Showing posts with label ජීවන සටහන්. Show all posts
Showing posts with label ජීවන සටහන්. Show all posts

Wednesday, January 24, 2018

අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!


යුබෝවන් ! සුභ දවසක් වේවා බ්ලොග් හිතකාමී සහෘද ඔබ සැමට... මේ ඔබ අමතන්නේ "චතූගේ කථා" නමින් බ්ලොගයක් run කළ, පසුව සයිබරයෙන් අතුරුදහන් වූ, බ්ලොග්කරණයෙන් නැසීගිය රචක චතුරංග පෙරේරා නම් වන මමයි.

Monday, November 24, 2014

මේ දවස් වල මොකද වෙන්නේ...!!!

   
තින්, කොහොමද...? ආ.....! ඔයාලා නම් ටිකක් විතර වෙනස් වෙලා වගේ... ඇයි ඉතින් දෙයියනේ කොච්චර කාලෙකට පස්සෙද මේ. ඇත්තටම කිව්වොත් මමත් හිතුවේ නෑ නොලියාම ඉන්නවා කියලා. ඒත්, ලියන්න වුනේ නෑ... අනේ මන්දා. සමහරු තරහත් ඇති... දෙයියනේ කියලා ඒ සැමගෙන් ම සමාව ඉල්ලන ගමන් අපි කථාව පටන් ගමු...

Saturday, January 26, 2013

- දෙවසරක් සපුරන "චතූගේ කථා" වෙතින් පිදෙන බ්ලොග් ආචාරය -

දිනය - 2011 ජනවාරි 24 වැනි දින
නිමිත්ත - සිංහල බ්ලොග්කරණයට පිවිසීම
නිර්මාතෘ - චතුරංග පෙරේරා
බ්ලොගයේ නම - චතූගේ කථා

    ඉතින් යාළුවනේ... චතූගේ කථා එක්ක අවුරුදු දෙකකුත් ගතවුනා. ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න ඕනේ 24 වැනිදා වුනත්, දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ සටහන ලියවෙන්නේ මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සහෘද ඔයාලා වෙනුවෙන්මයි.

Tuesday, January 22, 2013

- 2012 සහ, දෙක තුන වෙච්චි 2013... Flashback 2012 -

http://moneyexcel.com//images/2012.jpg      අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් උදාවුනා. ඕක ඉතින් කැලැන්ඩරේ කොල ගැලවෙන එකයි, ඉලක්කම් හර‍‍ඹයකුයි ඇර වෙන නම් ඇති දෙයක් නෑ. පෘථිවිය වෙනදා විදියටම කැරකෙනවා. උදේ වෙනවා - රෑ වෙනවා... අළුත් දවසක් එනවා...

    හරි හරි ඉතින්... බණ ඇති... මේකා මේ මාස ගාණකින් බ්ලොග් එක මතක් වෙලා ඇවිත් මෙතන බයිලා ගහනවා, නේද ? ඉතින්, අනං මනං නැතුව ඔන්න හැමෝටම සුභ අළුත් (පිළුණු ?‍)  අවුරුද්දක් වේවා කියලා පතනවා. මේ 2013 ට කොටන පළමු වැනි පෝස්ටුව නේ. ඉතින් අවුරුදු විෂ් එක පමා වුනාට තරහ ගන්ට කාරි නෑ ඕං !!!

Sunday, April 29, 2012

- සංගීත වේදිකාවේ ගෙවුනු පළමු අවුරුද්ද - බෑන්ඩ් කථා #08 –


      මුලින්ම, අනේක වාරයක් සමාව ඉල්ලා හිටිනවා... මේ කථා පෙළ පළ කරන්න මෙච්චර පමා වුනු එක ගැන. හිතා මතා පැහැර හැරියා නෙවෙයි. කොච්චර වුවමනාව තිබුණත් මේ බ්ලොග් වලට ඉබේ අකුරු එන්නෑ නොවැ... ටයිප් කරන්නම එපායෑ... මදිවට ඉතිහාසය ගවේෂණය කරන්නත් ඕනේ, දැනට අවුරුදු 10 කට වගේ උඩදි සිද්ධ වුනු දේවල් නොවැ. කාරි නෑ, ඔන්න මං ආයෙත් සෑ...හෙන්න කාලයකට පස්සේ බෑන්ඩ් කථා අරගෙන ආවා... ඔය මෙච්චර කල් නාහෙන් අඬ අඬ, මදිවට තර්ජනේ දාගෙන හිටපු උන්දැලා ඕං ඇවිත් කියෙව්වා නම්... හරි, එහෙනම්... දයාබර  රසික රසිකාවියනි.... මෙන්න නැවතත් වේදිකාවේ... චතූගේ බෑන්ඩ් කථා...

