Sunday, October 16, 2011

පිළිකාවට කථා කරන ජංගම දුරකථනය


ජංගම දුරකථන භාවිතය මොළයේ පිළිකා අවධානම ඉහල දමන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇවේ.

නුෂ්‍ය ලෝකයේ දියුණුවත් සමගම අත්වැල් බැ ගනිමින් නොයෙකුත් ව්‍යසනයන් හා රෝග කාරකද පෙරට වඩා හිස ඔසවන ආකාරය මෑත ඉතිහාසය තුල දක්නට ලැබුණු කරුණකි. බෝවන රෝගයන් බොහෝ දුරට තුරන් කර හෝ පාලනය කර ඇතත්, බෝ නොවන රෝග වල ව්‍යාප්තිය පසුගිය දශක දෙක තුනක කාලය ඇතුළත සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ අතරින් පිළිකා වලට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. නූතන වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වූවත් පිළිකා ඇතිවන්නේ කෙසේද යන්න හෝ පිළිකා සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ තවමත් සාර්ථකව ඉදිරිපත් කිරීමට නොහැකිව පවතී. ලොව පුරා සිදුවන මරණයන්ගෙන් 15% ක් පමණ සිදුවන්නේ පිළිකාවන් හේතුවෙනි. පාරජම්බුල කිරණ හා වෙනත් විකිරණයන්ට නිරාවරණය වීම, ඇස්බැස්ටෝස් / ආසනික් / දුම්වැටි වැනි පිළිකා කාරක ද්‍රව්‍යයන් හා පරපෝෂිත ජීවී සෛල පිළිකාවන් සහා මූලික හේතු සාධක ලෙස දක්වා තිබේ.


අධික ලෙස හා දීර්ඝ කාලීනව විකිරණයන්ට නිරාවරණය වීම පිළිකා සහා අත වැනීමකි. මේ යටතේ ජංගම දුරකථන භාවිතයද කලක් තිස්සේම විද්‍යාඥයන්ගේ විවාදයට බඳුන් වී තිබිණි. කෙසේ වෙතත් අධ්‍යයනයන්ට අනුව හෙලිවී තිබුනේ ජංගම දුරකථන භාවිතයෙන් මොලයේ පිළිකා ඇති වීමේ අවධානමක් ඇති නමුත් ඒ නොගිණිය හැකි තරම් කුඩා ප්‍රතිශතයක් පමණක් බවයි. දුරකථන නිෂ්පාදක සමාගම් විසින් මේ කරුණ ද වසන් කර තබන්නට කටයුතු කර තිබුණු හෙයින් සාමාන්‍ය ජනතාවට මෙහි ඇති අනතුර පිළිබඳව නිසි වැටහීමක් නොතිබිණි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිල වශයෙන් පිළිගන්නා ලද්දේ ජංගම දුරකථන භාවිතයත් සෘජු පිළිකාකාරක සාධකයක් බවයි. මේ නිසා ජංගම දුරකථන භාවිතය සීමා කළ යුතු බවට ඔවුන් අනතුරු අවා තිබේ. ලොව පුරා සිටින පිළිකා පිළිබ විශේෂඥයින් 30 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධිත පිළිකා පිලිබ වූ අන්තර්ජාතික පර්යේෂණ ආයතනය මගින් ප්‍රංශයේ ලියොන් නගරයේ සංවිධානය කෙරුණු රැස්විමකදී මේ කරුණු අනාවරණය කරන්නට යෙදිනි.

