Showing posts with label බට්ටගේ හීන. Show all posts
Showing posts with label බට්ටගේ හීන. Show all posts

Wednesday, January 7, 2015

ඡන්දේ දුන්නේ කාටද ඕයි...!!!

ජනවාරි මස 09 වැනිදා රාත්‍රියයි. නිමාවූ ජනාධිපතිවරණයේ උණුසුම නියම අයුරින් මතුව ඇත්තේ දැන් බව පෙනේ. උදෑසනම ඡන්ද ප්‍රතිඵල එද්දී මොකක් හෝ වෙතැයි හිත කීවත්, සුපුරුදු පරිදි මම රාජකාරියට යෑම නම් අතපසු නොකලෙමි. ගියත් කරන්නට වැඩක් නම් තිබු‍ණේ නැත. සුපුරුදු පරිදි පශ්චාත් මැතිවරණ විශ්ලේශණය සඳහා සේවා ස්ථානයේ සගයෝ මුළු දවසම පාහේ නිර්ලෝභීව වැය කලෝය. සේවා ස්ථානයේ දී සන්සුන් ලෙසින් කාලය ගත වූවත්, අද වැඩට ආ මෝඩකම යැයි හැඟෙන්නට වූයේ වැඩ අහවර වී ගෙදර යන්නට මගට බැස්සාට පසුවයි.

Thursday, August 4, 2011

අනාගත පරිගණකයේ හැඩරුව බලන්න බට්ටා එක්ක 2021 ට යමු... Future Computer - 2011


කොම්පියුටර් කියන එක හරි වේගයෙන් දියුණු වෙනවා නෙව ! බට්ටා කොම්පීතර අතපත ගාන්න පටන්ගත්තු දවස්වල නම් i-Pad කියලා ජාතියක් ඒවි කියලා කවුද හිතුවේ. ඔය අවුරුදු 10 කට මෙච්චර වෙනස් වුනා නම් ඉස්සරහට තව අවුරුදු 10 කින් මොනවා වේවිද කියලා බට්ටා කල්පනාව දාගෙන හිටියා. ඒ කාලේ වෙද්දී නම් බට්ටත් නාකි වෙලා ඉදීවී. ඒ වුනත් කොම්පීතර ගැජට් නම් හිතා ගන්න බැරි වෙන තරමටම අරුමෝසම් වෙලා තියේවි. 2011 වෙනකොට මොන මොන කොම්පියුටර් ජිල්මාට් ඇවිත් තියේද කියලා කල්පනා කොර කොර ඉඳලම බට්ටා පොඩි හීනයක් මැව්වා...! ඕං අහගනිල්ල‍කෝ ඒනම්...

Monday, May 16, 2011

බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #3


හොඳයි... එහෙනම්... දෙයියනේ කියලා බට්ටගේ හීනේ ඉවර කොරන්නයි යන්නේ !!! අද මේ පළ වෙන්නේ 3 වැනි සහ අවසාන කොටස. මීට කලින් කියපු 1කොටස  හා 2 කොටස කියෙව්වේ නැත්නම් හොඳ ළමයි වගේ දැන්මම ගිහින් කියවලා එන්න. මතක ඇතිව මේ කොටස් තුනම කියවලා බට්ටගේ හීනෙ බැලුව නම් මොකද හිතෙන්නේ කියලා පොඩ්ඩක් කියලා යන්නකෝ...



බට්ටා කලින් කියපු ඔක්කොම කතන්දර ටික, ඒ කියන්නේ මිනිසාගේ පහළවීමේ ඉඳන් වර්තමානය දක්වා අවුරුදු තුන් ලක්ෂයක සිද්ධි ටික විනාඩි ගානක කෙටි චිත්‍රපටයක් වගේ ගිහින් ඉවර වුනා. දැන් බට්ටට පේන්නේ අනාගතය... අතීත සිද්ධි ටික වර්තමානයට ඇවිත් දැන් අනාගතයට යනවා.

ඒ ගොල්ලෝ එනවා...!!! අපි සූදානම් වෙන්න ඕනෙ...

හොඳයි... ප්‍රති ගුරුත්ව මෙවලම ක්‍රියාත්මක කරන්න.,

අපට තියෙන්නේ සීමිත කාලයක්... නිවරද්‍යතාවය හරියටම තබාගත යුතුයි...