Tuesday, April 3, 2012

- පුෂ් බයිසිකලෙන් මෝටර් සයිකලේට... from HSDPA to Unlimited Broadband –

රියටම අවුරුද්දයි මාස 2කට කලින් මම HSDPA ඩොංගල් එකක් ගත්ත කථාව ඔයාලට කිව්වා මතක ඇති නේද ? මේක නම් ඊටත් වඩා සතුටු ආරංචියක්... අන්තර්ජාලෙට එන්න විදියක් නැතිව ඉන්දැද්දී තමයි යාන්තම් ඩොංගලයක් සෙට් කරගත්තේ. ඒ වුනත් ඉතින් Package එකක් නම් ගත්තේ නෑ. Daily delight 100MB ඇක්ටිව් කරගෙන තමා මෙච්චර කල් ඕක රන් කලේ. GPRS එක්ක බලද්දී HSDPA ලොකු හයියක් වුනත්, ඕන ඕන හැටියට ජාලේ සරන්න නිදහසක් නම් තිබුනේ නෑ. අපේ පැත්තට SLT ADSL කනෙක්ෂන් ඇත්තෙත් නෑ. ඉතින් නිදහසේ ජාලේ සරන්න විදියක් හොය හොයා ඉන්දැද්දී තමා මේ Unlimited Broadband වැඩේ අහුවුනේ...

Tuesday, January 24, 2012

- අවුරුද්දක් පුරා චතූගේ කථා අහන බලන හැමෝටමයි... -


     ඉතින් යාළුවනේ...! හිතාගන්න පුළුවන් නේද අද කථාව ? ඔව්, අද මගේ බ්ලොග් එකේ ඇනිවසරි එක... ඒ කියන්නේ ඔයාලා චතූගේ කථා අහන්න අරගෙන අදට අවුරුද්දක් වෙනවා ! ලොකුවට පම්පෝරි ගහන්න තරම් කාරණාවක් නොවුවත්, මගේ බ්ලොග් ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වෙන අද වගේ දවසක පෝස්ට් එකක් නොදා ඉන්නේ කොහොමද ? නේද ? අඛණ්ඩව අවුරුද්දක් පුරා බ්ලොග් එකක් ලියන එකත් ඉතින් හිතන තරම්, පේන තරම් ලේසි දෙයකුත් නෙවෙයි... ඉතින්, මහ ලොකු දෙයක් නොවුනත්, බ්ලොග් ජීවිතයට අවුරුද්දක් පිරෙන මේ වෙලාවේ ඒ සතුට ඔයාලත් එක්ක විඳගන්නයි මේ උත්සාහය...

Sunday, January 8, 2012

- ගෙවී ගිය 2011 වසරේ මගේ මතක සටහන් (Flash-back 2011) -


ව වසර උදාවී සතියකටත් වඩා ගෙවී ඇතත්, 2012 වසරේ මා විසින් පළකරන පළමු සටහන මෙය නිසා, බ්ලොග් රචක / පාඨක ඔබ සැමටම 2012 වසර සුභ නව වසරක් පතන්නට මුලින්ම අවසර...!

ඉටු නොවූ පැතුම් සපිරෙන... 
සිතේ සතුට ඉතිරෙන... 
යහපත් හැඟුම් පීදෙන 
සුභම සුභ නව වසරක් වේවා...!!!

පහුගිය මාසෙ, දෙකේ මගේ බ්ලොග් එකේ කටයුතු බොහෝ දුරට අඩාල වුනා. ඒ ගැන සමාව ඉල්ලන්න කලින් හේතු දක්වන්න අවසර ඕං...

Tuesday, November 22, 2011

#C# ...උපන්දින පාටි / තෑගි සහ අධිවේගී (Highway) කථා...