ජංගම දුරකථනයන්ගෙන් නිකුත් වන විකිරණ අයනීකාරක නොවන විකිරණ ගණයට වැටේ. තව දුරටත් පැහැදිලි කිරීමේදී මෙම විකිරණයන් X කිරණ (x-ray) තරමට හානිකර නොවන නමුත් අඩු-බලැති ක්ෂුද්‍ර තරංග උදුනක් (Microwave oven) මෙන් ක්‍රියාකරයි. මේ ක්ෂුද්‍ර තරංග නිසා ක්ෂුද්‍ර තරංග උදුනකදී මෙන්ම දුරකථනය නිසාත් අපේ කණ ආශ්‍රිත ප්‍රදේශයට බලපෑමක් ඇති කරන බව මෙයින් පෙන්වා දෙයි. මෙම සමුළුවේදී අදහස් පළ කල පිළිකා රෝග විශේෂඥයෙක් ප්‍රකාශ කර සිටියේ දිනකට විනාඩි 15 ක් ජංගම දුරකථනය පාවිච්චි කලත් එය සැලකිය යුතු අන්දමින් මොලයේ පිළිකා තත්ත්වයන් (Brain Tumors) හා හේතුකාරක වන බවයි. මේ අනතුර සැබෑ ලෙසම වර්ධනය වීමට යම් කාලයක් ගත වන බවත්, වර්තමාන දුරකථන පාරිභෝගික පිරිස අනුව බැලූ විට තවත් අවුරුදු 20 ක පමණ කාලයකට පසු මොළයේ පිලිකාවන්ට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව දැවැන්ත ලෙස ඉහළ යනු ඇති බවටත් ඔවුන් මත පල කර සිටී.


සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට විනාඩි 15 කට වඩා තමන්ගේ ජංගම දුරකථනය භාවිතා කරනවා. මෙය අපට සුළු කාරණාවක් ලෙස පෙනෙන්නේ එයින් ඇතිවන ප්‍රතිඵල දීර්ඝකාලීන නිසායි. මෙහි ඇති නියම අනතුර ඉස්මතු වන්නේ අවුරුදු 20 කට පමණ පසුවයි. මෙය හරියටම කාල බෝම්බයක් වගෙයි. මොළයේ පිළිකාවක් වර්ධනය වීම සහා දිනකට විනාඩි 15 ක් ජංගම දුරකථනය භාවිතා කිරීමම ලොකුම හේතු සාධකයක්...ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා.

මහජන සෞඛ්‍ය සංවිධාන විසින් මේ සහා යම් පියවරක් ගත යුතුව පවතින බවත්, මේ අන්තරාය ගැන ජංගම දුරකථන පරිශීලකයන් දැනුවත් කිරීමට කටයුතු කල යුතු බවත් මේ විශේෂඥ කණ්ඩායමේ අදහසයි. මෙම ප්‍රතිඵලයන්හි දැක්වෙන අගයන්ට වඩා නියම අනතුරේ ස්වභාවය 10% ක් පමණ පරිමාවකින් වැඩි වීමට ඉඩ තිබේ. අවුරුදු 7 ක භාවිතයෙන් මොළයේ පිළිකාවන් සහා 72% ක පමණ අනතුරක් ඇති විය හැකියි. දුරකථන පරිශීලකයින් මේ පිළිබව බරපතල ලෙස සලකා බැලිය යුතුයියැයි හැරිස්බර්ග් රෝහලේ වෛද්‍යාචාර්ය බ්‍රිජ් සූඩ් පවසා සිටියේය.


