අද ජුනි මාසේ 30 වැනිදා... මේ මාසේ අන්තිම දවස... ඒ වගේම අවුරුද්දක පළමු අර්ධයේ අවසාන දවස... ! ඒ වුනත්, අද... ජුනි 30 කියන්නේ මගේ ජීවිතේ නම් පටන්ගත්ත දවස. ඔව්... හරියටම මීට අවුරුදු 2 කට කලින් මම මගේ චූටි නෝනිත් එක්ක ජීවිතේ පටන් ගත්තා. තනියෙන් ගත කරපු ජීවිෙත් දෙන්නා එක්ක බෙදා ගත්තා. දැන් අවුරුදු දෙකක්ම ඇවිත්...! අවුරුදු දෙකක් පවුල් කනවා කියන්නේ ඉතින් ආයි ලේසි පහසු වැඩක් නම් නෙවේ. ඔය බැඳපු උන‍්දැලැ නම් දන්නවා ඇතිනේ. නොබැඳපු උන් ඉතින් බැඳලම වටහාගනිල්ලකො...
මම කොහේදි හරි කියෙව්වා, බැඳලා අවුරුදු දෙකක් ඇදගෙන ගියා කියන්නේ කසාද ජීවිතේ ඉතුරු ටිකත් ගොඩම තමා කියලා. දෙන්නෙක් කසාද බැඳලා, එක කාමරේ බෙදාගෙන එකට ජීවත් වෙනකොට තමයි ජීවිත වල ඇත්ත තත්ත්වය තේරුම් යන්නේ. සමහර වෙලාවට ඉතින් බඳින්න කලින් මවපු සුරංගනා ලෝක බිම වැටිලා කුඩු !!! කලින් කියපු බොරු ඔක්කොම අතේ මාට්ටු ! අන්තිමට වලි... අවුරුද්දක් ඉවර වෙන්නත් කලින් දෙන්න ගැලවෙන්නයි හදන්නේ. ඉතින් අප්පේ... අපි නම් දෙයියනේ කියලා අවුරුදු දෙකක් පවුල් කෑවා. ආපහු හැරිලා බලද්දී ඕක ඉතින් එච්චර සුන්දර ගමනකුත් නෙවෙයි. ඔය අස්සේ පොඩි පොඩි යුද්ධ ප්‍රකාශ කිරීම්, සාම සාකච්ඡා වගේම දැවැන්ත මල්ටි බැරල් ප්‍රහාර හුවමාරු වුන අවස්ථාත් නැතුවාම නොවේ. අපියි කියලා ඉතින් මනුස්සයෝ නොවැ... නේ ! බඳින්න කලියෙන් නම් හිතාන හිටියේ බිරින්දෑ එක්ක කවදාවත් රණ්ඩු කොරන්නෑය, බනින්නෑය කියලා. බැන්දම නොවැ තේරෙන්නේ ඒකේ රඟේ !!! හැබැයි ඉතින් ලෝකෙ පෙරලෙන්න තරමට වලි ගියත් නෝනිවත්, මමවත් දවසකට වඩා විරසකෙන් ඉන්නේ නෑ. ඔය රෑට මොකකට හරි වලියක් දාගෙන (ගොඩක් දුරට හේතුව නම් ඉතින් මගෙ අනියම් පෙම්වතිය තමා - කොම්පීටරේ බොලව් !) නෝනි මල පැනලා නිදාගන්න ගියාට පහුවදා උදේට වෙනදා සුපුරුදු ආකාරයටම තේ එක ඇඳ ළඟින් තියලා කම්මුල ඉඹලා ඇහැරවන එක නම් වැරදෙන්නේ නෑ...!