ලියන්න තව දේවල් ගොඩක් තිබුණත් මේ පෝස්ට් එක දාන්නම කියලා හිතුනා. මොකද තවත් පරක්කු වුනොත් අමතක වෙලා යනවා... අනික කෑමක් වුනත් උණු උණුවෙන් කන කොටනේ ගති ! පහුගිය සෙනසුරාදා / ඉරිදා දෙකේ වෙච්චි දේවල් ගැන පොඩි සති අන්ත විමර්ශණයක් තමා මේ ලියවෙන්නේ. හුඟ කාලෙකට පස්සේ ෆුල් ෆන් එකේ ගෙවුනු weekend එකක්. ඒ නිසා ඉතින් මගේ පුද්ගලික දේවල් ගැන මේ බ්ලොග් එකේ ඒ තරම් ලියැවිලා නැති නිසාත් මට හිතුනා වෙනසකටත් එක්ක පොඩි වල්පල් පෝස්ට් එකක් දාන්න...

Monday, November 7, 2011

අපේ පළමු ප්‍රසංගය... බෑන්ඩ් ජීවිතේ ඇරඹුම... - බෑන්ඩ් කථා #7


න්න ඉතින් මාස එකහමාරක් විතර අපි දැන් බෑන්ඩ් කථා අහනවා... අද තමයි මුලින්ම ස්ටේජ් එකකට නගින කතාන්දරේ අහන්නේ... යාළුවෝ ටික එක්කාසු වෙලා පොඩියට music band එකක් පටන් ගත්ත හැටිත්, ඒක ටික ටික දියුණු කරගෙන ආපු හැටිත් අපි පහුගිය කොටස් වලදී කියෙව්වා නේ... පහුගිය කොටසෙන් මං කිව්වේ මේ ප්‍රසංගයට දවස් නවයක් දිස්සේ එකදිගටම ප්‍රැක්ට්‍රිස් කරපු හැටි... ඉතින් එහෙම කට්ට කාගෙන පුරුදු පුහුණු වෙලා 2002 නොවැම්බර් 29 වැනිදා හා හා පුරා කියලා අපි වේදිකාගත වුනු පළමු සංගීත ප්‍රසංගය ගැනයි අද කියන්නේ...

Wednesday, November 2, 2011

පළමු ප්‍රසංගයට practice කරපු දින නමයේ මෙහෙයුම... - බෑන්ඩ් කථා #6


පුංචි විරාමෙකට පස්සේ ඔන්න මං ආයෙත් බෑන්ඩ් කථා එක්ක ආවා. ප්‍රමාදයට සමාවෙන්න ! හැම මාසෙකම මුලදී කියනවා වගේ මාසෙ අන්තිමට අපි ෆුල් බිසී...! ඉතින් බ්ලොග් කොටන්න තියා ජාලේ සරන්න වත් ඇහැක් වුනේ නෑ. බෑන්ඩ් කථා සීරීස් එක දිග වැඩිවෙයි වගේ පේන නිසා ඉතින් මම පුළුවන් තරම් කෙටි කරලා කථාව කියන්න බලන්නම්. එහෙනම් අද කියන්නේ අපි කඩිමුඩියේ ප්‍රැක්ටිස් කරලා, සෙට් වෙලා හා හා පුරා කියලා, හොඳ සවුන්ඩ්ස් එක්ක, ෆුල් බෑන්ඩ් ප්ලේ කරන අපේ පළමු ප්‍රසංගයට අපි රෙඩි වුන හැටි සහ ඒ ප්‍රැක්ට්‍රිස් කටයුතු ගැනයි...

Sunday, October 23, 2011

Three-piece බෑන්ඩ් එකෙන් Full Band එකට... - බෑන්ඩ් කථා #5

            හුගිය කොටස් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම ස්තුතියි කියන ගමන් අද කථාව පටන් ගන්නවා එහෙනම්. සංගීත ජීවිතේ ඇරඹුමෙන් සටහන් වෙලා, පොඩි බෑන්ඩ් එකක් හදාගෙන... ඒකත් එක්ක ටික ටික ඉස්සරහට ආපු හැටි, අළුතින් ලැබුණු කීබෝඩ් තෑග්ග හා ඒක නිසාම අන්තිමට ගෙදරිනුත් යන්න උනු එක අපි පහුගිය කොටස් හතරේදී කියෙව්වා නේ. ඉතින් අපි අද කියවමු කොල්ලා ගෙදරින් ගියාට පස්සේ කොහොමද මියුසික් කලේ කියලා. ඒ වගේම අපි තුන් දෙනාගෙන් පටන්ගත්තු බෑන්ඩ් එක  ප්ලේයර්ලා ඔක්කොම සම්පූර්ණ කරගෙන ෆුල් බෑන්ඩ් එකක් වුනු හැටිත් අද කියන්නම්...

