනික් / දුම්වැටි වැනි පිළිකා
කාරක ද්‍රව්‍යයන් හා පරපෝෂිත ජීවී සෛල පිළිකාවන් සඳහා මූලික හේතු සාධක ලෙස දක්වා තිබේ.
Labels:
විද්‍යාත්මක,
සමාජයීය
Saturday, October 1, 2011
Google Power - ගූගල් සමාගමෙන් අළුත් ව්‍යාපෘතියක්
Google සමාගම දිනෙන් දින අළුත් ක්ෂේත්‍රයන්
කරා එළඹෙන බව ඔවුන්ගේ කෙටි කාලීන ඉතිහාසය තුල හොඳින් පෙනී යන කරුණක්. හොඳම උදාහරණය
පසුගිය මාසයේ සිදුවූ මොටෝරෝලා ජංගම දුරකතන සමාගමේ ගනුදෙනුව. මේ ලිපියෙන්
ඉදිරිපත් කරන ව්‍යාපෘතියත් ඊට කදිම උදාහරණයක්. මෙතෙක් කලක් පරිගණක ක්ෂේත්‍රෙයේ
කිසිවෙක් අතනොගැසූ දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය සමබන්ධව ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රය
වෙතයි. මේ Google සමාගමේ සූර්ය කුළුණු බලශක්ති ව්‍යාපෘතිය
ගැනයි...
Labels:
අන්තර්ජාලය,
අරුම පුදුම නිර්මාණ,
තාක්ෂණික,
විද්‍යාත්මක
Thursday, September 15, 2011
මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්...
මිහිමත ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් බොහෝමයක් දුටු
මතින්ම අපිට හඳුනා ගන්නට පුළුවන්. පුරුදු - නොපුරුදු ඒ
සියළුම සතුන් අතරිනුත් ඔබ කවරදාවත් අසා නැති, දැක නැති අති දුර්ලභ සතුන් කිහිපදෙනෙක් ගැන හඳුන්වා දෙන්නයි මේ සූදානම. රතු දත්ත පොතට අනුව මේ
දුර්ලභ සත්ත්ව විශේෂයන් ගෙන් මුළු ලෝකය පුරා ගත්තත් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක්
පමණයි. මේ සතුන් දුර්ලභ හා නිතර දකින්නට නොලැඛෙන හේතුව නම් ඔවුන් ඉතා සීඝ්‍රයෙන් වඳවී යෑමේ අවධානමට ලක්වී තිබීමයි. ඉතින් බලන්නකෝ
මේ සත්ත්ව විශේෂයන් ඔයාලත් දන්නවද ? දැකලා අහලා තියෙනවද කියලා...
Labels:
ගවේෂණ,
රූප කථා,
විද්‍යාත්මක,
සත්ත්ව ලෝකය,
සමාජයීය
Wednesday, September 7, 2011
මුහුදු මැද ඔහේ පාවෙන අධි-තාක්ෂණික හෝටලයක්...
ලෝකය පුරාම දක්නට ලැඛෙන නොයෙකුත් ආකාරයේ හෝටල්
අතරින් සුවිශේෂී ආකාරයට නිර්මාණය කරන ලද හෝටල් ගොඩනැඟිලි අප හට අරුමයක් නොවේ. ගොඩබිම මත මෙන්ම මුහුද
මැද දූපත් වලත්, එතැනින් නොනැවතී දැවැන්ත නෞකාවන් තුලත්
අපූර්ව ආකාරයේ හෝටල් ඉදිවී තිබේ. නමුත් මේ සියළු නිර්මාණ සංකල්පයන් අභිබවා යන
විප්ලවීය හෝටල් සැලැස්මක් ගැනයි මේ දිග හැරෙන්නේ...
Labels:
අරුම පුදුම නිර්මාණ,
තාක්ෂණික,
විද්‍යාත්මක
Friday, June 17, 2011
Intel සමාගමේ වැඩ පාන අසල්වැසි ඉන්දියානුවා - Ajay Bhatt | අජේ බාත්
අප වර්තමානයේ භාවිතා කරන පරිගණකය, නැතහොත් පරිගණක තාක්ෂණය යනු එක් පුද්ගලයෙක් හෝ එක් සමාගමක් මගින් දියුණු කරන ලද දෙයක් නොවේ. පරිගණකය අද පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ශ්‍රමයෙන් මෙන්ම සිය නුවණින් ද බොහෝ දෙනෙක් දායක වී ඇත. පරිගණක තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා සිය දායකත්වය සපයමින් පරිගණක ක්ෂේත්‍රය තුල වැදගත් මෙන්ම විප්ලවීය සොයාගැනීම් කිහිපයකම අයිතිකරු වූ එවැනි සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳවයි මේ සටහන...
Labels:
චරිත කථා,
තාක්ෂණික,
විද්‍යාත්මක