මම බැන්දේ බඳින්න ඕනෙ හොඳම කාලේ. බඳිනකොට 25 යි. ජීවිතේ දැනුම් තේරුම් තිබුණ වුනාට ඒ කාලේ ඔහේ පිස්සු නට නට (Music Band) හිටියා මිසක් පිළිවෙලක් වෙන්න වුවමනාවක් තිබුනේ නෑ. නැගිටින්නේ උදේ 10-11 ට... නිශාචර ජීවිතේ... රෑ වෙලා ගෙදර එන්නේ. ඒත් ඉතින් බැන්දයින් පස්සේ වගකීම කියන එක තදින්ම ඔළුවට දැනෙන්න ගත්තා. තව ජීවිතයකට (ඉස්සරහට දෙක තුනකට...) වග කියන්න ඕනේ නේද කියලා හිතෙන කොට වගකීමක බර දැනෙන එකෙක්ට තවදුරටත් පිස්සු නටන්න බෑ. “අරක කරපන්... මේක කරපන්...” කියලා නීති සංග්‍රහය නොදැම්මාට නෝනිත් මගේ පස්සෙන් හිටියා. ඇත්තම කිව්වොත් නෝනි නිසා මං හැදුනා - මං නිසා නෝනි හැදුනා... දැන් නෑදෑයෝ, හිත මිත්‍රයෝ දැක්කම කියන්නේ “උඹ දැන් පිළිවෙලක් වෙලා නේද බං...” කියලා තමයි. ඒකට නම් ඉතින් credit එක 50% ක් නෝනිට තමා.
නෝනියි මමයි ආස්සරේ කොලේ මාස 06 යි. ආදරේ ප්‍රකාශ කොරලා මාස 3 ½ න් අපි බැන්දා. එහෙව් එකේ මේක කියවන එකාලා දැන් මගෙන් අහන්න බැරි නෑ බොට පිස්සුද කියලා ? ඒත් ඉතින්... අවුරුදු ගණන් තේරුම් ගන්න බැරුව ඇද ඇද ඉන්නවට වඩා සුදුසුම අවස්ථාවේ තීරණය ගන්න එක තමා හොඳ. මොනවා වුනත් වෙන්න තියෙන දෙයක් නම් නවත්තන්න බෑ නොවැ. අනික, තීරණයක් ළඟදී මම දෙපැත්තට වැනෙන පොරක් නෙවේ. බෙල්ල ගියත් ගත්ත තීරණයක් වෙනස් කරන පොරකුත් නෙවේ...
කසාද බැඳලා ගෙවිච්ච අවුරුදු 2 ට අපි අපේ ජීවිත වලට එකතු කරගත්තු දේවල් ගැන ආපහු හැරිලා බලද්දී ගොඩාරියක් සතුටුයි...! ඒ ඔක්කොම මගේ දාඩිය මහන්සිය සහ නෝනිගේ කැපකිරීම තමයි. කසාද බඳිනවා කියලා අපි දෙන්නට වෙඩිමක් නම් ගන්න බැරිවුනා. ඒත් අදටත් අපි දෙන්නටම ඒ ගැන දුකක් නම් නෑ. තිබුණු අවස්ථාවේ හැටියට කසාදේ රෙජිස්ටර් කොරලා ලඟම නෑදෑයෝ 10-15 කට කෑමක් දීලා වැඩේ ඉවර කොලා. කිව්වට විශ්වාස කොරන්න... බඳින වෙලාවේ මගේ සාක්කුව සන්තකේටම තිබුනේ රුපියල් 30/- යි !!! ඇත්තටම ඒ හැම දෙයක් එක්කම බින්දුවටත් පහළ ඉඳන්, සෘණ ගණන් වලින් අපි දෙන්නා ජීවිතේ පටන් ගත්තා. ලැබුනු සොච්චම් පඩිය ඉතුරු කරගෙන බැන්දයත් පස්සේ යාන්තම් වෙඩින් ෙෆාටෝ ටිකත් කරගත්තා. තව මාස දෙක තුනක් කට්ට කාලා පොඩියට හරි ඇල්බම් එකකුත් කරගත්තා. කවදා හරි පොඩි වුන්ට පෙන්නන්න දෙයක් තියෙන්නත් එපෑ. ඒ දවස්වල පයින් ගාට ගාට... රෑ නමයට දහයට කිලෝමීටර දෙක තුන අදිද්දී... මට පේන්න දුක් නොවුනත්, මම ගැන දුක වුනු නෝනි නිසා වැඩේ පත්තු වෙලා... දෙපැත්තෙම අම්මලා දෙන්නට loan පාරක් දාලා bike එකකුත් ගත්තා. පස්සේ ටික ටික ඒකත් ගෙව්වා. “උඹ නම් කවදාහරි කසාදයක් බැන්ද දවසට ගෑනිගෙන් ගුටි කනවා පුතේ...” කියලා කියපු අම්මගේ කට වැහෙන්නම නෝනිත් මමත් අද හොඳින් පවුල් කනවා. ආර්ථික ප්‍රශ්ණ කොච්චර තිබුණත්, අපි දෙන්නා එකමුතුවෙන් උන්නා. සල්ලි නැති නිසා කන්න නැතුව බඩගින්නේ හිටිය රෑ වල... දෙන්නා එක්ක එක බිස්කට් එක දෙකට බෙදාගෙන කාලා වතුර ටිකක් බීලා නිදාගත්තා. ඒත් නෝනි වචනයක් වත් කියලා නෑ. එහෙම තමයි අපේ ආදරේ... අපේ ජීවිතේ...!!!