මෙම අධ්‍යයනයන්හි නියම ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම සහා දීර්ඝ කාලයක් පර්යේෂණ සිදුකල යුතු බව මෙහිදී ප්‍රකාශ කෙරිණි. මෙහිදී ජංගම දුරකථන සමාගම් පවසන්නේ පර්යේෂකයන් විසින් මෙම ප්‍රතිඵල ගැන නිශ්චිතව මත පළකර නැති බවත්, මීට ඉහතදී පැවැත්වූ අධ්‍යයනයන් ගෙන්ද මෙවැනි ආකාරයේ අනතුරක් පෙන්වා දී නැති නිසා මේ ප්‍රතිඵල පිළිගත නොහැකි බවයි. මේ පිළිබව විද්වතුන්ගේ මතය නම් ජංගම දුරකථන සමාගම් කුමක් පැවසුවත් ජංගම දුරකථන භාවිතා කිරීම තමා විසින්ම පිළිකාවන්ට කථා කිරීමක් බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ දුරකථන තරංග හා විකිරණයන් කෙතරම් කුඩා වුවත් එහි දීර්ඝ කාලීන බලපෑම ඉතා දැඩි බවයි. ජංගම දුරකථනය වැනි එදිනෙදා බහුලව භාවිතා වන උපකරණයකදී මෙම තත්ත්වය වඩාත් බරපතල වන බව ඔවුන් පෙන්වා දෙයි. මේ සහා ගත හැකි සරලම පියවර නම් හැකිතාක් පමණ දුරකථනය කණ අසල තබා ගැනීම සීමා කිරීමයි. මේ සහා කන්-යොමු (hands-free) භාවිතා කරන ලෙසට උපදෙස් දී තිබේ. හැකිතාක් දුරට ජංගම දුරකථනය සිරුරෙන් ඈත්ව තබාගත යුතුයි. මෙමගින් පිළිකා අවධානම සැලකිය යුතු ලෙස අවම කර ගත හැක බව මේ විද්වතුන් පෙන්වා දෙයි.





අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා
රූ පරිගණක සඟරාව - 2011 අගෝස්තු කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප Google Image Search ඔස්සේ ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.





8 comments:

  1. http://lirneasia.net/2011/07/fuss-about-cellphones-causing-cancer-none-about-formaldehyde/ කියවන්න. අවිද්‍යාවෙන් මමිනිසුන් කුලප්පු කිරීම අයුතුයි නේද?

    ReplyDelete
  2. කොහොමත් අයියේ හැන්ඩ්ස් ෆ්‍රී පාවිච්ච් කරන එක තමා නුවණට හුරු වැඩේ..එතකොට ඔය බලපෑම පොඩ්ඩකින් හරි අඩුවෙයිනේ..

    ReplyDelete
  3. මේ ලිපිය කියෙව්වන ෆෝන් පාවිච්චි කරන එකත් එපා උනා.

    ReplyDelete
  4. ඒකනෙ බන්....උබ මල් කඩන එක දැන්වත් නවත්තපන්....

    ReplyDelete
  5. @ රොහාන් :
    අවිද්‍යාව කියන්නේ නොදැනීමට... ඒ කියන්නේ නොතේරුම නේද ? මම ඔබ කියූ ලිපිය කියෙව්වා. ඒ තියෙන්නේ එක් මතයක් පමණයි නේ... මම මේ ලිපියට පාදක කරගත් කරුණු අඩංගු ලින්ක් මෙතන තියෙනවා. ඒවාත් කියවලා බලලා අවිද්‍යාව දුරු කරගන්න...

    http://www.eutimes.net/2011/06/non-ionizing-radiation-from-cell-phones-may-cause-cancer/

    http://www.eutimes.net/2011/06/brain-cancer-could-soar-20-fold-in-20-years-because-of-mobile-phones/

    @ ChammA :
    මමත් මේ ලිපියෙන් කියන්න උත්සාහ කලේ ඒක තමා සහෝ... හෑන්ඩ් ෆ්‍රී පාවිච්චි කලොත් අනතුර ටිකක් අඩු කරගන්න පුළුවන්. ෆෝන් පාවිච්චිය නිසා පිළිකා ඇතිවෙන්න ඉඩ තියෙනවා කියලා කවුරුත් කියන්නැත්තේ ඇයි... ඒක බිලියන ගණන් වලින් යන බිස්නස් එකක් නිසා. සිගරට් පැකට් එකේ නම් කූඹි අකුරු වලින් හරි ‘දුම්බීම පිළිකා ඇතිකරයි“ කියලා හරි තියෙනවානේ... ඒත් අද කාලේ ෆෝන් එකක් නැති කෙනෙක් නෑ. එතකොට අනතුර...!!!