ඔව්... අපිට පෘථිවිය විනාශ වෙන්න දෙන්න බෑ... මේක සෑහෙන්න වැදගත් දෙයක්...

ලූනික් යානය අවුරුදු ලක්02 කටත් වැඩි කාලයක් අක්‍රියව පෘථිවිය වටා කක්ෂගතව පැවතිනි. නමුත් දැන් එයට සක්‍රිය වන්නට කාලයයි. මේ එළෙඹී ඇත්තේ පෘථිවිය මත ජීවයේ තීරණාත්මක අවස්ථාවයි. විශ්වය මත ඇති නොයෙකුත් ශිෂ්ඨාචාර අතරින් නිබ්රුවරුන් ට විරුද්ධ බලවේගයක් ඇවිත්. ඔවුන්ට අවශ්‍යව ඇ‍ත්තේ නිබ්රුවරුන් ගොඩනැගූ ලෝකයක් වන පෘථිවිය මල ලෝකයක් බවට පත් කරන්නටයි. ඔවුන්ගේ වෑයම පෘථිවිය තව තවත් සූර්යයා දෙසට ලං කිරීමයි. දැනටමත් (මේ වන කොට ගෙවෙන්නේ වර්ෂ 2342 යි) පෘථිවිය මත උෂ්ණත්වය දැරිය නොහැකි තරමට වැඩි වෙලා. ඒ පෘථීවිය මත පසුගිය කාලයේ ඇතිවුනු ලෝක යුද්ධ හා වෙනත් ආපදාවන් හේතුවෙන්. මනුෂ්‍යයන් දැනටමත් වාසය කලේ පොළොව යට ඇති භූගත පාතාල නගරවලයි. මේ විරුද්ධ සක්වලයින්ගේ උත්සාහය වන්නේ පෘථිවිය තව තවත් සූර්යයාට ලං කරවා එහි උෂ්ණත්වය තවත් වැඩි කරවීමයි.




නිබ්රු වරුන් ලූනික් යානයේ සිට ක්‍රියාත්මක වුනා. පෘථිවිය මත රාත්‍රී කාලය ගත කරන පෘථිවි වාසීන්ට නම් හොඳ දර්ශණයක් දකින්නට තිබිණි. නමුත් ඉතිරි වී සිටි පෘථිවි වාසීන් සියළු දෙනාම පොළොව යට නිසා හඳ ඇවිදින ආකාරය ඔවුන්ට බලන්න ලැබුනේ නෑ. අනෙක් කාරණය තමයි නිබ්රු වරුන් හා ලූනික් යානය ගැන පෘථිවිය මේ වෙන කොටත් දැනගෙනයි හිටියේ...

විරුද්ධ සක්වලයන්ගේ ගුරුත්ව බල ක්ෂේත්‍රය ක්‍රියාත්මක කරනු ලැබුවා. දැන් පෘථිවිය සිය ස්ථාවර කක්ෂයෙන් මිදී සෙමෙන් සෙමෙන් සූර්යයා දෙසට ඇදේ. ලූනික් යානාව විරුද්ධ සක්වල යානාව අසලට ඇදුනා. ලූනික් යානයේ ප්‍රති ගුරුත්ව මෙවලම ක්‍රියාත්මක වුනා. දැන් යානා දෙක අතර ගුරුත්ව බල යුද්ධයක්...!!! පෘථිවි පාලක විද්‍යාඥයින් මේ සංසිද්ධිය බලාගෙන හිටියත් මේ සඳහා මැදිහත් වෙන්න බැරි තරමටම මේ බලය වැඩියි. ඒක නිසා ඔවුන්ටත් බලාගෙන සිටීම හැර වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.

අවසානයේ නිබ්රුවරුන්ට ජය හිමිවුනු අතර විරුද්ධ සක්වල යානාව විනාශ කරනු ලැබිණි. ඒ දැවැන්ත කම්පනයෙන් පෘථිවි තලය දෙදරා ගිය අතර පාතාල නගර දෙක තුනකට සුළු හානි සිදු විනි. නමුත්... වැදගත් ම දේ... මෙච්චර කාලයක්, අවුරුදු ලක්ෂ 02 කටත් වැඩි කාලයක් තිස්සේ පෘථිවියේ පාළු මකපු, රාත්‍රියේ අඳුර කැපූ සඳ - නිබ්රු වරුන්ගේ ලූනික් යානය දැන්... අතිශය තීරණාත්මක මොහොතක් ලඟ...