හිනාවෙලා ලස්සනට පේන්න ජීවත් වුනාට හැම මනුෂ්‍ය ප්‍රාණියෙක්ගෙම පපුව ඇතුලේ දුකක් හැංගිලා තියෙනවා. මගෙත් එහෙම තමයි. හැකි වුනොත්... මට හිතුනොත්... ඒ කථා ටිකත් හිමි හිමින් කියන්නම්. සමහරවිට... බලන ඔයාලට ඇත්තටම අඬන්න වෙයිද කියන්නත් බෑ...
ඉතින් මේ පෝස්ට් එක දාන්නේ සාර්ථක ලෙස අවුරුදු දෙකක් පවුල් කෑමේ ප්‍රීතිය නිමිත්තෙන්...! ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනෙ, මේ මොහොතේ දීත් මගේ අනියම් සම්බන්ධයට (ආයෙත්... කොම්පීටරය...) උපරිම සහයෝගය ලබා දෙන චූටි නෝනිට මගේ ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මෙග් බ්ලොග් එකේ එයා කමෙන්ට් කරනවට මං අකැමැති නිසා කමෙන්ට් නොකෙරුවාට, හැමදාමත් මගේ පළමු පාඨකයා හා පළමු විචාරකයා ඇයම තමා !!!
ඉතින්... දෙයියනේ කියලා මේ ගෙවුනු අවුරුදු දෙක වගේම ඉදිරි ජීවිත කාලයත් ජොලිබර, වලිබර, සොමිබර, මල චාටර් සහ ප්‍රීති විකාර පිරුණු, සියළු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම මෙලෝරහක් නැතුව එකෙන්ම සාර්ථක කර ගන්න වාසනාව - ශක්තිය - ධෛර්යය ලැබෙන වාසනාවන්ත සුභ විවාහ දිවියක් වේවායි ඔය හැමෝම වෙනුවෙන් අපි දෙන්නම පතා ගන්නම් !!!
තව එකක්... මේ මාසේ නම් හරිම ෂෝයි මාසයක්...! පහුගිය 24 වැනිදට මගේ බ්ලොගේට මාස 05 යි... 25 වැනිදා දවාලියට බ්ලොග් එකට හිට්ස් 10000 යි. අද 30 වැනිදාට අපේ 2 වැනි විවාහ සංවත්සරය... ඉතින් ඔය ඔක්කොම එකතු කලාම මෙන්න මේ වෙග් සමීකරණයක් තමා එන්නේ...
2 X 5 = 10000
එහෙනම් අපි ගියා.
Happy 2nd Anniversary ‘CN’
අපුරුයිනේ ...ලස්සනට ලියල . ඔයාටයි නෝනිටයි අනියම් සම්බන්ධෙටයි ඔන්න මගෙන් සුබ පැතුම්
ReplyDeleteමරුවට ලියල තියෙනවා. දෙන්නටම මගෙනුත් සුබපැතුම්. ඒ වගේම තමයි අර ඇඬෙන කතා ටිකත් පුලුවන් නම් ඉස්සරහට දාන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි.
ReplyDeleteඔබ දෙපලට සුබ පැතුම්!
ReplyDeleteදැන් එහෙනම් තුන්වැන්නෙක් ගැනත් හිතන්න වෙලාව හරි:)
@ Bindi : බොහොම ස්තුතියි බින්දි අක්කේ. ඔය ජාතියේ අනියම් සම්බන්ධයක් ඔයාගෙත් ඇති මගේ හිතේ. ඔයාගේ බනියගේ තාත්තා දන්නවා ඇතිනේ !!!
ReplyDelete@ උදාර : බොහොම ස්තුතියි සහෝ. බලමු ඉස්සරහට... ඇඬෙයිද කියලා !!!