    අනේ මන්දා... මේවා කිව්වත් නහී... නොකීවත් නහී...!!! ස්තුතියි ප්‍රතිචාරයට...!

    @ මධුරංග :
    තාක්ෂණය ප්‍රයෝජනවත් විදියට යොදාගන්න ඕනේ සහෝ... දුරකථනය එපා කියලත් බෑ නොවැ. හරියට අපේ අය බුකියට බැන බැන ඒකටම රිංගනවා වගේ ෆෝන් වල අනතුර දැන දැනම අපි ඒකට ඇබ්බැහි වෙලා. අනතුර නොපෙනෙන නිසාම අනතුරක් නෑ කියන්න බෑ නොවැ...! තිබුණත් ඒවා ප්‍රසිද්ධ වෙන්නෙත් නෑ නොවැ. හෑන්ඩ්ස් ෆ්‍රී පාවිච්චි කරන එක තමා දැනට තියෙන විසඳුම...!

    @ ධනූ :
    මට කලින් උඹ නවත්තපන්... එක්කෝ ඉක්මනට පිළීවෙලක් වෙයන්...!!!

    ReplyDelete
  6. මම හිතනවා හැන්ස්ෆ්‍රි හොද ඇති කියලා ඒත් මට නම් ගොඩාක් වෙලාවට බ්ලු‍ටුත් තමා යුස් කරන්න වෙන්නේ.... නැත්නම් පොලිස් අංකල්ලා සලකයිනේ.. අනිත් එක අය්යේ මට මේ පොන් නැතුවනම් ඉන්න බැරිතරම් ඇඩික්ට් වෙලා දවසක විදවන්න වෙයිද මන්දා...

    ReplyDelete
  7. මැදුම් පිළිවෙත තමයි හොඳම . හොඳ ලිපියක් . නුතන දියුණුව හොඳයි . ඒත් කල්පනාවෙන් පාවිච්චි කලේ නැත්නම් හානියක් වෙනවමයි . ළමයින්ට නම් අඩුවෙන්ම දුන් තරමට හොඳයි . අනික් සමාජ ප්‍රශ්නත් එක්ක බැලුවත්

    ReplyDelete
  8. @ දේවා :
    බ්ලූ ටූත් හොඳයි තමා... ඒත් ඒකත් ඉතින් radio Waves නේ. ඊට වඩා හෑන්ඩ්ස් ෆ්‍රී හොඳයි...! ප්‍රායෝගික අපහසුකම් එනවා තමා. ෆෝන් පාවිච්චි නොකර ඉන්නත් බෑනේ මලේ... හොඳම දේ තමා අනතුර අඩු වෙන විදියට වැඩ කරන එක.

    ෆෝන් ඇඩික්ට් එක දෙන්නා එකතැනට එනකල් විතරයි. පස්සේ ටික ටික අඩුවෙලා යාවි... ඊට පස්සේ GSM නෙවෙයි On air කන් දෙක පිරෙන්න අහගන්න ලැබේවි...:D

    ස්තුතියි මලේ ප්‍රතිචාරයට...ජයවේවා !!!

    @ බින්දි අක්කා :
    ඔව් අක්කේ... තාක්ෂණය අපි තාක්ෂණයේ වහලෙක් වෙන්නැතුව, තාක්ෂණය අපේ යාළුවෙක් කරගන්නවා නම් හරි. අනතුර ගැන දැනුවත් කලාම වළකින්න ලේසියි නේ... ඒකයි මේ... දැන් ගොඩක් පොඩි අයට ෆෝන් එකත් සෙල්ලම් බඩුවක්...! පොඩි අයට නම් ෆෝන් හොඳම නෑ....! ස්තුතියි අක්කේ ප්‍රතිචාරයට !!!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...