මෙතරම් කාලයක් නිබ්රුවරුන් අපේක්ෂාවෙන් සිටි මොහොත එළෙඹුනා. තමන් අතින් හදා වඩා දියුණුවට පත්කළ මනුෂ්‍ය වර්ගයාත්, පෘථිවි තලයත් විනාශයට පත් වනු බලා සිටිය නොහැකියි. සිදුවන දැවැන්ත උෂ්ණත්ව වෙනසත් සමග මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම අවිනිශ්චිතයි. ඉතින් කළ යුත්තේ පෘථිවිය මත උෂ්ණත්වය ජීවය පැවතිය හැකි මට්ටමකට පත් කිරීමටයි. මේ එයට වාරයයි...

මෙතෙක් කලක් පෘථිවියේ කටයුතු වලට සෘජුවම මැදිහත් නොවී සිටියත් පෘථිවි වාසීන්ගේ දියුණුව හා පැවැත්ම වෙනුවෙන් නිබ්රුවරුන් විශාල වැඩ කොටසක් සිදුකලා. ප්‍රසිද්ධියේ පෘථිවි වාසීන් හට නිරාවරණය වූ මේ මොහොතේ ලූනික් යානයට හා නිබ්රුවරුන්ට පැවරී තිබුනේ ‍ෛඑතිහාසික කාර්යයකි. ඒ පෘථීවිය දැනට රැඳී ඇති අස්ථාවර කක්ෂයෙන් එපිටට රැගෙන ගොස් පෘථීවිය සූර්යයාගෙන් ඈත් කොට වඩාත් අඟහරු දෙසට ලං කිරීමයි. එමගින් පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරීමයි.

            ඉතින්... ලූනික් යානය ත‍ම උපරිම බලයෙන් ක්‍රියාත්මක වුනා. පෘථීවිය වෙත සිය ගුරුත්ව බලය විහිදුවා එමගින් පෘථීවිය සූර්යයාගෙන් තවත් ඈත් කෙරුන අතර එමගින් පෘථිවිය මත ජීවය මත ජීවය සුරක්ෂිත කෙරිනි. දශක ගණනාවක් තිස්සේ තිබුණු පරිසර උෂ්ණත්වය අංශක 16 ක් දක්වා පහත වැටුනි. පාතාල නගරයන්හි උෂ්ණත්වය අඩු මට්ටමක් දක්වා පාලනය කර තිබුණු නිසා පෘථිවි තලය මත දැන් පවතින උෂ්ණත්වයත් පාතාල නගරයන් හි පැවති උෂ්ණත්වයත් එක මට්ටමක පැවතිනි. ඒ නිසා පෘථිවි වාසීන්ට පාතාල නගරයන්ගෙන් මිදී නැවතත් පෘථිවි තලය මත ජීවිතයට හුරුවීමට අපහසු නොවනු ඇති.


 

අතීතයේ නිල්ල පිරී පැවති සහරා ප්‍රදේශය මිනිසෙකුට දැකීමට පවා බිය උපදවන තරමේ කාන්තාරයක් බවට පත් කෙරුනේ නිබ්රුවරුන්ගේ සැලසුම් වල ප්‍රතිඵල ලෙසිනි. විශ්වය ජය ගැනීමට අවශ්‍ය වන සියළුම දැනුම දැවැන්ත සහරා කතර මැද සැඟව පැවතිනි. දැන් නිබ්රුවරුන් පෘථිවිය හා සම්බන්ධ වන අවසන් අවස්ථාවයි. සහරා කතර මැද ඇති නිබ්රුවරුන්ගේ තාක්ෂණාගාරය මගින් ඉදිරි දිනෙක පෘථිවි වාසී මනුෂ්‍ය වර්ගයා නිබ්රු ලෝකය වෙත ගමන් කරන තුරු පෘථිවිය හා නිබ්රු අතර නැවත සම්බන්ධයක් නොපවතිනු ඇත. සහරාහි තාක්ෂණාගාරය මුළු සහරා කතර පුරාම පැතිරී ඇති දැවැන්ත පර්යේෂණාගාරයකි. පෘථීවිය සිය නව කක්ෂයේ ස්ථාන ගත වීම සමග සහරා තාක්ෂණාගාරයද ලොවට විවර විනි. පෘථිවිය මත අළුත් කථාවක් මෙතැන් සිට ලියැවෙනු ඇති...