Thursday, October 20, 2011

Band නිසා, Music නිසා ජීවිතේම වෙනස් කරගත්ත කථාව - බෑන්ඩ් කථා #4

බෑන්ඩ් කථා එක්ක එකතුවෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම දැන් බැන බැන බලන් ඉන්නවා ඇති නේද ඊළඟ කොටස එනකල්...? ඉක්මනට ඉවර කරලා දාන්න හිතේ තියන් හිටියත්, මොකක් හරි වැඩක් සෙට් වෙලා බ්ලොග් එකේ වැඩ මිස් වෙනවා... මොනවා කරන්නද ? වැඩ කරන්න තියෙන්නේ සීමිත කාලයක් නොවැ. ඉතින් පහුගිය කොටස් තුනෙන්ම මම කිව්වේ අපි තුන් දෙනාගේ පුංචි බෑන්ඩ් එක ගැනනේ... ඉතින් ඔය බෑන්ඩ් කෙරුවාව නිසා මගේ ජීවිතේ සිදුවුනු අමතක නොවෙන සිදුවීම තමයි අද කියන්න යන්නේ. එහෙනම් එන්නකෝ යන්න ආයෙත් බෑන්ඩ් කථා පැත්තේ...

Wednesday, October 12, 2011

සංගීත ජීවිතේ පළමු පරිච්ඡේදය අවසානයි... - බෑන්ඩ් කථා #3

පි බෑන්ඩ් පටන් ගත්තු හැටිත්... බෑන්ඩ් එක කරගෙන ආපු හැටිත් පහුගිය කොටස් දෙකෙන් කියෙව්වා නේද ? අද කියන්න යන්නේ ඔය ආරම්භක පරිච්ඡේදයේ අවසන් කොටස කිව්වොත් හරි... O/L exam එක හොඳින් ගොඩ දාගත්ත නිසා මට ලැබුණු තෑග්ග, A/L කාලයේ සංගීත ජීවිතේ ගෙවුනු හැටි වගේම සංගීත ජීවිතෙත්, පුද්ගලික ජීවිතෙත් පිටුවක් පෙරලපු විප්ලවකාරී බෙලි ගහ යට සාජ්ජය ගැනත් අද අපි කියවමු... 

Saturday, October 8, 2011

Music Band එකේ මුල් දවස්... - බෑන්ඩ් කථා #2


බෑන්ඩ් කියන්නේ මොනවද කියලා වත් දන්නේ නැතුව අටව ගත්ත අපේ ටකරන් බෑන්ඩ් එක ගැන ගිය සතියේ කිව්වනේ... බැලුවේ නැද්ද ඒක ? එහෙනම් මෙහෙන් ගිහින් ඉක්මනට බලලා ආයෙත් එන්නකෝ. අද කියන්නේ ඒ කථාවේම ඉතුරු ටික... ඒ කියන්නේ අපේ 3 Piece බෑන්ඩ් එකේ ඉදිරිය හා සිදුවුන රසබර සිද්ධි ගැන තමයි. හොඳයි ළමා...යි ! බහිමු නේද ස්ටෝරියට !!!

Friday, September 23, 2011

චතූගේ Band කථා #01 - Music ජීවිතේ පටන් ගත්ත හැටි...


හ ලොකුවට චතූගේ කථා කියලා නම දාගත්තට මොකද... කථා නම් ලියන්න වුනේ දෙක තුනයි. රස කථා දෙක තුනකුයි, බණ කථා ටිකකුයි ලිව්වා තමයි. ඒ වුනාට දැන් තමයි නියම කථාවක් කියන්න යන්නේ... සංගීත කණ්ඩායම් එක්ක කටයුතු කරද්දී සිදුවුනු රසබර සිද්ධි වගේම මගේ සංගීත ජීවිතේ මතකයනුත් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ සූදානම... එහෙනම්, මෙන්න චතූගේ බෑන්ඩ් කථා...