@ නදී : ප්‍රතිචාරයට ස්තුතියි සහෝදරී. ආහ්...! මට කියන්න බැරිව ගියා නොවැ. 3 වැනි සංවත්සරේටම 3 වැනියෙක් ගේන්න තමා හිතන් ඉන්නේ !!! :D
2natama mage unusum suba pathum....mulu jiwitha kaletama oyala 2nnata ma wage sathutin inna labewa kiyala pathanawa.... aah..me...thunweniyek gana hithanna nm kale hari dn..
ReplyDeleteඔන්න එහෙනම් මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න.. :)
ReplyDeleteඉස්සෙල්ලම දෙන්නට සුබපතනවා! පෙ.ව.12.37ට නෙ බං මේක ලියල තියෙන්නෙ. ඉස්සරහටත් පවුල්කන්න ඕනෙ නම් ඔය වෙලාවට අනියම් පෙම්වතිය එක්ක ඉන්න එක නවත්තපන්.
ReplyDeleteඋණුසුම් සුභපැතුම් මචන්!....
ReplyDeleteමචෝ... ඔන්න මමත් සුබ පතනව.... මට තාම මතකයි LOVE එක පටන් ගත්ත හැටි. අන්තිමට උබ බදින්න යන කොට හැමෝම කෑගැහුවනෙ. උඹ රු 30 අතේ තියාගෙන පටන් ගත්තට සැහෙන්න දුර ගමනක් දැනටමත් ගිහින් තියනව. මට එකට සෑහෙන්න සන්තෝසයි. මම සුබපතනව තව සෑහෙන්න දුරක් ඔයවගේම යන්න හැකියාව ලැබෙන්න කියල....!!!!! සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා...!!!!!
ReplyDeleteමගෙන් සුභ පැතුම්........
ReplyDeleteඔන්න මගෙනුත් සුබ පැතුම් ......
ReplyDelete"මම බැන්දේ බඳින්න ඕනෙ හොඳම කාලේ. බඳිනකොට 25 යි."
නියම කාලෙදි නියම තීරණේ අරගෙන තියනවා. ඔය ගැන මමත් පෝස්ට් එකක් දාලා තියනවා. උඹ කමෙන්ට් කරලත් තිබුනා ඒකෙ.
http://pansalhandiya.blogspot.com/2011/06/blog-post.html
තිබුණු අවස්ථාවේ හැටියට කසාදේ රෙජිස්ටර් කොරලා ලඟම නෑදෑයෝ 10-15 කට කෑමක් දීලා වැඩේ ඉවර කොලා.
ඇත්ත ඇති සැටියෙන් දැකලා තියනවා බොරු විච්චූරන නැතුව. එල.
කවදා හරි පොඩි වුන්ට පෙන්නන්න දෙයක් තියෙන්නත් එපෑ.
යකෝ තාම පොඩි එකෙක් නැද්ද, මක් කරනවද ......
"ඒ දවස්වල පයින් ගාට ගාට... රෑ නමයට දහයට කිලෝමීටර දෙක තුන අදිද්දී...,
සල්ලි නැති නිසා කන්න නැතුව බඩගින්නේ හිටිය රෑ වල... දෙන්නා එක්ක එක බිස්කට් එක දෙකට බෙදාගෙන කාලා වතුර ටිකක් බීලා නිදාගත්තා. ඒත් නෝනි වචනයක් වත් කියලා නෑ. එහෙම තමයි අපේ ආදරේ... අපේ ජීවිතේ...!!!"
බං කටු අකුල් නැත්නම් ජීවිතයක් නැහැ, අපිට හැමදේම අඩුවක් නැතුව තිබුනොත් කිසිම ප්‍රශ්නයක් නැතුව එතන ජීවිතයක් නැහැ
“උඹ නම් කවදාහරි කසාදයක් බැන්ද දවසට ගෑනිගෙන් ගුටි කනවා පුතේ...”
ඕක මට ටිකක් වෙනස් විදියට අපේ අම්මා කියලා තියෙන්නෙ, "උඹගේ ක්‍රියා පටිපාටියේ හැටියට කවදාවත් උඹත් එක්ක ගෑනියෙක් නම් ඉන්නෙ නෑ"
"ඔය රෑට මොකකට හරි වලියක් දාගෙන (ගොඩක් දුරට හේතුව නම් ඉතින් මගෙ අනියම් පෙම්වතිය තමා - කොම්පීටරේ බොලව් !)