ලූනික් යානය සිය ‍ෛඑතිහාසික සංචාරය නිමාවට පත් කරමින් සිටියාය. ගුරුත්ව බල ක්ෂේත්‍රය සඳහා බලය යෙදවීමෙන් එහි ශක්ති ප්‍රභවයන් දැවැන්ත ලෙස ක්ෂය වී ගොසිනි. එසේම නැවතත් නිවැරදි කළ නොහැකි තරම් දරුණු ලෙස මුළු යානාවේම ස්ථායිතාව බිඳ වැටී ගොස් තිබිණි. ක්‍රම ක්‍රමයෙන් පෘථිවියෙන් ඈත් වී යන ලූනික් යානාව... පෘථිවි වාසීන්ගේ සඳ... සදහටම පෘථිවියෙන් සමු ගත්තාය...!!!

කාලගුණයේ සිදු වී ඇති විපර්යාසය ගැන පෘථිවි විද්‍යාඥයින් විමර්ෂණය කරමින් වුන්හ. අළුත් පෘථිවියේ අනාගතය ගැන සෑම තැන්හිම අළුත් බලාපොරොත්තු ඇතිවී තිබිණි. නමුත් ශිෂ්ඨාචාරයෙන් ශිෂ්ඨාචාරයට මිනිස් වර්ගයා සමග ළඟින් සිට පෘථීවියට තනි රැක්ක ගමන් සගයා වූ පෘථීවියේ එකම චන්ද්‍රයා සදහටම අහිමි වී ඇති බව පෘථිවි වාසීන් දැන ගන්නා විට...???

අද යන්නැද්ද... පරක්කු වෙනවා නේද ??? නෝනිගේ කෑගැහිල්ලත් සමග බට්ටාගේ film එක එක පාරටම නැවතුනා.

දනිපනි ගාලා බට්ටා ඇඳෙන් නැගිටලා එළියට දිව්වේ හඳ තියෙනවද බලන්නයි...

කෝ බලන්න... ඇත්තටම හඳ තියෙනවද කියලා...!!!


- අවසානයි -


මෙම ලිපි පෙළ අන්තර්ජාලයේ නොයෙකුත් අඩවි වල වූ තොරතුරු ඇසුරින් සකස් කරන ලද කතෘ නිර්මාණයකි. මෙහි එන සියළුම රූ සටහන් Google Image Search වෙතින් ලබාගත් ඒවා වන අතර එහි සියළු අයිතිය ඒවායේ මුල් හිමිකරුවන් සතුවේ.

Friday, May 13, 2011

බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #2


රායිට්, ළමයි... බට්ටගේ හීනේ දෙවැනි කොටස කියවන්න ලෑස්තිද ? කලින් කොටසෙදී බට්ටා නිබ්රු කියන ග්‍රහලෝකෙට හීනෙන් ගියානේ.  ඊට පස්සේ එහේ හිටපු නිබ්රු සෙට් එකක් එක්ක බට්ටා ආපහු යානාවකින් එනවා. දැන් බලමු එතන ඉඳන් මොකද වෙන්නේ කියලා.

Wednesday, May 11, 2011

බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #1


ක්කොටොම කලින් කියන්න ඕනේ පහුගිය ටිකේම අළුතින් පෝස්ට් එකක් දාන්න බැරිවුනාට සමාවෙන්න කියලා. මීට කලින් දාපු පෝස්ට් එක දැම්මේ මාස 02 කට විතර පස්සේ. මේ පෝස්ට් එකත් මාසයක් විතර දිස්සෙම කොටනවා. ටික ටික කොටලා තමයි අහවරක් කලේ. පහුගිය මාසෙම එක එක වැඩ නොවැ. ඔෆීසියේ රාජකාරි බහුලයි. අනෙක් අතට මගේ කොම්පීටරේ හාඩ් ඩිස්ක් රාජයා ලෙඩක්  දැම්මා. එහෙන් world cup එක. ඊට පස්සේ අවුරුදු හා පාටි. තව ඉතින් ඔය අස්සේ අපේ පදිංචියත් වෙනස් කලා නොවැ. ඔය වැඩ අස්සේ පෝස්ට් එකක් ලියන්න වෙලාවක් හදාගන්න වගේම එක දිගට ඕක කොටන්න හිත හදාගන්නත් බැරිකමක් වුනා. ඒකට ඉතින් සමාවෙන්න ඕනෙ ඕං...