Wednesday, August 31, 2011

Dual Core හීනය මතින් ‘චතූගේ කථා‘ වෙත නැවත පැමිණියෙමි...


යුබෝවන් හැමෝටම... ඔන්න මම ආයෙත් ආවා... සති හතරකට පස්සේ තමයි මේ පෝස්ට් එකක් දාන්නේ. මෙච්චර දවසක් මුකුත්ම පළ නොකළාට සමාවෙන්න. ඇත්තටම කිව්වොත් මාසේ මුල සතියේ ඉඳලාම පෝස්ට් එකක් දාන්න තරම් තත්ත්වයක් තිබුනේ නෑ. මමයි නෝනියි අප්‍රේල් මාසේ මැද වගේ අළුත් නවාතැනකට ආව බව කලින් කිව්වා මතක ඇතිනේ. ඉතින් මාස හතරක් වගේ තමයි එතන ඉන්න පුළුවන් වුනේ. එතන තව දුරටත් වසන්න බැරි තත්ත්වයක් තමයි ඇතිවුනේ. සිද්ධිය කියන්න බැරි තරමටම අප්‍රසන්න එකක්. සමහර විට ඉදිරියේදී ලියවේවි.

Thursday, June 30, 2011

දෙවැනි විවාහ සංවත්සරය, 2 x 5 = 10000 සහ ස්තුතිය !!!

ද ජුනි  මාසේ 30 වැනිදා... මේ මාසේ අන්තිම දවස... ඒ වගේම අවුරුද්දක පළමු අර්ධයේ අවසාන දවස... ! ඒ වුනත්, අද... ජුනි 30 කියන්නේ මගේ ජීවිතේ නම් පටන්ගත්ත දවස. ඔව්... හරියටම මීට අවුරුදු 2 කට කලින් මම මගේ චූටි නෝනිත් එක්ක ජීවිතේ පටන් ගත්තා. තනියෙන් ගත කරපු ජීවි‍ෙත් දෙන්නා එක්ක බෙදා ගත්තා.  දැන් අවුරුදු දෙකක්ම ඇවිත්...! අවුරුදු දෙකක් පවුල් කනවා කියන්නේ ඉතින් ආයි ලේසි පහසු වැඩක් නම් නෙවේ. ඔය බැඳපු උන‍්දැලැ නම් දන්නවා ඇතිනේ. නොබැඳපු උන් ඉතින් බැඳලම වටහාගනිල්ලකො...

Friday, June 24, 2011

පොඩි එකාට මාස පහයි...! එන්න... ඇවිදින් අත දෙන්න...

මේක දැකලා අහක බලාගෙන යන්න නම් එපා ඕං... ඔයාලගේ උදව් අවශ්‍ය වෙලාවකයි මේ ලියන්නේ. ඉතින් පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් විනාඩි පහක් කියවලා පොඩි සහයෝගයක් දෙන්න අප්පා.

මාස 5 ක පොඩි එකෙක්... හුර...තල් වයස නේද ? මේ මොන විකාරයක්ද ? ඇයි අප්පා බලන්නකෝ පොඩ්ඩක් කැරකිලා...ඔය ඉන්නේ ලස්සනට නිල් පාටට ඇඳගෙන... චූටි කොලු පැටියා. කොහොමද ? මගේ කොල්ලා ලස්සනට ඉන්නවා නේද ?

Wednesday, February 23, 2011

ක්ෂණිකව පල දුන් සත්ත්ව කරුණාව...


     ඉතින්... හුඟ කාලෙකට පස්සෙ ආයෙත් පෝස්ට් එකක් දාන්නේ.  ලියන්න දේවල් නැතුව නෙවෙයි. වෙලාව අඩු නිසා. මැෂින් එක
on කලෙත් දවස් දෙකකට පස්සේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ තවත් රස කථාවක් ... hot hot කථාවක්... මීට කලින් දාපු ත්‍රිවිලර්  කථාව මතක ඇතිනේ. මේකත් ටිකක් ඒ වගේ...