ඕකට සිම්පල් ප්ලෑන් එකක් තියනවා බං නෝනිටත් බ්ලොග් එකක් ලියන්න හදලා දීපන් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
12 වෙනකල් ඉන්නත් එපෑ Anniversary wish කරන්න...
ඇත්ත කියපං මම කාටවත් කියන්නෙ නැහැ උඹ විෂ් කල එක විතරමද කලේ ....
මචං චතූ,
ReplyDeleteඔන්න ඔක්කොටම ඉස්සෙල්ලා උඔලට සුබම සුබ සංවත්සරයක්.
සිරාවටම මචං උඹේ සීන් එක කියවද්දි නම් ඇඩෙන්නත් එනවා. ඒ වගේම මාර සතුටක් දැනෙන්නෙ. අපේම එකෙක් හොඳින් ඉන්නවනම් අපිට ඊට වඩා දෙයක් නෑ. පට්ටම තමා. මම උඹලට සුබ පතනවා ගෙවුනු අවුරුදු දෙක වගේම හැමදාමත් ඔය විදියටම කිසිම අවුලක් නැතුව පවුල් කාලා ඉන්න ලැබෙන්න කියලා.
තව එකක්....
උඹ දන්නවනෙ අපි කවදාවත් පවුල් පන්සල් වෙන එවුන් නෙමෙයි කියලා. ඒක හින්දා උඹලා අපේ ආයුෂත් අරගෙන තවත් කාලයක් ලස්සනට පවුල් කාපං.... බොක්කෙන්මයි කියන්නෙ.... හරී...
සුභ පැතුම්.
ReplyDeleteමගෙනුත් උණුසුම් සුබ පැතුම්!!
ReplyDeleteසුභ පැතුම් සහෝ............
ReplyDelete@ Ano1 : බොහොම ස්තුතියි ඇනෝ... කවුද කියලා ඉතින් දන්නෑ නේ අප්පා. කොහොම වුනත් ප්‍රතිචාරයට ස්තුතියි. 3 වෙනියා ගැන ඉහල නදීට දුන් පිළිතුරම තමයි දෙන්න තියෙන්නේ.
ReplyDelete@ සාතන් / ChammA : දෙන්නටම බොහොම ස්තුතියි ඕං !
@ රාජ් : සුභ පැතුමටයි, උපදේසෙටයි දෙකටම ස්තුතියි සහෝ. ඒකනේ මම මුලදිම නෝනිට අනියම් සම්බන්ධෙ ගැන දැනුවත් කරලා තිබේබේ. ඒක නිසා අවුලක් නෑ. ඒ දෙන්නත් හොඳ යාළුවොනේ. :D
@ පන්නි : අම්මපා උඹලත් මේ පැත්තේ එනවා එහෙනම් ඈඃ...
එළ එළ මචං... මටත් තාම මතකයි ඒ දවස්වල උඹලා දාපු බාල්දි. කොහොම වුනත් සුභ පැතුම ඉත සිතින් භාරගන්නවා මචං. ඒ වගේම මටත් මේ වගේ සංවත්සරයකට උඹට සුභ පතන්න ළඟදීම අවස්ථාවක් සලසා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ඒ ගැනත් සලකා බලපන්...!!! තැන්කූ වේවා !!!
@ හරී / හංසි / ලහිරු / Ano2 : ඔය හතරදෙනාටම බොහොම ස්තුතියි කිව්වා... ගොඩක් සතුටින් සුභ පැතුම් භාරගන්නවා...!
@ පන්සල් හංදිය : බොහොම ස්තුතියි කල්හාර සහෝ. උඹ නම් වෙනස් කරපු එකෙන් උඹේ කමෙන්ට් කවුන්ට් එක බකල් වෙලා ඕං, මට නම් කරන්න දෙයක් නෑ. කොහොමින් හරි ප්‍රතිචාරයට ගොඩක්ම ස්තුතියි. මම මේ කමෙන්ට් එක දැක්ක ගමන්ම කියෙව්වා. පස්සේ බලද්දි ඒක spam වෙලා. ඔන්න ආයෙත් publish කලා.
ReplyDeleteමම ඔයාගේ පෝස්ට් එක කැමැත්තෙන් බැලුවා සහෝ. 100% ක් එකඟයි. ආඃ... අර කියාපු පොඩි එකා තුන් වැනි සංවත්සරේ සමරන්න එන්නලු ඉන්නේ...!
//12 වෙනකල් ඉන්නත් එපෑ Anniversary wish කරන්න...//
කරන දේ උඹට කියල දෙන්න ඕනෙ නෑනෙ. මට වඩා සෑහෙන්න අත්දැකීම් බහුල ප්‍රවීන ක්‍රීඩකයෙක්නේ.
කල්හාර සහෝ... හැමදාම වගේ අදත් සහයෝගයට බොහොම ස්තුතියි... !
@ දිනී : අප්පා...! දැක්මත් සතුටක් මචෝ ! ඔක්කොටොම වඩා උඹ දැන් භාෂාව හදාගෙන ඉන්න එකට ඔක්කොටොම වඩා සන්තෝසයි. උඹ ඉතින් එදා ඉඳන් බොක්ක නේ. සුභ පැතුමට බොහොම ස්තුතියි කොල්ලෝ...!
//උඹ දන්නවනෙ අපි කවදාවත් පවුල් පන්සල් වෙන එවුන් නෙමෙයි කියලා.//
ඔය අනික් ඒවත් ටික ටික වෙනස් වුන එකේ තව අවුරුදු 10 ක් යන්න කලින් උඹ බඳියි. මට ඒකත්
ෂුවර්... එදාට මේ විදියට උඹට සුභ පතන්නේ මම... keep mind that !!!
මම අද තමයි පළවෙනි වතාවට මේ බ්ලොගයට ගොඩවුණේ . ඒකත් විශේෂ දවසක . 65 වෙනියට follow කළා . මේ පැත්තට පෙරළුණු 10 , 530 . . . :) සුභම සුභ අනාගතයකට හදවතින්ම සුභ පතනවා . ආයුභෝවේවා දෙපලටම .
ReplyDeleteසුබම සුබ සoවත්සරයක් අය්යේ.
ReplyDeleteසුභ පතන්න පරක්කු උනා හොඳටම පරක්කුයි වැඩියි මචෝ වෙරි සොරි .මේ ලිපිය උඹේ ආත්මය යුනිකෝඩ වලට පෙරලුණු අවස්ථාවක් කියලයි මම නම් දකින්නේ .උඹටත් නෝනිටත් ඉතාම සංතෝසෙන් , ප්‍රිතිදායක විවාහ ජීවිතයක් ගතකරන්න ලැබේවායි කියල මම ප්‍රාර්ථනා කරනව . ඒ වගේම , "අද මගෙත් නෝනින්ගෙත් 25 වෙනි විවාහ සංවත්සරය" කියල ලිපියක් ලියවෙන්න උඹ අනියම් සම්බන්ධයත් එලෙසින්ම පවතීවායි ප්‍රාර්ථනා කොරනව . ආ.... අර කලින් අයත් කියල තියනව වගේ මේ අනියම් සම්බන්දේ මහ රැට නම් තියා ගන්න එපා ඕං
ReplyDeleteචතුරංග මලේ.. උඹල දෙන්නගෙ ඉදිරි අනාගතය හැම අතකින්ම සාර්ථක වේවා !
ReplyDelete@ සුශාන් ප්‍රියනාත් රත්නායක : බොහොම බොහොම ස්තුතියි... කියවලා, කමෙන්ට් කරලා, ෆලෝ කරලත් ගිහින් අප්පා ! අදහන්න වටිනවා. දිගටම මෙහේ ඒවි කියලා හිතනවා. ජයවේවා !!!
ReplyDelete@ හිම හංසි : බොහොම ස්තුතියි නගේ !
@ buwa : පරක්කු වුනාට සුභ පැතුමක රැස් බහින්නෑ බං. හිතේ කහට නැතුව දෙන සුභ පැතුම් මම හදවතින්ම භාර ගන්නවා. :D උඹ හැමදාම මේ පැත්තේ එනවා කියලා මම දන්නවා. ඉතින්, ස්තුතියි මචං. අනිවාර්යයෙන්ම මැරෙන්නෙත් එක අතකින් නෝනිවත් අනිත් අතින් මවුස් එකත් අල්ලගෙන තමයි. (අපි මැරෙන කාලෙට මවුස් හොයන්න යූටියුබ් තමයි යන්න වෙන්නේ !!!)
එළ තමයි... තැන්කූ වේවා කිව්වා ඒනම් ආ...
@ nawammawatha : නවම් අයියා කාලෙකින් නේ. බොහොම ස්තුතියි සහෝ සුභ පැතුමට
අනේ අය්යේ ගොඩාක් සමාවෙන්නකෝ... අනිවසරි එක පහුවෙලානේ....
ReplyDeleteමම දැන් විශ් කරන්න ගොඩාක් ලේට්...
එත් අය්යලාගේ ආදරේ ගොඩාක් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා අය්යේ....
Good Good''''''''''
ReplyDelete@ දේවා : මලේ... බොහොම ස්තුතියි ප්‍රතිදාරෙට... බුවාට කිව්වා වගේ ඉතින් පරක්කු වුනත් මොකෝ සුභ පතල නම්. කල් පනින එකක් යෑ !!! කෙනෙක්ට සුභ පතන්න වගේ වැඩකට ලේට් එකක් නෑ බං. උඹට සුභ පතන්න හිතෙන එකත්, ඒ වගේම සුභ පතන එකත් තමා වැදගත් ! ආයෙමත් ස්තුතියි කිව්වා ඕං...
ReplyDelete@ upul : හොඳයි !!! හොඳයි !!!
බින්දිගේ පෝස්ට් එකේ ඔයාගේ කමෙන්ට් එක දැකලයි මේ පැත්තේ ආවේ. ලස්සන පෝස්ට් එකක් අනේ.
ReplyDeleteඔයාට, පුංචි නෝනිටත්, අනෙක් ආදරවන්තියටත් පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම්.
ඇත්තම කියන්ටද? මේ පෝස්ට් එක දැක්කාම බඳින්ට හිතෙනවා...:D
නියම පොස්ට් එක අයියේ ......
ReplyDeleteඅපේ ජිවිත වල හැමදාමත් අපිට ගොඩක් හොදට මතක හිටින්නේ ..අපි කට්ට කාල අමරුවෙන් ගොඩ දාගන්න දේවල්මයි.....
ඒ ජිවිතේ හැටි .....
ජිවිතේ නියම රහ දැනෙන්නේ එහෙම උනාමයි..
ලේසියෙන් මල්පල ගැන්වෙන දේවල් 100 කට වැඩිය අමාරුවෙන් කර ගත්තු 1 කම දේත් වටිනවා....
මේ කතාව අපේ කොල්ලෝ කෙල්ලන්ට ලොකු හයියක් වෙයි ජිවිතේ ජය ගන්න .....
ඔයාගේ ඇඩෙන කතා ටිකත් පොස්ට් කරන්න....
මමත් අසාවෙන් බලන් ඉන්නවා කියවන්ඩ...
ඔයාටයි අක්කටයි,ඔයාගේ අනිත් පෙම්වතියටයි මමත් ඉත සිතින්ම සුබ පතනවා....
wish කරන්ඩ පරක්කු උනාට සමාවෙන්න අයියේ....
හැමදාමත් සතුටෙන් ඉන්න ලැබෙන්න කියල පතනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
දෙන්නටම සුභම සුභ පැතුම්...
ReplyDeleteජීව්ත කාලය පුරාවටම මේ සතුට ඉතිරේවා කියල පතනවා!
@ Podi Kumarihami :බොහොම ස්තුතියි !!! බඳින්න හිතෙනවා කිව්වේ මාව නෙවෙයිනේ (බුදු අම්මෝ!) හික්ස් !
ReplyDelete@ දමිත් මල්ලියා : බොහොම ස්තුතියි සුභ පැතුමට මල්ලියෝ... මගේ ජීවිතේ ඔක්කොම වගේ තියෙන්නේ ඔය වගේ අමාරුවෙන් ගොඩ දාගත් ඒවා තමා. ඒ කථා ටිකත් දාන්නම්කෝ කට්ටියට බලන්න. ඉතින් බොහොම ස්තුතියි ප්‍රතිචාරයක් තිබ්බට...
@ තාරක Dilsh@n : බොහොම ස්තුතියි සහෝ !!!
:)
ReplyDeleteදෙන්නටම මගෙනුත් සුබපැතුම්
ReplyDeleteමේකේ කියල තියන දේවල්නම් සහතික ඇත්ත...(ආ ඔන්න මම ඔයාගේ වයස හොයා ගත්තා :).........හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ, හැදෙන පවුල අවුරුදු දෙකකින් දැන ගන්න පුළුවන් ලු. සුබ පැතුම් ඔය දෙන්නට.
ReplyDeleteමගෙන් සුභ පැතුම් අයියේ..
ReplyDelete